පරබයවායට පිටිකර බෙහෙත් බෑදීම – ලන්කාවෙ පාසල් හා අද්දියාපන අර්බුදය

අධ්‍යාපන අර්බුධය- පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම

මෙි රටෙි අධ්‍යාපන අර්බූදය අද ජාතික ආපදාවක් ලෙසට වර්ධනය වී තිබෙි. මෙහි ගැඹුර හා දිග පළල පිළිබඳ සාරගර්භ මෙන්ම පලදායි සාකචිඡුාවක් නොමැති නමුත්  එහි ප‍්‍රකාශණයක් ලෙෂ මතුවී තිබෙන කරුණු පිළිබඳ සාකචිඡුා කෙරේ එහි මූලික ලක්ෂණයන්ගෙන් සමහරක් මෙසේ සාරාංශකර දැක්විය හැක
1. රැුකියා විරහිත උපාධිධාරීන් බිහිවීම
2. පාසැල් අධ්‍යාපනයෙන් විභාග සමත්වීමේ ප‍්‍රතිශතය 50‍්‍ර පටන් අඩු මට්ටමක පැවතීම. විෂයන් හැටියට ගත් විට විද්‍යා ගණිතය වැනි විෂයන්ගෙන් අසමත්වීම පවතින්නේ මෙයට ඉහළ ප‍්‍රතිශතයකි.
3. විභාගයෙන් සමර්ථයන් ලබා ඇත්තේ වී නමුත් සමාර්ථයයන් පිළිබඳව බරපතල ප‍්‍රශ්න ඇත. උදාහරණයක් ලෙස ගත් විට විභාගයෙන් ගණිතය සමත් වූවත් ප‍්‍රායොගිකව ගණිතය පිළිබඳ නොහැකියාව බොහෝ දෙනක් ඉංගී‍්‍රසි සමත් වේ. එහෙත් ඉංග‍්‍රීසි කථා කිරීමට හෝ ඉංගී‍්‍රසියෙන් ලිපියක් ලියාගැනීමට නොහැක . විභාග සමත් වී රැුකියා වෙළඳපොලට එන ඇතැම් අයට මවි භාෂාවෙන් හෝ ලිපියක් ලියාගැනීමට නොහැකි වීම
4. පාසැල් වාර්ගීකරණයවීම බරපතල ප‍්‍රශ්නයකි. අධ්‍යාපනය ලැබීමට සියලූ දෙනාට සමාන අයිතිය ඇතත් කොටසකට ජනපි‍්‍රය හා ජාතික පාසැල් වෙන්ව ඇත. මෙයින් අදහස් වන්නේ අනිත් පාසැල් ජනපි‍්‍රය හෝ ජාතික නොවන බවය

ශී‍්‍ර ලංකාවේ රජය මගින් පාලනය වන පාසැල් 10000 ක් පමණ තිබේ. මෙයින් පාසැල් 300 ක් ජනපි‍්‍රය පාසැල් ලෙස හැඳින්්වේ. මෙයින් කියැවෙන්නේ ඉතිරි පාසැල් 7000 ම ජනපි‍්‍රය නොවන පාසැල් නොවන බව නොවන්නේ ද?

අධ්‍යාපන අර්බුධය පිළිබඳ කථාකිරීමෙි දී පලවෙනි ගැටළුව වන්නේ අධ්‍යාපනය යන්න කුමක්ද යන්න සමස්ථ සමාජයටම අවබොධයක් නොමැති වීමය. එම නිසා අධ්‍යාපනයේ සැබෑ ගැටළුව යටපත්වී ගොස් ඉතා සුළු පිරිසකට වැදගත් වන අධ්‍යාපනයට සමිබන්ධ ජනපි‍්‍රය විෂයක එක් කොටසකට අවධානය යොමු වී ඇත. මේ නිසා අධ්‍යාපනයේ ඇති ගැටළු විසඳීමට පත්කරණ                 කමිටුවලින් වුවත් අධ්‍යාපනයේ පවතින සැබෑ ගැටළු සාකච්ඡුාවේද යන්න සැක සහිතය.
උදාහරණ ලෙස අධ්‍යාපන අංශයේ සිටින අමැතිවරු හා නිලධාරීන් අද කථා කරන්නේ පළමු වන වසරට ළමුන් ඇතුලත් කිරීමේ ප‍්‍රශ්නය පිළිබඳවය. මේ ගැටලුව පිළිබඳව කොතෙක් අවධානය යොමුවී තිබෙි ද? යතහොත් පසුගිය සතියේ මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය තුල පවා සාකච්ඡුා කර ඇත. මට ඇති                          අත් දැකීම අනුව ඇමතිවරු කථා කරන්නේ හා මාධ්‍යවේදීන් ලියන්නේද පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීමේ ප‍්‍රශ්නය සම්බන්ධයෙනි.

මා දන්නා තරමින් ලංකාවේ පාසැල් දරුවන් ලක්‍ෂ 41 ක් පමණ සිටිති. ඒ අයගේ අධ්‍යාපනය ගුණාත්මක බවින් දියුණු කිරීමට සාකච්ඡුා කළ යුතු කාලය 1 වන වසර සිසුන් ඇතුලත් කර ගැනීමේ ප‍්‍රශ්නය වෙනුවෙන් ගතකරීම කොතරමි අපරාධයක් ද?

ශී‍්‍ර ලංකාවේ පවතින රජයේ පාසැල් 10000 ට පලමුවෙනි වසරට ලමුන් ලක්‍ෂ 3-4 ක් පමණ ප‍්‍රමාණයක් වසරකට ඇතුලත් කර ගනු ලැබේ. මෙයින් ජනපි‍්‍රය ප පාසැල් 300 ට ඇතුලත් කරගන්නා ප‍්‍රමානය 20000 ක් පමණ වේ. මෙම 20000 ට දේශපාලඥයින්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ හා ඔවුන්ගේ වටා සිටින වරප‍්‍රසාදිත පිරිසගේ දරුවන්ට අමතරව ඔවුනු සමග ඇගෑලූම්කම් දක්වන මාධ්‍යවේදීන් ගේ ළමුන් ඇතුලත් වන බව අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ. මේ දරුවන්ද ඇතුලත්ව දළ වශයෙන් 40 ලක්‍ෂයක පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාකච්ඡුා කිරීමට තිබෙන කාලය ජනපි‍්‍රය පාසල් වලට ඇතුලත්වීම වෙනුවෙන් නාස්ති  කරණ රටක් ලෝකයේ කොහේවත් නැත
මෙි ආකාරයට කාලය කා දැමීම වෙනුවට ජනාධිපති ඇතුළු කැබිනට් එක අවධානය යොමුකළ යුත්තේ ජනපි‍්‍රය නොවන පාසැල් නඟා සිටුවීමට හා                    සංවර්ධනය කිරීමට අවධානය යොමු කිරීමයි. එහෙත් කනගාටුවට කරුණ නම් මෙයට ඇහුම්කන් දීමටත් ඔවුන් සූදානම් නොවීමය. මෙයට ප‍්‍රධාන හේතුව වන්නේ අප විසින් අනවශ්‍ය ලෙස නිර්මාණය කරණ ලද                                 අධ්‍යාපනික නොවන ගැටළු එසේත් නැතිනම් ළමුන් ඇතුලත් කිරීම වැනි              පරිපාලන ගැටළු කෙරෙහි අවධායනය යොමු කිරීමයි.

අප අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ ඉතිහාසය පුරා පරම්පරාවෙන් පරම්පරාවට ඒකරාශී වෙමින් පවතින දැනුම කුලසතාවය හා ආකල්ප ඊලග පරම්පරාවට පවරා දීම සඳහා කටයුතු කිරීමයි. මෙම කටයුත්ත           මිනිසාගේ උපතේ සිට මරණය දක්වා දෙමාපියන්ගෙන්,  සමාජ පරිසරයෙන් සහ             අප විසින් ඇතිකර තිබෙන අධ්‍යාපනික ආයතන  හරහා  විධිමත්ව ලබාදීමය.                                                                                                                      ප‍්‍රශ්නය වෙන්නේ මෙම සංස්කෘතිකමය පවරා දිමේ කර්තව්‍යය අප කොතරම් සාර්ථකව කරනවාද? යන්නය.

වර්තමානයේ දී මෙි සමිබන්ධයෙන් අප විශාල ගැටළුවකට මුහුණ දී තිබේ. පසුගිය අවුරුදු 50   තිිස්සේ එකතු වූ දැනුම කුසලතාවය කිසියම් ප‍්‍රමානයකට යම් රටක හා දේශ සීමාවකට සීමා වී තිබූ දේ විය. එහෙත් අද ගෝලීයකරණය සමග මේ සීමාවන් බිඳී ගෝලීය දැනුම, ගෝලීය කුසලතාවය, ගෝලීය ආකල්ප සමබරව ලබාදීමේ ගැටළුවකට අප මුහුණ දී තිබේ. මෙය තේරුම් ගෙන අප එම අවකාශය දරුවන්ට නොසපයන්නේ නම් අනාගතයේදී පුරවැසියන් ලෙස සමාජයට මුහුණ දීමට ඔවුන්ට අපහසුතා ඇති වේ. ඒ නිසා අපට දැඩි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක්, එසේ නොමැති නමි ප‍්‍රතිනිර්මාණයක් අවශ්‍ය වේ. මගේ දැනීමේ හැටියට අධ්‍යාපන විෂයේදී ශී‍්‍ර ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්වී ඇත.
මෙම පරිහානියෙන් ගොඩ ඒමට නම් ඉහතින් සදහන් කල ආකාරයේ                                  රුඩිකල් ප‍්‍රතිසංස්කරණයන් අවශ්‍යය. එහිදී නොයෙක් සමාජ ප‍්‍රතිවිරෝධතා මතුවිය  හැකි නමුත් එය අවම වන ආකාරයට කල යුතුව ඇත. විශේෂයෙන්ම මෙහි සම්පූර්ණ වගකීම පවතින්නේ රජය මතය.  රටක අධ්‍යාපනයේ දරුපරපුරක අනාගත වෙළඳ පොළකට හෝ නිලධාරි තන්ත‍්‍රයකට භාරදිය නොහැක. ඒ නිසා ජාතික ප‍්‍රතිපත්තියකින් හා දර්ශනයකින් හෙබි නායකත්වයක් තිබිය යුතු වෙි ඒ අනුව අපගේ අධ්‍යාපන ගැටලුවට මූලික වශයෙන් පහත සඳහන් කරුණු හේතු වී ඇත
1    සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනයේ පියා                           බව සත්‍යක් නමුත් අධ්‍යාපන විෂය පිළිබඳ පැහැදිලි දර්ශනයකින් හෙබි අධ්‍යාපන ජාතික නායකත්වය මේ වන තුරු නොවීම.
2    අධ්‍යාපන කාර්යයයේදී ඉගෙනීමේ අවස්ථා නිර්මාණය කිරීම හා පහසුකම් සැලසීම රජයේ කටයුත්ත ඉටුකරණවා වෙනුවට එම කි‍්‍රයාදාමයට අවහිරවන නිලධාරීවාදයක්් කි‍්‍රයාත්මක කරමින් රජය විශාල පාලකයෙක් ලෙස කටයුතු කිරීම.
3    අධ්‍යාපනයේ ඇති මධ්‍යගතවීම මට තේරුම් ගත් නොහැක. උදාහරණ ලෙස යාපනයේ සෙන්ට‍්‍රල් එක පලනය වන්නේ ඉසුරුපායෙනි. මෙය සැබැවින්ම අධ්‍යාපනයේ මූලධර්ම වලට පවා විරුද්ධය.

13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙයට පිළිතුරක්  ලැබුනේ වී නමුත් මධ්‍යම ආණ්ඩුවේ අමැතිවරයා හා නිලධාරීන් තම අමාත්‍යංශයට අයිති දේපල අහිමි වීම නිසා ජාතික පාසැල් වශයෙන් නම් කර මේවා පවරාගෙන ඇත. ඉඩමි බලතල පවරා දෙන්න කථා කරණ රටක පාසැලක් පවරා දීමට               නොහැකිවීම හාස්‍යට කරුණකි. තවද මෙම අධ්‍යාපන වැඩපිළිවෙල පවත්වාගෙන යෑම සඳහා විශාල පෞද්ගලික ආයතන රාශියක් බිහිවී ඇත. සුදු අලින් වැනි මෙම ආයතන වල ඵලදායිකත්වය පවතින්නේ ඉතා පහල මට්ටමකය.

1980 සිට 2000 වසර වන තුරු ජාතික අධ්‍යාපන ආයතනය තොරතුරු තාක්‍ෂණ හෝ පරිගණක පාසල් විෂයක් බවට පත්කිරීමට අසමත් වේ. මෙය පාසැල් විෂයක් බවට පත්වන්නේ බාහිර මැදිහක් වීමක් මගිනි. සමහර ආයතන වලින් පලවෙන පොත්පත් වල අඩුපාඩු ජාතික ආයතනයකින් අපේක්‍ෂා කල නොහැකි මට්ටමේ අඩුපාඩුවේ. එමෙන්ම එම ආයතන ක‍්‍රියාත්මකවන්නේ ඉතාමත් අඩු සම්බන්ධීකරණයකින් යුතුවය. සමහරවිට අධ්‍යාපන අමාත්‍යාංශය මගින්වත් පාලනය කල නොහැකි මට්ටමක මෙිවා පවතී. එම ආයතන වල පැවැත්ම පිළිබදව ඔවුන් දක්වන අවධානය අධ්‍යාපනය අමතකවීමට තරම් බලවත්වී තිබේ.

අනික් අතට මේ රටට අධ්‍යාපනය පිළිබඳව ජාතික දර්ශනයක්, ප‍්‍රතිපත්තියක් නැති හෙයින් එක ප‍්‍රතිපත්තියක් මත සිට වැඩකරගෙන යෑමට අධ්‍යාපන අමාත්‍යාංශය අසමත්වී තිබේ. දේශපාලන බලපෑම මෙයට ප‍්‍රධාන හේතුවකි. 2000 සිට 2005 දක්වා අවුරුදු 6ක කාලය ඇතුලත අමාත්‍යවරු 6 දෙනෙක් මෙි විෂය භාරව සිට ඇත. එවන් රටක අධ්‍යාපන පරිහානිය කරා ගමන් කිරීම ස්වාභාවිකය. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයාද ඡුන්දයෙන් පත්වන හෙයින් අධ්‍යාපනයේ ඉදිරි දියුණුව නොසලකා ජනප‍්‍රිය තීන්දු තීරණ ගැනීම ද තවත් හේතුවකි.  මෙයට අමතරව අධ්‍යාපනයට ඇමතිවරු ගණනාවක් සිටිති.  අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්තීය පුහුණු හා ඔවුන්ගේ උප ඇමතිවරු මෙි අතර ප‍්‍රධානය.

මෙයට අමතරව පලාත් අටට ද අධ්‍යාපන ඇමතිවරු අට දෙනෙක් සිටිති. මේ කරුණද  අධ්‍යාපන විෂය අවුල් වීමට හේතු ව් තිබෙි.

දේශපාලන පලිගැනීම් යටතේ සුදුසුකම් නැති ගුරුවනරුන්ට උසස්වීම් ලබා දීම මෙන්ව විවිධ ආණ්ඩු යටතේ දක්‍ෂතා හා පලපුරුද්ද නැති පුද්ගලයන් ඉහල තනතුරුවලට පත් කිරීමද අධ්‍යාපනයේ පරිහානියට හේතු වී තිබේ.                                 සමහර විට ඇතැමි පුද්ගලයින් දේශපාලන පලිගැනීම්වලට                         ලක්වන්නට ඇත. විශේෂයෙන්ම අධ්‍යාපනය වැනි විෂයකට එවැනි අයෙක් පත්කරන්නේ නමි වෘත්තීය සංවර්ධන වැඩ පිළිවෙලක් තුලින් එම පත්වීම කළ හැක.

අනිත් ප‍්‍රශ්නය වන්නේ රැුකියා විරහිත උපාධිධාරීන්ට රැුකියා දීමෙි ස්ථානයක් ලෙස ගුරුසේවය යොදා ගැනීමය. මෙි මගින් අධ්‍යාපනය පිළිබද මනා                                   පරිචයක් නැති උපාධිධාරීන් එම සේවයේ යෙදවීමෙන් ලැබිය යුතු                                                                                                               ප‍්‍රතිඵළ අත්වන්නේ නැත. එමෙන්ම 1980 දක්වාම දේශපාලන පත්වීමි ලෙෂ අපොස සාමාන්‍ය පෙළ පමණක් සමත් අය ගුරුවරුන් ලෙෂ බදවාගෙන කටුයුතු කර ඇත.   ඒ අයට ගුරු පුහුණුව ලබා දීමට අවු 10-20 අතර කාලයක් ගත වූ අවස්ථා ඇත. එම කාලය තුුල මොවුන් ළමුන්ට ඉගැන්වූයේ කුමක්ද යන්න ප‍්‍රශ්නයකි.

ලෝකයේ තාක්‍ෂණික දියුණුව සමග අධ්‍යාපන ප‍්‍රශ්නය වෙනස්විය යුතුව තිබේ. උදාහරණ ලෙස රූපවාහිනිය පැමිණීමට පෙර පාසැල් සිය දරුවාගේ අවබෝධය හා අද පාසැල් යන දරුවා අතර පරතරයක් ඇත. එයට ගැලපෙන ලෙස අපේ                                                  ඉගැන්වීමෙි ක‍්‍රම වෙනස් වූවාද යන්න බැලිය යුතුය. කලූ ලෑල්ල ගොඩනැගිල්ල, පන්ති කාමරයද මෙයට  අදාලය. සමහර රටවල අධ්‍යාපනය වෙනුවෙන් රූපවාහිනී චැනල් 10-12 කි‍්‍රයාත්මකය. මෙිවායේ එකම පාඩම දිනකට 3 වරක් නැවත නැවත විකාශය කෙරේ. අඩුම තරමින් අපිට ඒ වගේ එක රූපවාහිනී චැනලයක්වත් තිබේද?

අප කර ඇති පර්යේෂණවලට අනුව සාමාන්‍යයෙන් අ.පො.ස. සාමාන්‍යපෙල දක්වා උගත් ළමයෙක් දන්න ඉංගී‍්‍රසි වචන ප‍්‍රමානය 200 ක් පමණ වේ. මේ ළමයින්ගේ පාසැල් කාලය වසර 11-12 වේ. සාමාන්‍යයෙන් දින                 ගණනින් බැලූවොත් දින 4000 ක් පමණ ගතකර ඇත. මේ අනුව දරුවා දින 20 කට ඉගෙන ගෙන ඇත්තේ එක වචනයකි. මෙහි තේරුම වන්නේ ළමයින් 20 කට එක ගුරුවරයෙක් සිටියා නම් දිනකට ඔහු උගන්වා ඇත්තේ එක වචනයක් පමණක් බවයි.

අපගේ අධ්‍යාපනය තුල මේවා සොයා බැලීමට යාන්ත‍්‍රණයක් නැත. විභාගය හැරුණු විට කාර්යය සාධනය මැනීම්ට යාන්ත‍්‍රණයක් නැති බව ද කිව යුතුය. මෙම පරිහාණියට දේශපාලන නායකයින්, ඔවුන් යටතේ ක‍්‍රියා කළ අධ්‍යාපන ඇමතිවරුන් නිලධාරීන් මේන ගුරුවරුන්ද වගකිව යුතුය. අධ්‍යාපනය අද පාසැලෙන් ගිලිහී ගොස් ටියුෂන් ගුරුවරුන් අතට යෑමෙි                     වගකිමද මොවුන්ට පැවරෙණු.

ඩිලන්ත විතානගේ
විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙක් මෙන්ව
අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශකවරයෙකි.

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s