

පසුගිය දවසක ළමා නිවාසයක ඇතිවූ ගින්නකින් එම ළමා නිවාසයේ සිටි දරුවකු මරණයට පත්වීම සම්බන්ධයෙන් පුවතක් අපට වාර්ථා විය. එමෙන්ම වැලිකඩ න්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් පැවැත්වූ මත්පැන් සාදයක් පිළිබදව ද අපට තොරතුරු අසන්නට ලැබුනි. ළමා නිවාස හා බන්ධනාගාර සම්බන්ධයෙන් අසන්නට ලැබුනු තවත් ප්‍රවෘත්තියක් මෙපරිදි විය. Read More…
රෝඩ් රනර් නම් වු ජනප්‍රිය ඉංග්‍රීසි කාටුනය තුල සිදුවන පොදු යථාර්තය වන්නේ රෝඩ් රනර් නම් වන කුකුලාව අල්ලා ගැනීමට නරියා විවිධ උපක්‍රම යෙදීම හා ඒ සියලු උපක්‍රමයන් වලින් අවසානයේ නරියාට පරාජය අත්වීමයි. මේ නිසා මේ නරියාගේ සමස්ත ජීවිත කාලයම ව්‍යුහගත වන්නේ කුකුලා අල්ලා ගැනීමේ සංග්‍රාමය උදෙසාය. නරියාට කිසි විටෙකත් මේ කුකුලා පරාජය කරන්නට නොහැකිවීම නිසා මෙය නරඹන ප්‍රේක්ෂකයා මේ හරහා ලබන විනෝදය මෙම කාටුනය ජනප්‍රිය වන්නට ප්‍රබල ලෙසින් බලපානු ලැබ තිබේ. නරියාගේ ආශාව කිසිවිටෙකත් සංතෘප්ත නොවන නිසා නරියා සේම ප්‍රෙක්ෂකයාත් මේ තමන්ට හිමිකර ගත නොහැකි වස්තුව හිමිකර ගන්නට විවිධ උපක්‍රම කල්පනා කරනු දක්නට ලැබේ. මේ මුලු කථා මාලාව පුරාම දිවෙන යථාර්තය වන්නේ තමන්ට හිමිකර ගත නොහැකි වස්තුවක් පසුපස හඹා යාමෙන් යමෙකු විදින විනෝදය යමෙකුගේ ජීවත් වීමේ හේතුව බවට ඌනනය වීමයි. Read More…
මේ දිනවල රටේ වඩාත් කථාබහට ලක්වූ මාතෘකා අතර ග්‍රීස් යකාට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි. රත්නපුර කහවත්ත ප්‍රදේශයේ වයස් ගත කාන්තාවන් අභිරහස් ලෙස ඝාතනය කිරීමෙන් කරළියට පැමිණි ග්‍රීස්යකා භූමිකාව අද වන විට රටේ සෑම අස්සක් මුල්ලකම කථා කරණ ප්‍රධානතම මාතෘකාව බවට පත්ව ඇත. කහවත්තේ ඝාතනයන් යනු එකිනෙකට සම්බන්ධයක් නැති හුදකලා ඝාතනයන් බව සාක්ෂි මගින් තහවුරු වුවද ජනතාව කීවේ මේ සියලු ඝාතන අද්භූත බලවෙිග හෝ ග්‍රීස් යකා නමින් සිදු කරනු ලබන සංවිධානාත්මක අපරාධයන් වන බවය. මේ නිසාම තරුණයන් දෙදෙනෙකුට අකාලයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවන්ට සුදුවූ බවටද වාර්ථා විය. මේ ග්‍රීස් යකා සම්බන්ධයෙන් කරළියේ මතු වූ විවිධ කතිකාවන් අතරින් කිහිපයකි. Read More…
චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක මාවෝ සේතුං මහතා වරෙක අපූරු ප්‍රකාශයක් කරණු ලැබීය. එම ප්‍රකාශයෙන් කියවෙන්නේ බඩගින්නේ ඉන්නා මිනිසෙකුගේ කුසගින්න නිවන්නට ඔහුට මාලුවෙකු ලබාදී සැනසෙන්නට ඔබට පුලුවන් නමුත් වඩාත් වැදගත් වන්නේ මේ බඩගින්නේ සිටින මිනිසාට යොතක් සහ මාලු අල්ලන ක්‍රමය ඉගැන්වීමයි. මන්ද එවිට ඔහු තම බඩගින්න නිවා ගන්නට තමන් විසින්ම උත්සහා කරනු ලබන බැවින් හා එය වඩාත් ඵලදායී වන බැවිනි. මේ කතාව අපට මතක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් උතුරේ පාසල් දරුවන්ට නොමිලේ පාසල් පොත් බෙදා දුන් බවට වූ වාර්ථාවක් ඇස ගැසීමෙන් අනතුරුවය. Read More…
මේ දවස්වල මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැදි නායකයා හමුවන්නට දබානට ගොස් සාම්ප්‍රදායික ආදීවාසී උත්සවයකටත් සහභාගී වූ බවට මාධ්‍ය වාර්ථා පල විය. මේ නිසාම අපි වැදි නායකයෙකු හා ජන නායකයෙකු අතර පවතින වෙනස ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කලෙමු ජන නායකයා හා වැදි නායකයා අතර වෙනස අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු. Read More…
පසුගිය දිනෙක රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වූ ජෝතිපාලගේ දියණිය ජනතාධිකරණයට පැමිණිල්ලක් ඉදිපත් කරණු ලැබීය. මෙහිදී ඇගේ පැමිණිල්ලෙහි චූදිතයා වූයේ සිරස සුපිරිතරුවක් වන සුරේන්දා පෙරේරායි. ඇය පවසන ආකාරයට මොහු කිසිම ප්‍රකාශන හෝ බුද්ධිමය දේපල අයිතියකින් තොරව ජෝතිපාලයන්ගේ ගීත ඔහු විසින් නැවත ගායනා කර සීඩී තැටියක් නිකුත් කරණු ලැබ තිබේ. මීට පෙර අවස්ථාවකදී ප්‍රවීණ ගායන ශිල්ප ශිල්පිණියන් කිහිප දෙනෙකු විසින්ද මේ සුපිරි තරු තම ගීත ගායනා කරමින් මුදල් උපයනවාට තමන් විරුද්ධ බවට චෝදනා කලෝය. නමුත් මේ විරෝධතාවයන් තඹ සතේකට මායිම් නොකරන මේ සුපිරිතරු දිගින් දිගටම අනුන්ගේ ගීත ගායනා කරමින් මුදල් ඉපයීමේ ජාවාරමෙහි නිරත වී සිටින්නේ කිසිම හිරිකිතයකින් තොරවය. Read More…
මේ ලිපිය තරමක් දීර්ග ලිපියක් බව මුලින්ම කිව යුතුය. මෙම ලිපිය මගින් දීර්ග වශයෙන් කරුණු දක්වන්ට අපේක්ෂා කරන්නේ රනිල් ව්ක්‍රමසිංහ මහතා පසුගිය දිනෙක කරණු ලැබූ ප්‍රකාශය හා ඒ සමිබන්ධයෙන් සමබිම අතිරේකයේ සහ ඉරිදා ලංකා පුවත්පතේ පළකෙරුණු ලැබූ ලිපි ආශයෙන් මේවන විට ලංකාවේ දේශපාලනයේ දිශානතිය සම්බන්ධයෙන් නිවරදි අවබෝධයක් ලබා ගැනීම උදෙසාය. මුලින්ම මේ සංසිද්දීන් තුනම එක්වර කියවා බලා ඒ පිළිබදව මනා වැටහීමක් ලබා ගැනීම ප්‍රායෝගික යැයි සිතමි. Read More…