පිටකොටුවෙන් පිට

ලේ,කදුලු,මළ මිනී සහ ලිබියාවෙන් ස්වර්ගයට
එක් සමාජ-ආර්ථික ක්ර මයක සිට තවෙකකට සංක්රාරන්ත වීම සමාජ විප්ලවයක් මගින් සිදු වෙයි.‛ විප්ලවය යනු පැරණි ක්රමමය එහි මුල් සමගම උදුරා දමන පරිවර්තනයකි.’ වී.අයි ලෙනින් සම්පුර්ණ කෘති වෙලුම 44 පිටුව 222 ුලෙනින්ගේ ඉහත ආප්තය උපුටා දක්වමින් ලිබියානු හිටපු නායක මුහමර් ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් සටහනක් තබන්නට අප අදහස් කලේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විවිධ අර්ථ දැක්වීම් ගණනාවක් ඉදිරිපත්ව තිබෙන බැවිනි.මේ සම්බන්ධයෙන් බටහිර මාධ්ය හා විවිධ රාජ්ය නායකයන් දරණ අදහස් පලමුවෙන්ම උපුටා දක්වන්නට කැමැත්තෙමු. ඝාතනයට ලක් වූ ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆිගේ මළ සිරුර මිස්රාටා නගරයේ රහසිගත ස්ථානයක වැලලූ බව කැරලිකාර පාලනය පවසයි. ඊයේ දිනයේදී සියට් නගරය අත්පත් කර ගත් කැරළිකරුවන් බංකරයක් තුළ සැඟවී සිටි ලිබියානු නායකයා වෙඩි තබා ඝාතනය කළ අතර ඔහුගේ මළ සිරුර වීදි දිගේ ඇදගෙන යන අයුරු එරට රූපවාහිනී නාලිකා විකාශ කලේය. කර්නල් ගඩාෆිගේ පුත්රනයකු වන මොටසීම් ද මිය ගිය බව ලිබියානු පාලකයින් පරිගේකාශ කරන අතර ඔහු‍ගේ හිසට හා ගෙල ප්රෆදේශයට වෙඩි වැදී ඇති බවද ඔවුන් පවසයි. ලිබියානු නායක ගඩාෆිගේ මරණය ලිබියානු විප්ලවයේ ජයගරසයිහණයක් බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසයි. එය ජයගරරණයහණයේ පළමු පියවර පමණක් වන අතර, පූර්ණ පරපතිජාතන්තරවෙනවාදය උදෙසා ලිබියාවට දිගු ගමනක් යෑමට ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. ඉරානය, සිරියාව ඇතුළු ඒකාධිපති නායකයන් ලිබියාවේ සිද්ධිය පාඩමක් බවද ඔහු පවසා ඇත. මේ අතර ගඩාෆි පාලනයෙන් පීඩා විඳි සියලූ දෙනා සිහිපත් කළ යුතු බව බිරිරිතාන්ය අගමැති ඬේවිඞ් කැමරන් සඳහන් කරන අතර ආඥා දායකත්වයේ පාලන අවසන් කළ බව යුරෝපා සංගමයේ නායකයන් සඳහන් කර තිබේ. ගඩාෆිගේ මරණය ලිබියාවේ නව වෙනසකට මුල පුරනු ඇති බව පවසන ජගත් මහ ලේකම් බෑන් කී මූන් ලිබියාව දැන් නව අභියෝග රැසක් අභියස සිටින බව අවධාරණය කර තිබේ. ගඩාෆි ඝාතනය කිරීමේ අවසන් මෙහෙයුම සඳහා තමන්ද දායක වූ බව නේටෝ සංවිධානය කියා සිටී. සර්ට් නුවරින් පළා යෑමට තැත්කළ ගඩාෆි ඇතුළු පිරිස නේටෝ ගුවන් පරංවිහාරවලින් නතර කළ බවඔවුන් පවසයි මේ අනුව හෙට උදාවන විටම ලිබියාව පූර්ණ ප්රිජාතන්ත්රංවාදී ජනතාවගේ අයිතිවාසිකම් පූර්ණ වශයෙන් ස්ථාපිත වූ සුර පුරක් බවට පත් වනු ඇති බවට බොහෝ උදවිය සිහින මවමින් සිටියි. මෙයින් උදාමයට පත්ව සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා සිරියාවට හා ඉරාණයටද අනතුරු අගවමින් සිටියි. මුලික වශයෙන් ලිබියාවේ හිටපු නායක මුහමර් ගඩාෆිගේ පාලනය සම්බන්ධයෙන් විවිධ විවෙිචන අපටත් තිබෙන අතර එම විවෙිචන හා මේ මොහොතේ පූර්ණ වශයෙන් බටහිර රටවල හා නේටෝ සංවිධානය විසින් ලබා දුන් ආයුධ වලින් සන්නද්ධ පාදඩයන් පිරිසක් වසින් තම නායකයා අමු අමුවේ ඝාතනය කර මනුෂ්යාත්වයේ මුලික සාරධර්ම පවා උල්ලංඝණය කරමින් තිරිසන් ආකාරයට විදී දිගේ ඇද ගෙන යාමට එකග වීම වැනි ක්රිලයාවක් අනුමත කරණ මට්ටමට අප ගඩාෆි සම්බන්ධයන් අපට තිබෙන විවේචනය ව්යානප්ත නොකරන්නට පරිස්සම් වන්නේ අපට ගඩාෆි පාලනය සම්බන්ධයෙන් පැහැදිලි දේශපාලන විවෙිචනයක් විනා පෞද්ගලික වෛරයක් ඔහු සම්බන්ධයෙන් නොමැති බැවිනි. මීට පෙර එදා අප වසින් පැහැදිලිවම ගල් ගහන විප්ලවය වශයෙන් හදුන් වනු ලැබූ ඊජිපත්තු ජනතා නැගිටීම අන් යමක් නොව ඇමෙරිකාව ප්රදමුඛ බටහිර රටවල් වසින් තෙල් සම්පත උදුරා ගැනීම උදෙසා දියත් කල කුමණත්ර්නයක් බව පැහැදිලිවම ප්රහකාශ කරද්දී දැනට ලංකාව හැර ගොස් එංගලන්නයේ පදිංචිව වෙබි අඩවියක් කරණු පුද්ගලයෙකු අපට කෝචොක් කරමින් පැවසුවේ මෙය නායක්වයක් නොමැතිව ජනතාව විසින්ම සැලසුම් කරණ ලද සමාජ ප්රොජාතන්ත්ර වාදී විප්ලවයක් වන බවයි. නමුත් එදා අප විසින් ප්රිකාශ කල දෙය සත්යය බවට පත්ව තිබේ. මේ වන විටත් ඊජිප්තුව පාලනය කරණු ලබන්නේ හමුදා විසින් වන අතර හමුදා පාලනය කිසි විටෙකත් ප්රබජාතන්ත්ර වාදී පාලන ක්ර මයකට මාරු කරන්නට අදහසක් නැති බවත් මේ වන විටත් යතාර්තය බවට පත්ව ඇත. ලිබියවේ තත්ත්වය මීට වෙනස් නොවන අතර සමාජ ප්රාජාතන්ත්රනවාදය තබා ප්ර්ජාතන්ත්රකවාදයවත් ස්ථාපිත නොවන තත්ත්වයක් තුල ලිබියාව අනාගතයේදී ගමන් කරනු ලබන්නේ අරාජිකවාදයට පමනක් බව අප ප්රතකාශ කරන්නට කැමැත්තෙමු සාර්කෝසිලා ඇන්ජලා මර්කර්ලා කතා කරණ දේ සත්යට නොවන්නේ ඔවුන් ධනවාදය සුරැකීම වෙනුවෙන් සටනට බට නියමුවන් වන බැවිනි. ඇතැමුන් මේ පාදඩයන්ගේ අවිගත් කැරැල්ල සමාජවාදී විප්ලවයක් වශයෙන් ද හදුන් වනු අප දුටිමු. නමුත් වසර 1917 සොවියට් විප්ලව සම්බන්ධයෙන් සවිඥාණික ඔිනෑම අයෙකුට මේ ගල් ගහන වෙඩි තියන විප්ලවය යනු තෙල් අත්පත් කර ගැනීමේ ධනවාදි තර්කණයට යටත් කාරණාවක් මිස අන් යමක් නොවන බව පැහැදිලිය. අනෙක් අතට මෙතෙක් ලෝකයේ ජන මාධ්යම ආචාර ධර්ම අනුව සමාන්යමයන් මිනිසුන් මරණ දර්ශන නොපෙන්වා සිටිමේ නිළ නොවන කොන්දේසියක් ක්රි යාත්මක විය. නමුත් අල් ජසීරා නම් රූපවාහිනී නාලිකා දිගින් දිගටම ගඩාෆි අල්ලා ගත් මොහොතේ පටන් මරණයට පත් කර මහපාරේ ඇදගෙන යාම දක්වා සියලුම දර්ශන විකාශණය කරණු ලැබීය. අල් ජසීරා රූපවාහිනි නාලිකාවෙන් අපට අසන්නට සිදු වන්නේ සිය රටේ රාජ්ය නායකයාත් මරණයට පත් කර මෙලෙස මහපාරේ ඇදගෙන යන අන්දම විකාශනය කරන්නට හැකිද යන්නයි. මෙම ලිබියාවට එරෙහි යුද්ධයේ තවත් සුවිශේෂීතාවයක් වන්නේ ප්රංටශයේ දාර්ශණිකයන් පවා මෙම යුද්ධය සුජාතකරණය කරන්නට උත්සහා කිරීමයි. රටේ තැන් තැන් වල සිටි පාදඩයන් අතට ඇති පදම් නවීන ආයූධ ලබා දී සිය රටේ නායකයාම ඝාතනය කරන තැනට ලිබියවේ ජනතා පත්කරවු ඇමෙරිකාව ප්රංමුඛ බටහිර රටවලට ආර්ථික අවශ්යේතාවයන් සමාජවාදී විප්ලවය යැයි ලඝු කරමින් තව තවත් ධනවාදයටම උඩු ගෙඩි දෙන උදවියට අපට කියන්නට ඇත්තේ සිහිනයෙන් අවධිවන්නට කාලය එලඹ තිබෙන බවයි. ගඩාෆිගේ ඒකාධිපති පාලනය සම්බන්ධයෙන් අපට කියන්නට බොහෝ විවෙිචන නැතුවා නෙවේ. නමුත් සිය රටේ අර්බුදයක් විසදා ගන්නට වෙනත් රටක ලණු කා ආයුධ අතට ගෙන හිතුමතේ වෙඩි තබමින් පිස්සු නටන පාදඩයින්ගේ අදේශපාලනික ක්රිවයා විවේචන කිරීම අතිශය වැදගත්ය. විප්ලවය යනු සමාජ සංවර්ධනයේ පිපිමකි.ප්රිමාණාත්මක වෙනස් වීම් ගුණාත්මක වෙනස් වීම් බවට පරිවර්තනය වීම විප්ලවයක් මගින් අපේක්ෂා කරයි. සමාජ විප්ලවය යනු ප්රකගතීශීලි බලවෙිග වසින් සාක්සාත් කරණු ලබන සමාජය ගුණාත්මක වශයෙන් නවතම, සමාජ සංවර්ධනයේ වඩාත් උසස් මට්ටමකට ඔසවා තැබීමකි, ස්වකීය පහත් පැරණි සමාජ ක්රනමයක සිට අළුත්, වඩාත් දියුණු සමාජ ක්රඋමයක් කරා ගමන් කිරීමකි. විප්ලවය ගැඹුරු, අසීරු, සංකීර්ණ විද්යාාවක් යැයි ලෙනින් සදහන් කලේ මේ නිසාවෙනි. මේ අර්ථයෙන් අපට මේ වන විටත් ඊජිප්තුව තුල දක්නට ලැබෙන අනාගතයෙදී ලිබියාවේ දැකගත හැකි අරාජිකභාවය කුමක් දැයි අත් දකින්නට හැකි වනු ඇත. පවතින සමාජ ක්රගමය පෙරලා දමා ගොඩ නැංවිය යුත්තේ ඊට වඩා හොද සමජ ක්රකමයක් යැයි යන කියමනට ප්රපතිවිරුද්ධව තිබුන සමාජ ක්ර‍මයටත් වඩා නරක සමාජයක් බිහිවීම මෙහි යථාර්තයයි. මේ වන විටත් ලේ මළමිනී දැකීමේ ජනතාවගේ නොතින් ආශාව නිසා වැඩි වැඩියෙන් ලේ සහ මළ මිනී පෙන්වන රූපවාහිනී නාලිකා ආර්ථික ලාභය මුල්කර ගනිමින් ජනමාධ්යඩ ආචාර ධර්ම නොතකා හැර තිබේ. අවසානයේ ලිබියානු ජනතාව ප්රාතර්ථනා කළ දෙවියන්ගේ ස්වර්ග රාජ්ය්යට ගමන් කිරීමේ මාවතේ ඔවුනට හමුවනු ඇත්තේ බටහිර පාලනයේ අපායට ගමන් කිරීමේ මාර්ගයයි.

ඔහු සිංහල ඇය දෙමළ නිසා…
පසුගිය සතියේ

අපි ලංකාවේ ජාතික පත්තර දෙකක දේශපාලන ලියුම්කරුවන් දෙදෙනෙක් එකම සිද්ධිය වාර්තා

කරපු ආකාරයේ සමානකම ගැන තොරතුරු ඉදිරිපත් කළා. ඒ ගැන අපේ පාඨකයන් අතරේ සෑහෙන

උනන්දුවක් ඇතිවී තිබුණ බව අපට ලැබුණ ප්‍රතිචාර වලින් පෙනී ගියා. ඒ වගේම ජාතික

පත්තරවල වැඩ කරන සහ කලින් වැඩකර දැන් ඉවත්වී අළුතින් පටන් ගැනීමට නියමිත මාධ්‍ය

ආයතනයකට සම්බන්ධ වී සිටින කිහිප දෙනෙක් ම මාධ්‍ය ආයතන වල නොපෙනෙන පැත්ත ගැන

තොරතුරු රාශියක් අප වෙත ලබා දෙමින් සිටිනවා. කෙසේ වුවත් අප එම තොරතුරු ඉදිරියේදී

පළ කරන්නේ අපගේ ම ස්වාධීන ආරංචි මාර්ග වලින් තහවුරු කරගත් පසුව පමණයි. ඒ මන්ද යත්

මාධ්‍යකරුවන් අතර ඇති ආරවුල් හේතුවෙන් එකිනෙකාට පහර ගැසීමට අපගේ කොලම තුළ ඉඩ දීමට

අප බලාපොරොත්තු නොවන නිසායි.

මෙවර අපි

ඉදිරිපත් කරන්නේ දිවයින ඉරිදා සංග්‍රහයේ සේවය කරන මාධ්‍යවේදියෙකුවන සමන් ගමගේ

නැමැත්තා ගේ අරුම පුදුම මාධ්‍ය භාවිතාවයි. මේ සමන් ගමගේ දොම්පේ පොලිසියේ අතඩංගුවේ

සිටියදී මියගිය තරුණයාගේ මරණය සම්බන්ධව ඔක්තෝබර් 2 දින ඉරිදා දිවයින පත්‍රයට නඩු විසඳන

පොලිසිය නමින් ලියා ඇති විශේෂාංගයක් අප මෙහි උපුටා දක්වනවා. එතැනදී ඔහු පෙන්නුම් කරන

ජනතාවාදය සහ පොලිසිය ක්‍රියා කරන් ආකාරය ගැන ඔහු දක්වන විරෝධය මේ ලිපිය කියවූ විට

ඔබට පැහැදිලි වේවි.

ඊළගට අප පළ

කරන්නේ 2011 ජුනි 12 සහ 19 දිනවල ඉරිදා දිවයිනට

ක්‍රිෂාන්ති කුමාරස්වාමි නම් දෙමළ ජාතික පාසල් සිසුවිය දූෂණය කර මරා දැමූ බවට

චෝදනා එල්ලවී, කොළඹ

මහාධිකරණයේදි විනිසුරු තුන් කට්ටුවක් විසින් නඩු අසා වැරදිකරුවා බවට තීරණය වී මරණ

දඩුවම් නියම වී සිටින හමුදා සෙබළා පිළිබදව එදා රණවිරු මෙදා සිරකරු යන තේඅමාව යටතේ

සහ චෙම්මිනි මුරපොළේ සිට පෝරකය දක්‌වා…!යන තේමාව යටතේ ලියන ලද ලිපි දෙකකුයි.

එහිදී ඔහුගේ අනුකම්පාව එල්ලවන්නේ වින්දිතයා වෙත නොව ඝාතකයා වෙතටයි.

එසේ වන්නේ ඔහු

සිංහල, ඇය දෙමළ නිසා

ද?

නඩු විසඳන

පොලිසිය

නන්නාඳුනන්නෙකු

වූ හේ කතාව පටන් ගත්තේය. ඔහු කී ඒ කතාව මෙසේය. එකමත් එක රටක දොම්පේ පොලිසිය කියා

පොලිසියක්‌ තිබිණි.

මේ පොලිසියේ

ධර්ම චක්‍රයෙන් දෙඋර සැරසූ නිල ඇඳුම් හැඳ සිටි සත්ගුණවත් නිලධාරින් කණ්‌ඩායමක්‌

දවසක්‌ ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ජීප් රථයක හිඳුවාගෙන බොහෝ පරිස්‌සමට පොලිසියට

රැගෙන ආහ.

පොලිසියට

රැගෙන ආ තරුණයන් අතින් අල්ලා බිමට බැස්‌සවූ පොලිස්‌ නිලධාරින් විනීත ලෙස ඔවුන්

අමතන්නට විය.

“මල්ලිලා යමු

ඇතුළට.. එක්‌ පොලිස්‌ නිලධාරියකුගෙන් තරුණයන් දෙදෙනාට කාරුණික ආරාධනයකි. ඒ සමගම

තවත් නිලධාරියකු පොලිසිය තුළට දිව ගොස්‌ පුටු දෙකක්‌ ගෙනවිත් තරුණයන් දෙදෙනාට ආසන

පහසුකම්ද සැලසීය.

ටික වේලාවකදී

තරුණයන් දෙදෙනාට ප්‍රනීත තේ කෝප්ප දෙකක්‌ද ලැබිණි. “බලපන් මචං මේ මහත්තුරු

කොච්චර හොඳද.. ලැබුණු තේ එක බොන අතරේ එක්‌ තරුණයකු අනෙකාගේ කණට කොඳුරා කීවේ මහත්

සතුටිනි. “හම්ම්… ඔහුද එය අනුමත කළේය.

තරුණයන්

දෙදෙනා තේ කෝප දෙක පානය කර අවසන් වෙත්ම තවත් පොලිස්‌ නිලධාරියකු පැමිණ වහා තේ

කෝප්ප දෙක ඔවුන් අතින් ගෙන අසල වූ පයිප්පයකින් සෝදා පොලිසිය තුළට ගෙන ගියේය.

ඒ සමගම පොලිසය

තුළ සිටි ලොකු මහත්තයෙක්‌ තරුණයන් වෙත එන්නට වූයේ මුහුණ පුරා වූ ප්‍රශන්න සිනහවක්‌ද

සමගිනි.

තරුණයන් වෙත ආ

හේ එකෙකුගේ හිසද අතගාමින් අසල වූ පුටුවක්‌ ගෙන ඔවුන් ඉදිරියේ වාඩි වී ආගිය තොරතුරු

කතා කරන්නට වූවේය.

“මේ මල්ලිලා

දන්නවද දන්නේ නැහැ.. පහුගිය දවස්‌වල මල්ලි මේ පැත්තේ හරියට හොරකම් වගයක්‌ වුණානේ..

මල්ලිලා මුකුත් දන්නේ නැතුව ඇති නේද?..

“මල්ලිලා දන්නේ

නැතුව ඇති කියලා මට නිකමට හිතුනා.. ඒත් මම ඔයාලව එක්‌කගෙන එන්න කියලා අපේ කට්‌ටියට

කිව්වේ මොනව හරි දෙයක්‌ දන්නවද කියලා බලන්න..

කතාව අතරේ

පොලිස්‌ මහත්තයා තරුණයන් දෙනොගෙන් එසේද විමසීය.

“පිස්‌සුද

අයියේ.. මොකද අපි නොදන්නේ.. අපිනේ ඒවා කළේ.. අයියා ඔහොම අහනකොට අපි කොහොමද බොරු

කියන්නේ.. අපේ තව යාලුවෙකුත් ඒවා කරනකොට අපිත් එක්‌ක හිටියා.. එයා ඉන්නේ අර.. පට්‌ටිවිල

කියල ගමක්‌ තියෙන්නේ අන්න එහේ..

“අනේ.. කොච්චර

හොඳ මල්ලිලා දෙන්නෙක්‌ද.. සාජන්.. මේ මල්ලිලා දෙන්නට කන්න මුකුත් දීලා ඔය මෙයාල

කියන යාලුවවත් ගිහින් පොඩ්ඩක්‌ එක්‌කගෙන එනවා..

තරුණයන්

දෙනොගේ මුහුණු සනීපෙට අතගෑ ලොකු පොලිස්‌ නිලධාරියා සෙසු අයට එසේ පවසා එතැනින් ඉවත්

වූවේය. ඒ සමගම ඔවුන් දෙදෙනා පොලිසිය තුළට ගෙන ගොස්‌ කෑම මේසයක හිඳුවා හොඳ කෑම

වේලක්‌ද පිරිනැමු පොලිස්‌ නිලධරින් තරුණයන්ගේ ආරක්‍ෂාවටද එකෙකු රඳවා ඔවුන්ගේ මිත්‍රයා

රැගෙන එන්නට ගියහ.

පොලිස්‌

නිලධාරින් පට්‌ටිවිලට යන විටත් රෑ බෝ වී තිබුණේය. ඒ වන විට තරුණයන්ගේ මිතුරා සිය

බිරිඳද සමග නිවසේ වූවේය. ඒ නිවසට ගිය පොලිස්‌ නිලධාරින් එහි සිටි තරුණයන්ගේ

මිතුරාට කතා කරන්නට වූහ.

“අනේ මල්ලි අපේ

ලොකු මහත්තයා කිව්වා ඔයාව පොඩ්ඩක්‌ එක්‌කගෙන එන්න කියලා.. යමුද අපිත් එක්‌ක

පොඩ්ඩක්‌ පොලිසියට ගිහින් එන්න..

පොලිස්‌

නිලධාරින්ට කියන්නට ලැබුණේ එපමණකි.. “පිස්‌සුද ඕයි තමුසෙලාට.. මේ මහ රෑ මගේ

මනුස්‌සයා එක්‌කගෙන යන්න හදන්නේ.. යනවා.. යනවා.. ගිහින් හෙට උදේට එනවා.. සැණෙකින්

නිවස ඉදිරිපිටට පැමිණි එම තරුණයාගේ බිරිඳ එසේ ගෝරනාඩු කරන්නට වූවාය.

එහෙත් පසුව

පොලිස්‌ නිලධාරින් ඒ තරුණයාද බොහෝ පරෙස්‌සමට පොලිසියට රැගෙන ආවේය. සුපුරුදු ප්‍රනීත

සංග්‍රහයන් ඔහුටද ලබා දෙන්නට පොලිස්‌ මහත්වරුන් පියවර ගත්තේය.

ඒ අතරේ ලොකු

මහත්තයා පැමිණ එකී තරුණයා සමගද සුහද කතාබහක යෙදෙන්නට වූවේය.

“අනේ.. ඔව්

අයියේ.. මගේ යාලුවොත් එක්‌ක මමත් හිටියා තමා.. මම එක තැනකින් හොරකම් කරපු වතුර

මෝටරයක්‌ නම් ගෙරගදරත් තිබුණා.. තව බඩු වගයක්‌ අර දෙකටන කියන්නේ.. අන්න ඒ පැත්තේ

කෙනෙක්‌ට දීලා තියෙනවා.. අයියලා කවුරු හරි එනව නම් යමු මම ඒවත් අරගෙන දෙන්නම්..

ලැබෙන කාරුණික

සංග්‍රහ හමුවේ මුනිවත රැකිය නොහැකිව ඔහුද ලොකු මහත්තයාට එසේ කියන්නට විය.

“ඔයාලා නම්

හරිම හොඳ මල්ලිලා ටිකක්‌ මල්ලී.. බලන්න මේවා හොයා ගත්තේ නැත්නම් මගේ රස්‌සාවටත් ප්‍රශ්නයක්‌..

මේ සාජන් මහත්තයා කට්‌ටිය මේ මල්ලිවත් එක්‌ක ගිහින් ඒ බඩු ටික අරගෙන එනවා..

අනිත් දෙන්නා

නිදිද කොහෙද.. පව් වැඩේ කොල්ලෝ දෙන්නට මහන්සි ඇති.. එයාලා එහෙම හිටපුදෙන් මේ මල්ලි

එක්‌ක ගිහින් එනවා..

අවසානයේ එසේ

කී පොලිස්‌ මහත්තයා යළි පොලිසිය තුළට යද්දී සාජන් ඇතුළු සෙසු නිලධාරින් දෙවනුව

කැඳවාගෙන ආ තරුණයාද පරිස්‌සමට ජීප් රථයේ නංවාගෙන ඔහු කියන බඩු රැගෙන එන්නට දෙකටන

දෙසට යන්නට වූවේය.

දැන් පොලිස්‌

පිරිස හා තරුණයා සිටින ජීප් රථය වේගයෙන් මහ මාර්ගයේ ඉදිරියට ඇදී යමින් තිබේ. ඒ

අතරේ එක්‌වරම සිදු වූයේ පොලිස්‌ නිලධාරින් සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූවකි.

මෙතෙක්‌ ඔවුන් සමග ඉතා මිත්‍රශීලීව සිටි තරුණයා පිස්‌සුවක්‌ තද වීදොa ජීප් රථයෙන් බිමිට

පැන්නේය.

ඒ සමගම හේ මහ

මග ඇද වැටිණි. ජීප් රථයේ රියෑදුරා වහා රථය නැවතීය. සැනෙකින් ඉන් බැසගත් පොලිස්‌

නිලධාරින් තරුණයා වෙත ගියේය. ජීප් රථයෙන් පැන මහමග ඇද වැටුණද ඒ වන විටත් තරුණයා

හොඳ සනීපෙන් සිටියේය.

“ඇයි මල්ලී..

මොනවද මේ කළේ.. බිම වැටී සිටි තරුණයාගෙන් කාරුණිකව එසේ විමසූ පොලිස්‌ නිලධාරිහු

පසුව ආදරෙන් ඔහුව ඔසවා යළි ජීප් රථයේ ඉන්දවූහ.

ඒ සමගම යන ගමන

නැවතූ පොලිස්‌ නිලධාරින් යළි ජීප් රිය හරවා තරුණයාද සමගින් පොලිසිය වෙත ආවේය.

පොලිසියට පැමිණීමෙන් පසු මේ තරුණයාට සිහි නැති වුවේය. වහා ක්‍රියාත්මක වූ පොලිස්‌

නිලධාරින් ඉතාම කාරුණිකව තරුණයා රෝහලකට රැගෙන ගියේය.

සමහර

නිලධාරියකුගේ දෙනෙතේ කඳුළුය.. ඒ ජීප් රියෙන් පැන සිහිසුන් වූ තරුණයා කෙරෙහි උපන්

දුකිනි. එහෙත් අවාසනාවකි මේ තරුණයා රෝහලේදී මිය ගියේය. අවසානයේ රෝහලට පැමිණි තම

දරුවාගේ පණසුන් දේහය දුටු තරුණයාගේ පියා දුක වාවාගත නොහැකිව හෘදයාබාධයක්‌ වැළඳී

අසාධ්‍යව ඒ රෝහලටම ඇතුළත් කළේය.

ඔහු එතැනින් ඒ

කතාව අවසන් කළේය. එහෙත් පසුදාට පහන් වන විට මේ කතාවේ වූ දොම්පේ පොලිසිය වට කර ගත්

ගම්වාසීහු පොලිසියට “අම්බානට” නෙලූහ.

ඒ ගැහිල්ල

කෙසේදැයි කිව හොත් දොම්පේ පොලිසියේ සිටි සත්ගුණවත් නිලධාරින් හිස්‌ ලූ ලූ අත දිව

යද්දී ගම් වාසීන් දෙදෙහසක්‌ පමණ එක පොදියට එක්‌ව පොලිසිය කුඩු කර එය ගිනි තබා

හලුකර දමන්නටද විය….

එම ගම් වාසීහු

කොතරම් හරිද? වැරදිදැයි අපි

නොදන්නෙමු. එහෙත් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ බොහොමයකදි අගතියට පත්වන

පාර්ශ්ව වෙනුවෙන් පළමුව පෙනී සිටින්නේ ජනතාවය.

සිද්ධියේ හරි

වැරද්ද ගැන තැකීමක්‌ නොකරන ඔවුහු නීතිය අතට ගෙන “පිස්‌සු නැටීම”

සම්බන්ධයෙන් අපටද විවේචන ඇත්තේය. එහෙත් ජනතාවට නීතිය අතට ගැනීමට සිදුව ඇත්තේ මේ

රටේ ඇති නීති රීති බොහොමයක්‌ කන්න ඕනෑ වූ විට “කබරගොයා තලගොයා කර

ගැනීමේ” න්‍යායෙන් ක්‍රියාත්මක වන බැවින්ය.

පෙරේදා රැයේ දොම්පේ

පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මිය ගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් දැන් දොම්පේ

පොලිසියේ මහත්වරුන් රටට කියන්නේ ඉහත අන්දමේ කථාන්දරයකි.

මේ මහත්වරුන්

එය කියන්නේ දොම්පේ ජනතාවට රෑ නිදිමරා සේවය කරන්නට ගොස්‌ ඇද වැටී තිබෙන ගිනිගෙඩියක්‌

හමුවේ බවද අපි දන්නෙමු.

එහෙත් දොම්පේ

පොලිසිය එසේ කියද්දී ඒ පිළිබඳ අපට කියන්නට ඇත්තේ “අනේ අපි නොදන්න

පොලිසිය” කියා පමණකි. මන්ද දොම්පේ පොලිසිය කියන ඒ කතාව එතරම්ම මානුෂීය වූවක්‌

සහ පොලිසියකදී මෙවන් අවස්‌ථාවක සිදුවන දැ අප හොඳින්ම දන්නා බැවිනි.

මේ රටේ

පොලිසියකට හොරෙක්‌ තක්‌කඩියෙක්‌ රැගෙන ආ විට ඌට සීනි බෝල කන්නට දී කළ දේ අහන්නට

යෑයි මෙහිදී අපි පොලිසියට නොකියන්නෙමු. එහෙත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණ

ඉදිරිපත් කිරීමේ නිශ්චිත ක්‍රම වේදයක්‌ නීතියේ තිබේ. පොලිසිය මේ ක්‍රමවේදයෙන්

බැහැරට ගොස්‌ නඩුකාර හාමුදුරුවන්ගේ රාජකාරිය කරන්නට ගිය සිදුවන නස්‌පැත්තිය ගැන

අමුතුවෙන් කිවයුතුද නොවේ.

පොලිසිය කියන

ආකාරයට මේ මිය ගිය තරුණයා සොරකම් කර ඇත්තේ වතුර මෝටරයකි. උපරිමයෙන් ගත හොත් එහි

වටිනාකම රුපියල් තිස්‌ දහසක්‌ පමණ විය හැකිය.

අද කාලය සමග

ගත් කල එය සොච්චමකි. එහෙත් එවන් සොච්චම් වටිනාකමක්‌ හමුවේ මිල කළ නොහැකි තරුණ

ජීවිතයක්‌ වැනසී යැම නම් සිදු නොවිය යුත්තකි.

මේ අප කියන්නේ

වටිනාකම බලා පොලිසිය සොරුන් අත්හැරිය යුතුය යන්න නොවේ. මෙවන්a දේ පොලිසියක්‌ තුළ

නොවිය යුතුය යන්නම පමණි.

ගොල්ෙµaස්‌ පිට්‌ටනියට

ගෙනවිත් ගල් ගසා මරා දැමිය යුතු තරමේ රටේම ආර්ථිකයට වින කරන මහා කම්බ හොරුන්

යෙහෙන් වැජඹෙද්දී මෙසේ සිදුවීමද එක්‌ අතකින් ගැටලුවකි.

කාලයක සිටම

අපේ පොලිසිය ඉදිරියේ සටහන්ව ඇත්තේ අඳුරු කලු පැල්ලමකි. ඊට වගකිව යුත්තෝ බොහොමයක්‌ම

වෙති

ගැහැණියකට

ලොල්වී තරුණයන් දෙදෙනකුට දස වධ දී අමු අමුවේ මරා දැමූ අඟුලාන පොලිසියේ ස්‌ථානාධිපති

ඇතුළු සිව් දෙනකු ඒ කළ පාපයට මරණිය දණ්‌ඩනයට යටත් වූයේ නොබෝදාය. එහෙත් ඔවුන් එල්ලා

මරා දැමුවද නොදැමුද එදා වූ සිද්ධියෙන් පොලිසියට සිදුවූ හානිය අති දැවැන්ත එකක්‌ බව

අමුතුවෙන් කිව යුතු නොවේ. කලකට ඉහත ගල්කිස්‌ස මුහුදේදී දෙනෝදාහක්‌ බලා සිටියදී

උන්මත්තකයකුට පොලු පහර දී ම්ලේච්ඡ ලෙස දියේ ගිල්වා මරා දැමුවේද අපේ පොලිසියේම

මහත්මයෙකි. ඒ දිනවල එය රටම කම්පනයට පත් කළ සිදුවීමක්‌ද විය. මේ අන්දමින් පොලිසියේ

මහත්වරුන් අතින් සිදුවූ යම් යම් දැ හමුවේ පසුගිය කාලයේ රටේ ජනතාවගේ මානසිකත්වය

තිබුණේ පොලිසිය යනු සාතන්ගේ අඩවියක්‌ ලෙස දකින තැන දක්‌වාම ඇදී ගොසිනි.

එහෙත් ටික කලක

සිට යළි යථාවත් වී මෙරට පොලිසි තුළින් එවන් දේ වාර්තා නොවෙන තත්ත්වයක්‌ නිර්මාණය

වෙමින් තිබුණද දැන් නැවතත් එය ඉස්‌මතු වන බවක්‌ පෙනෙන්ට තිබේ.

එකී තත්ත්වයේ

ආසන්නම සිදුවීම වන්නේ පෙරේදා දොම්පේ පොලිසියේදී සිදු වූ මේ ෙ€දනීය සිදුවීමය. එසේම

මතුගම පොලිසියේ සිටි පොලිස්‌ පරීක්‍ෂක ශේ්‍රaණියේ නිලධාරින් දෙදෙනකු රුපියල් කෝටියක

කප්පමක්‌ ලබා ගැනීම සඳහා යුවළක්‌ පැහැරගෙන ගොස්‌ බන්ධනාගාරගත කෙරුණේ ඉකුත් සතියේය.

කලකට ඉහත

පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකව සිටි උසස්‌ පොලිස්‌ නිලධාරියකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌

අධිකාරි රංජිත් ගුණසේකර මහතා වරක්‌ එක්‌ අපූරු ප්‍රකාශයක්‌ කරනු ලැබීය.

එයද ඔහුගේ

මුවින් පිටවූයේ ඒ දිනවල දිගින් දිගිටම රට පුරා පොලිසිවලින් වාර්තා වන්නට වූ

නින්දිත සිදුවීම් රැල්ලක්‌ හමුවේය.

එදා එකී

සිදුවීම් හමුවේ පොලිසිය බල්ලට ගිහින්a යෑයි සමාජය තුළින් හඬක්‌ නැගෙන්නට විය. එහිදී ඊට

පිළිතුරු කතාවක්‌ සමාජගත කළ රංජිත් ගුණසේකර මහතා කියා සිටියේ සිදුව ඇත්තේ පොලිසිය

බල්ලට යැම නොව බල්ලන් පිරිසක්‌ පොලිසියට රිංගා ඇති බවකි.

එදා රංජිත්

ගුණසේකර මහතා පොලිසියේම උසස්‌ නිලධාරියකු ලෙස කී පරිදි පොලිසියට රිංගූ එකී බල්ලන්

තවමත් පොලිසියේ සිටින්නේද? මෙවන්

සිදුවීම් හමුවේ එවන් ගැටලුවක්‌ අප හමුවේ ඉස්‌මතු වෙමින් තිබේ.

පොලිස්‌පති

එන්. කේ. ඉලංගකොන් මහතා පොලිසය ජනතාවාදී ස්‌ථානයක්‌ කිරීමට මේ වන විට උත්සාහයක්‌

දරමින් සිටින බව පෙනෙන්නට තිබෙන්නකි.

එහෙත් මෙහිදී

පොලිස්‌පතිවරයාගේ එකී උත්සාහය සාර්ථක වීමට නම් රංජිත් ගුණසේකර මහතා කී පරිදි එදා

පොලිසියට රිංගා අදත් රැඳී සිටින බල්ලන් වේ නම් වහා උන් සොයා බැඳ දැමීම

අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි.

කෙසේ වෙතත්

ඊයේ (30 වැනිදා)

දොම්පේ පොලිසියේ සිදු වූ සිදු වීම පිළිබඳ විමර්ශනයක්‌ පැවැත්වීමේ කටයුතු පොලිස්‌පතිවරයා

විසින් මේ වන විට රහස්‌ පොලිසිය වෙත යොමු කර ඇත්තේය. දොම්පේ පොලිසියේ අත්අඩංගුවේ

සිටි ඒ තරුණයා දැන් මිය ගොසිනි. එහෙත් එය සිදු වූයේ කෙසේද? එසේ වූයේ ඇයිද?

යන්න අනිවාර්යයෙන්ම

පිළිතුරු ලැබිය යුතු ගැටලුවකි.

එහිදී යම්

පුද්ගලයකු අත දොසක්‌ වේ නම් තරාතිරමකින් තොරව ඔහුට හෝ ඔවුනට දඬුවම් ලැබිය යුතු බවද

අමුතුවෙන් කිව යුතු නොවේ. සොරකම් කිරීම වරදකි. එහි තර්කයක්‌ නොවේ. එහෙත් සොරකමක්‌

කළ පලියට ජීවිතයක්‌ නැති වේ නම් එය සොරකමටත් එහා ගිය බරපතල තත්ත්වයක්‌ බවද කිව

යුතුව තිබේ.

සියලු කතා

කෙසේ වෙතත් සිදුවන සියලු පරීක්‍ෂණ නිරීක්‍ෂණ විමර්ශන සියල්ල අතරේ දොම්පේ පොලිසියේ

නිලධාරින් මේ රැයේ නිදිවරා කර ඇත්තේ ජනතාව වෙනුවෙන් රාජකාරියේ යෙදීම බවද අප අමතක

කළ යුතු නොවේ.

සමන් ගමගේ

http://www.divaina.com/2011/10/01/feature03.html

එදා රණවිරු මෙදා

සිරකරු

තිස්‌වසරක්‌

පුරා මේ රට වෙලාගෙන තිබුණු නරුම ත්‍රස්‌තවාදයෙන් ත්‍රාසය, භීතිය, දුක කඳුළ මෙන්ම අපට

උරුමවූ තවත් බොහෝ දේද වේ.

රටේ සංවර්ධනය

ආපස්‌සට යැම, ආයුධ සන්නද්ධ

පාදඩ සංස්‌කෘතියක්‌ හෙවත් පාතාලය පෙරට ඒම, මරණය ලොසින්ජර තරමට සමාජය තුල සිල්ලර වීම

වැනි දැ ඉන් කිහිපයකි.

ඒ අතරේ ගෙවුණු

විසිපස්‌ වසරක පමණ කෙටි අතීතයේ යුද්ධය යුද්ධයක්‌ නොව සරලව කිවහොත් හිඟන්නාගේ

තුවාලය කරගනිමින් බලයට කෑදරවී සමස්‌ත ශ්‍රී ලාංකික ජාතියේම කොන්ද බිඳ දමා මේ

මව්බිම පාවා දුන් අපේම කතිරයෙන් පෙරමුණට ආ ඇතැම් නායක නායිකාවන් වෙතින් සිදුවූ දේද

රැසකි.

රාජකාරිය නොව

පාවා දීම දේව කාරිය කරගත්, එකී අතීතයේ

සීත කාමරවල සිට යුද්ධ කළ සමහර හමුදා නිලධාරින් වෙතින්ද රටට වැදුණේ එම

නායකකාරකාදීන් වෙතින් සිදුවූවා හා සමානම සාපයකි.

මෙහිදී නායකයෝ

සේම හමුදා ලොක්‌කෝද අඩු වැඩි ලෙසින් ත්‍රස්‌තවාදය උකුලට ගෙන කිරි පොවද්දී ඉන් ඉස්‌

ගැසුම් කෑවෝ රට වෙනුවෙන් අවංකව පෙරට ආ රණවිරුවෝම වූහ.

ජනාධිපති

මහින්ද රාපක්‍ෂයන් මේ රට භාර ගන්නා තුරුම සිදුවූයේ ඒ ටිකමය. එහිදී පෙරකී ගෙවලයන්ගේ

හිරිකිත වැඩවලට බොහෝ රණවිරුවන් ජීවිතවලින් වන්දි ගෙවද්දී තවත් පිරිසකට ජීවිතයේ

අනේකවිධ දුක්‌ඛ දොaමනස්‌සයන්ට

මහුණ දීමට සිදුවූ අවස්‌ථාද අපේ මතකයේ තිබේ.

එකී යටගියාව

සිහි කිරීමත් අප්‍රසන්න කරුණක්‌ වුවද පැත්තක්‌ නැතිව ඒ ඇත්ත අද මා මෙහි සටහන් කරනු

ලැබුවේ පසුගිය දිනෙක කිසිදා කිසිතැනක නොකියෑවුණු ඒ කතා සොයා මා යන ගමනේදී මට මුණ

ගැසුණු ඔවුන්ගේ කතාව නිසි පරිදි පෙළ ගැසීමට අවැසි වූ නිසා බවද මෙහිදී සටහන් කළ

යුතුව ඇත.

අද ඔවුහු මේ

රටේ සිපිරි ගෙයක සිරවී මරණය ළඟා වන තුරු පෝරකය අබියසට වී ජීවිතය මෙනෙහි කරමින්

සිටිති. ඔවුහු කවරහුද.

ඒ

අන්කිසිවකුත් නොව ඉකුත් කාලයේ අප දේවත්වයෙන් පිදූ, ත්‍රස්‌තවාදයේ ශාපයෙන් මේ බිම බේරා ගැනීමට

දිවි පරදුවට තබා පෙරට ආ රණවිරුවන් පිරිසකි.

විඳීමට ඇති

ජීවිතය විඳවන තැන දක්‌වා තල්ලු වී ඔවුන් අද එවන් ඉරණමකට මුහුණ දී සිටිනුයේ ඇයි?

එයට පිළිතුරක්‌

අපි නොදන්නෙමු. ගණනින් හය දෙනකු වූ ඒ සියලු දෙනා අද එහි ගොස්‌ සිටිනුයේ රටේ

අධිකරණයක්‌ හමුවේ වරදකරුවන් වී ලද නියෝගයකට අනුව පමණක්‌ බව අපි කියමු. ඒ පිළිබඳ

අපි කිසිදු කතාවක්‌ද නොකරන්නෙමු. රටේ නීතියට මෙන්ම අධිකරණයටද අප හිස නමා ගරු කළ

යුතුව තිබේ.

එහෙත් රටට ෙද්‍රdaහී වී මළ ත්‍රස්‌තවාදියකුගේ

සිරුරට කොරනල් විභාග තබා මරණ සහතික දෙන්නට ගිය නායකත්වයක්‌ හමුවේ රට වෙනුවෙන් පෙරට

ගිය රණවිරුවෙකුට දුක උරුමව තිබේ නම් ඒ පිළිබඳ කතා කිරීම යුතුකමක්‌ යෑයි අපගේ හැඟීම

වේ.

එහෙයින් වසන්

කිරීම් අවම කර ඔවුන් කියනා මේ සටහන තබන්නට අපි සිතුවෙමු.

ඒ දිනවල මෙය

රටම හෙල්ලූ සිදුවීමක්‌ව තිබිණි. රට කරවපු අය කොඳු නැතිව විදේශික බලවේගවලට යටවීම

නිසා සහ ජාත්‍යන්තරය හමුවේ රට පාවා දුන් ෙද්‍රdaහීන් එක්‌ව කළ කී දැ ඉදිරියේ රට හෙල්ලූ නොව

රට හොල්ලවපු සිද්ධියක්‌ කියල එය හැඳින්නුවහොත් වඩාත්ම නිවැරදි වනු ඇතැයිද සිතේ.

පසුගිය 1996 අවුරුද්ද වනවිට මේ රට

වැනසූ එල්ටීටීඊ ත්‍රස්‌වාදය වූයේ ම්ලේච්ඡත්වයේ හිනිපෙත්තටම ළඟා වෙමිනි. මේ අතරේ 1995 සිදු කෙරුණු රිවිරැස

මෙහෙයුමට අනුව ත්‍රස්‌තයන් පලවා හැර යාපනය තම පාලනයට ගෙන සිටි යුද හමුදාව එය

තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක යෙදෙමින් සිටියේය.

ඇය ක්‍රිෂාන්ති

නම් වූවාය. යාපනය කයිතඩි ගම්මානයේ මේ ක්‍රිෂාන්ති පදිංචිව සිටියාය. රට කරවන නායකයෝ,

ලොක්‌කෝ කොහොම වුණත්

මේ රට වෙනුවෙන් ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය අතුගා දමන්නට ජීවිත සමග ඇස්‌, ඉස්‌, මස්‌, ලේ පුජා කරමින් හිටිය

ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ ඒ වෙනකොට මේ ක්‍රිෂාන්තිව ප්‍රබල කොටි සාමාජිකාවක්‌ ලෙස

හඳුනාගෙන තිබිණි.

ඒද නිකම්ම

නිකම් කොටි දෙනක්‌ ලෙස නොව. එල්ටීටීඊයේ ප්‍රධාන පෙළේ බුද්ධි සාමාජිකාවක්‌ ලෙසිනි.

සිවිල්

වැසියන් අතරේ සැඟව සිටින ත්‍රස්‌තවාදීන් හමුදා රථයකට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීම

එහෙමත් නැතිනම් රැකවලෙහි සිටින ලෙබළෙකු පැහැරගෙන ගොස්‌ ගෙල කපා මරා දැමීම වැනි

සිදුවීම් හමුදා පාලනයක්‌ පැවැතියද ඒ දිනවල යාපනයේ බහුලව සිදු වෙමින් තිබිණි.

“ඔව් මල්ලි

ඉතින් මොකක්‌ද ඊට පස්‌සේa වුණේ… අද

කිහිප දෙනකු ඇරෙන්නට අන් කිසිවෙකුත් නොදන්නා මේ කතාව මෙතන ඉඳන් හැමෝටම කියන්න

එල්ලුම් ගහට ගියත් දැන් මගේ ඉදිරියේ ඉන්න ඒ මිනිස්‌සුන්ව මම දිරිමත් කරන්නට වීමි.

ඇස්‌වල මහා බලාපොරොත්තුවක්‌ පිරී තිබේ. ඔව් ඒක

ජීවිතය පිළිබඳ එකක්‌ බවට නම් කිසිම සැකයක්‌ පෙනෙන්ට නොවේ. මා ඔවුන් දෙස බලා සිටින

අතරේ බර කල්පනාවකට වැටී සිටි එක්‌ සොයුරෙක්‌ සිය හඬ අවදි කරන්නට වූයේ මෙලෙසිනි.

“ඔව් අයියේ…

ඔය ක්‍රිෂාන්තිව ඒ දවස්‌වල එක පාරක්‌ යාපනේදී හමුදාවෙන් ඇල්ලුවා… එහෙම කළේ

බුද්ධි අංශ එයා කොටි සාමාජිකාවක්‌ විදිහට හඳුනගෙන හිටිය නිසා…

ඒත් එදා

හමුදාවට සිද්ධ වුණා ක්‍රිෂාන්තිව දවස්‌ දෙක තුනකින් නිදහස්‌ කරන්න… බුද්ධි

තොරතුරු තිබුණට හමුදාවට බැරිවුණා ක්‍රිෂාන්ති කොටි සමාජිකාවක්‌ කියලා තහවුරු කර

ගන්න… ඒත් ඒකම නෙමේ නිදහස්‌ කරන්න එකම හේතුව වුණේ…

ඉහළින්ම නියෝග

ආවා… ක්‍රිෂාන්තිව නිදහස්‌ කරන්නම කියලා… ඒකයි එදා එහෙම වෙලා තිබුණේ… එහෙම

නොවුණ නම් පොලිසිය හරහා සැකපිට ක්‍රිෂාන්තිව අධිකරණයකට ගේන්න හමුදාවට පුළුවන්කම

තිබුණා.

ඒත් අන්තිමට

ක්‍රිෂාන්තිව නිදහස්‌ කරපු හමුදාව එයාට නියෝගයක්‌ කළා හැම සතියකම යාපනය හමුදා

කඳවුරට ඇවිත් අත්සන් කරලා යන්න කියලා…

ඒත් අයියේ…

ක්‍රිෂාන්ති ඒ විදිහට නිදහස්‌ වෙලා ගියාට එයා දවස්‌ දෙකක්‌ විතරයි කෑම්ප් එකට ආවේ

අත්සන් කරන්න… එතනින් පස්‌සේ මේ ක්‍රිෂාන්ති අතුරුදන් වුණා… ඒ කියන්නේ ක්‍රිෂාන්ති

ගැන කිසිම හෝඩුවාවක්‌ හමුදාවටවත් හොයා ගන්න බැරි වුණා…

ඇත්තමටම අයියේ

ඒ දවස්‌වල යාපනයේ තිබුණේ හරිම භිහිසුණු තත්ත්වයක්‌… මිනිස්‌සු අතරින් එන

එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් හමුදාවට එක එක විදිහට පහර දුන්නා… අපේ සහෝදර සෙබළුන්ව

පැහැරගෙන යන කොටි කැලෑවලට අරන් ගිහින් ඒ කොල්ලන්ගේ බෙලි කපල මරලා දැම්මා.

ඒ වෙනකොට 1995 රිවිරැස මෙහෙයුමත්

එක්‌ක හමුදාව හිටියේ යාපනය කොටින්ගෙන් බේරගෙන… ඒත් යාපනයේ තිබුණේ ඒ වගේ

තත්ත්වයක්‌…

රිවිරැස

මෙහෙයුම කෙරෙනකොට කොටි පාලන ප්‍රදේශවලට පැනල ගිය සාමාන්‍ය මිනිස්‌සුන්ව නැවත

පදිංචි කරවන එකත් ඒ කාලේ පැවරිලා තිබුණේ හමුදාවටමයි.

හමුදාව ඒක

උපරිමයෙන් කරමින් හිටියේ… මේ වෙනකොට මම හිටියේ යාපනේ අරියාලේ කියන ගමේ අයියේ…

අරියාලේ ගමේත් මිනිස්‌සු පදිංචි කරවන වැඩ සිද්ධ වුණා… මේ අතරේ තමයි අරියාලේ ගමේ

මිනිස්‌සුයි හමුදාවයි අතරේ පුංචි විරසකයක්‌ මතුවුණේ.

ඒක කිසිම

වැදගම්මකට නැති දෙයක්‌ නිසා ඇතිවෙච්ච එකක්‌… අරියාලේ මිනිස්‌සු පදිංචි කරන

වැඩවලට බිම්මට්‌ටමින් හමුදා සෙබළෙක්‌ විදහට සම්බන්ධ වෙලා හිටියේ මමයි අපේ තව කට්‌ටියකුයි.

ඒ නිසා ගමේ මිනිස්‌සු

හමුදාව එක්‌ක විරසක වුණාට හැම වෙලේම තමන්ගේ ප්‍රශ්න අපිට කියන්න ගත්තා… මේ නිසා

දවසක්‌ මම ගියා අයියේ අපේ ප්‍රධාන කඳවුරට…

එහෙම ගිහින්

අපේ සර්ව හම්බ වුණා… මම කිව්වා මිනිස්‌සු අපිට කියන ඒවා… එහෙම කියලා මම සර්ට

කිව්වා මට අරියාලේ ඉන්න බැහැ කියලා…

“හරි පුතා

එහෙනම් ඔයා වෙන කොහෙට හරි ටාන්සර් එකක්‌ ගන්නවා… අන්තිමට සර් එහෙම කියලා මාව

දැම්ම එදා යාපනයේ චෙම්මිනිවල තිබුණ මුරපොළට.

ඒක තමයි අයියේ

අද මම විතරක්‌ නෙමේ අපි හැමෝටම මේ ගමන එන්න පාර හැදුණ තැන… අපි කට්‌ටිය එකාට එකා

හම්බ වුණේ එතැනදී…

සිදුවූ කරුමය

සිහිවීදොa ඔහු මදක්‌

නිහඬව සිටී. එහෙත් එතැන් පටන් ඔවුන් අතරේ සිටි තවත් සොයුරෙකු මේ කතාවේ ඉතිරිය මා

සමග කියන්නට වූයේ මා තුළ වූ නොඉවසිල්ල වැටහී ගියාක්‌ පරිද්දෙනි.

“ඔව් අයියේ…

ඒ දවස්‌වල චෙම්මිනි චෙක්‌ පොයින්ට්‌ එක තමයි යාපනයේ හමුදා පාලන ප්‍රදේශය වෙන්කෙරෙන

සීමාවේ තිබුණ අන්තිම පොයින්ට්‌ එක… එතනින් එහාට කිලෝමීටරයක්‌ විතර යනකන් අපේ

ලයින් එක… ඊට පස්‌සේ හිටියේ කොටි…

ඒ චෙම්මිනි

මුරපොළට ඉස්‌රහයින් තමයි ක්‍රිෂාන්තිලා හිටිය කයිතඩි ගම තිබුණේ… චෙම්මිනි ඉඳන්

ඉස්‌සරහා ලයින් එකේ තැනින් තැන හමුදාව හිටියට කයිතඩි ගමේ මිනිස්‌සු අතරේ

එල්ටීටීඊකාරයෝ හැංගිලා හිටියා…

මදාම ඒ පැත්තේ

ඉඳන් මිනිස්‌සු එනවා යාපනේට ඇවිත් යන්න… ඒ එයාලගේ එක එක වැඩවලට… එහෙම එන අය

හොඳට චෙක්‌ කරලා යාපනයට ඇතුල් කරන එක තමයි චෙම්මිනි පොයින්ට්‌ එකේ හිටිය අපිට

පැවරිලා තිබුණ ලොකුම රාජකාරිය වුණේ…

අපි ඒක හොඳට

කරගෙන හිටිය… ඒ අතරේ සමහර දවස්‌වලට ලැබෙන තොරතුරු අනුව චෙම්මිනි පොයින්ට්‌ එකට

එන “ඉන්ට්‌” එකේ (බුද්ධි අංශ) කට්‌ටිය චෙම්මිනි හරහා යාපනේට එන්න ආපු

කොටින්ව අත්අඩංගුවට ගත්ත අවස්‌ථාත් තිබුණා…

ගොඩක්‌ වෙලාවට

ඒ එල්ටීටීඊ අය හරියටම කවුද කියලා හමුදාවට පෙන්නුවේ බුද්ධි අංශ නිලධාරින් සමග

පොයින්ට්‌ එකට එන ඒ වෙනකොට හමුදාවේ අත්අඩංගුවේ හිටිය කොටි සාමාජිකයන්මයි…

මේ අතරේ තමයි

අයියේ 1996 අවුරුද්දේ

අපොස උසස්‌ පෙළ විභාගේ පටන්ගත්තේ… විභාගේ පටන් ගත්තට පස්‌සේ කයිතඩි ගමේ විභාගෙට

ලියන ළමයිනුත් චෙම්මිනි පොයින්ට්‌ එක හරහා ආවා යාපනේට යන්න…

ඒක දවස්‌

ගානක්‌ම එක දිගටම සිද්ධ වුණා… අපි ඒ ළමයින්වත් චෙක්‌ කරනවා… කිසිම ගැටලුවක්‌

තිබුණේ නැහැ… එයාලා හැමදාම විභාගෙට ආවා ගියා… ඒත් ඒ විභාගේ තමයි අයියේ අපේ

ජීවිතේ ඉරණම වෙනස්‌ කළේ…

” අපි එතකොට

දැනන් හිටියේ නැහැ… ඒත් අපි හැමදාම චෙක්‌ කරල විභාගෙට යවන ළමයි අතරේ ඒ වෙනකොට

මෙච්චර දවසක්‌ අතුරුදන් වෙලා හිටපු ක්‍රිෂාන්තිත් ඉඳලා තියෙනවා…

ඒත් අපි ක්‍රිෂාන්තිව

අඳුරන්නේ නැහැ… ඒ නිසා එයා එතනින් යන බව අපි දැනගෙන හිටියෙත් නැහැ… අපි එහෙම

ඉන්නකොට තමයි අයියේ දවසක්‌ පොයින්ට්‌ එකට බුද්ධි අංශ එක්‌ක ආව එල්ටීටීඊ එකේ කෙනෙක්‌

ක්‍රිෂාන්තිව අඳුරගෙන තිබුණේ…

ඊට පහුවෙනිදාම

අපිට සර් කෙනෙක්‌ගෙන් සෙට්‌එක හරහා අපිට මැසේඡ් එකක්‌ ආවා අයියේ…

“ළමයි ඔයාල

ඉන්න පොයින්ට්‌ එකෙන් අපිට ඕන කරන ප්‍රබල එල්ටීටීඊ ගර්ල් කෙනෙක්‌ එනවා විභාගෙට

ලියන්න… ඔයාලා හොඳට ටච් එකේ ඉඳල එයා විභාගේ අන්තිම පේපර් එකට ලියල යන දවසේ ඔතනදී

අත්අඩංගුවට ගන්න ඕනේ…

අපිට සර්ගෙන්

ලැබුණ ඒ පණිවිඩෙන් කියෑවුණේ ඔය ටික අයියේ… එත් අපි සර්ට ඒ එක්‌කම කිව්වා සර්..

අපි ඒ ක්‍රිෂාන්ති කියන කෙල්ලව අඳුරන්නේ නැහැ කියලා…

“හරි ඔයාලා එයාව

අඳුරන්නේ නැත්නම් මම හෙට ඔයාලට ඒ කෙල්ලව පෙන්නන්නම්… ඊට පස්‌සේ ඔයාලා මම කිව්ව

විදිහට ඒ වැඩේ කරන්න… අපි ක්‍රිෂාන්තිව අඳුරන්නේ නැහැ කිව්වම අන්තිමට සර් අපිට

දුන්න උත්තරේ ඒක අයියේ…

ඒ කිව්ව

විදිහටම පහුවෙනිදා උදේ අපිට ක්‍රිෂාන්තිව අඳුර ගන්න ලැබුණා… පාන්දරම චෙම්මිනි

පොයින්ට්‌ එකට ආවා ඊට දවස්‌ දෙකකට ඉස්‌සෙල්ලා ක්‍රිෂාන්තිව අඳුර ගත්ත

එල්ටීටීඊකාරයත් එක්‌ක “ඉන්ට්‌” එකේ කට්‌ටියක්‌…

එදා උදෙත්

මුරපොළ හරහා විභාගෙට යන ළමයි පුරුදු විදිහටම එන්න පටන් ගත්තා… ඒ අතරේ ක්‍රිෂාන්තිත්

හිටියා… අපි එක්‌ක හිටිය එල්ටීටීඊ එකා අපි ඔක්‌කොටම ක්‍රිෂාන්තිව ඉඟි කරලා

පෙන්නුව… ඒ ක්‍රිෂාන්තිට කිසිම දෙයක්‌ නොදැනෙන්න…

“ළමයි දැන්

ඔයාලා ක්‍රිෂාන්තිව දන්නවනේ… එහෙනම් මතකනේ… කිව්ව විදිහට අන්තිමට විභාගේ ලියලා

යන දවසට එයාව අරගන්න… ඔයාලා මේ ටිකත් දැන ගත්තට කමක්‌ නැහැ… ඔය ක්‍රිෂාන්ති

කියන්නේ එක පාරක්‌ ආමි එකෙන් අල්ලල කැම්ප් එකේ අත්සන් කරන්න කියල දුන්නු ඕඩර් එකක්‌

මගඇරල ඉන්න එක්‌කෙනෙක්‌…

පොයින්ට්‌ එකට

ආපු බුද්ධි අංශ ටීම් එක පිටත් වෙලා පැයක්‌ විතර ගියාට පස්‌සේ අපිට ආයිත් සෙට්‌

එකෙන් නියෝගයක්‌ ලැබුණේ ඒ විදිහට අයියේ…

මෙතෙක්‌ මා

සමග එසේ පාපොච්චාරණයේ යෙදී සිටි ඔහුද දැන් මදක්‌ නිහඬව සිටී. ඇතැම් විට දැන් ඔහු

පෙලන ඒ අතීතාවර්ජනයෙන් ලද වෙහෙස ඊට හේතු වී ඇතුවා විය යුතුය.

හමුදා සේවය

යනු විනය පෙරදැරිව අණ මත ක්‍රියාත්මක වන්නා වූ සේවයකි. එහෙයින් සොල්දාදුවා යනු ඊට

දැඩිව අනුගතව සිටින්නා වූ චරිතයක්‌ද වේ. ඉදින් දැන් මේ මොවුනට ලැබී ඇත්තේ

පැහැදිලිවම එලෙස ක්‍රියාත්මක හමුදා සේවයේදී ලැබෙන අණකි.

ඔහු තවමත්

නිහඬවම සිටී. එහෙත් ඒ නිහඬ බවට ඉඩ දීමට මට තවත් නොහැකිව තිබේ. මේ කතාවේ ඉතිරිය දැන

ගැනීමේ උවමනාව දැන් මා පෙලමින් සිටී. එහෙයින් මම මගේ හඬ අවදි කළෙමි.

“ඉතින්

මල්ලී… ඊට පස්‌සේ මොකද වුණේ? තවමත් නිහඬවම

සිටිනා ඔහු වෙතින් නෙත් ඉවතට ගනිමින්ම මා අද මරණය ළඟා වනතුරු පෝරකය අබියස සිටිනා ඒ

සොයුරන් සමග වූ තවකෙකුගෙන් එසේ විමසා සිටියේ එහෙයිනිs.

“ඔව් අයියේ…

අපි එදා එහෙම ක්‍රිෂාන්ති කවුද කියලා දැන ගන්නකොට ඒ දවස්‌වල තිබුණ විභාගේ ඉවර

වෙන්න තවත් දවස්‌ තුනක්‌ විතර තිබුණේ… ඒ කියන්නේ තව දවස්‌ තුනකින් අපි ක්‍රිෂාන්තිව

අත්අඩංගුවට ගන්න ඕනේ…

අපිට මේ

නියෝගෙ දෙන්නේ ඉහළින්… ඉතින් අපි ඒකට ලැහැස්‌ති වෙලා හිටියේ… මට මතකයි

අයියේ… ක්‍රිෂාන්ති එදත් ආවා විභාගෙට යන්න… එදා උදේ ක්‍රිෂාන්ති විභාගෙට යනකොට

එයත් එක්‌ක තවත් කෙල්ලෙක්‌ කතා කර කර ගියා… අපි හිටියේ ඒ ඔක්‌කොම බලාගෙන…

පුරුදු

විදිහටම විභාගෙ ඉවර වෙලා ක්‍රිෂාන්ති පොයින්ට්‌ එක පහු කරගෙන යන්න අවා… උදේ එයත්

එක්‌ක කතා කර කර ගිය ළමයත් ඉස්‌සරහින් අවා… ඉතින් අපි ඒ ළමයව ඉදිරියට යවලා අපිට

කියපු විදිහටම පොයින්ට්‌ එකට ආපු ක්‍රිෂාන්තිව නතර කර ගත්තා…

අපි ක්‍රිෂාන්තිට

කිව්වා “ඔයාගෙන් පොඩ්ඩක්‌ ප්‍රශ්න කරන්න තියෙනවා ඒ නිසා ඔයාව දැන්ම යවන්න

බැහැ කියලා… එවෙලේ ඒ කෙල්ලගෙ මූණේ කිසිම බයක්‌ නම් තිබුණේ නැහැ අයියේ… එයා කළේ

අපිව කන්ඩ වගේ අපි දිහා ඔරෝල බලපු එක විතරයි…

පස්‌සේ අපි ක්‍රිෂාන්තිව

පොයින්ට්‌ එකේ තිබුණු කූඩාරමට දැම්මා… එහෙම කරලා අපි සෙට්‌ එකෙන් සර්ට කිව්වා ක්‍රිෂාන්තිව

අත්අඩංගුවට ගත්තා කියලා…

ඒත් එහෙම කරලා

පැයක්‌වත් යන්න හම්බ වුණේ නැහැ අයියේ… අපි කිසිම විදිහකින් බලාපොරොත්තු නොවුණු

දෙයක්‌ එතන සිද්ධ වුණේ…

ඉතිරි කොටස

ලබන සතියේ..

සමන් ගමගේ

http://www.divaina.com/2011/06/12/feature03.html

චෙම්මිනි

මුරපොළේ සිට පෝරකය දක්‌වා…!

එදා ප්‍රබල ත්‍රස්‌තවාදී

සාමාජිකාවක සිටි ක්‍රිෂාන්තිව හමුදා අත්අඩංගුවට ගැනුණේ ඒ අයුරිනි. එහෙත් ඒ

අත්අඩංගුවට ගැනීම සිදුවී ගෙවී යන්නට වූයේ පැයකටත් අඩු කාලයකි.

යාපනය කයිතඩි

ප්‍රදේශයේ සිට එක්‌තරා කාන්තාවක සමග අවුරුදු පහළොවක පමණ දරුවකු සහ තවත් මිනිසකු

චෙම්මිනි මුරපොළ දෙසට ඇදී එනු එහි සිටි හමුදා සෙබළුන් දුටුවේ ඒ අතරතුරය.

ඒ ගැහැණිය හා

සෙසු දෙදෙනා අතර වූයේ එකිනෙකා පරයා ඇවිද යැමේ තරගයකි. ඒ තරගය හමුවේ ඔවුන් මුරපොළ

ආසන්නයට එනවිට හති හරින තැනටම වෙහෙසී සිටියේය.

කෙමෙන් කෙමෙන්

මුරපොළ වෙත පැමිණි ගැහැණිය එහි සිටි හමුදා සෙබළුන්ගෙන් ද්‍රවිඩ බසින් යමක්‌

විමසන්නට වූවාය.

“සර් මගේ දුව

විභාගෙට ගිහින් තවම ආවේ නැහැ… දුවව හමුදාවෙන් තියාගත්ත කියලා ගමේ ළමයෙක්‌

කිව්වා… කොහෙද සර් මගේ දරුවා… දරුවව තියාගත්තේ සර්ලද?

ගැහැණියගේ මෙම

ප්‍රශ්නයත් සමග හමුදා සෙබළුන් ඉදිරියට පැමිණියේ සුවිශාල ගැටලුවකි.

“ඔව් අයියේ එදා

එහෙම ආවේ ක්‍රිෂාන්තිගේ අම්මා… ඒත් එයා දුව ගැන ඇහුවට ඉහළින් නියෝගයක්‌ නැතුව

අපිට මුකුත් කියන්න පුළුවන් කමක්‌ තිබුණේ නැහැ… ඒක හමුදාවේ නීතිය. ක්‍රිෂාන්ති ඒ

වෙනකොට අපි ළඟ හිටියට අපිට ඒක කියන්න විදිහක්‌ තිබුණේ නැහැ…

“මේ ඔය කියන

විදිහේ දෙයක්‌ අපි දන්නේ නැහැ… කරුණාකරලා ගිහින් යාපනේ කෑම්ප් එකෙන් අහන්න…

එතකොට දුව ගැන විස්‌තරයක්‌ දැන ගන්න පුළුවන් වෙයි…

අන්තිමට අපි

ක්‍රිෂාන්තිගේ අම්මට එහෙම කියලා කෑම්ප් එකට යන්න කිව්වා… අපේ කීමට එයාලා යන්න

ගියා… ඒත්…

හමුදා සෙබළුන්

කළ දැනුම් දීමට අනුව ඒ ගැහැණිය හා අනෙක්‌ දෙදෙනා එක්‌ව චෙම්මිනි මුරපොළ පසුකර

යාපනය දෙසට ඇදෙන්නට වූහ. ඒ සිය දියණිය පිළිබඳ යමක්‌ දැනගන්නා අටියෙනි.

එහෙත් ඔවුන්ගේ

පා එසේ එසැවෙන්නට වූයේ චෙම්මිනි මුරපොළ පසුකර තවත් යාර කිහිපයක්‌ ඉදිරියට පමණි.

ඊළඟ මොහොතේ ඒ

මාවතේ ඉද්ද ගැසුවාක්‌ මෙන් එක්‌වරම නතර වූ ඔවුන් යළි හැරී මුරපොළ දෙසට එන්නට වූයේ

ආවේගශීලී දැඩි හැඟීමකින්ද යුතුවය…

“බල්ලෝ…

තොපිලා තමයි යකෝ මගේ දුවව අල්ල ගත්තේ… තොපිලා දුවව අල්ලගෙන දැන් නැහැ කියනවා

යාපනයට ගිහින් බලපියව් කියනවා… යකෝ මගේ දුවත් එක්‌ක ආපු ළමය කිව්ව මෙතනදී උඹලා

මගේ දරුවව තියා ගත්ත කියලා… ඇත්ත කියපියව් යකුනේ කෝ අපේ දරුවා…

ඊළඟ නිමේෂයේ

වේගයෙන් මුරපොළ අසළට පැමිණි ඒ ගැහැණිය සුද්ධ දෙමළෙන් මුරපොළේ සිටි සෙබළුන්ට සංග්‍රහ

කරන්නට වූයේ කිසිවෙකුත් නොසිතූ පරිද්දෙනි.

ඒ වාග් ප්‍රහාරය

හමුවේ මුරපොළේ සිටි හමුදා සෙබළුන්ගේ ඉවසීමේ සීමාව ඉක්‌ම ගොස්‌ තිබුණද එය පිටතට

නොපෙන්වූ ඔවුහු තමන් කිසිවක්‌ නොදන්නා බැවින් යාපනයට ගොස්‌ කරුණු විමසන ලෙස යළි

ගැහැණියට කියන්නට වූහ.

“ඔව් අයියේ…

ඒ ගෑණි අමු තිත්ත කතාවෙන් අපිට බැන්න… එතනදී අපිට කේන්තිත් ගියා… එත් හැම දේම

අපි ඉවසුවා… යාපනයට යන්න කියනවා ඇරෙන්න එයාට කියන්න වෙන දෙයක්‌ අපිට තිබුණේ

නැහැ…

“පලයව් යකුණේ

යන්න… ගොපිලා මගේ දරුවා තියාගෙන අපිට යාපනේ යන්න කියනවා… යකෝ මගේ දරුවා දෙනකම්

මම මෙතනින් එක අඩියක්‌ හෙල්ලෙන්නේ නැහැ…

හමුදා සෙබළුන්

යාපනයට යන ලෙස දෙවන වරටත් කීමත් සමග එසේ පරලවූ තැනැත්තියක සේ සෙබළුන්ට බැණ වැදුණු

ගැහැණිය අනෙක්‌ දෙදෙනාද සමගින් මුරපොළ ඉදිරියේ වූ මාර්ගයේ වැතිර නිදා ගත්තේ හමුදා

සෙබළුන් කිසිසේත්ම නොසිතූ පරිදිය.

දැන් එය සීමාව

ඉක්‌මවා ගොසිනි. කළ යුතු දෙයක්‌ කඩිනමින් කළ යුතුව තිබේ. අවසානයේ මුරපොළේ වූ හමුදා

සෙබළුන් අවසන් තීරණයකට එළැඹියේ ගැටලුව දුරදිග යැමට ඉඩක්‌ නොතැබීමේ අදහසිනි.

“ක්‍රිෂාන්තිගේ

අම්මයි අනෙක්‌ දෙන්නයි එහෙම මුරපොළ ළඟ නිදා ගත්තහම අපිට කරගන්න දෙයක්‌ නැති වුණා

අයියේ… අන්තිමට අපි කළේ සෙට්‌ එක අරගෙන වෙච්ච දේ කෑම්ප් එකට කියලා උපදෙස්‌ ඉල්ලන

එක…

මේ තුන්දෙනා

මුරපොළ ළඟ නිදාගෙන ඉන්නවා කියලා අපි ඒ විදිහට කෑම්ප් එකට කිව්වා…

“හරි එහෙනම්

තවත් බලාගෙන ඉන්නේ නැතුව ඒ තුන්දෙනාවත් අරගෙන ක්‍රිෂාන්ති ඉන්න තැනටම දානවා…

එවෙලේ කෑම්ප් එකේ සර් කෙනෙක්‌ අපිට කිව්වේ ඒ ටික.

ඒක නියෝගයක්‌

අයියේ… පස්‌සේ අපි ඒ තුන්දෙනාවත් සර් කිව්ව විදිහටම අරගෙන ගිහින් ක්‍රිෂාන්ති

හිටිය කූඩාරමටම දැම්මා…

එකී දිනයේ

පෑයූ හිරු අවරට හැරෙමින් ඒ වන විට දහවල් දොළහ පසුවී හෝරා දෙකක පමණ කාලයක්‌ ගෙවී

ගොස්‌ තිබිණි. රඳවා ගත්තවුන්ට දිවා අහරද සැපැයූ මුරපොළේ සිටි හමුදා සෙබළුන් යළි

සාමාන්‍ය පරිදි රැකවලෙහි යෙදන්නට විය.

එසේ තවත් හෝරා

කිහිපයක්‌ ගෙවී යන්නට විය. ක්‍රිෂාන්ති ඇතුළුව හමුදා අත්අඩංගුවට පත්වූවෝ ඒ වන

විටත් රැඳවූ කූඩාරමේම සිටින්නට වූහ.

මෙසේ කෙමෙන්

කෙමෙන් කාලය ගෙවී යමින් එකී දිනයේ අවසානය සනිටුහන්ව හිරු බටහිර අහසේ සැඟව යන්නට

සූදානම්ව තිබිණි.

මේ අතරේ යාපනය

හමුදා කඳවුරෙන් පිටත් වූ ජීප් රථයක්‌ එක පිම්මේ චෙම්මිනි මුරපොළ දෙසට ඇදී එන්නට

විය. හමුදා නිලධාරියකු සමග තවත් සන්නද්ධ සෙබළුන් කිහිප දෙනකු එම ජීප් රථයේ වූහ.

චෙම්මිනි

මුරපොළ දෙසට වේගයෙන් ඇදී ආ ජීප් රිය ඒ ආසන්නයේ නතර වූයේ එහි රැකවලෙහි සිටි

සෙබළුන්ද බලා සිටියදීය.

එකෙනෙහිම ජීප්

රියේ සිටි නිලධාරියා දුටු මුරපොළේ සිටි සෙබළුන් වහා සීරුවෙන් සිට ඔහුට ආචාර කරනු

ලැබුවේ හමුදාවේ සාමාන්‍ය සම්ප්‍රදායට අනුව යමිනි.

“ආ… ළමයි කෝ

අර තියාගත්ත හතර දෙනා… එයාලව එක්‌කගෙන එන්න මෙහෙට… ඒ අතරේ ජීප් රථයෙන් බැස

මුරපොළේ වූ ප්‍රධාන කුටිය වෙත යන අතරේ එහි සිටි සෙබළුන්ට නියෝගයක්‌ පරිද්දෙන්

පැමිණි හමුදා නිලධාරියා දැනුම් දෙන්නට විය.

එකෙනෙහි ක්‍රිෂාන්ති

ඇතුළු පිරිස වහා ඔහු ඉදිරියට පැමිණවීමට සෙබළුන් පියවර ගනු ලැබූහ.

ආ… මේ ඉන්නේ

ක්‍රිෂාන්ති… තමුන්ට හමුදාව නියෝග කරලා තිබුණා නේද හැම සති අන්තයෙම කෑම්ප් එකට

ඇවිත් අත්සන් කරන්න… පිරිස දුටු විගස හමුදා නිලධාරියාගේ මුවින් ක්‍රිෂාන්තිට

ඉදිරිපත් වූයේ එවන් වූ පැනයකි.

මේකයි. මෙයා

අපි දුන්නු ඒ නියෝගය මග ඇරලා වැඩ කරලා තියෙනවා… ඒ නිසා මෙයාගෙන් අපිට පොඩ්ඩක්‌

ප්‍රශ්න කරන්න ඕනේ… ඊළඟ නිමේෂයේ ක්‍රිෂාන්තිගේ මව දෙසට හැරෙමින් එසේ කී

නිලධාරියා හිඳ සිටි පුටුවෙන් නැගිටින්නට වූයේ යළි පිටව යැමට සුදානමිනි.

“බැහැ… උඹලට

මගේ දරුවා ගෙනියන්න දෙන්න බැහැ… අපිත් එනවා යන්න… ඒ සමගම යළිත් වරක්‌ ආවේෂ වූ

ක්‍රිෂාන්තිගේ මව මොරදෙන්නට වූයේ හමුදා නිලධාරියාද පුදුමයට පත් කරවමිනි.

“ඔව් අයියේ ඒ

ගෑණි කොච්චර කිව්වත් එයා හැසිරුනේ යකෙක්‌ වගේ… අන්තිමේ ආපු ජීප් එකේ ඒ හතර

දෙනාවම අරගෙන ගියා කෑම්ප් එකට… ඉහළ නියෝග නිසා ක්‍රිෂාන්තිව අත්අඩංගුවට ගත්ත.

අපි මේ ගැන දන්නේ ඔය ටික විතරයි අයියේ…

එදා මේ

සිද්ධිය සිදුව කාලය දින, සති, මාස වෙමින් ගෙවී යන්නට

විය. යුද හමුදාව යාපනයේ දියත් කළ “සත්ජය” මෙහෙයුම ආරම්භය සටහන් වන්නට

වූයේ ඔය අතරතුරය.

“ක්‍රිෂාන්තිව

හමුදා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය වෙලා අයියේ… මාස කිහිපයකට පස්‌සේ ඒ විදිහට

“සත්ජය” මෙහෙයුම පටන් ගත්ත… ඒකට අපිවත් ආයෙත් ඉදිරි පෙරමුණට

කැඳෙව්වා…

අපි ගියා

අයියේ… ඒ අතරේ තමයි අයියේ මහ පුදුම කතාවක්‌ රටේ කියවෙන්න පටන් ගත්තේ… ක්‍රිෂාන්තිවයි

අම්මවයි අනිත් දෙන්නවයි හමුදාවෙන් මරලා කියලයි ඒ කතාවෙන් කියවුණේ…

ඒක අපිට ආරංචි

වෙනකොට ඒ කතාව රටේ ඉහළම තැනකට ඥති සම්බන්ධතා තිබ්බ එක්‌කෙනෙක්‌ ජාත්‍යන්තර සංවිධාන

අතරටත් ගෙනහින් කියලයි ආරංචි වුණේ…

පස්‌සේ ඒකට

එදා තිබුණ ආණ්‌ඩුව පරීක්‍ෂණයක්‌ පටන් ගත්තා… ඒ දවස්‌වල මාව කැඳෙව්ව හමුදාවේ ලොකු

ලොකු නිලධාරින් මගෙන් ඇහුව්ව ක්‍රිෂාන්තිගේ සිද්ධිය ගැන මොනවද දන්නේ කියලා…

අපි මොනාද

අයියේ දන්නේ… එදා චෙම්මිනි මුරපොළේ හිටිය අපි දැනගෙන හිටියේ ක්‍රිෂාන්තිව අත්අඩංගුවට

ගත්ත කියලා විතරයි… එතනින් එහාට එයා මැරුණද නැත්නම් අදටත් ක්‍රිෂාන්ති ජීවතුන්

අතරද කියලා කියන්න අපි දන්නේ නැහැ…

“මම ඉතින් මාව

ගෙන්නලා ඒ ගැන අහන හමුදාවේ හැමෝටම ඒ උත්තරේ දුන්න… ඇත්තෙන්ම අපි ඔක්‌කොටම කියන්න

තිබුණේ එච්චරයි අයියේ…

මේ අතරේ තමයි

හමුදාව ක්‍රිෂාන්තලව මරල වැළලුව තැන කියලා එදා ආණ්‌ඩුවෙන් චෙම්මිනි මුරපොළ ළඟ

තිබුණ කනත්ත හාරන්න පටන් ගත්තේ… ඒකට මුල් වෙලා තිබුණේ අර ආණ්‌ඩුවේ ඉහළම තැනක

ඥතියා වෙලා හිටිය කෙනා කියලයි ඒ දවස්‌වල ආරංචි වුණේ…

එතකොට ක්‍රිෂාන්ති

හමුදා අත්අඩංගුවට පත් වෙලා මාස දහයක්‌ විතර ගිහින්… ආණ්‌ඩුවේ පරීක්‍ෂණ කණ්‌ඩායම්

ඒ විදිහට කනත්ත හෑරුවා… ඒකේ තිබිලා මිනිස්‌ ඇටකටු ගොඩාක්‌ එයාලට හම්බ වුණා…

අන්තිමට කනත්ත හාරලා ඒගොල්ලෝ කිව්වා එක හමුදාව මිනිස්‌සු මරලා වළලපු සමූහ මිනී

වළක්‌ කියලා…

අවුරුදු ගාණක්‌

තිස්‌සේ තියෙන මිනී කනත්තක මිනිස්‌සුන්ගේ ඇට කටු ඇරෙන්න වෙන මොනවා තියෙන්නද

අයියේ…

මේ අතරේ තමයි

මෙහෙයුමේ හිටි මට වෙඩි වැදිලා මාව කොළඹ යුද හමුදා රෝහලට අරගෙන ආවේ… මට ගොඩක්‌

තුවාල වෙලා තිබුණා… ගේනකොට සිහිය තිබුණෙත් නැහැ…

දවස්‌ පහළවක්‌

විතර මම හමුදා රෝහලේ ප්‍රතිකාර ගත්තා.

කොහේවත් යන

ඥතීත්වයක්‌ හමුවේ එකල රජයේ ඉහළම බලධාරින් එක්‌ව හමුදාවම පාවා දෙමින් රට වෙනුවෙන්

පෙරට ගිය රණවිරුවන්ට මිනී මරුවන් යන ලේබලය අලවා ක්‍රිෂාන්ති ඝාතනය කළ බව කියමින්

පරීක්‍ෂණ අරඹා තිබුණේ එලෙසිනි.

ඒ පරීක්‍ෂණ

අතරේ සත්ජය මෙහෙයුමෙන් තුවාල ලබා හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හේ සුවය ලබා

පිටව යන දිනයද කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් තිබිණි.

අවසානයේ ඒ

දිනය උදා විය… හමුදා රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනකු අපේ රණවිරුවා වෙත පැමිණියේ

මේ අතරතුරය. “හම්.. පුතා ඔයාට දැන් යන්න පුළුවන්… අපි ඔයාට දවස්‌ පහළොවකට

නිවාඩු අනුමත කළා… ඒ දවස්‌ පහළව ගෙදරට ගිහින් රෙස්‌ට්‌ කරන්න…

ඊට පස්‌සේ

පුළුවන් ආයි යුද්ධ කරන්න යන්න… ඉතා සුහදශීලීව ඔහු ඇමැතූ හමුදා රෝහලේ වෛද්‍යවරුන්

එදා එසේ කියන්නට වූයේ මේ විරුවාණන්ට ඇති ලෙන්ගතු බව මොනවට විදහා පාමිනි.

මට එදා එහෙම

නිවාඩු දීලා අපේ ඩොක්‌ටර්ස්‌ලා කිව්වා ගෙදර ගිහින් රෙස්‌ට්‌ කරන්න කියලා… මම

රෝහලෙන් පිටවෙලා ගෙදර එන්න ලැහැස්‌ති වුණා…

“ඒත් එදා රෝහලට

ආපු හමුදා පොලිසිය මාව අත්අඩංගුවට අරගෙන පාලාලිවට ගෙනාවා අයියේ… ඒ එනකම්ම මම

දැනගෙන හිටියේ නැහැ මාව අරන් යන්නේ ඇයි කියලා… අන්තිමට පලාලි ඉඳලා මාව කෑම්ප්

එකට අරගෙන ගියා… ඒ ගියහමයි මම දැනගත්තේ ක්‍රිෂාන්තිලව මරපු එකට මාව ඇල්ලුවා

කියලා…

ඒ වෙනකොට

කෑම්ප් එකේ ලොකු අය එකතුවෙලා මටයි එදා චෙම්මිනි මුරපොළේ හිටිය අනිත් අයටයි

විරුද්ධව සාක්‌කිත් හදලා අයියේ අපි ක්‍රිෂාන්තිවයි, අම්මවයි, අනියත් දෙන්නවයි මරලා වැළලුවා කියලා…

පස්‌සේ තුවාල

වෙලා රෙස්‌ට්‌ කරන්න ගෙදර යන්න ගිය මාව හමුදාවෙන් පොලිසියට බාර දුන්නා… පොලිසියට

මාව අරගෙන යනකොට අපේ අනිත් අයත් පොලිසියෙ හිටියා… පස්‌සේ අපිට විරුද්ධව නඩු

දැම්මා… ඒක විශේෂ නඩුවක්‌ අයියේ… ඒකෙදී මාස නවයකට පස්‌සේ ඇට කටු ටිකක්‌ ගොඩ

අරගෙන හිටිය පරීක්‍ෂකයන් අපි ක්‍රිෂාන්තිව දූෂණය කළා කියලත් චෝදනාවක්‌ කරලා

තිබුණා…

අන්තිමට නඩුව

ඇහුවා… අපි කියන්න ඕන ටික කිව්වා… ඒ අතරේ කරුණු තේරුම් ගත්ත උසාවිය පරීක්‍ෂණ

කරපු අය ඇටකටුවලින් බලලා අපි ක්‍රිෂාන්තිව දූෂණය කළා කියලා දාල තිබුණු චෝදනාව

අයින් කළා…

ඒත් අන්තිමට

අපි ක්‍රිෂාන්තියි, අම්මවයි,

අනිත් දෙන්නවයි මැරුවා

කියලා තීරණය වුණා අයියේ. ඒ වරදට උසාවිය අපිට මරණ දඬුවම නියම කළා.

දැන් අපි

හිරගෙදරට ඇවිත් අවුරුදු එකොළහක්‌ විතර ගෙවිලා ගිහින්… අපේ පවුල්වල දහසක්‌ ප්‍රශ්න

අයියේ… සමහරු ලෙඩ වෙලා… අපේ අම්මල අපි ගැනම හිතලා මානසික ලෙඩ්ඩු වෙලා… මොකක්‌ද

අයියේ අපිට මේ වුණේ…

මෙතෙක්‌ වේලා

අයාසයන් දරමින් මා සමග දොඩමලුව සිටි ඔහුගේ දැස දිලිසෙමින් තිබේ. ඒ අවසන් වදන්

කිහිපය ඔහුගේ මුවින් ගිලිහී ගියේ සිහින් ඉකිබිඳුමක්‌ද මුසුව බව මට රහසක්‌ද නොවේ.

සෙසු මුහුණු

තුළද ඇත්තේ අද විඳවන විඳවිල්ල හමුවේ ජීවිතය කඩා වැටීමෙන් සිත් රිදුම් දෙන දුකම

පමණක්‌ බව කිවයුතුව තිබේ.

ඔව්. එදා

විරුවන් ලෙස රට වෙනුවෙන් ජීවිත කැපකර පෙරට ආ ඔවුහු අද මේ බිත්ති අතරේ ජීවිතය

විඳවමින් සිටිති. මෙය සිදුවිය යුක්‌තක්‌දැයි මම නොදනිමි.

මම මොහොතක්‌

ඔවුන් දෙස බලා සිටියෙමි. “මොකක්‌ද අයියේ අපිට මේ වුණේ… ඒ වදන් පෙළ යළි

යළිත් මට ඇසෙන්නාක්‌ මෙනි… වගකිවයුත්තනි අප ඊට දිය යුතු පිළිතුර කුමක්‌ද?

අපේ රණවිරුවන්

හය දෙනකුගේ ජීවිත හමුවේ ඔබට පිළිතුරු සෙවීමට ඒ පැනය ඉතිරි කරමින් මම මේ දුක්‌බර

කතාවට තිත තබමි.

මෙහි මුල්

කොටස ඉකුත් සතියේ පළවිය

සමන් ගමගේ

http://www.divaina.com/2011/06/19/feature03.html

ඔහු සිංහල ඇය

දෙමළ නිසා…

www.3mana.com was added by article

පිරිමි සමලිංගිකයො කියල ජාතියක් ලංකාවෙ ඉන්නවද?
කොන්ඩොම් කියලා කියන්න ලැජ්ජ වෙන්නේ ඇයි?

නීතියේ සමාන ආරක්ෂාව හා රැකවරණය සියලු දෙනාටම ලැබිය යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති තත්ත්වයක් යටතේ තමන්ට නීතිමය ගැටලුවක්

තු වූ විට නීතිමය සහාය ලබා ගැනීමේ අයිතිය සෑම දෙනෙකුටම හිමිවන බව ජනතාව දනී. ඒ එසේ වුවද සමාජයේ ජීවත්වන ආන්තික ජන කොටස්වලට නීති ආධාර ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. එසේ නොකළහොත් එම ආන්තික ජන කොටස් නීතිමය රැකවරණයෙන් ඉවතට වැටෙන බැවින් නීතියේ රැකවරණය සියලු දෙනාටම ලැබිය යුතුය යන මුලධර්මය බිඳවැටේ. ලිංගාශ්‍රිත රෝග සහ එච්.අයි.වී. පැතිරීම වැළැක්වීම සඳහා කොන්ඩොම් භාවිතයෙහි ඇති වැදගත්කම පිළිබඳව දැනුම,

ආකල්ප සහ කුසලතා සමාජයට ලබා දුන් පසු ඒ සමාජයේ චර්යාවේ වෙනසක් සිදු වී ප්‍රජාව කොන්ඩොම් පාවිච්චි කරනු ඇතැයි උපකල්පනය කළ හැකිය. නමුත් මෙම වැළැක්වීමේ වැඩපිළිවෙලේදී සමාජයෙ ආන්තික ප්‍රජාවන් මෙන්ම ලිංගාශ්‍රිත රෝග බෝවීමේ වැඩි අවදානමක් සහිත ප්‍රජාවන් වන ලිංගික ශ්‍රමිකයන් සහ පිරිමින් සමඟ

ලිංගික සංසර්ගයේ යෙදෙන පිරිමින් යන ප්‍රජාවන් දෙක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍ය වේ. නැත්නම් එම ප්‍රජාවන් අනතුරට හෙළමින් පැතිරෙන රෝග කාරක පෙරළා මුළු සමාජයෙහිම පැතිරී රෝග මර්දන වැඩසටහනේ අරමුණු පරාජය වනු ඇත.

නමුත් ප්‍රශ්නය වන්නේ ලංකාවේ පවතින නීතිමය රාමුව තුළ ගණිකා වෘත්තිය මෙන්ම පිරිමි සමලිංගිකත්වය ද නීති විරෝධී අපරාධ ගණයට වැටීමයි. ඒ හේතුව නිසා මේ ජන කොටස් දෙකෙහිම සාමාජිකයන්ට පුරවැසියන් වශයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් තම අයිතිවාසිකම් පිළිබඳව කතා කළ නොහැකි වන අතර ඔවුන් නිකංම නිකං මනුස්ස

ප්‍රාණීන් හෙවත් ‛නීතියට යටින් සිටින මිනිසුන්’ පිරිසක් බවට පත්වෙයි. එබැවින් එවැනි පිරිසක් අතර එච්.අයි.වී. හෝ වෙනත් ලිංගාශ්‍රිත රෝග වැළැක්වීමේ උපාය මාර්ගයකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් එම ප්‍රජාවන් සමඟ කටයුතු කරන ඔවුන්ගේම ප්‍රජා සංවිධාන සමඟ එක්ව මේ කටයුත්ත ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.

එවැනි උත්සාහයක් ඒඩ්ස්, ක්ෂයරෝගය සහ මැලේරියාව මර්දනය කිරීම සදහා වන ලෝක අරමුදලේ ආධාරයෙන් ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහනේත්, සිවිල් සමාජ සංවිධානයක් වන සර්වෝදය සංවිධානයේත් මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වී තිබී ඇති අතර ඒ සඳහා ‛ගමන් මගේ සහකරුවෝ’ යන ප්‍රජා පාදක සංවිධානය ද දායක වී තිබුණි. ගමන් මගේ සහකරුවෝ යනු පිරිමි සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කරන ලංකාවේ

පුරෝගාමී සංවිධානය වේ. ඒ අනුව ඔවුන් විසින් කර ඇත්තේ නීතියට යටින් ජීවත්වන පිරිමි සමලිංගිකයන්ට කොන්ඩොම් සහ ලිහිසිකාරක ජෙල් බෙදා දීම මගින් එච්.අයි.වී. ආසාදනයට ලක්නොවී වැළැකීමට ඔවුන්ට මගපෙන්වීමයි.

මේ පිළිබඳව ඊනියා ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාවක් ‛රිවිර’ පුවත්පතේ මාධ්‍යවේදියකු විසින් සිදුකිරීමත් ඒ පිළිබඳව ප්‍රධාන ප්‍රවෘත්තිය තුළ සහ කතුවැකිය මඟින් ප්‍රසිද්ධියක් ලබා දීමත් නිසා මෙම ක්‍රියාවලිය පිළිබඳව මහජන අවධානය යොමුවිය. ඇමරිකානු ඩොලර් මිලියන දොළහක අරමුදලක් පරිහරණය කරමින් මේ පිළිබඳව ක්‍රියාත්මක වන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සර්වෝදය සංවිධානය හෝ මේ පිළිබඳව ක්‍රියාකාරීව මාධ්‍ය මගින් මැදිහත්වී තමන්ගේ ප්‍රතිපත්තිය

වෙනුවෙන් පෙනී සිට ඒ පිළිබඳව මහජන මතයක් ඇති කිරීමට තිබූ අවස්ථාව පැහැර හරිමින් සිටී. ලිංගාශ්‍රිත රෝග වැළැක්වීමේ සහ සේවා සැපයීමේ සරල

කටයුත්තක් පවා කරගෙන යාමට අද රට තුළ පැතිරී පවතින අධිපති මතවාදය විසින් තවදුරටත් ඉඩ නොදෙන බවත්, ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් ආරක්ෂා

කිරීම සඳහා මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අන්තර්ජාතික ගිවිසුම් මඟින් බැඳී ඇති ආණ්ඩුව ඒ වෙනුවෙන් පෙනී නොසිටින අතර අධිපති මතවාදයේ ආරක්ෂකයා වශයෙන් පෙනී සිටිමින් අන්තවාදී බලවේග සනසා තම ඡන්ද ගොඩ රැක ගැනීමට කටයුතු කරන බවත්, ආණ්ඩුවත් සමඟ එකතු වී සේවා සැපයීමෙන් එහාට ගොස් තම ප්‍රජාව

නීතියට යටින් ජීවත් වන මිනිසුන් වශයෙන් නොව නීත්‍යනුකූල අයිතිවාසිකම් සහිත පුරවැසියන් වශයෙන් නගා සිටුවීම සඳහාත්, අන්තවාදී මතවාදයන් පරාජය කරනු සඳහාත් පොදු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම අරගලයට එක් වීම හැර වෙන පහසු මගක් නැති බවත් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්

පෙනී සිටින ෂර්මන් ඩි. රෝස් සහ ගමන් මගේ සහකරුවන් තේරුම් ගත යුතුය. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර වශයෙන් ලියැවුණු අපට සොයා ගත හැකිවූ එකම ලිපිය සැප්තැම්බර් 21 වනදා ‛ග්‍රවුන්ඩ් වීව්ස්’ වෙබ් අඩවියෙහි පළව තිබුණි. එහෙත් රිවිර විසින් ආරම්භ කළ සාකච්ඡාව සිංහල භාෂාවෙන් සිදුවූ බව නොතකා කිසිදු සංවාදයක්

සිංහලෙන් දියත් නොවුණි. එම පසුබිම තුළ ‛සමබිම’ ඉරිදා සංග්‍රහය මේ සාකච්ඡාවට මැදිහත්වීමට තීරණය කරන ලද අතර පුරෝගාමී මෙහෙවරක් ලෙස ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් අඩවියට හෑන්ස් බිලිමෝරියා යන නමින් ලියන ලද ලිපිය සිංහල බසින් නැවත සකසා පළ කිරීමට අපි තීරණය කළෙමු. මම මෙය ලියන මොහොතෙත් මා එක්ක වැඩ කරපු කට්ටියයි යාළු මිත්‍රයොයි පණ බයේ ජීවත් වෙන්නෙ.

ඇත්තම කියනව නම් පිරිමින් එක්ක ලිංගිකව හැසිරෙන පිරිමින්ට කොන්ඩොම් සහ ලිහිසිකාරක ජෙල් බෙදාදීම ගැනයි, ඒ ක්‍රියාවලියට සම්බන්ධවෙලා ඉන්න ප්‍රජා පාදක සංවිධානය   (මෙහිදී සඳහන් කරන්නේ ‛ගමන්මගේ සහකරුවෝ’ සංවිධානය ගැනයි – පරිවර්තක) ගැනයි පහුගිය සැප්තැම්බර් 10 වන සෙනසුරාදා ‛රිවිර’ පත්තරෙන්

හෙළිදරව් කරපු වෙලාවෙ ඉඳලා පිරිමි සමලිංගික ප්‍රජාව ඉන්නෙ ලොකු ආතතියකින්. සැප්තැම්බර් 10 වෙනි දා පළවූ විශේෂාංගයෙන් ඒ සංවිධානය නමින්ම හඳුන්වලා තියෙනවා විතරක් නෙවෙයි සංවිධානෙ ලිපිනයත් පළ කර තිබුණා. ඒ වගේම සංවිධානෙ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නෙ ද්විතියීක පාසලක් අසල බවත් ව්‍යාපෘති කාර්යාලය තියෙන්නෙ ප්‍රාථමික පාසලක් අසල බවත් භාවප්‍රකෝප කරවන සුළු ආකාරයෙන් පළ කරල තිබුණා. මිනිහෙක් පිරිමි සමලිංගිකයෙක් නම් ඔහු අනිවාර්යයෙන්ම ළමා අපයෝජකයෙක් වෙන්න ඕන කියන ළදරු චින්තනයෙන් යුතුව තමන්ගෙ පුත්තුන්ව බේරගන්න කියලා දෙමාපියන්ට අනතුරු හඟවා තිබුණා.

ප්‍රජා පාදක සංවිධානය ඉලක්ක කරගැනීමට අමතරව මේ සංවිධානෙට තම එච්.අයි.වී. වැළැක්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අරමුදල් සපයපු ‛ඒඩ්ස්,  බකියුලෝසිස් සහ මැලේරියා සඳහා වන ලෝක අරමුදල’ (GFATM) පිළිබඳවත් ප්‍රශ්න මතු කර තිබුණා. පිටරටින් ලැබෙන අරමුදල් හැම අවස්ථාවකදීම අපේ රටේ සංස්කෘතික හා

සාම්ප්‍රදායික සම්මතයන් බිඳින්න අපිට බලපෑම් කරනවය කියන උපකල්පනයට පැමිණීම ඉතාම දිළිඳු මාධ්‍ය භාවිතාවක් බව නිසැකවම කිව යුතුයි. ඒවගේම හරියට කරුණු නොදැන ලංකාවේ එච්.අයි.වී. පැතිරීම වැළැක්වීම සඳහා ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 12 ක ආධාර මුදල ලබාගෙන ඒඩ්ස් වෛරසය ආසාදනය වීමේ වැඩිම අවදානමක් සහිත ජන කොටස් සමඟ වැඩ කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොටසක් වන ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහනටයි සර්වෝදයටයි

එල්ල කරපු චෝදනාද එවැනිම දිළිඳු මාධ්‍යවේදයකට උදාහරණයක්. භාවප්‍රකෝප කරන ප්‍රබන්ධ පළ කරල පත්තරේ අලෙවිය වැඩිකර ගන්න කරන මාධ්‍ය කලාව වෙනුවට කරුණු සොයා බලල වාර්තා කරන ජනමාධ්‍යවේදයක් තිබුණ නම් ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහන (NSACP), සර්වෝදය හෝ ලෝක අරමුදලේ බියජනක ‛විදේශ හස්තය’ සතුව ලංකාවේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන සැඟවුණු න්‍යාය පත්‍රයක් නැති බව පැහැදිලිව වැටහේවි. එසේම සේවා ලබාගැනීමට පැමිණි

පිරිමි සමලිංගිකයෙක් මෙන් වෙස්වලාගත් රිවිර පත්තරේ ගවේෂණාත්මක මාධ්‍යවේදියා කුමක් වාර්තා කළත් මෙම ප්‍රජා පාදක සංවිධානෙටත් සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන න්‍යාය පත්‍රයක්නැහැ. ඔහු චෝදනා කරන ආකාරයට මෙම සංවිධානයේ වැඩකරපු සේවකයන් ඔහුට වෙනත් සමලිංගික පිරිමියෙක්ව යාළු කරදීමට උත්සාහ කර තිබෙනවා. සමහරවිට මෙම පත්තරකාරයා දිහා බැලුවම එයා දුකෙන් සහ පාළුවෙන් ඉන්න බව පෙනුණු නිසා අපේ රටේ සමලිංගිකත්වය ගැන තියෙන නිශේධනාත්මක ආකල්පය නිසා නිහඬව වේදනා විදින තවත් පිරිමි සමලිංගිකයන් සිටින බව දැනුවත් කරමින් එම සේවකයො ඔහුව සනසවන්න උත්සාහ කළා වෙන්න පුළුවන්.

කේ.වයි. කියන්නෙ 1904 සිට සාමාන්‍ය ලිහිසිකාරකයක් හැටියට යොදා ගන්නා ජෙල් වර්ගයක්. එය ජලය මත පදනම් වූ ලිහිසිකාරකයක්. එය තෙල් මත පදනම් වුණු ලිහිසිකාරක වන බේබි ඔයිල් වගේ ලේටෙක්ස් කොන්ඩොම් එක්ක ප්‍රතික්‍රියා කරන්නෙ නැහැ. තෙල් මත පදනම් වූ ලිහිසිකාරක නිසා කොන්ඩොම් එක කැඩෙන්න හරි පැලෙන්න හරි ඉඩ තිබෙනවා. තද ගුද මාර්ගයකුයි, කොන්ඩොම් එකක් දාපු ශිෂ්ණයකුයි ගැන පරිකල්පනය කළොත් සාමාන්‍ය දැනුම තියෙන ඕනම කෙනෙකුට වැටහෙනව

ලිහිසිකාරකයක් අවශ්‍ය බව. සාමාන්‍යයෙන් මෙතනදි යොදා ගැනෙන්නෙ බේබි ඔයිල් හරි ඔලිව් ඔයිල් හරි වගේ ගෙදර තියෙන ලිහිසිකාරකයක්. ඝර්ෂණය වැඩිවෙනකොට කොන්ඩොම් එක ඉරිල යනවා. නමුත් කේ.වයි. හරි වෙනත් එවැනි ජලය මත පදනම් වූ ලිහිසිකාරකයක් යෙදීමෙන් කොන්ඩොමය ආරක්ෂා වෙනවා. එම නිසා කොන්ඩොම් එක සුරක්ෂිතව තියෙන නිසා ශුක්‍ර තරලයේ හෝ ලේවල හෝ තියෙන්න පුළුවන් එච්.අයි.වී. වෛරසයන්ගෙන් පිරිමි සමලිංගික ජෝඩුව ආරක්ෂා වෙනව. ලංකාවෙ පිරිමි සමලිංගිකයන්ට කොන්ඩොම් එක්ක ජලය මත පදනම් වූ ලිහිසිකාරක ජෙල් බෙදාදීම පිටුපස තියෙන තර්කය එයයි.

එච්.අයි.වී. වැළැක්වීමේ මේ සරල විද්‍යාව පදනම් වී තිබෙන්නේ මිනිස්සු ගුද සංසර්ගයේ යෙදෙනවාය කියන උපකල්පනය මතයි. ජලය මත පදනම් වෙච්ච ලිහිසිකාරක ජෙලියි, කොන්ඩොමුයි බෙදීම පිරිමි සමලිංගිකයන්ට වැඩි වැඩියෙන් ගුද සංසර්ගයේ යෙදෙන්න උල්පන්දන් දීමක් නෙමෙයිද? එයින් එච්.අයි.වී. වළක්වන්නෙ කොහොමද?

කළ යුත්තේ ගුද සංසර්ගය නවත්තන්න කටයුතු කරන එක නෙවෙයිද? ආදී ප්‍රශ්න සමහරු අහනවා. එවැනි තවත් අදහසක් තමයි ගුද සංසර්ගයෙ යෙදෙන්නෙ පිරිමි මලිංගිකයන් විතරයි, විෂම ලිංගික ජෝඩු කරන්නෙ යෝනි සංසර්ගයේ යෙදෙන එක විතරයි කියන එක. ඉස්සර මේ එච්.අයි.වී. වෛරසයට කිව්වෙ පිරිමි සමලිංගිකයන් ආශ්‍රිත ප්‍රතිශක්ති ඌනතාවය (GRID) කියලයි. බොහෝ දෙනා හිතුවෙ මේක හැදෙන්නෙ පිරිමි සමලිංගිකයන්ට විතරයි කියල. ඇත්තටම එච්.අයි.වී. ආසාදනය වළක්වන්න නම් ලිංගික චර්යාවන්ට ආමන්ත්‍රණය කරන්න සිදු වෙන බව එච්.අයි.වී. ගැන දැනගත්ත කාලෙ පටන්ම අවබෝධ කරගෙන හිටිය කාරණයක්.රිවිර තමන්ගෙ

ලිපිය තුළින් දිගින් දිගටම ‛මේක නීති විරෝධියි නේද? දණ්ඩ නීති සංග්‍රහයෙ 365 (අ) යටතේ මෙය නීතියෙන් තහනම් වුණ රටක පිරිමි සමලිංගිකයො

සෙක්ස් කරන්නෙ කොහොමද? ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහනත්, සර්වෝදයත්, ගෝලීය අරමුදල

සමඟ එකතු වී නීතිය කඩනවා නේද?’ යනුවෙන් චෝදනා නැගුවා.

සැප්තැම්බර් 10 වෙනිදා රිවිර විශේෂාංගය පළවුණාට පස්සෙ ලෝක අරමුදලේ 9 වන වටයේ යෝජනාවට සම්බන්ධ අය මාධ්‍ය හමුවක් පවත්වලා මේ චෝදනාවලට පිළිතුරු දුන්නා. මේ වසංගතය පහළ මට්ටමක තබා ගැනීමෙන් රටක් වශයෙන් සාර්ථක වෙන්න නම් අපරාධකාරී ගණයට දමා තිබෙන ප්‍රජාවන් ද ඒ ක්‍රියාවලියට ඇතුළත් කරගත යුතු බව අවධාරණය කරමින්, මේ මැදිහත්වීමට පක්ෂව මහජන සෞඛ්‍ය පිළිබඳ දෘෂ්ටිකෝණයකින් තර්ක කරනු ලැබුවා. ඊළඟ සති අන්තයේ ‛රිවිර’ ප්‍රතිචාර දැක්වුවා. එමගින් ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහන, සර්වෝදය සහ ලෝක අරමුදල කියන ආයතන තුනම ලංකාවෙ නීතිය කඩනවාය, බටහිර රටවල ආදර්ශ අප මත පටවන්න කටයුතු කරනවාය සහ ප්‍රජාව සමග එකතුවෙලා එච්.අයි.වී. වළක්වන්න කටයුතු කරන වර්තමාන ප්‍රවේශය වැරදිය කියල ඔවුන් කියා සිටියා. එච්.අයි.වී. වළක්වන්නයි, සමලිංගික පිරිමින් සමලිංගිකයන් වීම නවත්වන්නයි කළ යුත්තේ කොන්ඩොම් සහ ලිහිසිකාරක බෙදන එක නෙවෙයි ඔවුන්ව මානසික උපදේශනයට යොමු කිරීම කියලත්

ඔවුන් කියන්න වුණා. ඔව්, සමලිංගිකයෙක් වෙනව කියන්නෙ තෝරාගැනීමක්. ඉතින් කරන්න තියෙන්නෙ සමලිංගිකයෙක් නොවී ඉන්න තෝරාගැනීමයි! එහෙමයි ‛රිවිර’ කියන්නෙ. ඒ වගේම එච්.අයි.වී. ගැන බෞද්ධ සහ ක්‍රිස්තියානි පූජකවරුන්ගේ, නීති විශාරදයන්ගෙ සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ අදහස් ද රිවිර තමන්ගෙ ලිපියට ඇතුළත් කර තිබුණා. වගකීම් විරහිත ආකාරයට කොන්ඩොම් සහ ලිහිසිකාරක බෙදා හැරීම ගැන පරීක්ෂණයක් තියන්න කියල ජනාධිපති නියම කළා කියල ඊට පසු සතියේ රිවිර පත්තරේ තවත් වාර්තාවක් පළ කර තිබුණා. ඒ නිසා ‛රිවිර‛ පැහැදිලිවම හිතනවා තමන්ගෙ ගවේෂණාත්මක මාධ්‍යකරණයෙන් තමන් බලාපොරොත්තු වූ බලපෑම ඇතිවුණාය කියල. සාපේක්ෂව බැලුවම වැඩි ප්‍රසිද්ධියක් නැති මේ පත්තරෙන් ඇත්තටම සාර්ථකව කරල තියෙන්නෙ එච්.අයි.වී.වලින් බේරිලා ඉන්න තමන් විසින් හැකි තරම් උත්සාහ කරන ප්‍රජාවක් හොඳටම බය කිරීමයි. තමන්ව හෙළා දකින සහ තමන්ව අපරාධකරුවන් ලෙස හඳුනාගන්න සමාජයක වැඩ කරනවා

කියන්නෙ මොකක්ද කියන එක ඔවුන් හඳුනගෙනයි හිටියේ. නමුත් බහුපාර්ශ්වික ආයතනවලයි, ආණ්ඩුවෙ ජාතික ලිංගාශ්‍රිත රෝග/ ඒඩ්ස් පාලන වැඩසටහනෙයි, සිවිල්

සමාජයෙයි ඉල්ලීම මත තමන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම වෙනුවෙන් සටන් කරන්න ඔවුන් නැවත එකතු වුණා. මේ හෙළිදරව් කිරීමයි අඛණ්ඩ මාධ්‍ය ආවරණයයි නිසා සමහර කුඩා කණ්ඩායම් දැනටමත් වැඩ නවත්වලා. තමන්ගෙ ආණ්ඩුව සහ සිවිල් සමාජය විසින් යොදාගෙන තියෙන එච්.අයි.වී. වැළැක්වීමේ උපායමාර්ග ගැන ජනාධිපති විසින් පරීක්ෂණයක් කරන එක අපි අගය කරනව. එච්.අයි.වී. වැළැක්වීමේ උපායමාර්ග සම්බන්ධයෙන් ඉහළ පෙළේ ප්‍රතිපත්ති සම්පාදකයන් සම්බන්ධ කරගන්න කරන

උත්සාහයේ අඩුවක් පැහැදිලිවම පේන්න තියෙනව. සමහරවිට අපි වගේම සාම්ප්‍රදායික සංස්කෘතික සම්මතයන් තියෙන වෙනත් රටවල් විසින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත් මහජන සෞඛ්‍ය ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා කරන්න මේ පරීක්ෂණය ඵලදායී ආරම්භයක් වෙන්න පුළුවන්. මේ කලාපයේ ඉන්දියාව සහ මලයාසියාව වැනි රටවල් සමලිංගිකත්වය නීතිවිරෝධී බවට පත් කරපු අපි තවමත් බදාගෙන ඉන්න යටත්විජිත නීති ඉවත් කරන්න කටයුතු කරල තියෙනව. ප්‍රතිපත්ති රාමුවක් නැත්නම්, අඩු ගාණෙ ඒ වගේ දෙයක් ගැන සාකච්ඡාවක් හරි විවාදයක් හරි ඇතිවෙනව කියල පේන්න නැත්නම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ අනතුරට මුහුණපා සිටින ප්‍රජාව වෙනුවෙන්

උපකාරක මධ්‍යස්ථාන පිහිටුවීමත් ඇතුළත් එච්.අයි.වී. වැළැක්වීමේ වැඩපිළිවෙළක් සඳහා ඩොලර් මිලියන දොළහක් ගෙන්වා ගැනීමට ආණ්ඩුව, සිවිල් සමාජය සහ ආධාර ප්‍රදානය කරන ආයතන ක්‍රියා කිරීම වගකීම් විරහිත ක්‍රියාවක් කියල. එහෙම කියන්නෙ මේකයි. මේ හැමදේකින්ම වේදනා විදින්නේ මේ ප්‍රජාවයි. අපරාධකරුවන් හැටියට හංවඩු ගැහෙන්නේ මේ ප්‍රජාවයි. දැන් බයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ මේ ප්‍රජාවටයි. හෑන්ස් බිලිමෝරියා විසින් සැප්තැම්බර් 21 දා ‛ග්‍රවුන්ඩ් වීව්ස්’ වෙබ් අඩවියට ලියන ලද ලිපියක් ඇසුරෙනි.

ආඩම්බරකාර තාත්තාගේ අනාථ දරුවෝ
පසුගිය දවසක ළමා නිවාසයක ඇතිවූ ගින්නකින් එම ළමා නිවාසයේ සිටි දරුවකු මරණයට පත්වීම සම්බන්ධයෙන් පුවතක් අපට වාර්ථා විය. එමෙන්ම වැලිකඩ  න්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් පැවැත්වූ මත්පැන් සාදයක් පිළිබදව ද අපට තොරතුරු අසන්නට ලැබුනි. ළමා නිවාස හා බන්ධනාගාර සම්බන්ධයෙන් අසන්නට ලැබුනු තවත් ප්‍රවෘත්තියක් මෙපරිදි විය.

රජය වර්තමානය වන විට සිරකරුවකුට දිනකට රුපියල් 333 ක් වියදම් කරද්දී ළමා නිවාසවල සිටින එක් ළමයෙකුට වැයකරනු ලබන්නේ රුපියල් 20 ක් බව වාර්තා වේ.

මසකට රුපියල් 10,000 ක් සිරකරුවෙකු වෙනුවෙන් වැය කරන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව් කොඩිප්පිලි මහතා ස්ථිර කළේය.

එසේම පරිවාස හා ළමා රක්‍ෂණ අධිකාරියේ සේවා දෙපාර්තමෙන්තුවේ ළමා හිමිකම් වර්ධන නිලධාරී රසිකා ජයතුංග මහත්මිය ප‍්‍රකාශ කළේ ළමා නිවාසයක දරුවෙකු වෙනුවෙන් පළාත් පරිවාස දෙපාර්තමේන්තුව ළමයෙකු වෙනුවෙන් මසකට වැය කරන්නේ රුපියල් 600 ක් තරම් ඉතා සුළු මුදලක් බවයි.

මේ අතර, මෙරට ළමා නිවාස අතුරින් ලියාපදිංචි නොවූ ළමා නිවාස 65ක් ඇති බවට හෙළිවී ඇති බව පරිවාස හා ළමා රක්ෂක සේවා කොමසාරිස් සරත් අභයගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

එවැනි ළමා නිවාස ලියාපදිංචි කරන ලෙස හෝ වසා දමන ලෙසට තමා පළාත් පරිවාස කොමසාරිස්වරුන්ට උපදෙස් දී ඇති බවත් ඔහු පැවසීය. මේ තොරතුරු හොදින් නිරීක්ෂණය කර බලන විට අපට අවබෝධ වන පැහැදිලි සත්‍යයක් වන්නේ ලංකාවේ පවත්න්නේ සියල්ල උඩුයටිකුරු වීමේ විකාරරූපී වුණ සමාජයක් බව නොවෙද? සිර ගෙවල් නැතිනම් බන්ධනාගාර පුනරුත්තාපන මධ්‍යස්ථාන බවට පත් කරන්නට තමන් අපේක්ෂා කරණ බව ජනාධිපතිතුමා ලගදී දවසක කීවා අපට මතකය. ඒ අනුව දැනට තිබෙන හිර ගෙවල් ලගදීම දවසක් පුනරුත්තාපන මධ්‍යස්ථාන බවට පත්වනු ඇත. එනමි සියලු බන්ධනාගාර වල බෝඩ් ලෑලි පුනරුත්තාපන මධ්‍යස්ථාන බවට වෙනස් කරන්නට ලොකු උත්සවයක් පවත්වා ජනාධිපතිතුමා එහි ප්‍රධාන ආරාධිතයා බවට පත්වනු ඇත. පසුව යළිත් නමින් පුනරුත්තාපන මධ්‍යස්ථාන තුල සුපුරුදු පරිදි පැරණි අපචාර ක්‍රියාවන් දිගටම සිදුවනු ඇත. මෙයත් හරියටම ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්ය බවට පත්වන කථාවට සමාන කතාවක් නැත්නම් නැවි එන්නේ නැති

හම්බන්තොට වරායක් ක්‍රිකට් නොගහන සූරිය වැව ක්‍රීඩාංගණයක් බවට පත්වනු ඇත. සමාන්‍යයෙන් නීතියේ මුලික නියමයන්ට අනුව යම් වරදකට යම් අයෙකුට දඩුවම් පමුණවනු ලබන්නේ අරමුණ්ු කිහිපයක් ඉටුකර ගැනිමේ චේතනාවෙනි. කළ වරදට විපාක විදවීමට අවස්ථාවක් ලබා දීම,සමාජ සංස්තතිය යහපත්ව පවත්වා ගෙන යන්නට බාධා පමුණුවන දරුණු ගණයේ අපරාධකරුවන් සමාජයෙන් වෙන්කොට තැබීම, සමාජයේ වෙසෙන අන්අයට ආදර්ශයක් ලබාදීම යන කාරණා දඩුවම් ලබාදීමේ ද්විතියික කාරණා වශයෙන් අපට සලකන්නට පුලුවන. නමුත් යම් පුද්ගලයෙකු බන්ධනාගාර ගත කිරීමේ මූලිකම අරමුණ වන්නේ යළි යහපත් පුරවැසියෙකු වශයෙන් සමාන්‍ය සමාජය හා සම්මිශ්‍රණය කලහැකි මට්ටමට පුනරුත්තාපනය කිරීමයි. කොටින්ම මේ පුනරුත්තාපනය හරහා වරදකරුවන්ගේ චරිතශෝධනයට ලක් කිරීම කල යුතුය. ජනාධිපතිතුමාට ඇත්තටම බන්ධනාගාර පුනරුත්තාපන මධ්‍යස්ථාන බවට පත් කරන්නට අවශ්‍ය නම් කරන්නට ඇත්තේ හරිම සරල වැඩකි. බන්ධනාගාරතුල සිරකරුවන්ට ප්‍රථමයෙන්

බන්ධනාගාරතුල සිටින නිළධාරීන් පුනරුත්තාපනය කිරීම කළ යුතුය. ඉන් අනතුරුව දැඩිව දේශපාලනීකරනයට නතුව තිබෙන අධිකරණ පද්දතිය ඉන් මුදවා ගත යුතුය. පසුව මේ රටේ විහිලුවක් බවට පත්ව තිබෙන නීතිය හා ආධිපත්‍ය යළි ස්ථාපිත කරනු ලබන්නේ නම් නිකම්ම බන්ධනාගාර පුනරුත්තාපන මධ්‍යස්ථාන බවට පත් කරන්නට හැකිය. නමුත් පැහැදිලිවම නරුමවාදය සමාජ භාවිතාව බවට පත්ව තිබෙන රටක ජනාධිපතිරයාගේ සිට පහළම පුද්ගලයා දක්වාම වන්නේ කුමක් දැයි දන්නා නමුදු නොදන්නවා සේ ඉන්නට පුරුදු වී තිබෙන නිසා සැවොම කටට එන මොකක් හෝ ඒ වෙලාවට කියා ශේප් වන්නට පුරුදුව සිටියි. මේ රට දකුණු ආසියාවේ ආශ්චර්ය වන්නේ නැති බව ආණ්ඩුපක්ෂයත් දන්නවා සේම ජනතාවත් මෙය හොදින් දනී. නමුත් සැවොම එය නොදන්නවාසේ හිදිමින් ආශ්චර්යයේ නාමයෙන් පුංච් පුංච් ආතල් ගනිමින් සිටියි.

මෙයට සමගාමීව ළමා නිවාස වල දරුවන් අන්ත දුක් විදින බව මේ රටේ ආඩම්බරකාර තාත්තාගේ සිට සැවොම දනී. ළමා නිවාස වල දරුවන් විවිධාකාරයෙන්  පයෝජනයනට ලකවන බව ප්‍රසිද්ධ රහසකි. මේ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී අවසන්ය. ඔවුන්ගේ ළමා කාලය ඔවුනට අහිමි කර අවසන්ය. ළමා නිවාස යනු නිළ මට්ටම්න් ළමා ගණිකාවන් සපයන ආයතන බවට පත්කර අවසන්ය. මේ අප කියන හැම දෙයක්ම නොදන්නා කෙනෙකු මේ රටේ හොයා ගන්නට අමාරුය. හැවොම දන්නා මේ දේවල් දිගින් දිගටම මේ ආකාරයෙන්ම අනවරතව සිදු වන්නේ ඇයි? මේ සියල්ල මෙහෙම වන බව දැන දැනම දැයේ ආඩම්බරකාර තාත්තා ජනමාධ්‍ය සංදර්ශණ පවත්වමින් දරුවන් ඉබිති.සොටු පෙරාගෙන අඩන දරුවන් බදා ගනී. ඒ තාත්තා පළමු පුර වැසියා වූ මේ රටේම තවත් තැනක ළමා නිවාස තුල අහිංසක දරුවන් අපයෝජනයට ලක්වේ.

මේ සියල්ල මෙහෙම සිදු වන්නේ මේ රටේ නිවරදි දේශපාලන ව්‍යාපාරයක් නොමැති කමිනි. අංගවිකල ධනවාදයක් තුල දේශපාලන කොටලුවන් තටිටු මාරු ක්‍රමයට බලයට පත්ව මුලු රටම විනාශ කරදමති. ජනතාව හෙවත් බුද්ධිමත් ඡන්දදායකයා කිරි පුස්සාට පසු පැගිරාවත් පැගිරාට පසු ආයෙමත් කිරි පුස්සාවත් දේශපාලන සෙක්කුවේ බදිමින් බකන් නිලාගෙන සිටිති. මෙහෙව් රටක් වෙනස් කිරීම ලෙහෙසි සෙල්ලමක් යැයි යමෙකු සිතනවා නම් එක්කො ඔහුට අමුකැවිලා විය යුතුය. දේශපාලනය යනු ඡන්දය ඉල්ලීම පාරවල් හැදීම පන්සල් වලට සල්ලි බෙදීම වාචාල කතා කීම වැනි සරල කාරණා වලට ලඝු කරන්නට පුලුවන් නම් දැනටමත් ඒ සදහා ඕනෑවටත් වඩා උදවිය මේ රටේ සිටිති. නමුත් දේශපාලනය යනු පවතින සමාජ ක්‍රමයට වඩා යහපත් සමාජයක් ගොඩ නැගීම උදෙසා කැප වීම යනුවෙන් කල්පනා කරණ විට එය සිතන තරම් පහසු නැති බව අප දන්නා නිසා දේශපාලන රේස් දුවන්නට අව්‍යශ්‍ය නැත. වෙනත් රටක් නොව වෙනස් රටක් උදෙසා දේශපාලනය කිරීමේ දී ඉවසීම ප්‍රගුණ කිරීම පළමු ව්‍යයාමයයි. මේ නිසා අනාථ නිවාස වල දරුවන් වෙනුනේ වියදම් කරණ මුදල සිරකරුවකුට වියදම් කරණ මුදලට වඩා අඩු යියි පැවසීමෙන් පෙන්වන්නට හදන යථාර්තයට වඩා වැදගත් වන්නේ මනුෂ්‍යයන් වූ සිරකරුවන් සේම දරුවන් වූ අනාතයන් ද රකින්නට හැකි සැබෑ වෙනසක් ඇති කිරීමය. එය කරුණා රජ ගෙදර ජෙනරාල් හිර ගෙදර යැයි පවසන ලාබ දේශපාලන සටන් පාඨ හරහා හෝ දකුණු ආසියාවේ ආශ්චර්ය මගින් හෝ කරන්නට නොහැකි බව පැහැදිලිය.

නූතන රෝඩ් රනර් හෙවත් සිංහල ජාතිවාදය
රෝඩ් රනර් නම් වු ජනප්‍රිය ඉංග්‍රීසි කාටුනය තුල සිදුවන පොදු යථාර්තය වන්නේ රෝඩ් රනර් නම් වන කුකුලාව අල්ලා ගැනීමට නරියා විවිධ උපක්‍රම යෙදීම හා ඒ සියලු උපක්‍රමයන් වලින් අවසානයේ නරියාට පරාජය අත්වීමයි. මේ නිසා මේ නරියාගේ සමස්ත ජීවිත කාලයම ව්‍යුහගත වන්නේ කුකුලා අල්ලා ගැනීමේ සංග්‍රාමය උදෙසාය. නරියාට කිසි විටෙකත් මේ කුකුලා පරාජය කරන්නට නොහැකිවීම නිසා මෙය නරඹන ප්‍රේක්ෂකයා මේ හරහා ලබන විනෝදය මෙම කාටුනය ජනප්‍රිය වන්නට ප්‍රබල ලෙසින් බලපානු ලැබ තිබේ. නරියාගේ ආශාව කිසිවිටෙකත් සංතෘප්ත නොවන නිසා නරියා සේම ප්‍රෙක්ෂකයාත් මේ තමන්ට හිමිකර ගත නොහැකි වස්තුව හිමිකර ගන්නට විවිධ උපක්‍රම කල්පනා කරනු දක්නට ලැබේ. මේ මුලු කථා මාලාව පුරාම දිවෙන යථාර්තය වන්නේ තමන්ට හිමිකර ගත නොහැකි වස්තුවක් පසුපස හඹා යාමෙන් යමෙකු විදින විනෝදය යමෙකුගේ ජීවත් වීමේ හේතුව බවට ඌනනය වීමයි.

මෙම කථා මාලාවට අනුව නරියාට කුකුලාව කිසි දිනෙක අල්ලා ගන්නට අවකාශයක් නොමැත. නමුත් මෙයට වඩා වෙනස් ආකාරයෙන් මෙම රෝඩ් රනර් කාටුනය ප්‍රතිනිරිමාණය කළ වීඩියෝ පටයක් නරබන්නට මට අවස්ථාවක් උදා විය.

මේ කථාව අනුව එක්තරා නිශ්චිත මොහොතකට පසු නරියා විසින් කුකුලාව අල්ලා ගනු ලබන අතර නරියා විසින් කුකුලාව මරා අනුභව කරණු ලබයි. මේ මොහොතේ නරියා ලබන සතුට ඔහු ජීවිත කාලයක් ලබා ගන්නට අපේක්ෂාවෙන් සිටි සතුට වන බැවින් නරියාට තමන් පරිපූර්ණත්වයට පත් වූ බව හැගෙයි. මෙසේ කුකුලා නොමැතිව ගෙවන පළමු දිනය තුල උපරිම පරිපූණ හැගීමකින් නිදහසේ ජීවත්වන නරියා දෙවන දිනය වන විට යළි විශාල අවුලකට පත්වෙයි. වෙනදාට නිශ්චිතව කරන්නට වැඩක් තිබුන නරියාට දැන් කරන්නට දෙයක් නොමැත. තුන වන දිනය වන විට මේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙන අතර හතරවන පස්වන දිනයන් වන විට තමන් ජීවත් වූයේ කුකුලා අල්ලා ගැනීමට බව නරියාට වැටහෙයි. කුකුලා නොමැති ලෝකයක නරියා කුමක් කරන්නද? අවසානයේ නරියා සියදිවි නසා ගනී.

වසර 2009 මැයි මස 19 වන දින ලංකාවේ වසර තිහකට ආසන්න කාලයක් පැවති ජනවාර්ගික යුද්ධය සිංහල ජාතිය විස්වාස කළ පරිදි ඔවුන් ආශාකල පරිදිම ප්‍රභාකරන් ඇතුලු සියලු කොටි සාමාජිකයන් ඝාතනයට ලක් කරමින් නිමාවට පත්විය. අතීතයේ තමන් විදි විනෝදය පැහැර ගත්තා යැයි සිංහල සමාජය විස්වාස කළ ප්‍රභාකරන් නමි පොදු සතුරා විනාශ කිරීමේ ප්‍රීතිය සමරන්නට හන්දිගානේ කිරිබත් කන්නටත් රතිඥ්ඥා පත්තු කරන්නටත් ජනතාව පෙළබුනහ. තමන් මෙතෙක් නොවිදි උපරිම විනෝදය ජනතාව මේ ආකාරයට සංතෘප්ත කර ගන්නට උත්සහා කලෝය. මේ යුද්ධයට දෙඅතම ඔසවා එකගත්වය පලකළ අය අතර ප්‍රමුඛස්ථානයේ වැජබුනේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන ජීවිතය කැපකර සිටියේ ප්‍රභාකරන් නම් පොදු සතුරා විනාශ කිරීමේ මෙහෙයුම උදෙසායි. ඒ සදහා ඔවුහූ පොදු පෙරමුණ සමග සන්ධාන ගැසුවෝය. ගුණදාස අමරසේකරලා සමග මුරගල් ගැසුවෝය. බැරිම තැන මහින්ද රාජපක්ෂ බලයට පත් කරන්නට කටයුතු කලෝය. අවසානයේ ජීවිත කාලයක් ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂාවෙන් සිටි ඒ අසිරිමත් මොහොත නන්දිකඩාල් කලපුවේදී උදා  විය. ප්‍රභාකරන්ගේ මළකඳ මැජික් ප්‍රදර්ශණයක් සේ ජාතික රූපවාහිනියෙන් ප්‍රදර්ශණය කරද්දී ජනතා විමුක්ති පෙරමුණ සිය ජාතිවාදි සංසර්ගයෙන් සුරතාන්තයට පත්විය.

ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දෙන්නේ රෝඩ් රනර් හී නරියා මුහුණ දෙන අකර තැබ්බයටමය. කොටි සංවිධානය නොමැති කළ ජනතා විමක්ති පෙරමුණ කුමක් කරන්නද? අනතුරුව ඔවුහූ අපි ශ්‍රී ලාංකිකයෝ යැයි සංවිධානයක් නිර්මාණය කර ගනිමින් තමන්ට අහිමි වුණ විනෝදය යළි සොයා ගැනීමේ අසාර්ථක උත්සහයක නිරත වූහ. අතුරුදන් වූවන්ගේ මාපිය සංවිධාන පිහිටුවූවෝය. සහෝදරත්වයේ දිනයන් සැමරූහ. අවසානයේ යාපනය කිලිනොචිචිය බද්දට ගනිමින් එහි පදිංචි වූහ. දෙමලුන් සමගින් සෙල්ලම් කලෝය. එකට තෝසේ කෑවෝය. මුලතිව් වල බඩපිනුම් ගැසුවෝය. මේ කුමක් කළත් ප්‍රභාකරන් නොමැති ලෝකයේ තමන්ගේ ආශාව උපරිමයෙන් සංතෘප්ත කර ගන්නා ආකාරයක් ඔවුනට සොයා ගන්නට නොහැකි වී තිබෙන බව පැහැදිලිය.

මේ අර්බුදයට මුහුණ දුන් අනෙක් පාර්ශවය වන්නේ ජාතික හෙළ උරුමයයි. ප්‍රභාකරන් නොමැති ලෝකයක කරන්නට වැඩක් නැති කළ ඔවුන් ආසනික් මාරයා සිය පොදු හතුරා බවට පත්කර ගන්නට උත්සහා කලෝය. මහාචාර්ය නලින්ද සිල්වාටත් මේ ප්‍රභාකරන් නම් පොදු හතුරා නොමැති ලෝකයක නරියාට අත්වු ඉරණමට සමාන ඉරණමක් අදවන විට අත්ව තිබෙන බව දක්නට ලැබේ. සිය ආශාවේ වස්තුව අනුභව කිරීමෙන් අනතුරු නරියාට අවසානයේ සුදුවූයේ සියදිවි නසා ගන්නටය. ප්‍රභාකරන් නමි තම විනොදා්යේ වස්තුව බවට පත්ව සිටි පොදු සතුරා මරා දැමීමේ තත්වයක් තුල ජනතා විමුක්ති පෙරමුණට හෙළ උරුමයට නලින්ද සිල්වා ඇතුලු බෝහෝ සිංහල ජාතීවාදීන්ට හෙට දිනයේ කුමන ඉරණමක් අත්වෙිදැයි අප නොදනිමු. නමතු ඒ ඉරණම රෝඩ් රනර් නරියාට අත්වූ ඉරණමට සමාන ඉරණමක් වුවද ඒ තරම් පුදුම වන්නට හේතුවක් නොමැත.

සතුටු වෙයල්ලා ග්රීපස් යකා මිය ගිහින්
මේ දිනවල රටේ වඩාත් කථාබහට ලක්වූ මාතෘකා අතර ග්‍රීස් යකාට හිමි වන්නේ ප්‍රබල ස්ථානයකි. රත්නපුර කහවත්ත ප්‍රදේශයේ වයස් ගත කාන්තාවන් අභිරහස් ලෙස ඝාතනය කිරීමෙන් කරළියට පැමිණි ග්‍රීස්යකා භූමිකාව අද වන විට රටේ සෑම අස්සක් මුල්ලකම කථා කරණ ප්‍රධානතම මාතෘකාව බවට පත්ව ඇත. කහවත්තේ ඝාතනයන් යනු එකිනෙකට සම්බන්ධයක් නැති හුදකලා ඝාතනයන් බව සාක්ෂි මගින් තහවුරු වුවද ජනතාව කීවේ මේ සියලු ඝාතන අද්භූත බලවෙිග හෝ ග්‍රීස් යකා නමින් සිදු කරනු ලබන සංවිධානාත්මක අපරාධයන් වන බවය. මේ නිසාම තරුණයන් දෙදෙනෙකුට අකාලයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවන්ට සුදුවූ බවටද වාර්ථා විය. මේ ග්‍රීස් යකා සම්බන්ධයෙන් කරළියේ මතු වූ විවිධ කතිකාවන් අතරින් කිහිපයකි.

හපුතලේ ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසක් විසින් ග්‍රීස් යකුන් යැයි සක කළ පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීම හේතුවෙන් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව වාර්තාවේ.

හපුතලේ තොටලාගල වතුයායේදී මෙම සිදුවීම සිදුව තිබේ. කම්කරුවන් ප්‍රචණ්ඩකාරීව හැසිරීම හේතුවෙන් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ටද ඔවුන් පාලනය කර ගත නොහැකිවී ඇත.

මේ අතර හපුතලේ වතුයායේ කම්කරුවන් පිරිසක් වත්තට පැමිණි පුද්ගලයකු ගසක බැද පහරදී ඇත. එම සිද්ධිය ජංගම දුරකථනයකින් වීඩියෝ කළ පුද්ගලයකු සහ එම ස්ථානයට ගිය පොලිස් නිලධාරියකුද කම්කරුවන්ගේ පහරකෑමට ලක්ව ඇත.

කන්තලේ රජ ඇළ ප‍්‍රදේශයේ තරුණියක් හමුවීමට රාත‍්‍රි කාලයේ නිවස අසලට ගිය පෙම්වතෙකුට ගී‍්‍රස් යකෙකු යැයි බියවී පහරදීමේ සිද්ධියක් කන්තලේ පොලිසියෙන් වාර්තා වේ.

කන්තලේ නගරයේ ලීලාරත්න මාවතේ තරුණියන් සිටින නිවසක් අසල ජනේලය ළඟ රාත‍්‍රියේ පුද්ගලයකු ගැවසෙනු දුටු නිවැසියන් කෑ ගසා ඔහු අල්ලා ගැනීමට සැරසෙද්දී එම තැනැත්තා පලාගොස් ඇත.

එලෙස පලාගිය පුද්ගලයා පිළිබඳව තොරතුරු හෙළිකර ගැනීමට එම ප‍්‍රදේශවාසීන් සමත්වී ඇති අතර පසුව එම තොරතුරු පොලිසියට ද ලබාදී තිබේ.

පොලිසිය සැකකරුගේ නිවසට ගිය ද ඔහු අල්ලා ගැනීමට නොහැකිවී ඇත.

සැකකරු පසුදා සිය පියා ද සමගින් පොලිසියට ගොස් භාරවී පවසා ඇත්තේ තමා පෙම්වතියට ඇගේ නිවස අසල රේල් පාරට එන ලෙස දුරකථන ඇමතුමක් දී ඇය හමුවීමට වත්තක් මැදින් ගමන් කරද්දී තමා ගී‍්‍රස් යකා යැයි සිතා එහි ප‍්‍රදේශවාසීන් අල්ලා ගැනීමට සැරසුන බවත්, ඊට බියවී තමා පැන ගිය බවයි.

පොලිසිය සිද්ධිය අවබොධකර ගැනීමෙන් පසුව සැකකරුට අවවාද කර මුදා හැර තිබේ.

මෙම සිද්ධියට මුහුණදී ඇත්තේ ති‍්‍රරෝද රථ රියදුරෙකි.

මේ දිනවල රට පුරා ජනතාව භීයට පත්කරමින් සැඟවී සිටින ග්‍රීස් යකා රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයක් මත ජනතාව භියට පත්කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හෙරත් මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ ජනතාවට ග්‍රීස් යකා පෙන්වමින් රාජපක්ෂ දුටුගැමුණු රජතුමාගේ කඩුව සොයමින් සිටින බවයි.

දුටුගැමුණු රජුගේ කඩුව ලැබුනහොත් එය දිර්ඝ කාලින බලයේ සිටිමට හැකියාවක් ලැබෙන බවට පවතින විශ්වාසය හෙතුවෙන් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හෙංචයියන් පිරිසක් මෙම ක්‍රියාවලියේ යෙදි සිටින බවටද ඔහු චොදනා කර සිටියා.

මේ අතර මහියංගනයට ආසන්න නාගදීප වැවේ මේ දිනවල විශාල වලක් හාරමින් මෙම කඩුව සොයන බවද ඔහු සදහන් කළා.

මේ දිනවල “ග්‍රීස්‌ යක්‌කු” වශයෙන් ප්‍රසිද්ධියට පත් සල්ලාලයන් ගැන රටේ තැන තැන කතා පවතී. ඇඟ පුරා ග්‍රීස්‌ තවරාගත් මේ සල්ලාලයෝ යට ඇඳුමකින් පමණක්‌ සැරසී රාත්‍රී කාලයේදී හෝ පාන්දර යාමයේදී කැලෑමන්ඩිවලින් මතුවී කාන්තාවන් වැළඳ ගත්තෝය; සිප ගත්තෝය; සිරුරු මඬින්නෝය යනුවෙන්ද කතන්දර පවතී. මේ යකා ගැහැනුන් වැළඳ ගැනීමටත් පෙර ඇතැම් අසරණ නූගත් ගැහැනුන්ගේ හදවත් විසින් ඒ යකුන් වැළඳගැනීම නිසා වතුකරයේ තේ කැඩීම නැවැතී ඇත. යකා එන බවට පෙර සූදානමක්‌ වතුකර වාසීන්ගේ හිත් තුළට පිවිස ඇති හෙයින්a තේ වතුවල වැඩට යැමෙන් වතුකර වාසීහු වැළකෙති. ග්‍රීස්‌ යකා යනු අල්ඛයිඩා සංවිධානය හා සමාන සංකල්පයකි. ඕනෑම අන්තවාදී ඉස්‌ලාමිකයන් කිහිපදෙනකුම ඇමරිකාවට එරෙහිව බෝම්බයක්‌ පත්තු කිරීමට දායක වීමෙන් අල් ඛයිඩා ශාඛාවක්‌ පිහිටුවා ගත හැකිය. මෙසේම ඕනෑම වනචරයකු යට ඇඳුමක්‌ පමණක්‌ ඇඳ ඇඟ පුරා ග්‍රීස්‌, කලුතෙල් හෝ පොල්තෙල් තවරා ගැනීමෙන් ග්‍රීස්‌ යකකු විය හැකිය. මේ යකා පලවා හැරීමට අවශ්‍ය වන එකම සාධකය 2Ù2 ප්‍රමාණයේ පොල්ලක්‌ පමණි. එම පොල්ල දෑත බදා ග්‍රීස්‌ යකාගේ පිට මතට හෙළීමෙන් සියලු ප්‍රශ්න නිරාකරණය කර ගත හැකි වන්නේය. යකකු පැරදවීම සඳහා 2×2 ප්‍රමාණයේ පොල්ලකට අමතරව හිතේ හයියද තිබිය යුතුය. මේ ආයුධ ඇතිව මගට බසින්නාට යකුන් එකා පිට එකා බිම දැමීමට හැකි වනවා ඇත.

ග්‍රීස් යකා හෙවත් පවතින සමාජ ක්‍රමයට අභියෝග කරණ පොදු සතුරෙකු නිසාවෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල්ව තිබෙන බව මේ සියලු කතිකාවන් මගින් අපට තහවුරු වේ. මේ ග්‍රීස් යකා සම්බන්ධයෙන් මේ තරම් වූ භීතිකාවක් රටතුල නිර්මාණය වන්නේ හා ජනතාව මේ සම්බනධයෙන් මේ තරම් කතාබස් කරන්නේ මන්ද යන්න සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිය යුතුය. මේ වන විටත් ග්‍රීස් යකා දුටු තැන මරා දැමිය යුතු යක්ෂයෙකු ලෙස හදුන්වා දෙමින් සිටියි. ඉහත කථාවන් අතර දිවයින කතු වැකියේ සදහන් වන අන්දමට ග්‍රීස් යකා පලවා හිරින්නට අවශ්‍ය වන්නේ දෙකේ දෙකේ පොල්ලක් සහ හිතේ හයිය. පමණි ලංකාවේ ජාතික පුවත් පතක කතුවරයෙකු යෝජනා කරණ මේ අනිසි වනචාරී යුක්තිය ඉෂ්ඨකිරීම සම්බන්ධයෙන් මදක් සිතා බැලිය යුතුය. ඔහු මේ යෝජනා කරන්නේ බවුන්ටි කිලර්ස් වර්ගයේ යෝජනාවක් උචිත වන්නේ ඇසට ඇසක් දතට දතක් නමි වු න්‍යාය ක්‍රියාත්මක වූ ග්‍රෝතික සමාජයකට විණා නුතන ප්‍රජාතාන්ත්‍රික සමාජයකට නම් නොවේ.

ඇමෙරිනාවේ මුල්ම ජනාවාස පිහිට වූ යුගයේ එහි ක්‍රියාත්මක වූයේ මේ බවුන්ටි කිලර් ක්‍රමයයි. එනමි එකල එම ප්‍රදේශ පාලනය කළ ෂෙරිෆ් වරයාට එම සමාජයේ වෙසෙන දාාමරිකයන් මෙල්ලකර ගත නොහැකි වූ කළ ඔහු විසින් දැන්වීමකින් ප්‍රදර්ශණය කරන්නේ එම පුද්ගලයා මරා හෝ පණපිටින් රැගෙන එන අයෙකුට ත්‍යාගයක් පිරිනමන බවයි. මේ නිසා ත්‍යාගය ලබා ගන්නට කෙසේ හෝ අදාල පුද්ගලයා ඝාතනය කර ෂෙරිෆ්වරයා හමුවට ඉදිරිපත් කර ත්‍යාග මුදල ලබා ගන්නට එම සමාජයේ පුරවැසියන් හුරු වී සිටියෝය. මෙම බවුන්ටි කිලර්ස් ක්‍රමය පසු කාලීනව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීමත් සමගම අභාවයට යනු ලැබීය. පසුව විධිමත් නෛතික රාමුවක් හා ආයතන පද්දතියක් පොලීසිය අධිකරණය වැනි ආයතන බිහි වීමත් සමගම වරදකරුවන්ට දඩුවම් දීමේ ක්‍රමවේදය විධිමත් භාවයට පත්කරණු ලැබීය.

බවුන්ට් කිලර්ස් යුගයෙන් එපිට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වන පුරවැසියන් වන අපට දිවයින කතුවරයා යෝජනා කරන්නේ සැක කරුවන් දෙකේ දෙකේ පොලුවලින් ගසා මරා දමන්නට කියාය. යුක්තිය ඉෂ්ඨ වීම යනු ජනතාව නීතිය අතට ගැනීම නොව වරදකරුවන්ට දඩුවම් පැමිණ වීම බව මේ වන විටත් දිවයින කතුවරයා නොදැන සිටීම කණගාටුවට කරුණකි.

අනෙක් අතට මේ ග්‍රීස් යකුන් කරළියට පැමිණිමෙන් අප අවබෝධ කර ගත යුතු  යථාර්තය වන්නේ කුමක්ද? යුද්ධය පැවති සමයේ ජනතාව ප්‍රකාශ කළ ප්‍රධාන තර්කයක් වූයේ කොළඹ බෝමිබ පිපිරෙණ නිසා ජන ජීවිතය තර්ජනයට ලක්ව ඇති බවයි. මේ නිසා ජනතාව සුවෙච්ඡාවෙන් නිවෙස් වලට ගාල් වූහ. අවසානයේ මිනිස් ජීවිත දස දහස් ගණක් විනාශයට පත් කරමින් යුද්ධය අවසන් විය. යුද්ධය අවසාන වූ මොහොතේ ආණ්ඩුව ප්‍රකාශ කලේ දැන් කිසි ප්‍රශ්ණයක් නොමැති බවයි.දැන් යළිත් ග්‍රීස් යකෙකු නිසාවෙන් ජන ජීවිතය මහත් අවුලකට පත්ව තිබේ. මෙතරම් ආරක්ෂාවක් තිබෙනවා යැයි කියන රටක ග්‍රීස් යකෙකු නිසා ජනතාව අවුලට පත්ව ඇත.

ජනතා විමුක්ති පෙරමුණ ඕනෑම ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කරණු ලබන නිසා මේ ග්‍රීස් යකා සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කලේ රාජපක්ෂ හා දුටු ගැමුණුගේ කඩුව සෙවීම සම්බන්ධයෙන් වූ මතවාදයකි. සමාන්‍යයෙන් ඇත්තටම දේශපාලනය කරණ දාර්ශණික පක්ෂයක් සාමාන්‍යයෙන් සිදුවන හැම දෙයක් සමබන්ධයෙන්ම අදහස් ප්‍රකාශ කරනු ලබන්නේ නැත. මේ ග්‍රීස් යකා සම්බන්ධ කථාව පිළිබදව සම්පූර්ණ වගකීම පවතින්නේ පොලිස් දෙපාර්ථමේන්තුවටය. නීතිය ක්‍රීයාත්මක කිරීම භාරකර ඇත්තේ පොලීසියට වන බැවින් වරදකරුවන් සොයා අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලබා දීමේ සම්පූර්ණ වගකීම පැවරෙනනේ ඔවුන් වෙතය. මේ නිසා දේශපාලන පක්ෂයකට ග්‍රීස් යකුන් පිළිබද මත ඉදිරිපත් කරණවාට වඩා රටේ දේශපාලන ප්‍රශ්ණ සම්බන්ධයෙන් වඩාත් සවිඥාණික වීමේ වගකීමක් පවතින බව අවධාරණය කළ යුතුය.

අවසානයේ මේ සතුරා මරා දැමීමේ ක්‍රමවෙිදය ඔස්සේ අහිංසකයින් දෙදෙනෙකුගේ ජීවිත බිල්ලට ගෙන ඇත. මේ සැකකරුවන් දෙදෙනා මෙයට වගකිව යුතු යැයි සිතමු එසේ නම් ඔවුනට දඩුවම් කිරීමේ බලය හිමිවන්නේ අධිකරණයටය. මෙලෙස ජනතාව නීතිය අතට ගෙන මිනිසුන් මරා දැමීමත් පොලුවලින් තඩිබා සැකකරුවන් මරාදමන්නට ජාතික පුවත් පත් කතුවරුන් අනුබල දීමත් මගින් සුදුවන්නේ රටේ නීතිය හා ආධිපත්‍ය තව තවත් ජෝක් එකක් වීම පමණි. ටෙලිකොම් සමාගමේ යකඩ විකිණීම සම්බන්ධ වංචාවකට සැක කෙරෙන ස්වාධීන රූපවාහිනියේ අධ්‍යක්ෂක වරයෙකු වන සුදර්මන් රදලියගොඩ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීම සම්බන්ධයෙන් අප සදාචාරාත්මක ආකාරයෙන් මේ කැත වැඩයයි කියන්නේ නැත. සුදර්මන්ට ගෝඨාභය මුණ ගැසීමට තිබෙන අයිතිය සේම ඔහු ඇත්තටම යකඩ සොරකම් කලා නම් ඔවුට පොදු දේපල අයතා පරිහරණයට විරුද්ධව නඩු පවරා දඩුවම් ලබාදීමේ යුක්තිය ඉෂ්ඨවීම පමණක් අප බලාපොරොත්තු වන්නෙමු. ග්‍රීස් යකුන්ට දෙකේ දෙකේ පොලු වලින් තඩිබාන්ට යෝජනා කරණ දිවයින කතුවරයා සුදර්මන්ලාට හෙජිං ගිවිසුම් ගැසූ අයට හොර සිමෙන්ති ගෙන්වන අයට මෙලෙස තඩිබාන්න යැයි ජනතාවට යෝජනා නොකරන්නේ ඔහු දවල් බතට අරලිය ගහ මැදුරට පිය මනින නිසා වන්නට පුලුවන. අපි ග්‍රීස් යකුන්ට සේම සුදර්මන්ලාටත් දෙකේ දෙකේ පොලු වලින් දඩුවම් කරනවාට විරුද්ධය. අප ඉල්ලා සිටින්නේ මේ සියල්ලන්ටම සමාන ආකාරයට අධිකරණයන් මගින් දඩුවම් පමුණුවන ලෙසය.

නීතිය සහ ආධිපත්‍ය නිවරදිව තහවුරු වූ පසු ග්‍රීස් යක්කුනට සේම සුදර්මන්ලාටත් සොරකම් කරන්නට නොහැකි වන බව පැහැදිලිය.

මේ නිසා සමාජය පවතින සමාජයට වඩා යහපත් සමාජයක් බවට පත් කරන්නට පොලු වලට නොහැකි බව අප විස්වාස කරන්නෙමු. සමාජයක් තුල යකුන් භූතයන් සොරුන් වංචාකාරයන් ග්‍රීස් යකුන් බිහි වන්නේ සමාජයේ ඉහල සිට පහලටම ක්‍රමවේදය අවුල් වූ විටය මේ නිසා මුල්න්ම කළ යුත්තේ සමාජයක් ක්‍රමානුකූලව වර්ධනය කිරීමය. බෝමිබ නොපිරෙන සමාජයක තව දුරටත් ජනතාවට බියෙන් සැකයෙන් ජීවත් වන්නට සිදුව තිබෙන්නේ සමාජයේ මහා අනෙකා අවුලට පත්ව ඇති බැවිනි. ඉතින් මේ අවුල නොලිහා කොතරම් ග්‍රීස් යකුන් ප්‍රමාණයක් පොලුවලින් පහරදී දරා දැමුවත් අත්වන ප්‍රතිඑලයක් නොමැත.

බඩගින්නට මාළුවෙකු දීම හෙවත් සහෝදරත්වයේ දිනය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක මාවෝ සේතුං මහතා වරෙක අපූරු ප්‍රකාශයක් කරණු ලැබීය. එම ප්‍රකාශයෙන් කියවෙන්නේ බඩගින්නේ ඉන්නා මිනිසෙකුගේ කුසගින්න නිවන්නට ඔහුට මාලුවෙකු ලබාදී සැනසෙන්නට ඔබට පුලුවන් නමුත් වඩාත් වැදගත් වන්නේ මේ බඩගින්නේ සිටින මිනිසාට යොතක් සහ මාලු අල්ලන ක්‍රමය ඉගැන්වීමයි. මන්ද එවිට ඔහු තම බඩගින්න නිවා ගන්නට තමන් විසින්ම උත්සහා කරනු ලබන බැවින් හා එය වඩාත් ඵලදායී වන බැවිනි. මේ කතාව අපට මතක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් උතුරේ පාසල් දරුවන්ට නොමිලේ පාසල් පොත් බෙදා දුන් බවට වූ වාර්ථාවක් ඇස ගැසීමෙන් අනතුරුවය.

සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ කිලිනොච්චියේදී ජාතික සමගිය හා සහෝදරත්වය උදෙසා වැඩසටහන් රැසක් දියත් කරනු ලැබූ බව එම සංගමයේ මාධ්‍ය ඒකකය පවසයි. ජූලි 23වැනිදාට යෙදෙන සහෝදරත්වයේ දිනය නිමිත්තෙන් එම වැඩසටහන් සංවිධානය කරන ලදී.

ඒ යටතේ කිලිනොච්චිය ධර්මපුරම්හිදී ක‍්‍රිකට් තරගයක් හා සංස්කෘතික ප‍්‍රසංගයක් පවත්වනු ලැබීය. ක‍්‍රිකට් තරගය අතරතුරදී ඊට හමුදාවෙන් බාධා කළ අතර සංවිධායකයින්ට හමුදා කඳවුරට පැමිණ ප‍්‍රකාශ ලබා දෙන ලෙසද නියෝග කළේය. එහෙත්, එම අවස්ථාවට සහභාගි වූ තරුණ තරුණියන්ගේ උද්යෝගය මත බාධා කිරීම් නොසලකා තරගය පැවැත්වූ බවද සමාජවාදී තරුණ සංගමය පවසයි

එමෙන්ම, දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට විශාල ගැටලූවක් ලෙස පැවති සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දෙමළ භාෂාවෙන් මුද්‍රණය කරන ලද ප‍්‍රශ්න පත‍්‍ර හා උත්තර අඩංගු පොත් කට්ටල නොමැතිවීමේ ගැටලූවට පිළියම් යොදමින්, සමාජවාදී තරුණ සංගමය විසින් සකස් කරන ලද ප‍්‍රශ්න හා උත්තර පත‍්‍ර පොත් කට්ටල බෙදාදීමද සිදු විය. ඒවා, තිරුමුරුංගන්ධි හින්දු විදුහල, අක්කරායන් මහා විද්‍යාලය, කනගපුරම් මහා විද්‍යාලය, රුද්‍රපුරම් මහා විද්‍යාලය, ධර්මපුරම් මහා විද්‍යාලය යන විදුහල් වෙත ඊයේ බෙදා දෙන ලද අතර ඉදිරියේදී අනෙකුත් විදුහල් වෙතද ලබා දීමට සැලසුම් කර ඇතැයි එම නිවේදනය වැඩිදුරටත් දැක්වේ.

මෙම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකයින් වන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිමුතු බණ්ඩාර අබේකෝන් මහතා,හිටපු පළාත් සභා මන්ත‍්‍රී මරුන්ගන් මෝහන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ කිලිනොච්චි අපේක්ෂක සින්නතු‍රෛ රාජේන්ද්‍රන් මහතා සහභාගි වූහ.

ඔවුන් මේ අවස්ථාවේදී ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සහා ගනු ලබන්නේ දැන් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔන්න අපි දෙමලුන්ට දැන් සහෝදරයන්ට වගේ සලකනවා. අපි ක්‍රිකට් ගහනවා. එකට කනවා දෙමලෙන් පොත් අච්චු ගහලා දෙනවා ඉතින් තවත් ඔයාලට මොනවද ඕන. ඒ නිසා කරුණාකරලා අපිත් එක්ක සහෝදරත්වයේ නාමයෙන් ජීවත් වෙන්න දැන් ඔය දහතුන් වන සංශෝධනය වගේ කතා කියන්න එපා. දැන් අපිට ඉන්න එකම හතුරා හමුදාව තමයි. අපි දැන් දෙමලුත් එක්ක යාලුයි. හමුදාවත් එක්ක තරහයි. හමුදාව තමයි අපේ වැඩඩ බාධා කරන්නේ ඉතින් සහෝදරවරුණි, අපි තෝසේ කමු, කැකුලු හාල් බත් කමු, දෙමල සිංහල සහෝදරවරු කසාද බදිමු. අපි දැන් ජාතිවාදී නෑ. එන්න අපිත් එක්ක පියාඹන්න මේ නිදහස් ලංකාවේ. හැබැයි සහෝදරවරුනි මුරන්ඩු වෙන්න එපා ආයෙත් ප්‍රභාකරන් වගේ දෙමල ජාතියේ විමුක්තිය ගැන විහිලුවටවත් හිතන්න එපා. මේ රටේ විමුක්තිය ලැබෙන්න ඕන සිංහලයට විතරයි. දෙමලුන්ට අපි සහෝදරයන්ට වගේ සලකන්නම්. ඔන්න හැබැයි මුරන්ඩු වෙලා ආයෙත් උඹලගේ ජාතියේ විමුක්තිය ගැන හිතුවොත් දැන් අපි තරහා උනාට අපි ආයෙමත් අපේ හමුදාව සහෝදරයෝ කරගෙන උඹලට වැඩේ දෙනවා. 88දී හමුදාව අපේ පක්ෂයට සම්බන්ධ සහෝදරවරු හැට දහසක් විතර මැරුවා. ඒ ගාන 2009දී මැරිචිච උඹලගේ සහෝදරයන්ගෙ ගානටත් වඩා වැඩියි. ඒ නිසා අපි කාලයක් දැන් වගේම හමුදාවේ අය එක්ක තරහා වෙලා හිටියා. පස්සේ උඹලාගේ සහෝදරයෝ මරන්න ඕන නිසා අපි හමුදාව එක්ක ආයෙමත් යාලු වුණා. ඒ නිසා දැන් තරහා වුනාට අපි ආයෙමත් කවදා හරි හමුදාවත් එක්ක යාලු වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ ස්වාධීන පාලනයක් තමන්ගේම පරිපාලන ඒකකයක් තමන්ගේ භාෂාවෙන් වැඩ කිරීමේ හැකියාවක් අපේක්ෂාවේන් ඉන්න දෙමල ජනතාවට දෙන්නේ බඩගින්නේ ඉන්න මිනිසෙකුට මාලුවෙකු දෙන වර්ගයේ උත්තර යැයි අපි කියන්නේ මේ නිසායි. නමුත් දෙමල ජනතාවට දැන් අවශ්‍යව ඇත්තේ යොතක් හා මාලු අල්ලා ගැනීමේ තමන්ගේම ක්‍රමයක් ලබා ගැනීමය. මේ නිසා මහින්ද රාජපක්ෂගේ සංවර්ධන බයිලාව තරම්ම ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරත්වයේ බයිලාවත් දෙමල ජනතාව මුලා කිරීමේ කථාවක් විනා අන් යමක් ලෙස සැලකිය හැකිද?

අනේ මමත් වැදි නායකයෙක් වුනානම්
මේ දවස්වල මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැදි නායකයා හමුවන්නට දබානට ගොස් සාම්ප්‍රදායික ආදීවාසී උත්සවයකටත් සහභාගී වූ බවට මාධ්‍ය වාර්ථා පල විය. මේ නිසාම අපි වැදි නායකයෙකු හා ජන නායකයෙකු අතර පවතින වෙනස ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කලෙමු ජන නායකයා හා වැදි නායකයා අතර වෙනස අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

වැදි නායකයා සම්බන්ධයෙන් ගත් කළ ඔහු රැහේ ප්‍රධානියායි. ඔහුට නායක කම උරුම වන්නේ පිය පරවෙිනියෙන.සියල්ලයටම ඉහලින් සිටින සර්ව බලධාරී  රැහේ නායකයා වන වැදි නායකයා නීතිය නිර්මාණය කරන්නාද වෙි. සාම්ප්‍රදායික වැදි රැහේ නිර්ලිඛිත නීතීන් අවශ්‍ය විට තමන්ට උචිත යැයි හැගෙන පරිදි වෙනස් කරන්නට වැදි නායකයාට බලයක් වේ. වැදි රැහේ ප්‍රජාතන්ත්‍රවාදය ජන සම්මතවාදය විපක්ෂය මානව අයිතිවාසිකමි මාධ්‍ය නිදහස වැනි දෑ නොවේ. බොහෝ විට රැහේ නායකයා තමන්ට උචිත යැයි හැගෙන පරිදි සිය සාමාජිකයන් පාලනය කරණු ලබන අතර රැහේ නීතිය කඩ කරන්නාට ශාරීරික දඩුවම් පමුණුවන්නට පමණක් නොව පාලනය කළ නොහැකි අයිතිවාසිකම් ගැන කථා කරණ නාහෙට නාහන නාම්බන් වැදි රැහෙන් පිටමං කිරීමේ බලයද වැදි නායකයා සතු වේ. ඒ අතින් වැදි නායකයා සතු බලය අති විශාලය. අනෙක් අතට වසර හයෙන් හයට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පැවැත්වීම වැනි දෑ මගින් නායකයා බලයෙන් පහ කරණ ක්‍රමවෙිදයක්ද වැදි රැහේ නැත. වැදි සමාජයට ජාත්‍යන්තර බලපෑම් වැනි බාහිර සතුරන්ද නොමැති නිසා වැදි සමාජය සාමකාමීය. පවතින ආණ්ඩුවත් වැද්දන්ට මිනිසස්සුන්ටත් වඩා හොදින් සලකන නිසා වැදි රැහේ නායකයා වීම යනු මාර ආතල් වැඩකි. තමාගේ නායක කම පසුව සිය පුතාට හෝ සහෝදරයාට පවරන්නට කිසිදු බාධාවක්ද නොවන නිසා වැදි නායකයාට තම පාඩුවේ පණ තියෙන තාක් රැහේ නායකයා වශයෙන් ජොලියේ ඉන්නට පුලුවන.

අහෝ නමුත් ජන නායකයෙකු වීම මොනතරම් නම් දුෂ්කර කර්ත්‍යව්‍යයක්ද? ජන නායකයා බලයට පත් වන්නේ ජනතාවගේ ඡන්දයෙනි. ඒ බලය ලැබෙන්නේත් වසර හයක කාලයකට පමණි වසර හයකින් මොන ඉටි ගෙඩියක් කරන්නද? උපරිම සිටියත් කාලය වසර දොලහකි. ජන නායකයා ජනතාවගේ නායකයා නොව සේවකයාය. භූමියේ අයිතිකරු නොව භාරකරුය. ජනනායකයාට ඉහලින් අධිකරණයක් ක්‍රියාත්මක වෙයි. රටේ මුල්‍ය පාලනය භාරකර ඇත්තේ පාර්ලිමේන්තුවටයි. ජන නායකයාත් මුදල් පාලනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පාලනය යටත්ය. ජන නායකයාට එරෛහිව දෝෂාභියෝගයක් ගෙන ඒම මගින් පාර්ලිමේන්තුවට ජන නායකයා බලයෙන් පහකළ හැකිය. ජන නායකයා කරන සියලු කටයුතු සම්බන්ධයෙන් ජනතාවට උත්තර දීමට බැදී සිටියි. සහෝදරයන්ට දරුවන්ට තනතුරු ලබාදුන් විට දාහක් ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවේ. කාලයෙන් කාලයට නිදහස් හා සාධාරණ මැතිවරණ පවත්වන්ට ඔහුට වගකීමක් වේ. රටේ යහ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම කළ යුතුය. මානව අයිතිවාසිනම් වලට ගරුකළ යුතු අතර මානව අයිතිවාසිනම් සුරක්ෂිත කොට වැඩි දියුණු කළ යුතුය. මාධ්‍ය නිදහසට ගරුකළ යුතුය. ජනතාවගේ තොරතුරු දැන ගන්නට තිබෙන අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුය. විපක්ෂයට සමාන අවස්ථා ලබා දිය යුතු අතර විපක්ෂය විසින් නගන ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයිය යුතුය. ජාත්‍යයන්තර නීතිවලට හා ජාත්‍යන්තර ප්‍රජාවට සිය රටේ කටයුතු සමිබන්ධයෙන් උත්තර දීය යුතුය.

තම රටේ සතුරන්ට එරෙහිව කරන යුද්ධයකදී වුවත් යුධ නීතියට ගරු කළ යුතුය. යුධ අපරාධ වර්ග ඝාතන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා ආක්‍රමණකාරී අපරාධ නොකරන්නට සිය හමුදාවන් මෙහෙය විය යුතුය. තමන් එවැනි අපරාධ වලට සම්බන්ධ නොවුනත් තමන් ඒ සම්බන්ධයෙන් නොදැන සිටියත් රාජ්‍ය නායකයා වශයෙන් ඔහු පෞද්ගලිකව මෙිවාට උත්තර දීමට බැදී සිටියි.

අවසානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව නියමිත කාලයට පසු විශ්‍රාම යා යුතු අතර විශ්‍රාම යෑමෙන් පසුව පවා කෝටි ගණන් මුදල් ඔහු සතුව තිබෙන්නේ නම් ඔහුට විරුද්ධව කටයුතු කරන්නට බලය සතු ප්‍රජාතන්ත්‍රවාදය නම් කරදරකාරී පාලන රාමුවකට ජන නායකයා කොටු වී සිටියි.

මේ නිසා වැදි නායකකම මෙන් නොව ජන නායකකම යනු දැලි පිහියෙන් කිරිකනවා වැනි අමාරු වැඩකි. එහෙම බලන කොට ජන නායකයාට වඩා වැදි නායකයා මොන තරම් නම් වාසනාවන්ත දැයි අපට සිතේ

දේශිය තක්කඩීන් සහ ජාත්යාන්තර තක්කඩීන්
පසුගිය දිනෙක රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වූ ජෝතිපාලගේ දියණිය ජනතාධිකරණයට පැමිණිල්ලක් ඉදිපත් කරණු ලැබීය. මෙහිදී ඇගේ පැමිණිල්ලෙහි චූදිතයා වූයේ සිරස සුපිරිතරුවක් වන සුරේන්දා පෙරේරායි. ඇය පවසන ආකාරයට මොහු කිසිම ප්‍රකාශන හෝ බුද්ධිමය දේපල අයිතියකින් තොරව ජෝතිපාලයන්ගේ ගීත ඔහු විසින් නැවත ගායනා කර සීඩී තැටියක් නිකුත් කරණු ලැබ තිබේ. මීට පෙර අවස්ථාවකදී ප්‍රවීණ ගායන ශිල්ප ශිල්පිණියන් කිහිප දෙනෙකු විසින්ද මේ සුපිරි තරු තම ගීත ගායනා කරමින් මුදල් උපයනවාට තමන් විරුද්ධ බවට චෝදනා කලෝය. නමුත් මේ විරෝධතාවයන් තඹ සතේකට මායිම් නොකරන මේ සුපිරිතරු දිගින් දිගටම අනුන්ගේ ගීත ගායනා කරමින් මුදල් ඉපයීමේ ජාවාරමෙහි නිරත වී සිටින්නේ කිසිම හිරිකිතයකින් තොරවය.

මෙි පාදඩ තක්කඩි වැඩ සම්බන්ධයෙන් කිසිවෙකුත් කථා නොකරන්නේ අනුන්ගේ දේ හොයනවාට වඩා කරන්නට වැදගත් වැඩ තමන්ට තිබෙන බැවිනි. සිරස රූපවාහිනියෙන් ඇරුබි රියලිටි වැඩසටහන් කළාව ස්වර්ණවාහිනී මෙගා ස්ටාර් වැඩ සටහනත් සමග සම්පූර්ණයෙන්ම ජෝක් වීමෙන් අවසන් වූ පසු මේ සිරස දෙරණ ඇතුථ නාලිකා වලින් බිහිකළ සුපිරි තරු මෙලෙස අනුන්ගේ ගීත සොරකම් කරන තක්කඩීන් බවට පත්ව ඇත. තමන්ට කියා ගීත ගායනා කර ජනප්‍රිය වී මුදල් උපයන්නට ගියහොත් සෑහෙන කාලයක් කට්ට කන්නට සිදුවන නිසා මෙසේ තක්කඩි ලෙස අනුන්ගේ ගීත ගායනා කරමින් කීයක් හෝ උපයා ගන්නට මොවුන් උත්සහ කරන්නේ තම ජනප්‍රියතාවය කොපමණ කාලයක් පවතී දැයි තමන්ටවත් විස්වාසයක් නොමැති බැවිනි. ඒ නිසා මොනම ක්‍රමයකට හෝ කීයක් හරි හම්බකරගෙන ගෙයක් දොරක් සාදාගෙන කසාදයක් බැද අනියම් ඇසුරක් පටන් ගෙන සතුටින් කල් ගෙවීම මොවුන්ගේ ඒතායන පැතුමයි. ඉතින් මොවුනට අවැසි වන්නේ ජෝතිපාල වැනි සදානුස්මරණීය ගායකයෙකු වී ආතපාතක් නැති කරගන්නට නොව ආතල් එකේ කාගේ හෝ සිංදුවක් කියා ජීවත් වන්නටය. මොවුන් ප්‍රාර්ථනා කරණ මේ සාමකාමී ජීවිතය තර්ජනයට ලක් වනවාට මොවුන් බියය. ඇමෙරිකාව වැනි රටක මෙවැනි සුපිරි තරු අයිඩොල් වැඩසටහන් හරහා බිහිවූ පසු ඔවුන්ව අවශෝෂණය කර ගන්නට එරට සංගීතය කර්මාන්තයක් ලෙස වර්ධනය වී තිබෙන නිසා ගැටලුවක් ඇති වන්නේ නැත. නමුත් ලංකාවේ දී මාධ්‍ය මුදලාලිලා විසින් තමන්ට ඇති  පදම් ලේ උරා බීමෙන් පසුව කූඩැල්ලා ඉවත යන්නා සේ මේ සුපිරි තරු ඇති පදම් විකුණ ගත්තාට පසු අත්හැර දමනනු ලබයි. මාධ්‍ය මගින් තරු බවට පත් කළ මේ සිංදු කාරයින්ට ඉන්පසු ආතපාතක් නැතිව යයි. සාමාන්‍යයෙන් මයිකල් ජැක්සන් බ්‍රීට්නි ෂකීරා වැනි ගායක ගායිකාවන් යනු එක් රැයකින් සුපිරිතරු බවට පත් වූවෝ නොවෙති. ඔවුන් ක්‍රමානුකූලව තම කුසලතාවයන් වර්ධනය කර ගනිමින් ක්‍රමක්‍රමයෙන් තරු බවට පත් වූ අය වෙති. මේ නිසා මොවුන්ගේ වෘත්තීයභාවය තර්ජනයට ලක්වීමේ ඉඩකඩ පවතින්නේ හරිම අඩුවෙනි.

නමුත් අපේ රටේ බිහිවු මේ බ්‍රෙයිලර් වර්ගයේ සුපිරි තරු මෙලෙස තක්කඩීන් වනවා හැරුන විට වෙන කුමක් නම් කරන්නද? මොවුන්ටත් වඩා භයානකම සිංදුකාර තක්කඩීන් වන්නේ ඉරාජ් වර්ගයේ සිංදුකාරයින්ය. මොවුන් ගෙඩි පිටින්ම බටහිර ගීත සහ ගී තනු සොරා ගෙන තමන්ගේ නිර්මාණ සේ ඉදිර්පත් කරයි. ඇත්තටම මේ මහා තක්කඩි වැඩය. භාතියලාගේ සිට ඉරාජ් දක්වා නව පරපුරේ බොහෝ තක්කඩ් සිංදු කාරයින් මුදල් උපයන්නේ මේ ආකාරටය. ඉතා අමාරුවෙන් වෙනත් රටක සංගීතඥයෙතු විසින් නිර්මාණය කරණු ලැබූ තනු මොවුන් කිසිම හිරිකිතයකින් තොරව සොරා ගෙන තමන්ගේ ඒවා මෙන් ඉදිරිපත් කරමින් සිටියි. නව පරපුරේ හිපොප් ආර්.ඇම්.බී රැප් ලෙස කරලියට එන නිර්මාණ යනු බටහිරින් සොරා ගන්නා ලද නිරිමාණයන්ය. සුරේන්දාලා දේශීය හොරු වද්දී ඉරාජ්ලා ජාත්‍යන්තර හොරු බවට පත්වන්නේ මේ ආකාරයෙනි. සංගීතය ඉක්මනින් මුදල් උපයා ගතහැකි බිසිනස් එකක් බවට පත් කරගෙන තිබෙන නිසා ලංකාවේ බිහිවන්නේ සංගීතඥයන් හෝ ගායකයන් නොව නිකමිම නිකම් සිංදුකාරයින්ය. මේ සිංදුකාරයින්ගේ අරමුණ වන්නේ ඉක්මනින් මුදල් උපයාගෙන ඉක්මනින් පොහොසත් වීමය.

දැන් දැන් සංගීත ප්‍රසංග විශේෂයෙන්ම ගෘහස්ථ සංගීත ප්‍රසංග යනු අරමුදල් වලට ආධාර උපයාගන්නා ව්‍යපෘති පමණක් බවට පත්ව තිබේ. ප්‍රසංගය ඇත්තටම නරඹන්නට පැමිණෙන ප්‍රේක්ශකයා සංගීත කණ්ඩායම සහ ගායකයා අතර බෙදුමි ඉර කිසිම රසඥතාවයක් නැති මුදලාලිලා හා දේශපාලකයින් විසින් ආක්‍රමණය කිරීම නිසා සංගීත ප්‍රසංග යනු මැරතන් ධාවනයන් බවට පත්ව තිබේ හැමෝම බලන්නේ ඉක්මනින් සිංදුකියා ඉක්මනින් මාරුවන්නටය. මේ නිසා දැන් සංගීත ප්‍රසංගයක් නැරඹීම අපට ලබා දෙන්නේ සුසන්තිකා මීටර් සියය දුවන විට අපට දැනෙන හැගීමමය.

තවත් සිංදුකාරයින් පිරිසක් රජතුමාට ප්‍රශස්ති ගායනා කිරීමෙන් තම පැවැත්ම තහවුරු කර ගනිද්දී  මෙලෙස සොරුන් තක්කඩීන් ගීත මංකොල්ලකාරයින් බිහිවීම අරුමයක් වන්නේ නැත. සංගීතය කර්මාන්තයක් ලෙස වර්ධනය වී නොමැති අංගවිකල ධනවාදයක් ක්‍රීයාත්මක අප වැනි රටක් සුරේන්දාලාට ජෝතිගේ ගීත ගායනා කර කීයක් හරි සොරා ගැනීමේ තක්කඩ්නම් කරනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නැත. ඇමෙරිකානු ජනතාව මයිකල් ජැක්සන් ගෙන් පසු ෂැගී කෙනෙකු විනා තවත් මයිකල් ජැක්සන් කෙනෙකු ප්‍රාර්ථනා කළේ නැත. නමුත් අපේ රටේ ජනතාව ජෝතිපාලගෙන් පසුව ජෝතිපාලට වඩා වූ යමෙකු සුරේන්දාගෙන් ප්‍රාර්ථනා කළ නිසා අපට හිමි වන්නේ විකෘතියක් පමණි. මෙය සංගීතයට පමණක් අදාල ගැටලුවක්ද වන්නේ නැත. ජනතාව මහින්ද රාජපක්ෂ වෙනුවට මහින්ද රාජපක්ෂට වඩා යමෙකු සොයනවා යැයි සජිත් ප්‍රේමදාස හිතන නිසා ඔහු මහින්දටත් වඩා මහින්ද කෙනෙකු වන්නට උත්සහා ගනිමින් සිටියි. ලංකාවේ ශ්‍රාවකයා ජෝතිගේ ගීත සුරේන්දාගේ හඩින් අසන්නට ආසකරණ පරිද්දෙන් රෝසි සේනානායකලා සජිත් තුලින් තවත් මහින්ද කෙනෙකු ප්‍රාර්ථනා කිරීම අහම්බයක් නොවේ.

කෝපී දේශපාලනය මගහැර යාම වෙනුවට පැත්තක් ගැනීම (www.3mana.com)
මේ ලිපිය තරමක් දීර්ග ලිපියක් බව මුලින්ම කිව යුතුය. මෙම ලිපිය මගින් දීර්ග වශයෙන් කරුණු දක්වන්ට අපේක්ෂා කරන්නේ රනිල් ව්ක්‍රමසිංහ මහතා පසුගිය දිනෙක කරණු ලැබූ ප්‍රකාශය හා ඒ සමිබන්ධයෙන් සමබිම අතිරේකයේ සහ ඉරිදා ලංකා පුවත්පතේ පළකෙරුණු ලැබූ ලිපි ආශයෙන් මේවන විට ලංකාවේ දේශපාලනයේ දිශානතිය සම්බන්ධයෙන් නිවරදි අවබෝධයක් ලබා ගැනීම උදෙසාය. මුලින්ම මේ සංසිද්දීන් තුනම එක්වර කියවා බලා ඒ පිළිබදව මනා වැටහීමක් ලබා ගැනීම ප්‍රායෝගික යැයි සිතමි.

විරුද්ධ පක්ෂ එක්ක කතා කළ හැකි ඉඩක් හැදීම ආණ්ඩුවේ වගකීමයි රනිල් වික්‍රමසිංහ වී.ඒ. සුගතදාස සමරු උලෙළේදී කියයි

මේ සතියේ මම නිව්යෝර්ක් නගරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා මුණ ගැසුණා. අද ලංකාවත් ජාත්‍යන්තර ප්‍රජාවත් අතර ඇති වී තිබෙන ප්‍රශ්නය පිළිබඳව එතුමාගේ තක්සේරුව වූයේ මේ වන විට ලංකාව ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට ඇතුළු වී ඇති බවත් මේ ප්‍රශ්නය අප විසඳා ගන්නා තුරු ලංකාව එම න්‍යාය පත්‍රයේ තිබෙනු ඇති බවත්ය. ඒ අදහසට මමත් එකඟයි.

යුද්ධයේ අවසන් කාලයේදී වන්නියේ මිනිසුන් මරණයට පත් වීම පිළිබඳව සාකච්ඡා කිරීමට 2009 මැයි මාසයේ බෑන් කී මූන් මහතා ලංකාවට ආවා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විශේෂයෙන්ම සොයා බැලීමටත්, දේශපාලන විසඳුමක් ක්‍රියාත්මක කිරීමටත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කෙරෙන පියවර ගැනීමටත් එදා ආණ්ඩුවත් බෑන් කී මූන් මහතාත් එකඟ වුණා. ඒ ප්‍රකාශයෙන් අවුරුද්දකට පසුවත් ලංකා ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු පියවරක් නොගත් බව ජාත්‍යන්තරයේ රටවල් ගණනාවක් චෝදනා කළා. එක්සත් ජාතීන්ගේ මහලේකම් හැටියට බෑන් කී මූන් මහතා ඒ පිළිබඳව සොයා බලන්න කණ්ඩායමක් පත් කළා. ඒ කණ්ඩායමේ වාර්තාව ලැබුණු පසු තමයි ලංකාව ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද කියලා අද විශාල ප්‍රශ්නයක් ඇති වී තියෙන්නේ.

ජාත්‍යන්තර ප්‍රජාවේ වැඩ කටයුතු මෙහෙයවන රටවල් ගණනාවක් තියෙනවා. අපි මේ රටවල් සමඟ හැප්පෙනව ද නැත්නම් එකට එකතු වෙලා වැඩ කරනවා ද කියන එක තමයි ප්‍රශ්නය. අපේ රටේ සමහරු කියනවා ලෝකය අමතක කරලා අපි අපේ වැඩ කටයුතු කරගෙන යමු කියලා. ඒත් ඒ පිළිතුරෙන් අපට බේරෙන්න බැහැ. අද මේ රටේ ආර්ථිකය දුවන්නේ විශේෂයෙන්ම යුරෝපය සහ ඇමෙරිකාව ඇතුළුව විදේශ රටවල් සමඟ කරන ගනුදෙනු නිසා සහ ජපානය වැනි රටවලින් ලැබෙන ආධාර නිසායි. යුරෝපය සහ ඇමෙරිකාව සමඟ අපේ වෙළෙඳාම අඩු වුණොත්, අපට ලැබෙන ආධාර අඩු වුණොත් ඒක මේ රටට විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

අපේ පාක්ෂිකයන් කීප දෙනෙක්ම ඇහුවා මේක මහින්ද රාජපක්ෂගේ ප්‍රශ්නයක් නිසා එයාටම මේක විසඳගන්න අරින්නේ නැතුව අපි මොනවටද මෙතනට එකතු වෙන්නේ කියලා. ප්‍රශ්නෙ ඇති වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේයි. ප්‍රශ්නේ නිසා ඇතිවන විපාක ආණ්ඩුවට විතරක් සීමා වෙනවා නම්  අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් අවාසනාවට ආණ්ඩුව අරගෙන තියෙන මේ පියවර තවදුරටත් ඉදිරියට ගෙනිච්චොත් ඒකේ විපාක බලපාන්නේ මේ රටේ ජනතාවටයි. දැනටම පිටරට යන්න වීසා ගන්න අමාරුයි. පිටරටින් සංචාරකයන් පැමිණීම අඩුවෙලා. රටේ කීර්ති නාමය ගැන විශාල ප්‍රශ්න ඇතිවෙලා. යුරෝපය සහ ඇමෙරිකාව ලංකාව සමඟ පවතින වෙළෙඳාම අඩු වුණොත්, ආධාර අඩු වුණොත් එය බලපාන්නේ මේ රටේ ජනතාවටයි. එසේ නම් අපි රටේ ජනතාව ගැන සිතලා මේ ප්‍රශ්නය විසඳන්නේ කෙසේදැයි බැලිය යුතුයි. රටේ ජනතාවට මෙය බලපානවා නම් ඒ වෙනුවෙන් කතා කිරීමට අපට අයිතියක් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා පත් කළ උපදේශක මණ්ඩලයේ වාර්තාව ලැබුණු විට ලංකා ආණ්ඩුව එය විවේචනය කර ප්‍රතික්ෂේප කළා. එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වුණේ මෙයට එකඟ වුණත් නොවුණත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ජාත්‍යන්තර ප්‍රජාවත් සමඟ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි. දැන් ජනාධිපති සහ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟත්, ජාත්‍යන්තර ප්‍රජාව සමඟත් සාකච්ඡා කරනවා.

නමුත් තවම අපි එකඟත්වයකට පැමිණ නැහැ. අප ගන්නා පියවර කුමක්දැයි ප්‍රකාශ කර නැහැ. ආණ්ඩුව එය ප්‍රකාශ කළ යුතුයි. එසේ ප්‍රකාශ නොකර තිබෙන නිසා තමයි අද මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ. ලංකාව තුළ ආණ්ඩුවත් විරුද්ධ පක්ෂයත් එකට එකතු වී එකඟත්වයකට පැමිණ විසඳුමක් සෙවීම මේ ප්‍රශ්නයට ඇති හොඳම විසඳුම බව මගේ අදහසයි. අපට බාහිරින් විසඳුමක් සොයා දෙනවා ද නැත්නම් අප එකතු වෙලා මේ ප්‍රශ්නය ගැන විසඳුම් සොයා ගන්නවා ද යන විකල්ප දෙකෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛත්වය දෙන්නේ එකතුවෙලා විසඳුමක් සොයා ගැනීමටයි.

දැනට ලංකාවේ ආණ්ඩුව ඉන්දීය ආණ්ඩුවත් සමඟ සාකච්ඡා කර දහතුන් වන සංශෝධනය තවත් ශක්තිමත් කොට එය ව්‍යාප්ත කිරීමට එකඟ වී තිබෙනවා. දැන් මේ ගැන පියවර ගැනීමට කාලය ඇවිත්. මේ ගැන ක්‍රියා නොකර වැඩි කල් ඉන්න බැහැ. එහෙම වුණොත් අපිට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ගැටෙන්න සිදුවෙනවා. සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුවත්, මානව හිමිකම් කවුන්සිලයේ සමුළුවත් පැවැත්වෙනවා. වෙනත් රටවල පාර්ලිමේන්තු තුළත් මේ ප්‍රශ්නය මතු කරන්නට පුළුවන්. මේ ගැන ක්‍රියා නොකළොත් ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා ඇමෙරිකානු ආණ්ඩුවත්, කොංග්‍රසයත් ප්‍රකාශ කළා.  අප සියලු දෙනාටම මේ ගැන අවධානය යොමු කර ක්‍රියා කිරීමට කාලය පැමිණ තිබෙනවා. අප මෙය අතපසු කළහොත් එහි විපාකය ලැබෙන්නේ ලංකාවේ ජනතාවටයි. අප සියලු දෙනාම එකතු වී විසඳුමක් ලබාදීම හොඳම ක්‍රමයයි. ඒ බව මම මහලේකම්තුමාටත් කිව්වා.

යුද්ධයේ අවසන් අවස්ථාවේදී වන්නියේ ජනතාවගෙන් කොටසක් මිය ගියා. වාර්තා අනුව එම සංඛ්‍යාව හතළිස්දාහක්. සමහරු කියනවා සංඛ්‍යාව ඊට වඩා අඩුයි කියලා. කෙසේ හෝ යම්කිසි ප්‍රමාණයක් මරුමුවට පත් වුණා. ඊට පෙර උතුරේ, දකුණේ, නැගෙනහිර, සිංහල, දෙමළ, මුස්ලිම් බොහෝ දෙනෙකුගේ ජීවිත නැති වී තිබෙනවා. ඒ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අයත් හමුදාවේ අයත්, සාමාන්‍ය ජනතාවත් සිටිනවා. එහෙනම් යුද්ධය ගැන කනගාටුව පළ කිරීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

දෙවනුව තිබෙන්නේ මේ සඳහා දේශපාලන විසඳුමක් ලබා ගැනීමයි. දීර්ඝ කාලීන සාමය සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍යයි. ආණ්ඩුවත් එය පිළිගෙන තිබෙනවා. ඉන්දියාව සමඟ ඒකාබද්ධ ප්‍රකාශනයේදී මේ ගැන සඳහන් කළේ ඒ නිසයි. එමෙන්ම ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමඟත් සාකච්ඡා ආරම්භ කර තියෙනවා. මා කියන්නේ ඒ සාකච්ඡා ඉදිරියට ගෙන ගොස් අවසන් කළ යුතු බවයි. ඒ කණ්ඩායම් දෙක එකඟත්වයකට එන එකට අපි උදව් දෙන්න කැමතියි. ආණ්ඩුවත්, දෙමළ ජාතික සන්ධානයත් එකඟත්වයකට එනවා නම් ඊට පස්සේ තේරීම් කාරක සභා අවශ්‍ය නැහැ. ඒකට සහභාගී වෙන එකත් අපිට ප්‍රශ්නයක් නැහැ.

තුන්වෙනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමත් අපේ යුතුකමක්. යුද සමයකදී ප්‍රජාතන්ත්‍රවාදයට සීමා පැනවෙනවා. මාධ්‍ය මර්දනය ඇතුළු තවත් ප්‍රශ්න ගණනාවක් සමඟ ඒ සීමා තාමත් තියෙනවා. මේ සියල්ලම ඉවත් කරලා සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඇති නිදහස් සමාජයක් මේ රටේ ජනතාවට අප ලබාදිය යුතුයි. ත්‍රස්තවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ සංවිධානයක්. ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට බෙදන්න බැරි නිසා ත්‍රස්තවාදයෙන් රට බෙදීමට ක්‍රියා කළා. එය පරාජය කළා කියන්නේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවීමයි. බලය බෙදාහැරීමෙන් සහ දහතුන් වන සංශෝධනය ශක්තිමත් කිරීමෙන් අප ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතුයි. විශේෂයෙන්ම උතුරු – නැගෙනහිර දෙමළ ජනතාව මෙන්ම දකුණේ සිංහල, මුස්ලිම්, බර්ගර්, දෙමළ සියලු දෙනාගේම බලාපොරොත්තුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇති සමාජයක් නැවත ඇති කිරීමයි.

ඊළඟ මාස කිහිපය තුළදී මේ කරුණු තුන ගැන සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණියහොත් දීර්ඝ කාලීන සාමයක් මේ රටේ ඇති කිරීමට මේ ප්‍රශ්නයට අප විසඳුමක් දී ඇති බව ජාත්‍යන්තර ප්‍රජාවට කීමට අපට පුළුවන් වෙනවා.

පසුගිය නව වැනිදා බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා ලංකාවට පැමිණ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය පැවැත්වූවා. එහිදී ලියම් ෆොක්ස් මහතා සඳහන් කළ වචන කීපයක් මා මෙහිදී මතක් කරන්න කැමතියි.

“ලක්ෂ්මන් සහ මම ශ්‍රී ලංකාවට සාමය උදා කිරීමේ බලාපොරොත්තුව ගැන නිතර නිතර අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමි. අප දෙදෙනාම බෙදා හදා ගත් මතයක් වූයේ සාමය යනු යුද්ධයේ නිමාව පමණක් නොවන බවය. සැබෑ සාමය සඳහා තවත් ධනාත්මක ගුණාංග ගණනාවක් අවශ්‍යය. ඒ සඳහා බියෙන් නිදහස් වීම අවශ්‍යය. ජනමාධ්‍ය සමඟ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද අවශ්‍යය. නීත්‍යනුකූල ලෙස ප්‍රතිවිරුද්ධ මත දැරීමේ අයිතිය ද අවශ්‍යය. අර්බුදයට පාදක වූ හේතු සාධක මත අවධානය යොමු කරන සහ ශ්‍රී  ලාංකේය ජනතාවගේ සැබෑ දුක්ගැනවිලි ගැන හා අභිලාසයන් සලකා බැලෙන දේශපාලන විසඳුමක් ද අවශ්‍යය.” යනුවෙන් එතුමා සඳහන් කළා.

මෙය ලක්ෂ්මන් කදිරගාමර්ගේ හා ලියම් ෆොක්ස්ගේ පමණක් නොව මගෙත් බලාපොරොත්තුවයි. මෙය එක්සත් ජාතික පක්ෂයෙත් මේ රටේ බහුතර ජනතාවගේත් බලාපොරොත්තුවයි. අපට මේ අනුව ඉක්මනින්ම ක්‍රියාකළ හැකි නම් රටට වන විශාල හානියක් නවත්වා ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඊට අවශ්‍ය පරිසරය සකස් කර විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡා කරන්න පුළුවන් වාතාවරණයක් සකස් කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා.

දේශපාලන විසඳුමක් ඇති කරගැනීමට නම් දෙමළ සන්ධානය සහ ආණ්ඩුව සාකච්ඡා කළ යුතුයි. දෙමළ සන්ධානය කියන්නේ මේ සාකච්ඡා තවත් ඉදිරියට යන්න නම් ඔවුන් ඉදිරිපත් කරල තියෙන ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලබා දෙන්න කියලයි. යම් එකඟත්වයක් එතනින් ඇතිවෙනවා නම් ඊළඟ පියවර ගන්න පුළුවන්. ඒ අනුව දෙමළ සන්ධානය පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට සහභාගී වෙනවා නම් අපටත් ඊට සහභාගී වන්නට අවශ්‍ය පසුබිමක් සැකසෙනවා.

එතනදී අපි දහතුන්වන සංශෝධනයට පමණක් සීමා විය යුතු නැහැ.  ලියම් ෆොක්ස් මැතිතුමා කිව්ව අන්දමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කිරීම ගැන අපිත් ක්‍රියා කළ යුතුයි. අපිට තියෙන අභියෝගය එයයි. ඒ අභියෝගය අපි භාරගත යුතුයි. අපි ඔක්කොම එකට එකතු වෙලා මෙයට විසඳුම් ලබා දුන්නොත් ගොඩ එන්න පුළුවන්. අපි විසඳුම් ලබා දෙන්නේ නැත්නම් මේ රටේ ආර්ථික ප්‍රශ්න වැඩිවෙලා, ජනතාවගේ ප්‍රශ්න වැඩිවෙලා, මේ රටේ තරුණයන්ගේ අනාගතය නැතිවෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ කාරණය ගැන බලලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා දීර්ඝ කාලීන සාමයකට වුවමනා දේශපාලන පදනම දමන්න ක්‍රියා කරමු.

කෝපි දේශපාලනය ඉදිරියටම…………….(2011/07/17 ලංකා ඉරිදා සංග්‍රහය )

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජූලි 06 වැනිදා නිව්යෝක්හි දී එක්සත් ජාතින්ගේ මහලේඛම් බෑන් කී මූන් හමුවිමෙන් පසුව දක්වා ඇත් අදහස් සැලකිල්ලට ගත යුතුව තිබේ. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ නායකයා සුපුරුදු “සහයෝගිතා දේශපාලනය” අත්නොහැර පවත්වාගෙන යන්නට සුදානම්ය.

සහයෝගිතා දේශපාලනය

මූන් හමුවිමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ නිවේදනයකින් කියවුණේ ද එම අදහසමය. එහි සඳහන්වන ආකාරයට,

“පසුගිය කාලයේ අප පසුකළ කනගාටුදායක හා අනතුරුදායක සාමය අවබෝධ කරගෙන සාමය සහ සංහිඳියාව සඳහා කැප විය යුතුය.එක්සත් බව ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් කිරිම බලය බෙදාහදා ගැනිම, සමානාත්මතාවය හා සියලු ජන වර්ගයන්ගේ අයිතිවාසිකම්වලට ගරුකිරිම පදනම් කරගත් ජාති එකඟතාවක් නිර්මාණය කිරිමට අවශ්‍ය පරිසරය සැකසැම ඔස්සේ ශ්‍රී ලංකවේ කිර්තිනාමය සහ ජාත්‍යන්තර ප්‍රතිරුපය ආරක්ෂා කරගැනිමට ලංකාවේ සියලුදෙනා එක්ව ක්‍රියාකිරිම හොඳම විසඳුම බව” එහිදි විපක්ෂ නායකයා අවධාරණය කර තිබේ. සියලු ප්‍රජාත්‍රන්ත විරෝධි ක්‍රියාකාරකම් මැද, වංචා, දුෂණ හා බලහත්කාරී තීන්දු හා විරුද්ධ මතධාරින්ට එරෙහිවමුදාහැර තිබෙන මර්දනකාරීත්වය මැද විපක්ෂ නායකයා කතාකරන්නේ එසේය. අමරෙකානු සංචාරයෙන් පසු මෙරටට පැමිණි වික්‍රමසිංහ මහතා ජූලි 10 වැනිදා සුගතදාස අනුස්මරණ රැස්විමකට වෙමින් ද මෙසේ ද කියා සිටියේය.

“ලංකාව දැන් ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට ඇතුළු වෙලා තියෙන්නේ. අපි මේක විසඳගන්නකම් ලංකාව ඒ න්‍යායපත්‍රයේම තියේවි. ඒක නැතිවෙන්නේ නෑ කියා කීවා. දැන්, අපේ රටෙි කීර්තිනාමය ගැන විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා. ලංකාවයි යුරෝපයයි අමෙරිකාවයි අතර තියෙන වෙළෙඳාම අඩුවුනොත් ඒක බලපාන්නේ මේ රටේ ජනතාවටයි. විශාල ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මට පේන හැටියට මේ ප්‍රශ්නෙට තියෙන හෙඳම විසඳුම, හෙඳම විකල්පය  තමයි ලංකාව තුළදී ආණ්ඩුවත් විපක්ෂයත් එකට එකතුවෙලා එකඟත්වයකට පැමිණිලා විසඳුමක් සොයන එක”

රනිල් වික්‍රමසිංහ කෙසේවෙතත් එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් මෙහිදී සලකා බැලිය යුතුවන්නේ ආණ්ඩුවට සහයෝගය දෙනවාද නැද්ද යන්න නොව, තම පක්ෂයේ නායකයාම කියන මේ සහයෝගිතාවය ලබාදෙන්නට ආණ්ඩුවට ඇත්තේ කුමන සුදුසුකම්ද? යන්න ගැනය.විශේෂයෙන්ම රනිල් විසින් පසුගිය කාලයේ පවත්වාගෙන ගිය “කෝපි කෝප්ප දේශපාලනයෙන්” රටේ ජනතාවට හෝ එක්සත් ජාතික පක්ෂයට ලැබි ඇති ජයග්‍රහණ ඇත්දැයි විමසා බැලිය යුතුය. දේශපාලන පක්ෂයක් ලෙස අර්බුදයේ ගිලී සිටින අවස්ථාවේ එබඳු සහයෝගය ප්‍රදානය කිරිමක් තේරුම්ගත හැක්කේ දුබලකමක් ලෙසය.ආණ්ඩුවේ තිරණ නිසා විශේෂයෙන්ම‛හෙජීන්’ සිදුවිම, විදුලිය කප්පාදුව, පොහොර සහන කප්පාදුව හා ජිවන වියදම ඉහළයාම හමුවේ වැටුප් වැඩි නොකිරිම වැනි සාදකවලින් මේ වන විට පෙනි යන්නේ ජනතාව පීඩාවට පත්ව සිටින බවයි. හැරත් තම පාක්ෂිකයන්ට ගම් මට්ටමේන් දිගින් දිගටම පහර දෙන, ආණ්ඩුවේ පිළිවෙතට එරෙහිව හඬ නගනු වෙනුවට ආණ්ඩුවට පහර වදින අවස්ථාවල සහයට යාම ‛නිවටකම’ වශයෙන් විනා අන් කුමන ආකාරයෙන්වත් සාධාරණිකරණය කළ නොහැකිය.

මහින්දගේ දේශපාලන විසඳුම

ආණ්ඩුව විසින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට දේශපාලන විසඳුමක් දීම ගැන කියමින් ‛පාර්ලිමේන්තු කාරක සභාවක්’ යෝජනා කරයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට වසර ගණනාවක් විවිධ දේශපාලන පක්ෂ සමඟ ගෙනගිය එවැනි ‛තිස්ස විතාරණ කමිටුව’හුදු කතා සාප්පුවක් වූ හැටි අමතක කරන්නට හැකි වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උග්‍ර මිතුරෙකුට හෝ සිහි බුද්ධිනැති අයකුට පමණි. එහෙත් දෙමළ සන්ධානයත් සමඟ කතාබහක් කෙරෙන්නේ ද යලට මහට එපා වාහෙට හොදි බෙදනා ආකාරයෙනි. ඒ අනුව ආණ්ඩුවට අවශ්‍යවන්නේද දෙමළ ජනතාවට සහන ලබා දිම නොව, කල් මැරිම බව නිසැකවම පැවසිය හැකිය. ඒ සඳහා, ගෙන ආ සීමාවන් ආණ්ඩුව විසින්ම උල්ලංඝනය කරමින් තිබේ. දෙමළ ජනතාවට යුද්ධයේ පීඩාවට පසුව මිලිටරිකරණයේ පීඩාව නිසාත් හා ප්‍රාදේශිය පාලනය බිඳවැටිමේ තත්වයන් නිසාත් ඇතිවන කරදර වර්ධනය වි තිබේ.‛තේරිම් කාරක සභාවකින්’ හෝ විපක්ෂය සමඟ කෙරෙන සාකච්චා විසින් එම මර්දනකාරිත්වය ලිහිල් වන්නේ ද නැත.

ප්‍රජාතන්ත්‍රවාදී මුහුණක් පෙන්වමින් අත්තනෝමතික ඒකාධිපතිත්වයක් ක්‍රියාවේ යොදවන ආණ්ඩුවට එරෙහිව ‛ශාන්තිවාදී’ පිළිවෙතක් ගෙනයාම රනිල්ගේ පෞද්ගලික පිළිවෙතක් වුවහොත් කිසිවකුට එය ප්‍රශ්නයක් නොවනු ඇත. එහෙත් මේ කතාකරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ‛විපක්ෂ නායක’ ලෙෂ නම්කරනු ලැබූ පුද්ගලයාය. නව ලිබරල්වාදයේ දේශීය මුහුණුවර අලුත් වියයුතුව තිබේ. ආණ්ඩුව කුමක් කළත් අරලියගහ මන්දිරයට යමින් කෝපි පාලන කරමින් වික්‍රමසිංහ විසින් ගෙනයන මේ ‛දේශපාලන සංවාසය’ ජනතාවට ගෙන ආ යහපතක් නම් නැත. එයින් අවම වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයා සැනසීමට ඔහු අසමත් වී තිබේ. දිගින් දිගටම ජනතා විමික්ති පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයටත් ආණ්ඩුව විවේචනය කරන වෙනත් ජාතික හා ප්‍රාදේශි දේශපාලනඥයන්ටත් හිරිහැර කරමින් ගෙනයන ආණ්ඩුවේ දේශපාලනය සමඟ සිහි බුද්ධිය ඇත්තකුට නම් කිසිදු සහයෝගයක් තිබිය නොහැකිය. එවැනි තත්ත්වයකදී ආණ්ඩුවට කොන්දේසි විරහිත සහයෝගය පලකරන්නකු රටේ ජනතාවගේ පුළුල් දේශපාලන හිමිකම් වෙනුවෙන් ජයග්‍රහණ ලබාදෙතැයි විශ්වාස කළ නොහැකිය.

ජනතාවගේ පැත්තෙන් විවිධ ගැටලු රාශියකට එකවර මුහුණ දෙමින් තිබේ. බඩුමිල ඉහළ යාම හා වෙනත් ජීවන වියදම් ගැටලුවලට අමතරව විදුලිය කප්පාදුව, නියඟය හා හෙජින් අලාභය ගෙවීමට සිදුවීම ජනතාවට බලපාන ප්‍රශ්න වේ. මේ අතර ආසනික් කුමන්ත්‍රණය හරහා ගොවි ජනතාවට පොහොර සහනාධාරය අහිමිවීමේ තර්ජනයක් මතුවී තිබේ.

පොහොර කප්පාදුව

මෙතෙක් අක්කරයකට දුන් පොහොර සහනාධාරයෙන් 20% ක් කප්පාදු කර ඒ වෙනුවට රුපියල් 1200 බැගින් වෙළෙඳපොළට පොහොර නිකුත් කර තිබේ. 2003 වසරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනා අය-වැය මගින් පොහොර සහනාධාරය ඉවත් කරන්න උත්සහ කළ බව මෙහිදී අමතක කළ නොහැකිය. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන පක්ෂ ගොවීන් සමඟ එකතුවී, කොළඹ කොටුවේ මාරාන්තික උපවාස කරමින් පොහොර සහනාධාරය ආරක්ෂා කරගනු ලැබිණි.

2005 මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියැවෙන ආකාරයට රුපියල් 350ට පෙහොර සහනාධාරය දෙමින් තිබියදීත් ගොවීන්ට අක්කරයකට පොහොර කිලෝ 25 – 50 අතර ප්‍රමාණයක් වෙනම මිලදී ගන්න සිදු විය. දැන් ආණ්ඩුව උත්සහ කරන්නේ පොහොර සහනාධාරය සම්පූර්ණයෙන්ම ඉවත්කර විවෘත වෙළෙඳපොළෙන් පොහොර මිලදී ගන්නා තත්ත්වයට පත්කිරීමටය.

අද වනවිට වී ගොවියා විසින් කළ යුතු කෘෂිනාශක, වල්නාශක ආදී යොදවුම්වල මිල ගණන් 40%කින් පමණ ඉහළ ගොස් තිබේ. මේ අනුව වී නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබේ. එහෙත් වී මිල එසේම පවතින නිසා ගොවි ජනතාවගේ ආදායම ඉහළ ගොස් නැත. ආණ්ඩුව පොහොර සහනාධාරය කප්පාදු කරන්නේ එවැනි තත්ත්වයක් තුළය. එපමණක් නොව, අකුරු භෝග න්‍ගාවන්ට පොහොර සහනාධාරය නොදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. මෙසේ පොහොර සහනාධාරය කප්පාදු කරන්න හේතුව විදියට ආණ්ඩුව කියන්නේ පසේ රසායනික සාන්ද්‍රණය වෙනස්වීමය. දැනට ගණනය කර ඇති ආකාරයට වී වගා අක්කරයකින් වී කිලෝග්‍රූම් 2000ක් නිෂ්පාදනය කිරීමේදී පසෙන් නයිට්‍රජන් කිලෝ 40ක් පොටෑසියම් කිලෝ 30ක් හෝ 40ක්, පොස්පරස් කිලෝ 4-5 අතර ප්‍රමාණයක් ඉවත්වන නිසා ඒ ප්‍රමාණය නොකඩවා පසට ලැබිය යුතුය.

කෙසේවෙතත් පොහොර සහනාධාරය අහිමි කිරීමෙන් වී නිෂ්පාදනයත් ගොවි ජනතාවගේ ආර්ථික ස්වාධීනතාවයත් අහිමිකර දිගින් දිගටම සිදුවන ආකාරයට ගොවියා අසරණ තත්ත්වයෙන් මහමගට ඇදදැමීමේ ක්‍රියාවලිය ඉදිරියට යනු ඇත.

නිදහසට කරුණු

යුද්ධය තිබියදී ආණ්ඩුව කිව්වේ යුද්ධය නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරි බවය. රැකියා ප්‍රශ්නය, අඩු වැටුප්, ඉහළ යන බඩු මිල, සෞඛ්‍ය සේවයේ පිරිහීම, අධ්‍යාපන අවස්ථා පුළුල් නොවීම ඇතුළු ජනතාවට දැනෙන බරපතළ ප්‍රශ්න විසදීමට නොහැකි වී ඇත්තේ යුද්ධයට යන වියදම නිසා බව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයෝ පුන පුනා ප්‍රකාශ කළහ. එහෙත් මේ වන විට යුද්ධය අවසන්කර අවුරුදු දෙකකට වැඩියෙන් ගෙවීගොස් තිබේ. යුද්ධයට ගිය කෝටි ගණන් මුදල් ඉතිරි වියයුතු නමුත් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්නට තබා පැවැති තත්ත්වයෙන් පවත්වාගෙන යන්නටත් ආණ්ඩුව අසමත්ව සිටී.

ඒ අතරම ජනතාව මුහුණදෙන ඇතැම් ප්‍රශ්න විසඳන්න වැඩිපුර බලය අවශ්‍ය බවක් ආණ්ඩුවෙන් ප්‍රකාශ විය. විධායක ජනාධිපති බලය ශක්තිමත් කිරීමත් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයත් අවශ්‍ය බව කීවේ ඒ නිසාය. මහමැතිවරණයේදී එසේ ඉල්ලා සිටි තුනෙන් දෙකක බලය ආණ්ඩුවට ලැබුණේ නැතත් මන්ත්‍රීවරුන්ට වරදාන, වරප්‍රසාද දීලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබාගනු ලැබිණි. එහෙත් තවමත් ප්‍රශ්න විසඳන්න ආණ්ඩුවට හැකි වී නැත. මැතිවරණවලදී දුන් අත් පොරොන්දු කිසිවක් ඉටු කරන්නටද හැකි වී නැත.

දැන් ආණ්ඩුව විසින් හොර රහසේ විදුලිය කපමින් ජනතාව අසහනයට ඇද දමයි. පසුගිය ජනවාරි මාසයේ විදුලි බිල වැඩි කරනවිට ආණ්ඩුවෙ ඇමතිවරු ප්‍රකාශ කළේ නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ බලාගාර නිසා නැවත කිසිදිනක විදුලි කප්පාදු ඇති නොවන බව හා විදුලිය ඉන්දියාවට පවා අපනයනය කරන බවකි. එහෙත් දැන් ජනතාවට නොදන්වා විදුලි කප්පාදුකිරීම සිදුකරයි. සාමාන්‍යයෙන් විදුලිය ඇනහිටුවීමකට කලින් ඒබ ව ජනතාවට දැනුම් දියයුතුය. එහෙත් දැන් ජනතාවට කියු දේ වමාරාගන්නට නොහැකි නිසා ආණ්ඩුවට විදුලිය කැපීමට සිදුවන බවක් ප්‍රසිද්ධියේ කියන්නටවත් වත්මන් ආණ්ඩුවට හැකියාවක් නැත.

උතුරේ මිලිටරිකරණය

යුද්ධය අවසන්ව දෙවසරක් ගෙවී ඇතත් අදවනවිට උතුරේදී යුද්ධයේ පීඩාවට පත්වූ දෙමළ ජනතාව තවතවත් දුකට පත්වෙමින් සිටී. යුද්ධයට පෙර ජනතාව නිදහසේ ජීවත් වූ ඉඩම්වල හමුදා කඳවුරු ඉදිකෙරෙමින් තිබේ. හමුදාව විසින් ඇතැම් ඉඩම් අත්පත් කරගෙන ඒවා රජය කොටින්ගෙන් අත්පත් කරගත් ඉඩම්බව කියනු ලබයි. ඒවා දෙමළ ජනයාගේ නොවේයැයි පැවසීම කිසිසේත් සාධාරණ නොවේ. විශේෂයෙන්ම කිලිනොච්චිය නගරයේ පිහිටි ව්‍යාපාරික ස්ථාන, ඉඩම්, නිවාස ගොඩනැගිලි බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇත.

දැන් බලන විට වත්මන් තත්ත්වය නිසා දෙමළ ජනතාව කබලෙන් ලිපට වැටුණාක් මෙන් බරපතළය. කිලිනොච්චියේ කෝවිල් උත්සවයක් පැවැත්වුණි. එහිදී පාරම්පරික ආගමික සංකේතයක් ලෙස සැලකෙන ‛නන්දි’ කොඩිය ඔසවන ලදී. එහෙත් හමුදා සාමාජිකයන් ලෙස සැලකිය හැකි පිරිසක් එම කොඩිය ගලවාගෙන ගියෝය. කෝවිලක පවත්වන උත්සවයකදී ආගමික කොඩි ගලවාගෙන යන විට නම් එහි ඇත්තේ කවර නම් නිදහසක්දැයි විමසිය යුතුය.

යුද්ධයට පසුව සාමාන්‍ය පරිපාලනය ක්‍රියාත්මක නොකර හමුදා පාලනයක් පවත්වාගෙන යාමත් දෙමළ ජනතාව ආරක්ෂා කරන බව කියමින් ඔවුන් සතු නිදහස අවුරාලීමත් දිගටම සිදුවේ. දේශපාලන පක්ෂ විසින් ආණ්ඩුවට වරින්වර බලපෑම් කළ ද මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධි තත්ත්වයේ වෙනසක් සිදුව නැත. ආණ්ඩුවේ නායකයන් පවසන ආකාරයට ‛සාමය උදාකිරීමේ කෘතඥතාවය’ වෙනුවෙන් ජනතාව වත්මන් රාජපක්ෂ පාලනයේ වහලුන් වියයුතුයැයි අදහසක් ආණ්ඩුවට තිබේ. එහෙත් උතුරේ හෝ දකුණේ හෝ ජනතාව ඊට සූදානම් නැති බව පැහැදිලිය.

මගහැර යාම වෙනුවට පැත්තක් ගැනීම (2011/07/10 රාවය සමබිම පිටුව)

‛පුරවැසි අයිතිය’ විසින් ජූලි පස් වන දා කොළඹදී පැවැත්වූ ‛තොරතුරු හෙළිකරනු!’ සම්මන්ත්‍රණයේදී කතා කළ ජයතිලක කම්මැල්ලවීර මහතා එක්සත් ජාතික පක්ෂයට කියා සිටියේ ආණ්ඩුව ඉදිරිපත් කරන තුරු බලා නොසිට  ‛තොරතුරු ලබා ගැනීමේ අයිතිය’ පිළිබඳ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව තම මතය ඉදිරිපත් කොට සංවාදයකට ඉඩ සැලසුවා සේම ‛ජාතික ප්‍රශ්නය’ පිළිබඳව ද තම ස්ථාවරය හෙළිකරන ලෙසය. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ද සභාවේ සිටියේය.

2001 දී පාර්ලිමේන්තු බලය ලබාගත් වහාම එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමක් අත්සන් කොට සාම සාකච්ඡා ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ සම්පූර්ණ බලය ඇතිව නොව විපක්ෂය නියෝජනය කරන සර්වබලධාරී  ජනාධිපතිවරියක විධායක බලය පරිහරණය කරද්දීය. ඒ සටන් විරාම ගිවිසුම ඇති කර ගැනීම වෙනුවෙන් එ.ජා.ප. නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ගෙවන්නට සිදු වූ දේශපාලන වන්දිය අති විශාලය. ගිවිසුම ගසන අවස්ථාවේදී ඒ වෙනුවෙන් පෙනී සිටි ජී.එල්, මහින්ද සමරසිංහ, රාජිත, බන්ධුල, කෙහෙළිය සහ දැනට ආගිය අතක් නැතිව සිටින බෝගොල්ලාගම, හේමකුමාර සහ මිලින්ද ඇතුළු බොහෝ දෙනෙක් පසුව තම පුද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් මහින්ද චින්තනවාදීන් බවට රූපාන්තරණය වී දෑත ශක්තිමත් කිරීමට යාම නිසා සටන් විරාම ගිවිසුමේ සම්පූර්ණ වගකීම වික්‍රමසිංහ මහතාගේ කරපිට පැටවිණි.

එවන් පසුබිමක් යටතේ තමන් විපක්ෂය විනාශ කිරීමට යොදාගත් ජාතිවාදී සටන් පාඨ තමාම වමාරා කමින් 13 වන සංශෝධනය මත පදනම් වී බලය බෙදන බවට ඉන්දියාව සමඟ ඒකාබද්ධ ප්‍රකාශන නිකුත් කිරීමට ද ඉස්සර තමන් විසින් කොටි වලිගා යැයි අවලාද කළ දෙමළ ජාතික සංධානය සමඟ දේශපාලන විසඳුමක් ගැන සාකච්ඡා කිරීමට ද ආණ්ඩුවට සිදුවී ඇති මොහොතක මෙම තත්ත්වයෙන් ආණ්ඩුව ඇණ ගන්නා සැටි බලා ඉඳිමින් කාලකණ්ණි සතුටක් ලැබීමට විපක්ෂයට, විශේෂයෙන්ම එ.ජා.ප. යට ආසාවක් ඇති වීම සාධාරණය.

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම තවදුරටත් ප්‍රමාද කිරීම කළ නොහැකි බව දැන දැනත්, විධායක බලය හිමි ජනාධිපති වශයෙන් තමා කොන්ද කෙළින් තියාගෙන තීරණයක් ගන්නේ නැතිව, තමන්ට වාසිදායක තීරණ සියල්ල තම තනි මතයට ගනිමින් මේ ප්‍රශ්නය පමණක් පාර්ලිමේන්තුවට තල්ලු කොට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට මුවා වී ජාම බේරා ගැනීමට ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියා කරන මොහොතේදී ආණ්ඩුව ස්වයං විනාශයකට පත්වන තුරු පැත්තකට වී බලා සිටීමට ආශාවක් විපක්ෂයට ඇති වීම ද තේරුම් ගත හැකි තත්ත්වයකි.

මේ අනුව එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මංගල සමරවීර මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ පළමුව ආණ්ඩුවේ විසඳුම ඉදිරිපත් කරන ලෙසත්, ඒ සඳහා සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ වාර්තාව පදනම් කරගත හැකි බැවින් තමන් යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට  සහභාගී නොවන බවයි. ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජනතාවගේ ‛සැබෑ’ ප්‍රශ්න විසඳීමට අපොහොසත් වීම ගැන එක පැත්තකින් ආණ්ඩුවට දොස් පවරන අතර අනෙක් පැත්තෙන් බලය බෙදීම ප්‍රශ්නයට විසඳුමක් නොවන බව කියා සිටි අතර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කරන බව ප්‍රකාශ කළේය.

තත්ත්වය මෙසේ තිබියදී අහක බලාගෙන සිටීමට ඕනෑ තරම් හේතු සාධක ඇතිවත්  එදා ජයතිලක කම්මැල්ලවීර මහතා කළ අභියෝගයට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සාධනීය උත්තරයක් දී ඇත. ඒ පසුගිය 10 වන ඉරිදා පැවති වී.ඒ. සුගතදාස ගුණ සමරු උත්සවයේදීය. ‛ලංකාව දැන් ජාත්‍යන්තර න්‍යාය පත්‍රයට ඇතුළු වී හමාර බවත්, ජාත්‍යන්තර ප්‍රජාවට පිටු පා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැති බව ද, ආණ්ඩුව දැන් ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වී ක්‍රියා කිරීම ආරම්භ කොට ඇති බව ද, එහිදී ආණ්ඩුව සහ විපක්ෂය එක්වී විසඳුමක් ඇති කරගත යුතු බවද, එයට සහාය දීමට තමා සූදානම් බව ද ඔහු ප්‍රකාශ කොට ඇත.

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා දැනට ඉන්දියාව සමඟ එකඟ වී ඇති ආකාරයට 13 වන සංශෝධනය මත පදනම් වී බලය බෙදීමක් කළ යුතු බවත්, ඒ සඳහා ආණ්ඩුව සහ දෙමළ ජාතික සංධානය සමඟ පැවැත්වෙන සාකච්ඡා මගින් එකඟත්වයක් ඇති කරගත යුතු බවත්, එසේ පැමිණෙන එකඟතාවයට එක්සත් ජාතික පක්ෂය සහාය දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.

පුරුෂ වර්ගවාදී ග්‍රාම්‍ය උපමාවකින් මෙම තත්ත්වය පැහැදිලි කළහොත් තරුණ යුවළක් විවාහ වීමෙන් පසු මධු සමය ගත කිරීමට යන්නේ තම ප්‍රථම ලිංගික සංසර්ගය සඳහා බව කවුරුත් දනිති. මෙම ක්‍රියාවලියේදී මනාලියගේ මෙන්ම මනාලයාගේ ද කන්‍යා භාවයට හානි පැමිණේ. මෙහිදී මනාලයා කන්‍යා භාවයට හානි පැමිණීම පිළිබඳව කල්පනා කරමින්, ලිංගික සංසර්ගයේ යෙදීම ප්‍රමාද කරන්නේ නම් සිදුවන්නේ ඔහු ෆැන්ටසි සාගරයක ගිලීයාම සහ පැය කිහිපයකින් මධු සමයේ රාත්‍රිය ගෙවී ප්‍රතිඵලයකින් තොරවම පසුදිනට එළි වීමය. ජනාධිපතිවරයා, ආණ්ඩුවේ විවිධ පක්ෂවල නායකයන් සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ නායකයින් මංගල රාත්‍රියේදී තමා අතින් සිදුවිය යුතු වගකීම ඉටු කිරීම පසුවට කල් තබමින් ෆැන්ටසි සාගරයක ගිලී සිටිද්දී රනිල් වික්‍රමසිංහ මහතා කළ යුතු දේ පිළිබඳ වගකීම නොබියව ගෙන ඇත.

ඉහත සියලු තොරතුරු සවිඥාණිකව පරිශීලනය කරණු ලබන සිහි බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට පැහැදිලිව අවබෝධ කර ගත හැකි සත්‍ය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ලංකා පුවත්තේ පිටුවක් පුරා දිග හැරෙන මේ වියමන පුරාවටම ඇත්තේ තෝරා ගැනීම් වෙනුවට මගහැර යාම් බවය. මේ ලිපිය මනා සිහිබුද්ධියෙන් පරිශීලනය කරණ අයෙකුට අවබෝධ වන්නේ  මේ ලිපිය යනු පසුගිය සතිය පුරාවට ජනතා විමුක්ති පෙරමුණ විසින් විවිධ ස්ථානයන් හිදී කරණු ලැබු ප්‍රකාශයන් සියල්ල එක් කොට එක් වියමනක් සේ ගොනු කිරීමක් විනා මෙම ලිපිය මගින් ගොඩ නගන්නට උත්සහ කරණ දේශපාලන මතවාදය හෝ තර්කය කුමක්ද යන්න ගැන පැහැදිලි නැති බවය.

අප සමබිම අතිරේක ඔස්සේ රනිල්ගේ ප්‍රකාශය මනා ලෙස අර්ථ ගන්වමින් මේ රටේ ජනවාර්ගික ගැටලුවේ දී අප තෝරා ගනු ලබන මාර්ගය පීළිබදව මගහැර නොගොස් තෝරා ගන්නා මාර්ගය පිළිබදව සෘජුවම ප්‍රකාශයට පත් කොට ඇත. කවුරු කොහොම විරුද්ධ වුවත් බලය බෙදිය යුතුය යන මතවාදය අපවිසින් කිසිම විටකදී මගහැර නොගොස් එය තෝරා ගතයුතු මාර්ගය වශයෙන් ප්‍රකාශයට පත් කළෙමු.

නමුත් මේ වියමන පුරාවට ජනතා විමුක්තා පෙරමුණ රටේ පවතින නොයෙකුත් ගැටලු සමිබන්ධයෙන් පුහු තර්ක ඉදිරිපත් කරමින් ප්‍රධාන තේමාව වන ජනවාර්ගික ගැටලුවට විසදුම් සෙවීම සිවිම් ආකාරයෙන් මගහරින බව පැහැදිලිය. කොතරම් දෙමල ජනතාව සම්බන්ධයෙන් විස්සෝපයෙන් කතා කලත් ජ.වි.පෙ තවමත් සිංහල ජාතිවාදය පෝෂණය කරණ පක්ෂයක් වන නිසා දෙමලාට බලය බෙදනවාට ජාතිවාදි ජ.වි.පෙ තවමත් විරුද්ධය. මේ වන විටත් ජනවාර්ගික ගැටලුවට විසදුම ලෙස 13 එහා ගිය විසදුමක් ලබා දීම යන මාතෘකාව සම්බන්ධයෙන් ඔවුන් කසාය බිවූ ගොලුවන් පරිද්දෙන් මුනිවත රකිමින් සිටියි. එදා ප්‍රභාකරන්ගේ මරණය මොහොතේ හන්දි ගානේ කිරිබත් කෑ සිය ජාතිවාදී සමාජිකයන්ගේ මනදොල පුරවනු වස් දෙමළ ජාතියේ අයිතීන් වෙනුවෙන් මුනිවත රැකීමේ ජ.වි.පෙ පිළිවෙත හරියටම සමපාත වෙන්නේ ඉස්සරහින් බුදු සරණයි කියා පසුපසින් හොර හරකුන් මරන්නට ගෙනයන ලොරියකට යැයි පැවසීම සාධාරණය. ජ.වි.පේ. ඉහළ මට්ටමේ සාමාජිකයෙකු මා සමග පැවසුවේ ප්‍රභාකරන්ගේ මරණය අවස්ථාවේ පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන්ට කිරිබත් උයන තැන් වලට යන්න යැයි කියන ගමන්ම ඔවුන් වැල්ලවත්තේ දෙමල ජනයාගේ සුව දුක් බලන්නට ගිය බවයි. මේ ඩබල් ගේමි ක්‍රමය නිසා පක්ෂයක් ලෙස ජ.වි.පෙ ජෝක් වීමේ කාලය දැන් උදාවෙමින් පවතින බව පැහැදිලිය. අපි තවත් ජාතියක විමුක්තිය ජෝක් කරන විට අපේ ජාතික විමුක්තිය ඉබෙිටම ජෝක් එකක් වන බව දැන්වත් ජ.වි.පෙට අවබෝධවනවා නම් හොදය.

මීට පෙර ජවිපෙ හිස්ටරික චන්දීකා කුමාරතුංග සමග පරිවාස දීග කන්න ගියා. පස්සේ ග්‍රස්ථික නියුරෝසික මහින්ද රාජපක්ෂව ජනාධිපති පුටුවේ වාඩිකරවලා ප්‍රභාකරන් ඇතුලු කොටි සංවිධානය සමූල ඝාතනය කරන්න මහින්දට උදවි කළා. පස්සේ සරත් ෆොන්සේකා මේ රටේ ජනාධිපති කරන්න වළි කෑවා. දැන් දෙමල ජනතාවගේ අයිතීන් උදෙසා යැයි කියමින් අපි ශ්‍රී ලාංකිකයෝ යැයි මරහඩ තලන ගමන්ම බලය බෙදනවාටත් විරුද්ධ වෙනවා. මේ හැම කාරණයකින්ම ඔප්පු වන්නේ මේ රටේ දක්ෂිණාංශික පක්ෂ වලටත් වඩා වාමාංශිකයි යැයි කියා ගන්නා ජවිපේ ජනප්‍රියවාදී දේශපාලනය පසුපස හබායන බව නොවෙද? අපේ දේශපාලනයේ සහ ජවිපෙ දේශපාලනයේ බෙදුම් ඉර තීරණය වන්නේ මෙන්න මෙතනදීය.

අපි දේශපාලනය සම්බන්ධයෙන් වැහිලිහිනියන් ලෙස කටයුතු කරද්දී ජවිපේ කපුටන් ලෙස දේශපාලනයේ නියැලෙනවා යැයි කියන්නේ මෙන්න මේ නිසාය. අපි අනාගත සමාජ අර්බුදයන් කලින්ම සංජානනය කරලා ඔන්න වහින්නයි යන්නේ සූදානම් වෙයල්ලා යැයි සවිඥාණිකව ඉගි කරද්දී කපුටන් ලෙස ජවිපෙ කරන්නේ උදාවුණ සමාජ අර්බුදයෙන් තමන්ට කන්නට පුලුවන් ලොකුම කොට කෑ ගහමින් භුක්ති විදින එක පමණි.

ජනතා විමුක්ති පෙරමුණ සමග හෝ එහි සාමාජිකයන් සමග කිසිදු පෞද්ගලික වෛරයක් අපට නොමැති අතර ඔවුන් සම්බන්ධයෙන් අපට ඇත්තේ දේශපාලන විවෙිචනයන් පමණි. රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ද මෙපරිද්දෙන්ම දේශපාලන විවෙිචනයන් පමණක් ඇති නිසා හොද දේ අගය කිරීමේ දේශපාලනික විනය සම්බන්ධයෙන් අපට විස්වාසය. මේ නිසිා වසර ගණනක් යුද්ධයෙන් බැට කෑ දෙමළ ජනතාවට බලය බෙදීම මගින් ස්ථිර ව්සදුමක් ලබා දෙනවාට කැමති අප දේශපාලන කුහක කමින් තොරව රනිල්ගේ ප්‍රකාශය අගය කලෙමු.

දේශපාලන නායකයකු වශයෙන් ඔහු ඒ කළ ප්‍රකාශය අගය  කළ යුතුය. මෙම ප්‍රශ්නය ‛හොරගල් ඇහිලීමෙන්’ විසඳිය නොහැකි බවත්, ලංකාව තවත් බුරුමයක් හෝ සිම්බාබ්වේ දේශයක් බවට පත්වීමට සහ අනාගතයේදී විදේශ මැදිහත්වීමක් මගින් රට බෙදන තත්ත්වයක් ඇති වීම වැළැක්වීමට අද රටක් වශයෙන් නිර්භීත තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය වන බවත් අප දිගින් දිගටම දරන ලද ස්ථාවරයයි.

“13 දීම යනු ඊළාමය පස්ස දොරින් දීමක් බව අපි නොපැකිළිව ප්‍රකාශ කරමු. මේ අවස්ථාවේ රජය විසින් කළ යුත්තේ 13 කප්පාදු කරන බවක් අඟවා ඉදිරිපත් කිරීම නොව එය අවලංගු කිරීමට කටයුතු කිරීමයි” යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මතයට ප්‍රතිවිරුද්ධ මතය දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති දොස්තර ගුණදාස අමරසේකර මහතා විසින් පසුගිය 10 වන දා දිවයින ඉරිදා සංග්‍රහයේ පළකොට ඇත.

ලංකාවේ අනාගතය තීරණය වන මාර්ගය වැටී ඇත්තේ ඉහත දැක්වූ ස්ථාවර දෙකෙන් එකක් ඔස්සේය. එක මාර්ගයක් අනාගතය දෙසට යොමු වී ඇති අතර අනෙක් මාර්ගය අතීතය දිහාවට යොමු වී ඇත. හරියටම කිව්වොත් මීට වසර දහයකට පෙර සර්බියාව මුහුණ දුන් අභියෝගයටම වෙනත් ස්වරූපයකින් ලංකාව මුහුණ දී ඇත. මේ දෙදෙනා හැරුණු විට වමේ සහ දකුණේ අනෙක් සියලුම දේශපාලන නායකයන් මේ සැබෑ ප්‍රශ්නයට සෘජුව මුහුණ දීමට අසමත් වීම නිසා ආසනික් වැනි සරල ප්‍රශ්නවල එල්ලී සිටිති. වැඩිකල් නොගොස් ඔවුන්ට ද ඉහත දැක්වූ ස්ථාවර දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවනු ඇත.