පශ්චාත් නූතන බහුජන කළාව

පශ්චාත් නූතන තත්ත්වය  යනු කුමක්ද යන්නට ෆෙඞ්රික් ජෙම්සන් නම් පශ්චාත්  මැක්සියානු බුද්ධිමතා දුන් පිළිතුර වූයේ එය පසු ධනවාදයේ සංස්කෘතික තර්කනය වන බවය. එවිට මේ පශ්චාත් ධනේෂ්වර ආර්ථිකය හැම පුද්ගලයකුටම සංස්කෘතිය සමග ගනුදෙනු කිරීමට අවස්ථාව සැලසීමයි. මේ නිසා කලාකරුවා සහ සහෘදයා අතර සීමා ඉර බොඳ වී ඇත. කොටින්ම මේ බහුජන සංස්කෘතිය (ඵ්ිි ක්‍මකඑමරු* තුළ සහෘදයින් කියා කොටසක් නැත. හැමෝම කලාකරුවන්ය. එලෙසින්ම පශ්චාත් නූතන තත්ත්වය තුළ ජනප‍්‍රිය සංස්කෘතිය යනු කලාව පිළිබඳ සහ සම්බන්ධ ප‍්‍රති …………. (ඊසබ්රහ ධචචදිසඑසදබි* විසංයෝජනය වීමකි. එවිට උසස් නවකතා සහ පහත් නවකතා කියා දෙයක් නැත.

ප‍්‍රශ්නය නම් ජනප‍්‍රිය සංස්කෘතිය අධිපති මතවාදයට එරෙහි ව්‍යාපෘතියක් වන්නේ ද නැතහොත් එය සමාජ වෙනසක් ඉල්ලා සිටින්නේ ද යන්ය. බොහෝ විචාරකයන්ට අනුව ජනප‍්‍රිය සංස්කෘතික ප‍්‍රබන්ධ පවතින ක‍්‍රමයට පහර එල්ල කරයි. එහෙම නැත්නම් මේවා තුළ ඊනියා විප්ලවවාදී පණිවිඩයක් අන්තර්ගතව ඇත. සමහර විචාරකයින්ට අනුව සංත‍්‍රාස ජනක චිත‍්‍රපට  වලින් කෙරෙන්නේ ධනේශ්වර සංස්කෘතියේ මූලික අංගයන්ට පහර දීමකි.

සමහර ජනප‍්‍රිය ප‍්‍රබන්ධවල වීරයා, නිරාචාරවත් වූ පවතින සමාජ ක‍්‍රමයට එරෙහිව තනිවම සටන් වදී. නිදසුනක් ලෙස පුද්ගලික රහස් පරීක්‍ෂකයින් පිළිබඳ කතා මඟින් යුක්තිය ඉටු කිරීම පිණිස වන රජයේ මැදිහත් වීම තුළ පවතින නිරේථක බව හෝ දුර්වලකම විවේචනය කිරීම දැක්විය හැක. බොහෝ විට මේ කතාවලදී ඉහළ පන්තියට තර්ජනයක් වූ තනි රහස් පරීක්‍ෂකයකුගේ බුද්ධිය සහ ශූරකම ජයගන්නා හැටි නිරූපණය වේ. ජේමිස් බොන්ඞ් හා සුපර්මෑන් වැනි චරිත පිළිබඳ උම්බර්ටෝ එකෝ  බඳු විචාරකයින්ගේ අධ්‍යයනයන්ට අනුව ඒවා ස්ථික්ත වූ හොඳ සහ නරක පිළිබඳ ලෝකය නිරාවරණය කරන කල්පිතයන්ය.

ජනපි‍්‍රය සංස්කෘතියේ නිර්මාණ එලෙස සමාජ අසාධාරණයන්ට එරෙහි ව්‍යාපාරයක් ලෙස පවතිනවා විය හැක. නිදසුනක් ලෙස සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන්, දීපාල් පෙරේරා වැනි නායකයින් ගේ ගීත වලින් සමාජයේ පවතින දුර්වලකම් පතුරු ගැසීම ගත හැක. එහෙත් එම භාවාතිෂයමය ප‍්‍රකාශනයන්ගෙන් සමාජ වෙනසකට සිදුකරන මෙහෙයක් නැත. ඉන් රසඥතාව තමාට වී යයි. අiතන නිර්මාණ සාහිත්‍යාංග තුළ පවතින භාවාතිෂය විගඩම් ශෛලිය නිසාද සිදු වී ඇත්තේ එයමය.

රුමේනියාවට කුමක් සිදුවූවක් සිදුසේකු තමා තුළ මව්බිමට ඇති ආදරයත් උජාරුවත් පුනරුච්චාරණය කළේය. මා යටකී භාවාතිෂය නිර්මාණ කරුවන් ගන්නේද සිසුසේකු ගත් මඟමය. අප ලියන්නේ රට වෙනුවෙනැයි ඔවුන් තර්ක කරනු ඇත. තම නිර්මාණ වලින් මේ පවතින සමාජ අසාධාරණය එළ දරව් නොකරන්නේදැයි ප‍්‍රශ්න කරනු ඇත. එය හරියට අපි රට වෙනුවෙන් ක‍්‍රීඩා කරන්නෙමුයි හඬ නගන ධනේශ්වර ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ගේ බොල් හඬට දෙවෙනි නැත. එහෙත් සාහිත්‍ය තුළ සිදුවන විනාශකාර ක‍්‍රියාදාමය කිසිවකු නොදකී.

අද මහ දිගු නවකතා නොලියවෙයි. ලිපිවත් ඒවා කියවන කෙනෙක් නැත. ටෝල්ස්ටොයිගේ යුද්ධය හා සාමය, ඩොස්ටොව්සිකිගේ කර්මසොමි සහෝදරයෝ වැනි නවකතා එදා කියවූ ඉවසිල්ලෙන් කියවන කෙනෙක් අද නැත. අiතන නිර්මාණ සාහිත්‍ය පිළිබඳ විදග්ධ විචාර ශෛලියක් නැත. ලිව්වත් ඒවා කියවන කෙනෙක් නැත. සදාචාරය අධි නිශ්චය වීම නිසා වැදගත් සිිිනමා නිර්මාණ නැරඹී නම් හිමිකම පේ‍්‍රක්‍ෂකයාට අහිමි වී ගොස්ය. එහෙත් ප‍්‍රශ්න නොකරන දේ නම් මේ ‘‘අසභ්‍ය චිත‍්‍රපට’’ පොදු ජනයාගෙන් වසන් කිරීම සඳහා නරඹන වාරන මණ්ඩලවල සිටිනවුන් තවමත් කුනු වී නොමැත්තේද යන්නයි.

සමාජ ප‍්‍රශ්න පිළිබඳ භාවාතිෂය වීම විසින් අපට ඉතිරි කරනු ලැබ ඇත්තේ එවැනි පිරිහුන භාවිතාවකි. එවැනි භාවිතාවක් තුළ ජාතිය සහ ආගම යනු දේශපාලනික ලෙස අලෙවි කළ හැකි භාණ්ඩ පමණක් බවට පත්ව තිබීම ගැන අප පුදුම විය යුතු නැත.
සමන් වික‍්‍රමාරච්චි

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s