සින්හල ඉතිහාසය රජ මාලිගාවෙ ඉතිහාසය නොවෙ

ජනාවාස පුරා විiාව

මීට වසර ගණනාවකට පෙර පටන් මානවයාගේ සම්භව්‍ය සහ ව්‍යාපෘතිය පිළිබඳව කරුණු සොයා බලන්නට පුරා විiාව නමින් විෂයක් සොයා ගනු ලැබුවන් පුරා විiාව ක්‍ෂෙත‍්‍රයට අලූතින්ම එක්වන සංකල්පය වන්නේ ‘‘ජනාවාස පුරා විiාවයි’’ විසිවන ශත වර්ෂයේ මුල් භාගයේ පටන්ම ජනාවාස පුරා විiාව  නම් වූ වචනය භාවිතයට පැමිණියා. මෙය ප‍්‍රථමයෙන් හඳුනා ගනු ලැබූ මෙහි පුරෝගාමියා වනනේ ගුස්ටාස් කොස්සින්නා නම් වූ ජර්මන් දාර්ශනිකයායි. පෞරාණික කැනීම් මඟින් පුරාතනයේ පසු සාමාන්‍ය ජනතාවගේ ව්‍යාප්තිය, ජීවත් වූ ප‍්‍රදේශ, ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණ හඳුනා ගැනීම, මෙහි මූලික විෂය පථය ලෙස දක්වන්න පුළුවන්. කොස්සින්නාගේ අදහසට අනුව ලෝකයේ කොතැනක හෝ තැනක ජර්මානු පුරවාස්තු තිබෙනවා නම් එයින් අදහස් වන්නේ ජර්මන් ජනතාව එහි වාසය කර ඇති බවයි. හිට්ලර් විසින් පෝලන්තය ආක‍්‍රමණය කිරීමේ හේතූන් ලෙස ජර්මානු පුරාවස්තු පෝලන්තයේ  තිබෙන බව හුවා දැක්වීමට මූලික වූයේ ගොස්න්නාගේ මෙම සංකල්පයයි. හිට්ලර්ගේ නාසිවාදය ව්‍යාප්ත කරන්නට එක් න්‍යායක් ලෙස ඔහු විසින් යොක්සින්නාගේ මෙම ජනාවාස පුරා විiා න්‍යාය යොදාගත් බව පෙනේ. මූලික වශයෙන් පෝලන්තයේ ජර්මානු පුරා වස්තු තිබෙන බව හිට්ලර් විශ්වාස කළා. එහෙ.් කොස්සික්නා මෙහිදී මූලික වශයෙන් අදහස් කෙළේ අතීතයේ විසු සාමාන්‍ය මහජනතාවගේ වෘප්තිය කෙසේ සිදු වූයේද යන්න සොයා බැලීමයි. හිට්ලර් මෙම න්‍යාය පෝලන්තය ආක‍්‍රමණය කර තම නාසිවාදි මතවාද පතුරවන්නට යොා ගනු ලැබුවද වර්තමානය වනවිට මේ ජනාවාස පුරා විiාව යන වචනය යොදා ගනු ලබ්නේන වඩාත් පුළුල් අර්ථයකිනුයි. මෙයින් මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ පැරණි ලෝකයේ විසු මිනිසුන්ගෙන් බහුතරයක් වූ සාමාන්‍ය මිනිසුන් ගේ ජීවන රටාව කෙබඳු වන්න ඇත්ද යන්න සොයා බැලීමයි. එහෙත් මෙය සංකල්පයන් ලෙස ගත්කළ ඉතාමත් සංකීර්ණය. පුරාතන සාමාජයේ ජනතාව පිටත් වූ ආකාරය ගැන කීමේදී ඔවුන්ගේ ජනවාස, ඔවුන්ගේ  ඉඩම් පරිභෝජනය, ඔවුන්ගේ අන්තර් පුද්ගල සම්බන්ධතා, සමාජ සම්බන්ධතා යන සෑම අංශයක්ම මේ ජනාවාස පුරා විiාව  මඟින් අවලෝකනය කරන්ටන පුළුවන් වෙනවා. ඒවා තේරුම් කිරීමට ප‍්‍රමාණවත් ද්‍රව්‍යමය සාධක මේ හරහා සොයාගත හැකියි.

මූලික වශයෙන් ගත් කළ 19 වැනි සියවසේ සිට වර්ධනය වූ පුරා විiාව නම් සංකල්පය මඟින් මූලික වශයෙන් අවධානය යොමු කරනු ලැබුවේ පුරාතන සමාජවල විසූ රජවරුන්, ඇමතිවරුන්, ආගමික නාකයන් වැනි සමාජ ප‍්‍රපංචකයා ………. වන පාලකයන්ගේ ජීවන රටා අධ්‍යයන කරමින් ඒ අනුව සමාජයේ හැඩතල විස්තර කිරීමයි. එහෙත් මෙමගින් සැබැවින්ම ඒ සමාජයේ හැඩතල කෙබඳුද කියා සොයා ගැනීම අසීරු වෙනවා.

ජනාවාසා පුරා විiාව  මඟින් මූලිකවම කරනු ලබන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවන විලාශයන් අධ්‍යයන කිරීම මඟින් එම සමාජයේ සැබෑ හැඩතල හඳුනා ගැනීමයි. පුරාතන සමාජය තුළ කල්පවතින දෑ ඉතිරි කර …….. හැකි වූයේ රජවරුන්ට හෝ යතිවරුන්ට පමණිය. ලාංකික සමාජයට සාපේක්ෂව ගත් කළ පුරාතනයේ ගඩොලින් නිවාස තැනිය හැකි වූත්‍ය් රජවරුන්ට හෝ භික්‍ෂ්න් වහන්සේලාට පමණි. ඒ නිසා ඒ සමාජයේ සැබෑ ස්වරූපය වෙනුවට අපට පුරා විiාව  මඟින් සොයා ගත හැකි වන්නේ සමාජයේ ඉහළ ස්ථරයේ ජීවන තතු පමනි. එහෙත් පහළ ස්ථරය ගැන තොරතරුැ අනාවරණය කර ගන්නා වෙනත් අවකාශයක් තිබුණේ නැහැ. සෙල් ලිපි, ගල් වැටි ආදියෙහි රජවරුන් ගැන විස්තර අඩංගු වුවත් මේවා නිර්මාණය කරන්නට ශ‍්‍රමය කැපකළ සාමාන්‍ය ජනතාව ජීවත් වූත්‍ය් වරිච්චි – පොල් අතු නිවෙස් වල නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වයන් අවලෝකනය කර ගන්නට පුරා විiාවට අවස්ථාවක් උදා වූයේ නැහැ. එහෙත් වසර 1950 දශකයේ දී පමණ පුරා විiාව ක්ෂේත‍්‍රයට මාක්ස්වාදී දර්ශනයේ අභාෂය දැනෙන්ට පටන් ගත්තා. එය පුරා විiා ක්ෂේත‍්‍රය ලැබූ විශාල ජයග‍්‍රහණයක් වුණා. මාක්ස්වාදි න්‍යායෙන් ලැබූ විශාල ආභාෂයේ ප‍්‍රතිඵලයක් ලෙස පුරා විiා ක්ෂේත‍්‍රය ඉතිහාසය නිර්මාණය කරන්නේ රජවරුන්, යතිවරුන්, නොවන සාමාන්‍ය ජනතාව බව හඳුනා ගන්නවා. ජනවාස පුරා විiාවට, මාක්ස්වාදි දර්ශනයේ ආභාෂය හැරුණු විට ප‍්‍රංශ දාර්ශනික ආභාෂය, හේගල්ගේ දර්ශනය මෙන්ම ව්‍යූහවාදයේ ආභාෂය ලැබීම නිසා එය වඩාත් සාර්ථකව ක‍්‍රියාවේ යොදවන්නට හැකියාව ලැබුණා. එහිදී සාමාන්‍ය පොදු ජනතාවගේ ඉතිහාසය කුමක්ද යන්න ගැන විමසා බලන්නට පටන් ගැනුනා.

ලංකාවේ ඓතිහාසික සමාජය තේරුම් කර ලීමේදී අපට ඒ සමාජයේ උපරි ව්‍යූහය ගැන පමණක් අධ්‍යයනය කිරීමෙන් සමාජය තේරුම් ගැනීමට අපහසුයි. සමාජයක් ක‍්‍රියාත්මක වන්නේ තල දෙකක් අතර ඇතිවන සන්නිවේදනයෙන් බව ව්‍යූහවාදයට අනුව පැහැදිලි වෙනවා. වැඩවසම් සමාජයක නම් සමාජ ක‍්‍රියාකාරීත්වය ලෙස අප බලාපොරොත්තු වෙන්නේ ඉඩම් හිමියා හා ප‍්‍රවේණිදාසාය අතර සිදුවන සන්නිවේදනයටයි. මේ නිසා සමාජයක මතුපිට ව්‍යූහය ගැන මෙන්ම අධෝ ව්‍යූහය ගැනත් සම්පදාකිය විම අතිශයින්  වැදගත් වෙනාව. ලංකාවේ නිර්මාණය කර තිබෙන සුවිසල් නිර්මාණ අධ්‍යයනය කිරීමේදී ඒ යතිවරුන්ගේ රසය ගැන පමණක් කල්පනා කර බැලිම ප‍්‍රමාණන්‍ත් වන්නේ නැහ. මේවාට ශ‍්‍රමය සැපයූ නිෂ්පාදන බලවේග ගැන සොයා බැලීම අනිවාර්ය වෙනාව. මාහ විහාරය, ජේතවනාරාමය, අභයගිරිය, රුවන්වැලි සෑය වැනි මහා ස්මාරකවල තිබෙන සෙල්ලිපි කියවන්නට ඒවා අගය කරන්නට පමණයි අප පුරුදු වී සිටින්න්. මේ සුවිසල් නිර්මාණ ඉදි කරන්නට ශ‍්‍රමය සැපයූ, ජීවිත පූජා කළ දහස් සංඛ්‍යාත පීඩිත පන්තියේ ජනතාව ගැන අප අමතක කර දමා තිබෙනවා. මේ නිෂ්පාදන බලවේග ගලා ආවේ කොහොමද. මේවා සංසරණය වුණේ කොහොමද. මෙන්ම මේවා කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා ගලා යාමේදී පරිධියේ වූ කොටස් දැක්වූ දායකත්වය කොබදුද යන්න අප තේරුම් ගත යුතුව තිබෙනවා. අප තවමත් පශ්චාත් යටත් විජිතවාදී තත්ත්වයක් තුළ සිටින නිසා අපට මේ ඉතිහාසය තුළ ජීවත් වූ සාමාන්‍ය ජනතාව වැදගත් වන්නේ නැහ. අපි තවමත් කැමති බොොහ් වේලාවට දුටු ගැමුණු චරිතය, වාරි කර්මාන්තය වැනි දෑ සොයන්නටයි. මේ මහා ස්මාරක ගොඩ නගන්නට ශ‍්‍රමය සැපයූවන් ගැන සොයන්ටන කිසිවකුගෙග් උනන්දුවක් නැහැ. ඒ අපි මේ පශ්චාත් යටත් විජිත මානසිකත්වය යටතේ …….. කරන්නට නොහැකිව තිබෙනවා.

අතීතයේ අපේ සමාජය තනිකරම වැඩවසම් සමාජයක්, ශ‍්‍රමයට මිලක් නියම වී තිබුණේ නැහැ. එහෙත් පස්වනි ශත වර්ෂයේ මහානාම හිමියන් විසින් රචිත මහා වංශයේ සඳහන් වන පරිදි රුවන්වැලි සෑය ඉදි කිරීමේදී තබන ලද සෑම ගඩොලකටම මිලක් ගෙිවය යුතු බව දුටු ගැමුණු රජතුමන් විසින් නියම කල බව සඳහන් වෙනාව. එහෙත් මහා වංශය සිංහල බෞද්ධ යතිචරයෙකුගේ රචනාවක් වන නිසා එහි සත්‍යයක් ලෙස පිළි ගන්නට තිබෙන  ඉඩකඩ අඩුයි. කෙසේ වෙතත් අපේ ඉපැරණි සමාජය වැඩ වසම් සමාජයක්. වැඩ වසම් සමාජයක් තුළ ශ‍්‍රමය හුවමාරු වනනේ කොහොමද කියන එකට  ඕනෑතරම් උදාරහණ තියෙනවා. අප තවමත් සිටින්නේ නියේ ෆියුඩල් සමාජයකයි. අපි මොනතරම් මෝඩ වුනත් සය්බර් කැෆේවල සිටියත් කසාද බඳින්න ගියහම කුලය හොයනවා. රටේ තනතුරක් ලබා දෙන්න ගියත් කරාවද, ගොවිගමද කියලා හොයනවා. මෙය වසර දෙදහස් ගණනක් තිස්සේ වැඩවසම් සාමාන්‍ය ජනතාව ….. ලෙසයි දන්වලා තියෙන්නේ. ඔවුන්ගේ නිවෙස්වල සුදු හුණු පිරියම් කිරීමට ගෘහ භාන්ඩ තබා ගැනීමට අවසර තිබුණේ නැහැ. මේ සමාජයේ සාමාන්‍ය ජනතාව බොහොම දුක්ඛිත ජීවිත තමයි ගත කළේ. ඉතින් මෙවැනි මිනිසුන්ගේ ජීවිත ගැන සොයා බලන ‘‘ජනාවාස පුරා විiාව’’ මේ වන විට වර්ධනය වී තිබීම සාධනීය තත්ත්වයක් වෙනවා. ඒ වගේම ජනාවාස පුරා විiාව වර්ධනය වීමට මාක්ස්වාදයෙන් සිදුවූ බලපෑම අති ප‍්‍රබල වෙනවා. මාක්ස්වාදය විශේෂයෙන් සමාජයක ද්‍රව්‍යමය සබඳතා ගැන පැහැදිලි කරනවා. එතකොට මාක්ස්ගේ කලාව තුළ මෙන්ම සමස්ථ නිර්වචනය තුළ වුණත් අපට පැහැදිලි වන්නේ බොහෝ විට සමාජ තුල නිර්මාණය වන සියලූම සමාජමය අංගයන් ආගම, දර්ශනය, නීතිය ඒ හැම දෙයක් තුළම ද්‍රව්‍යමය සම්බන්ධතාවයක් තිබෙනවා. කියන කාරණය කේන්ද්‍රීය වැඩ කොටසක් ඉටු කරනු ලබනවා. මෙවැනි මාක්ස්වාදී අදහස් අප සිතට ගතහොත් මාක්ස්වාදය අනුව ක‍්‍රියා කරනවා නම් අපට හිතන්න පුළුවන්. අපි මේ රටේ  ඕනෑම සමාජයක පාලකයන්, යතිවරුන් විසින් ඉතුරු කළ නෂ්ඨාවශේෂ අධ්‍යයනය කිරීමෙන් පමණක් සමාජයේ සමස්ථ ක‍්‍රියවලිය තේරුම් කිරීම අපහසුයි. එතකොට අපට විශාල අඩුවක් පරතරයෙන් පෙනෛනවා. ඒ සමාජය අර්ථ නිරූපණය කිරීම සඳහා ඒ පාලක පංතියේ උපරි ව්‍යූහය නිර්මාණය කිරීම සඳහා භාජන පාදක ව්‍යූහය හෙවත් අධෝ ව්‍යූහය සොයා ගැනීම සඳහා තිබෙන ව්‍යාපාරය ගතහොත් අපට අවශ්‍ය වෙනවා කවුද මේ පාදක ව්‍යූහය කියන්නේ කියන එක. පාදක ව්‍යූහය තමයි මේ රටේ ගොවි කම්කරු ජනතාව. සමාජයෙන් මූලික වශයෙන් ගත් කළ එහි තිබෙන්නේ ද…….. සම්බන්ධතා ජාලයකුයි. සමාජයේ කිසිම ව්‍යූහයකට නිරපේක්ෂ ලෙස භ‍්‍රමණය වන්න බැහැ. ඒ නිසා ඉපැරැුණි සමාජයේ ඒ වගේ ව්‍යූහයන් දෙකක් අතර තිබෙන අන්තර් ක‍්‍රියාවලිය තමිය ඒ සමාජයේ අද්විතීය අංශය වන්නේ. කෞටිල්‍යයේ අර්ථ ශාස්ත‍්‍රයට අනුව සමාජයක මූලික පැවැත්ම සකස් වී තිබෙන්නේ සමාජ ප‍්‍රභලයන් හා සමාජ දුබලයන් අතරයි. එයට මත්ස්‍ය න්‍යැය යැයි කියනු ලබනවා. ලොකු මාළුන් හැමදාම පොඩි මාළුන්ව ආහාරයට ගන්නවා. ඒ වගේ තමයි සමාජයක ක‍්‍රියාත්මක වන මත්ස්‍ය න්‍යායම තමයි සමාජයක් ද්‍රව්‍යවාදී මුහුණුවරකින් හැසිරෙන්න පටන් අරගෙන තියෙන බව මාක්ස් නිවැරැුදිව හුවා දැක්වූයේ මේ නිසයි. සමාජයක් ද්‍රව්‍යමය මුහුණුවරකින් හැසිරීමේ දී නිර්මාණය වන්නේ ද්‍රව්‍යමය සම්බන්ධතා පමණයි. මොරිස් ගොබිලස් නම් දාර්ශනිකයා කලාව සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කළා. ආගම්, ආර්ථිකයෙ දෘශ්‍ය මායාවක් යන නමින් වූ ඔහුගේ වියමන තුළ ඔහු පෙන්වනේන් ආගම හා ආර්ථිකය අතර තිබෙන ද්‍රව්‍යමය සම්බන්ධතාවයයි. එය බුද්දාගම අනුව පවා නිර්වචනය කරන්න පුළුවන්.

මේ නිසා මාක්ස් සීඝ‍්‍ර ලෙස ඉතිහාසය පුරා පැවතියේ ද්‍රව්‍යමය සම්බන්ධතා ජාලයන්ය. මේ නිසා ජනාවාස පුරා විiාවේ දී පොදු ජනතාව ගැන සොයා බලන්ටන ඉන් ලොකු පිටුබලයක් ලැබෙනවා. ජනාවාස පුරා විiාව  සඳහා අවශ්‍ය කරන මූලිකම ………….. ගතිකය සපයන්නේ මාක්ස්වාදය හා ව්‍යූහවාදය මගිනි.

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s