අසන්ස්කෘතික හෙලුවෑල්ල

සාහිත්‍ය විචාරකයකු වූ රොලන්ඞ් බාත
කොණ්ඩය කප්පවා ගැනීම සඳහා බාබර් සාප්පුවකට ගොඩ විය. තම වාරය එනතුරු බාත් මහතාට කියවීම පිණිස ඡු්රසි  ඵ්එජය සඟරාවේ පිටපතක් ලැබිණි. එහි කවරයේ වූයේ ප‍්‍රංශ හමුදා නිල ඇඳුමක් හැඳ
ආචාරයක් කරන නීග්‍රෝ තරුණයකුගේ රුවකි. හමුදා
භටයාගේ ඇස් ඉහළ එස වී තිබිණි. නිසැකව ම
ඔහුගේ බැල්ම යොමු වී තිබුණේ ප‍්‍රංශ ත‍්‍රිවර්ණ ධජය වෙතය.

මේ පින්තූරයේ ඊට වඩා එහා ගිය අර්ථයක් නොවුනා සේය. එහෙත් සංඥාර්ථවේදයේ
(ීැපසදකදටහ* කෙල පැමිණි රොලන්ඞ් බාත් පින්තූරය තමා වෙත ඇඟවුම්කරණය කළ දේවල් ඊට වඩා ගැඹුරින් සලකා බැලීමට යුහුසුළු විය. එම
පිටකවරය බාත්ට ඇඟවුම් කරණය කළේ කුමක්ද?

ප‍්‍රංශය වූ කලී මහා
අධිරාජ්‍යයකි. ඇගේ
දරුවෝ වර්ණ භේදයකින් තොරව ඇයට සේවය කරති.
තම ඊනියා පීඩකයන්ට
සේවය කරන මෙම නීග්‍රෝ තරුණයා පෙන්වා සිටි උෙiා්ගය ප‍්‍රංශ අධිරාජ්‍යා විවේචනය කරන්නවුන්ට එල්ල කරන කදිම කනේ පහරකි.

සංඥාර්ථවේදී කියවීම්වලට අනුව ඇඟවුම් කාරණයක් (ීසටබසසෙැර* යනු කිසියම් රූපයක්, ශබ්දයක් හෝ වචනයක් වැනි සංඥාවේ ප‍්‍රාථමික සවරූපයකි. ඇඟවුම (ීසටබසසෙැා* වූ කලී එම ඇඟවුම්කාරකය විසින්, අප තුළ ජනිත කරන සංකල්පය හෝ අදහසයි. මේ නිසා ඇඟවුම යනු ඇඟවුම්කරණයට පසුව
පැමිණෙන්නකි.

එහෙත් බාත් ගේ ඡු්රසි – ඵ්එජය සඟරාවේ පිට කවරය කියවූ සංඥාර්ථ වේදයට අනුව එහි වූ ඇඟවුම් (සංකල්ප* ඇඟවුම් කාරණය සමඟ ම ගොඩ නැඟී තිබිණි. මෙහි සිටින කළු සෙබළා ප‍්‍රංශ ආචාරයක් කරයි. එහි කා වැදී තිබුණ ඇඟවුම නම් ප‍්‍රංශකම සමඟ මිශ‍්‍ර වූ මිලිටරිකාරී බවය. රොලන්ඞ් බාත් ට අනුව මෙහිදී සිදු වන්නේ
අධිරාජ්‍යවාදය ස්වභාවික කරණයට ලක් කිරීමය. එහිදී නීග්‍රෝ තරුණයා විඳින පීඩාව පාඨකයාගෙන් වසං කරයි.

පසුගිය දවස්වලත් මේ දවස්වලත් අපගේ ජාතික කොඩිය පිළිබඳ ඉරණම ද මෙ වැන්නකි. අපගේ ජාතික කොඩියේ රූප සහ වර්ණ වලින් කරන ඇඟවුම්කරණය තුළට ඇඟවුමක් නිර්මාණය කර ඇත. ඒ අනුව සිංහලයා ගේ උදාරවත් බවත් අනෙකුත් ජාතීන් සමඟ පවත්නා සහ සම්බන්ධයත් සාමයික සමගියත් එහි මුඛ්‍ය ඇඟවුම වේ. එබැවැන් ජාතික කොඩිය යනු ජාතික එකමුතු බවේ සංඥාවයි. දේශ පේ‍්‍රමයේ ප‍්‍රකාශනයයි.

එවිට, ජාතික කොඩියක් ගෙන වැනූ පමණින්ම කෙනෙකු දේශපේ‍්‍රමියකු කරන සුළුය. යුද්ධය ජයගත් පසු බොහෝ
නිවෙස්වල ජාතික කොඩිය එසවිනි. සමහරු වාහනවල නැගී ජාතික කොඩි වනමින් තම දේශපේ‍්‍රමය විදහා පෑහ. මේ නිසා ජාතික කොඩි නිෂ්පාදනය කරන්නන්ගේද කරල පැහිනි. එහෙත් ජාතික කොඩියේ නිසි ගෞරවය රැුකිනැයි අපට කිව හැකිද? නොහැක. කට ගොන්නක් බී ගත් මැරවරයින් ජාතික කොඩි අතට ගෙන පෙළහර පෑමෙන් එයට සිදු කළේ අවමානයකි.

බාත්ට අනුව මේ අන් කිසිවක් නොව මිත්‍යාවන් ස්වභාවික කරණය කිරීමකි. එහෙයින් මෙම සමාජ සංසිද්ධීන් පුරා වෘත්ත (ඵහඑයි* නැතහොත් ප‍්‍රවාද ලෙස හඳුන්වා දීම සඳහා ඔහු ඵහඑයදකදටසැි යනුවෙන් ග‍්‍රන්ථයක් ලීවේය. අපි සංස්කෘතිය ලෙස හඳුනා ගන්නේ මෙලෙස ස්වභාවික කරණයට ලක් කළ ඊනියා යථාර්ථයන්ය. අපගේ ජාතික කොඩිය දේශපාලණීකරණය වී තිබීම (මෙහි දේශපාලණීකරණය වීම යනු එහි පුලූල් අරුතින් නොව පක්‍ෂ දේශපාලනයට අදාළ පටු අරුතකින් යෙදේ.* ගැන කම්පා නොවී සිටීමට නම් මෙම ස්වභාවිකරණය වීම/ කිරීම (බ්එමර්කස‘්එසදබ* පිළිබඳ ගැඹුරු කියවීමක් ඉල්ලා සිටී.

මහාචාර්යවරියක වූ කැතරින් බෙල්සී වරෙක ජෝර්ජ් එලියට් ගේ ්ා්ප ඊැාැ නවකතාවේ ආරම්භක ෙඡ්දය සංඥාර්ථවේදී කියවීමකට ලක් කළ සැටි විමැසීම මේ සඳහා කදිම ප‍්‍රවේශයක් ලෙස මම දකිමි. එම ෙඡ්දයෙන් විස්තර වූයේ එංගලන්තයේ ඈත පිටිසර ගම්මානයකි. එය 1799 තරම් ඈත කාලයකි. ගමේ විශාල වැඩ පලක මිනිස්සු පස් දෙනෙකු වැඩක නිරිතව සිටිති. එහි සිටි උසම මිනිසා ආයුධවල හඬ
අභිබවමින් ගැඹුරු හඬකින් ගීයක් ගයයි. අසල වැතිර සිටින විශාල එඬේර බල්ලෙක් තම ස්වාමියා වූ උස මිනිසා දෙස ගරු සරු සහිතව බලා සිටින බවක් එහි තව දුරටත් විස්තර වේ.

මෙම ලිවීම තුළ පාරට්ටු
කරන්නේ මහන්සි වී වැඩ කිරීමය. එය වූ කලී කාර්මික විප්ලවයේ පහසින් ¥ෂණය නොවූ නිර්මල ගමකි. එහි තනන භාණ්ඩ ස්වභාවිකය. ඒවාහි සුවඳ
අසංස්කෘත වූ ගැමි සුවඳ සමග මුසුවේ. මෙහි ප‍්‍රධාන භූමිකාව රඟන මිනිසා උස් වූ පුහුණු කම්කරුවෙකි. බටහිර සංස්කෘතිය තුළ උස යනු බලාධිකාරය අඟවන්නකි.

බෙල්සී පවසන  පරිදි මින් ‘‘අව්‍යාජ’’ ඉංග‍්‍රීසි කම (ෑබටකසියබැිි* වහනය වන අතර වැඩ කරන මිනිසා අනෙකකු වෙනුවෙන් සතුටින් මෙන්ම මහත් යටහත් ව තම කාර්යයේ නියැලේ. එවිට බෙල්සීට අනුව සිදු වන්නේ පන්ති පරතරය ස්වභාවික කරණය වීමය. කොතරම් විරෝදාර වුවත් දුගියනට සිදු වී ඇත්තේ අනුන් වෙනුවෙන් මෙහෙකම් කිරීමටය. මෙය ස්වභාවික ධර්මතාවයක් ලෙස නවකතාවේ. මෙම
ෙඡ්දයෙන් නිරූපණය වේ. ගැමි දිවියේ ඊනියා සුන්දරත්වය සහ අව්‍යාජ බව තුළ ගිලී යන්නේ අනුන් වෙනුවෙන් බැලමෙහෙ කිරීමට ගැමියාට සිදුව තිබීමේ
වේදනාවය.

ගම්පෙරළිය සිනමා පටය ආරම්භ වන්නේ කදක් කරින් ගත් මහලූ දිරාපත් ගැමියකු ගම මැදින් ඇවිද යන දර්ශනයකිනි. වළං කද ඔහු මහත් සැහැල්ලූවෙන් ඔසොවා ගෙන යයි. වරෙක කද පසෙක තබා ගසක් අබියස දෙවියන්ට වතාවත් කරයි. ඔහු මේ හැළි වළං කද රැුගෙන යන්නේ කයිසාරු වත්තේ මුහන්දිරම් වලව්වටය. වළං සෑදීමේ සිට මුහන්දිරම් වලව්වට ඒවා රැුගෙන යාම තෙක් ඔහු විඳින පීඩාව ගැමි සුන්දරත්වය නම් ව්‍යාජය හරහා ස්වභාවික කරණයට ලක් කර නොමැත්තේද?

සිනමාවේ බස රූපයයි. එම
රූපමය බසින් ලෙස්ටර් වැඩ වසම් සමාජ පැවැත්ම
ස්වභාවිකරණයට පත් කළේය. අප ඉහත සඳහන් කළ රොලන්ඞ් බාත් ගේ ඵහඑයදකදටසැි හි එන තවත් නිබන්ධයක් නම්
ෘදපසබසජස දර එයැ ඡුරසමපචය දෙ ඛසඑැර්එමරු නමැති
රචනාවයි. එහි ඔහු භාෂාව නීතිය තුළ ආධිපත්‍යයක වන අයුරු පැහැදිලි කර ඇත. එමඟින් ඔහු නඩුවක විත්තිකරුවකු වූ ගැස්ටන් ඩොමිනිසි නම් මහල්ලාගේ දිළිඳු භාෂා ඥානය
අභිබවමින් අධිකරණයේ විදග්ධ භාෂා ඥානය ජයගත් හැටි
පෙන්වා දුන්නේය.

බාත්ට අනුව ඩොමිනිසි නඩුවේදී උසාවියේ සිටියේ
අභිචෝදක නීතිඥයකු නොව අපූර්ව කතාන්තර කියන්නෙකුය. අධිකරණය (න්‍මිඑසජැ* සහ සාහිත්‍යය අත්වැල් බැඳගෙන ඩොමිනිසීව මරණය ට නියම කළේ යැයි බාත්
අපවාද නැගුවේය. ඒ වු කලී අර්ථ විපර්යාස, රූපක, කථික බවේ මහිමය ආදී වූ චිරන්තන අලංකාරෝක්තීන් එක්ව මහලූ එඬේරෙකුට චෝදනා නගා තිබුණා සේය. යුක්තිය යථාර්ථවාදී සාහිත්‍ය නම් වූ වෙස් මුහුනු පැළඳ අධිකරණ ශාලාවට පිවිස සිටියේය.

ගම්පෙරළියේ වළං කද කරින් ගත් මහල්ලා, ඩොමිනිසි නම් මහලූ එඬේරා සහ ්ා්ප ඊැාැ නවකතාවේ ඉංග‍්‍රීසිකාර කම්කරුවා විඳින දුක් කන්දරාව එලෙස භාෂාව විසින් ස්වභාවික සංසිද්ධියක් බවට පත් කරන ලදී. මහාචාර්ය බෙල්සි පවසන පරිදි ඉතිහාසය විසින් නිර්මාණය කරන ලද විවිධ අවස්ථාවන් ද මෙලෙස ‘‘මානව තත්ත්වය’’ (්‍යමප්බ ක්‍දබාසඑසදබ*
වශයෙන් සාර්වත‍්‍රික
පිළිගැනීම් බවට පත් කර ඇත. අප රටේ පසුගිය කාලයේ සිදු වූ දේවල්වලට ගළප්පා ගත හැකි පරිදි ඇය විස්තර කරන එබඳු සිදුවීමක් මම පහත දක්වමි.

1989 දී බර්ලින් තාප්පය බිඳ වැටුණේය. නිදහස්කාමී බටහිර
මින් ඒත්තු ගැන්වූයේ අස්වාභාවික
ලෙස ජනතා කැමැත්තට එරෙහිව බලහත්කාරයෙන් ගොඩ නැගූ කොමියුනිස්ට් වාදය බිඳ වැටී ස්වභාව ධර්ම පැවැත්ම එනම් ධනවාදය යළි තහවුරු කළ බවය. උද්‍යෝගයෙන් උත්සව පැවැත් වූ පිරිස්වල දර්ශන රූපවාහිනියේ දර්ශනය වීමෙන් මෙය සහතික කෙරිනි. එහෙත් මේ පිරිස්ම පසු කලෙක ධනවාදී රජයේ එදිනෙදා ජීවිතය හොලිවුඞ් චිත‍්‍රපටවල පෙන්වන තරම් සුබදායි නොවන බව වටහා ගත්හ. භාවිතාව තුළ ජනයාට පෙනී යන්නේ
සෝවියට් වර්ගයේ කොමියුනිස්ට් වාදය පිළිබඳ ඔවුන් ගේ කල කිරීම නිදහස් වෙළඳ පළ ක‍්‍රමය ස්වභාවික වීමේ සාධකය
නොවන වගය.

ඇත්තටම නම් මෙහිදී සිදුවන්නේ තම පැවැත්ම පිණිස
සතුරකුගේ පැවැත්ම පිළිබඳ කාරණය තහවුරු වීමය. තාප්පය දැන් බිඳ වැටී ඇත. එවිට තම හවුල්කාර වටිනාකම් රැුක ගැනීම සඳහා බටහිර එකමුතු කරන්නේ කුමක්ද? දැන් ත‍්‍රස්තවාදයේ ප‍්‍රචණ්ඩ බව පොදුවේත් ඉස්ලාමික මූලධර්මවාදය විශේෂිතවත් ඇත. තව උවමනා නම් විකල්ප ලෙස පිට සක්වල (ජීවින්ගේ ආක‍්‍රමණ පිළිබඳ භීතියද වේ. බාත් විස්තර කරන පරිදි මෙබ`දු ප‍්‍රමාද විසින් ඉතිහාසය සහජයක් නැතහොත් ස්වභාවික වූ කිසිවක් (භ්එමරු* බවට පෙරලනු ලැබ ඇත.

අපගේ ජාතික කොඩියේ හැසිරීම පිළිබඳ නැවත කියවීමක් කිරීම සඳහා වූ විiාත්මක ප‍්‍රවේශය එයයි. පටු දේශපාලන අරමුණු උදෙසා ජාතික කොඩිය යොදා ගැනීම සංස්කෘතික හෝදාපාළුවක් නොවේ නම් අන් කවරක්ද? එහෙත් එකී දේශපාලනය ට අත්වැල වී ඇත්තේ ජාතික කොඩිය මහත් බල පරාක‍්‍රමයෙන් යුතු ඇඟවුම්කාරකයක්
(ීසබටසඑසෙැර* ලෙස සමාජ චින්තනය පාලනය කළ හැකි ප‍්‍රපංචයක් වී තිබීමය. එය හැම සිංහලයෙකුට ම තමා තුළ වන අඩුවක් (ඛ්ජන* සම්පූර්ණ කර ගැනීමට අවස්ථාවක් සපයයි. මක්නිසාද යත්, එය ඇඟවුම (ීසටබසසෙැා* නැතහොත් සංකල්පයද කැටුව එන ඇඟවුම්කරණයක් වන බැවිනි.

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s