ආශ්චර්යයෙ උබතොකොතිකය

ආශ්චර්්‍යයේ උභතෝකෝටිකය .

යුධ නිමාවකින් අනතුරුව සංවර්ධනය පිළිබඳ මාතෘකාව වත්මන් ආණ්ඩුවෙි ප‍්‍රධාන කථිකාව බවට පත් වී තිබෙි.  දේශපේ‍්‍රමයෙන් කිතිකැවුන සමාජ පරිසරයක් තුළ කෙරෙණ මෙම සාකචිඡුාවට යමි එකතුවක් කිරීම මෙම ලිපියේ අරමුණ යීි. ප‍්‍රධාන වශයෙන් ආර්ථිකමය ආකෘතියක් වන බටහිර සංවර්ධන ආකෘතිය ශි‍්‍ර ලංකාවට භාරගන්නේ නමි අප මුහුණ දී සිටින ආර්ථික ප‍්‍රශ්ණ ගැන සාකචිඡුා කිරීමට ප‍්‍රථම සංවර්ධනය යන සංකල්පයෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පැහැදිළි කර ගැනීම ඉතාම වැදගත්ය. දේශපාලනඥයින් හා ආර්ථක උගතුන් පමනක් නොව  සාමාන්‍ය කමිකරුවන් පවා සංවර්ධනය පිළිබඳව අදහස් දක්වන විට ආර්ථික වර්ධනය පිළිබඳ දත්ත ඉදිිරිපත් කරමින් කථාකරණු  අපිට අසන්නට ලැබෙි මෙවන් අවධියක සංවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිළි කරගැනීම කවරදාකටත් වඩා අත්‍යවශ්‍යය. සංවර්ධනයේ තේරුම (ඔයැ ඵැ්බසබට දෙ ෘැඩැකදචපැබඑ* යන සිය කෘතියෙහි සංවර්ධනය යන සංකල්පය අර්ථ විවරණය කිරීමෙහි ලා ප‍්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වූ මහාචාර්ය ඩඩිලි සියර්ස් මූලික ප‍්‍රශ්ණ කිහිපයක් මතු කරයි. ආර්ථික සංවර්ධනයත් සමග දුප්පත්කමට කුමක් සිදුවී ද? යන්න ඔහු මතු කරණ පළමුවැනි ප‍්‍රශ්ණයයී. දෙවැන්න විරුකියාවට කුමක් සිදුවී ද? යන්නය. තෙවැන්න ඇති නැති පරතරයට කුමක් වී ද? යන්නයී. මෙි අනුව අපිට පැහැදිළි වන්නේ රටක ආර්ථික වර්ධන වෙිගය මෙන්ම ඒක පුද්ගල ආදායම දෙගුනයකින් ඉහල ගිය ද මෙි හා බැඳුණු අනෙකුත් ප‍්‍රශ්ණ එකක් හෝ සියල්ලම අහිතකර අන්දමින් උග‍්‍රවෙන් පවතින්නේ නමි එම රට සංවර්ධනයේ ප‍්‍රතිඵල අත්කර නොගන්නා බවය. වෙනත් ආකාරයකට පවසන්නේ නමි සංවර්ධනය අත්කර ගැනීමට නමි ආර්ථික වර්ධනයත් සමගම එහි ප‍්‍රතිලාභ ඉහලසිට පහලට ගලාගොස් විරුකියාව තුරන් වී දුප්පත්කම නැති වී ආදායමි විෂමතාවය අවම විය යුතුය යන්නයී. මෙි රට සංවර්ධනය කිරීමට නමි දුප්පත්කම හා විරුකියාව තුරන් වී ආදායමි පරතරය අවම වන ආර්ථික ප‍්‍රතිපත්තියක් මත අවම වශයෙන් වසරකට 8%-10% සංවර්ධන වෙිගයක් අඛන්ඩව වසර 8 ක් වත් පවත්වාගෙන යා හැකි ආර්ථික උපාය මාර්ගයකට අප අවතීරණ විය යුතුය.

අනිකුත් ප‍්‍රශ්ණ පසෙක තිබිය දී සංවර්ධනයේ වෙිගය ව්‍යුක්ත ලෙස ගනු ලැබූවත් අප රටෙි නිදහසෙන් පසු මෙි දක්වා සමස්ථයක් ලෙස ගත්කළ සංවර්ධන වෙිගයේ සාමාන්‍යය 4%-4.5% ඉක්මවා නැත. ශි‍්‍ර ලංකාව කිසිදාක දියුණු නොවන නමුත් සදාකාලිකවම දියුණු වෙමින් පවතින රටක් ලෙස පවතින බව තහවුරු කිරීමට මෙම දත්තයම ප‍්‍රභල සාධකයකි.

නිදහස් වෙළඳපොල ආර්ථිකයේ ක්ශේෂ පත‍්‍රය

නිදහසින් පසු 1976 වනතුරු අපි අභ්‍යන්තර අභිමුඛ ආර්ථික උපාය මාර්ගයක් අනුගමනය කලේමු. 70 දශකයේ මැද භාගයේ සිට ක‍්‍රමයෙන් අපි එයින් බැහැර වී භාහිර අභිමුඛ උපාය මාර්ගය වැළඳගත් අතර රාජ්‍ය මැදිහත් වීමෙන් අප අත්කරගත් ප‍්‍රතිලාභ සමිපුර්ණයෙන්ම අමතක කළේය. මගහැරීමට අපහසු නව ලිබරල්වාදයේ නැගීමත් සමග   ජාත්‍යාන්තර තලයේ ඇති වූ වෙනස්කමි ද මෙයට පසුව බලපෑ නමුත් වැරදි වටහාගැනීමි මත වෙළඳපොළ විසින් අපගේ සංවර්ධන කටයුත්ත සිදුකරණුු ඇතැයි අපු බලාපොරොත්තු වුයෙමු. එම කටයුත්ත ඉටුවීම කෙසේ වෙතත් එම උපාය මාර්ගය තුලින් විශාල ණය බරක් සමග රටක් ලෙස ඉතා අහිතකර ආර්ථික හා සමාජ ප‍්‍රතිවිපාකයන්ට අපි අද මුහුණ දී සිටින්නෙමු. මෙවැනි ලිපියකින් මෙි පිළිබඳව දීර්ග ලෙස සාකචිඡුා කිරීමට අවසරයක් නොමැති නමුත් පසුගිය දශක තුනක පමන කාළය තුල මෙරට ආර්ථිකයේ ඇතිවූ ව්‍යුහිය වෙනස් කමි මෙන්ම එහි සමාජ පල විපාක පහත සඳහන් දත්ත ආශ‍්‍රයෙන් සාරංශව පැහැදිළි කළ හැක.

දළ දේශිය නිශ්පාදිතයේ ආංශික සංයුතියෙ ඇති වු වෙනස්කමි

1950    1977    2004    2005    2006
කෘෂිකර්මය    46    36    17.9    17.2    16.8
කාර්මික    20    22    26.5    27.0    27.0
සේවා    34    42    55.7    55.7    56.2

ඉහත දත්ත ආශිත නිරීක්ෂණ මෙසේ ය

1    දළ දේශිය නිශ්පාදිතයේ ආංශික සංයුතිය තුළ කාලයත් සමග කෘෂි අංශයේ සාපේක්ෂ දායකත්වය අඛන්ඩව පහල යෑම.
2    කාර්මික අංශයේ සාපේක්ෂ දායකත්වය ක‍්‍රමයෙන් ඉහලගොස් එය ආසන්න ලෙස දළ දේශීය නිශ්පාදනයට කරණ දායකත්වය %27ක් වැනි අගයක පැවතීම.
3    සේවා අංශයේ ආංශික සංයුතිය කාළයත් සමග ඉහළ ගොස් 2006 වන විට 56% ක ප‍්‍රමානයේ අගයක් ගැනීම.

භාහිර අභිමුඛ ආර්ථක  ප‍්‍රතිපත්තීය මගින් ඇතිකරණ ඉහත දැක්වෙන ව්‍යුහීය වෙනස්කමි සමග අප රටෙි දරිද‍්‍රතාවයට, විරුකියාවට මෙන්ම ඇතිනැති පරතරයට කුමක් වී ද? යන්න පහත සඳහන් දත්ත ආශ‍්‍රයෙන් මීලගට අපිට නිරීක්ෂණය කලහැක.

ශ‍්‍රි ලංකාවෙි දරිද‍්‍රතාව ප‍්‍රමානය 2002 දරිද‍්‍රතා රේඛාව කිලෝ කැලරි 2030ක අවම පෝෂණ මටිටමක් ලබාගැනීම සහතික කෙරෙන ඒකපුද්ගල මාසික ආදායම රුපියල් 1423 ට අඩු ප‍්‍රතිශතය 19%ක් වෙි. මෙි අනුව ශ‍්‍රි ලංකාවෙි ජනගහනයෙන් 20% ක එනමි 1/5 ක් දරිද‍්‍රතාවයෙන් පෙළෙන බව පෙනේ. උතුරු නැගෙනහිර තත්වය මීට ඇතුලත්ව නොමැති අතර එම ප‍්‍රදේශවල ජීවන තත්වය සැලකිල්ලට ගතහොත් සැබැ දරිද‍්‍රතා අනුපාතය මීටවඩා බොහෝ සෙයින් වැඩිවනු ඇත. ශ‍්‍රි ලංකාවෙි ග‍්‍රාමීය අංශයේ දරිද‍්‍රතාවය නාගරික දරිද‍්‍රතාවයමෙන් දෙගුනයකටත් වඩා වැඩිය. නාගරික හා වතු අංශයේ දරිද‍්‍රතාවය  ප‍්‍රතිශත පිළිවෙළින් 9% ක් සහ 4% ක් වෙි. මෙි අනුව පෙනී යන්නේ සේවා සැපයීමෙන් කොතරමි විදේශ වීනිමය උපයන්නේ වී නමුත් ඒ තුළින් සංවර්ධනය අත්කර ගැනීමට අප අසමත්වී ඇති බවයී.

ආදායමි ව්‍යාප්තිය සලකා බැලුවොත් ශ‍්‍රි ලංකාවෙි ඉහලම ආදායමි ලබන 10% මුලු ආදායමෙන් 39.7% ක් ලබන අතර පහලම ආදායමි ලබන 10%  ලබන ප‍්‍රතිශතය 1.1 කි.  තවත් මෙය පැහැදිළි කලහොත් මෙි රටෙි මුලු ආදායමෙන් අඩකට වඩා එනමි 55.1 ඉහලම ආදායම ලබන්නේ 20% ක පිරිසක. මෙි අනුව ආදායමි ව්‍යාප්තියේ ඇති විෂමතාවය තේරුමිගත හැක.

විදේශ විනීමය ග‍්‍රාමීය ප‍්‍රදේශවල කාන්තා ශ‍්‍රමිකයින්  විසින් උපයනු ලබන්නේ වී නමුත් හොඳ පාසැල් හොඳ රෝහල් මෙන්ම අනිකුත් පහසුකමි අග නගරය කේන්ධි‍්‍රයව සිදුවෙි. අඩු අවදානමක් සහිත වැඩි ආදායමක් ලබන වානීජ ප‍්‍රාග්ධනය මගින්  මෙ ආකාරයට ගම සූරාකනු ලබයී. අප රටෙි ඇත්ත නිශ්පාදනය ස්ථානගතවී තිබෙන් කොළඹින් බැහැරව වන හෙයින්  අනපේක්ශතව ඇතිවන සුනාමියක් වැනි ව්‍යසනයකින් කොළඹ නගරයට යමි හානියක් සිදුවුවත් ශ‍්‍රි ලංකාවෙි ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදුවන්නේ නැත. කොළඹ නගරය  අපගේ විදේශවිනිමය ඇතුලු සියලු ඉපැයීමි කාබාසිනියාකරණ කුමාර පුරවරයකි. ඉහත සඳහන් දත්ත ආශ‍්‍රයෙන් පැහැදිළිවන ප‍්‍රධාන කරුණ වන්නේ ශ‍්‍රි ලංකාවෙි දරි‍්‍රද‍්‍රතාව ග‍්‍රාමීය ප‍්‍රපංචයක් ලෙස එසේම තවමත් පවතින බවයී.

කෘෂිකාර්මික ගැටලුව

ශි‍්‍ර ලංකාවෙි දේශපාලනඥයින්ට හරබර වචන වල හිගයක් නොමැත්තාසේම අප රටෙි අර්ථික උගතුන්ටද ආර්ථක විද්‍යාවෙි ගාමිභිර වචන වල හිගයක් නැත.. හෙයින් වර්ධන වෙිගය පිළිබඳ නොයෙක් තර්ක ඉදිරිපත්කරමින් ජනතාව නොමග යැවීමට  පහසුය. නමුත් මා කළ පර්යේශණ වලට අනුව නමි සංවර්ධනයේ වෙිගය පිළිබඳව ඉදිිරිපත් කෙරෙණ දත්ත කෙසේ වෙතත් මුලික වශයෙන් කෘෂිකාර්මික රටක් ලෙස වී වගාව පමු‍්‍රඛ ශි‍්‍ර ලංකාවෙි කෘෂිකර්මය තවමත් පූර්ව ධනවාදීි නිශ්පාදන රටාවෙන් මිදීමට හෝ සමත් වී නැත. දෙකන්නය වී වගා වගාකරණු ලබන  මෙරට ගොවියා එම කාර්්‍යයේ නිරත වන්නේ උපරිම ලෙස මාස හතරක පමණ කෙටි කාළයකි. වසරේ ඉතිරි මාස අට වෙනත් ඉපැයීමි මාර්ගයක් නොමැති හෙයින් ඔහුට නිකරුණේ  කාළය ගත කිරීමට සිදුවී තිබෙි. මෙි නිසා සහනාධාර වලට අමතරව වසරක් පුරා ගොවියා ජීවත්කරවීම සඳහා සහතික මිලක් නියම කර ඔහුව ජීවත් කරවීමට රජයට  සිදුවී තිබෙි. ඉඩමට බැඳ තිබූ ප‍්‍රවෙිනි දාසයා ආරක්ෂා කීරීමට ඉඩමි හිමියාට තිබුුණු වගකීම බඳු වැඩවසමි නිශ්පාදන සබඳතාවයක් මෙි තූළ පවතින බවට වැටහීමක් නැති කෙනෙකුට ගොවියා ආරක්ෂාකර ගැනීමට රජය ඉදිරිපත්වීම යහපත් දෙයක් ලෙස පෙනීයා හැක. නමුත් ඒ වෙනුවට කෘෂි ආර්ථිකයේ පවතින අතිරික්ත ශ‍්‍රමය නිශ්පාදනයට යොදාගැනීමට හැකිවන ආකාරයේ වෙනස්කමි මගින් ගොවියාගේ ආදායම වැඩිකිරීමට පියවර ගැනීම සංවර්ධනය පැත්තෙන් ගත් කළ ඊටත් වැඩිය යහපත්ය.

අනිත් ප‍්‍රශ්ණය වන්නේ මෙරට ගොවියා ණය හබයක සිරවී සිටීමය. නිශ්පාදන කටයුතු සඳහා පමනක් නොව අස්වනු නෙලනතුරු තම පවුලේ වියහියදමි සඳහා ණය වීමට මෙරට ගොවියාට සිදු වී ඇත. කන්න අවසානයේ ණය හිමියාට පොළියත් සමග තම කමතේ දීම ගොවියා අස්වැන්නෙන් ණය පියවයි.  මූල්‍ය සංසරණයක් නොමැති පූර්ව ධනේශ්වර යුගයේ පැවති  භණ්ඩ හුවමාරු ක‍්‍රමයටය මෙය වෙනස් නොවෙි. අනිත් අතට ශි‍්‍ර ලංකාවෙි පවතින කෘෂි බිමි කැබලි අතිශයින් කුඩාවීම ආදායමි ලැබීමට බාදාවක් බවට ඇති මතයේ යමි සත්‍යයක් ඇත.. නමුත් බිමි කටිටි කුඩාවීම ආදායමි ලැබීමට බාදාවක් නොවන බව යාපනයේ වෙසෙන ගොවියාගෙන් අප ඉගෙන ගත යුතුය.  ලුණු පස්තටිටුව ඉවත්කර බැහැර ප‍්‍රදේශ වලින් පවා පස් රුගෙන ගොස් තම බිමිකඩ සරුකරගන්නා යාපනය ගොවියා කෘෂිභාණ්ඩ නිපදවුන්නේ වෙලඳපොළ සඳහාය. රජයේ සේවකයින්ට අමතරව යටත් විජිත යුගයේ දී මැලේසියාවෙි සේවය සඳහා ගොස් පැමිණි විශ‍්‍රාමික සේවකයන් ඔවුන්ගේ ආරමිභක පාරිභොගිකයින් විය. අභ්‍යන්තරිකවම ස්වයංජනිත ආර්ථිකයක් මෙන්ම ලාභ ලැබිය හැකි ඔවුන්ගේම වෙළඳ පොලක් යාපනයේ නීර්මානයවුයේ මෙි ආකාරයටය.  එහෙයින් යාපනයේ කෘෂිකර්මය නිදහස ලබනවිටද ධනවාදී වීය.  1948 දී එමර්සන් ටෙනන්ටි විසින් vමාර්කටි ගාඩින්v නමින් හැඳින් වූ මෙම නිශ්පාදන ක‍්‍රමය එංගලන්තයේවත් නොතිබුණුබව බව පවසා ඇත.

දකුනේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ පවතින මෙම පසුගාමිත්වය තුරන් කිරීමට නමි කාර්මික අංශය තුළ ඇතිකරණ පෙරළියක් තුළින් කෘෂිකාර්මික අංශයේ පවතින ඌන සේවා නියුක්තිය පූර්ණ සේවා නියුක්තියක් ඇතිකළ යුතු වෙි. ජපානය ඉන්දියාව වැනි රටවල කෑලි ක‍්‍රමයට ඇතැමි කාර්මික නිශ්පාදන ග‍්‍රාමිය මටිටමෙන් සිදු කෙරේ.  මෙි මගින් ගොවියාගේ ආදායමි සරුවන වී ගොවියා නය බරින් නිදහස්වන අතර අස්වැනින සඳහා කෘතීමලෙස සහතික මිළ නියම ගොවියා රුක ගැනීමට අමතර පිරිවැයක් දුරීමට රජයට අවශ්‍ය නොවනු ඇත. පිරිවැය අඩුවන්නේ නමි සහල් ඇතුලු අනෙකුත් කෘෂිනිශ්පාදනවල  මිල අඩුවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවෙි. මෙි සඳහා වන වෙළඳපොළ, කාර්මික හා අනිකුත් සේවා සපයන අංශවල පාරිභොගිකයින්ගෙන් නිර්මානය වන අතර අභ්‍යන්තර වෙළඳපොළ ප‍්‍රමානවත් නොවන්නේ නමි ඒවා අපනයනය කිරීමට කිසිදු බාදාවක් නැත. ඇතැමි අවස්ථා වල දී සහල් නැවක් පිටරට යැවු බවට පල වූ ප‍්‍රවෘත්ති අපි අසා ඇත්තෙමු. තම පාලනය යටතේ රට ස්වයංපෝශිත වී අතිරික්තය අපනයනය කරණ බව පෙන්වීමට දරණ බොළඳ උත්සහයන්ට වඩා වැඩි දෙයක් මෙිවායේ නැත. අප වැඩියෙන් සහල් නිශ්පාදනය කලත්  අපෙන් සහල් ගැනීමට කිසිවෙක් ඉදිිරිපත් වන්නේ නැත, එසේ වන්නේ ඔවුන්ට සහල් අනවශ්‍ය නිසා නොව දැනට පවතින අපගේ මිල ගනන් වලට සහල් ඔවුන්ට අනවශ්‍ය නිසාය.

කාර්මික සංවර්ධනය

කාර්මික සංවර්ධනයක් ඇතිකරගැනීමට නමි නිදහස් වෙළඳ පොළ මගින් රට සංවර්ධනය වෙනවාය යන මිත්‍යාවෙන් ප‍්‍රථමයෙන්ම අප ගැලවිය යුතුය. සිදුවුයේ කුමක්ද යන්න හරි වැටහීමක් නොමැතිව කරණ ප‍්‍රකාශ බැහැර කර නැගෙනහිර ආසියාවෙි ඇත්තටම සිදුවුයේ කුමක්ද යන්න අප විසින් තේරුමි ගත යුතුය. කාර්මික සංවර්ධනයේදී රජයේ වග කීම අත් නොහැරිය නැගෙනහිර ආසියාවෙි රටවල් කාර්මික අංශයේ ආායොජනය තම වගකීමක් ලෙෂ රජය භාරගත්හ. උදාහරණ ලෙස ජපානයේ ටොයොටා කර්මාන්තයද දකුණු කොරියාවෙි පොස්කෝ කර්මාන්තය පමනක් නොව පින්ලන්තයේ නොකියා ජංගම දුරකථන කර්මාන්තයද මුලදී රජයේ ආයෝජනයන් විය. ඇගලුමි හා හවරි කර්මාන්තයෙන් තම ගමන ආරමිභ කළ දකුණු කොරියාව පොස්කෝ වානේ කර්මාන්තය හරහා ලෝකයේ නැවීතැනීමෙි ප‍්‍රධාන ප‍්‍රධාන රටක් බවට පත් වී තිබෙි. නමුත් ඇගලුමි කර්මාන්තය ආරමිභකොට දශක තුනකට වැඩි කාාලයක් ඉක්මවා ඇති ඇති නමුත් අඩුමතරමෙි බොත්තමක් හෝ නිපදවීමට අප උත්සහ දරා නැත. මෙය අතපසු වීමකන් සිදුවන වැ?ද්ද නොව වානීජ ප‍්‍රාග් ධනයේ ස්වභාව නිරූපි අංග ලක්ෂණයකි..

ආර්ථක සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් ආයා අමිමලා වැනි නොපුහුණු ශ‍්‍රමිකයින් පිටරට පටවා හෝ නැති නමි සංචාරකයෝ මෙරටට ගෙන්වා විදේශ විනීමය ඉපැයීම වැනි කරුනකට ලඝු කල හැකි දෙයක් නොවෙි. සංවර්ධනය යනු මෙතෙක් රට තළ නොතිබුණ දෙයක් නිපදවීමත් එය තුලින්  විවිධ  නිශ්පාදනයන් අනවරතව නිර්මානය වීම මෙන්ම ඒ හා බැඳුණ යහපත් සමාජ හා දේශපාලන වෙනස්කමි ඇතිකරණු ලබන්නා වූ කි‍්‍රයා වලියක් සමග බැඳී පවතින්නකි. සාමාන්‍ය ජනතාවට නොතේරෙන ආර්ථක විද්‍යාවෙි ගාමිභිර වචන වලින් පවසන්නේ නමි වැඩිවෙන පරිමානානුකූල ඵල හා පොකුරු පලවිපාක දෙන කාර්මික නිශ්පාදනයන්ට ගමන් කිරීම තුළින් ඇතිකරණු ලබන අනාගතවාදී සමාජ හා දේශපාලණ විපරිවර්තනයකි. නැගෙනහිර ආසියාවෙි සංවර්ධනයේ රහස ඇත්තේ මෙතනය. එම රටවල් අප සිතන ආකාරයට නිදහස් වෙළඳපොළ තුළින් සංවර්ධනය කරා ගමන් කළා නොව සංවර්ධනය අත්කරගැනීමෙන් අනතුරුව තම වාසිය තකා සමාන ගනුදෙනු කරුවන් ලෙස නිදහස් වෙළඳපොල ප‍්‍රතිපත්තිය වැලඳගත් රටවල් බව අප තේරුමිගත යුතුය.

සංවර්ධනයේ උභතෝකොටිකය

පසුගිය දශක හතරක පමණ කාලයක සිට ආර්ථිකයේ සිදුවු  ව්‍යුහාත්මක වෙනස්වීමි මගින් ශක්්තිමත් වූ වානීජ ප‍්‍රාග්ධනය මෙිවන විට අප රටෙි දේශපාලනය සමග අවියේජනීය ලෙස සමිබන්ධ වී තිබෙි. මෙයින් ඉදිරියට යෑමට නමි මෙම වානීජ ප‍්‍රාග්ධනය දුර්වලකොට නිශ්පාදන ප‍්‍රාග්ධනය ශක්තිමත් කිරීමට අදාළ ප‍්‍රතිපත්තිමය තීරණවලට අප ගමන්කළ යුතුව ඇත.. මෙි අනුව දැනට පවතින වානීජ ප‍්‍රාග්ධනයේ හා දේශපාලනය අතර ඇති මෙි මිතුදම රටෙි හැබැ සංවර්ධනයට බාදාවක් වී තිබෙි ආර්ථික විද්‍යාවෙි මූලික සිද්ධාන්ත උගන්වන ටියුෂන් ගුරුවරයෙකුගෙන් මදක් ඔබිබට ගොස් දේශපාලන ආර්ථික විද්‍යා ඇසකින් බලන ඔිනෑම අයෙකුට මෙය වැටහිය යුතුය. එහෙත් අප භුක්ති විඳින ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ වානීජ ප‍්‍රාග්ධන විසින් මෙහෙයවන ඒජන්තයින්  ජනතාවලවාම මහජන නියෝජිතයා ලෙස බෞතිස්ම කර පාර්ලිමෙින්තුවට පත්කරවා ගැනීමෙි ක‍්‍රමයක් 78 සිට අපිට උරුමකර දී තිබෙි. වානීජ ප‍්‍රාග් ධනය විසින් හදාවඩා පොෂණය කරණ මෙම ඒජන්තවරුන්ට පක්ෂ මාරුකිරීම ප‍්‍රශ්ණයක්  වන්නේ පෞද්ගලිකව තමන්ට සිදුවන ලාභ පාඩු ගනන් බැලීමකට අනුව මිස ප‍්‍රතිපත්තිමය කරුණු මත නොවෙි. තමන් ඇතුලුු හතර වරිගයාට ඇලඩින්ගේ පුදුම පහනක් වී ඇති මෙම ක‍්‍රමයේ මූලික වෙනසක් කිරීමට මොවුන් පියවර ගනු ඇතැයි සිතීමට තරමි සාධක නැත. රාජ්‍ය නිලධරයද වානීජ ප‍්‍රාග්ධන සමග සමිබන්ධවී සිටින අතර ආර්ථික උගතුන් වැලයන අතට මැස්ස ගැසීමෙන් ඔවුන් ද වරප‍්‍රසාධ සහිතව යමක් සරිකර ගැනීමෙි ව්‍යායාමයක නිරතව සිටිති. ඉතාමත් සුලු පෞද්ගලික ලාභ අපේක්ෂාවන් ඉටුකර ගැනීම වෙනුවෙන්  මෙකී තුන්කටිටුව සමග පෞද්ගලික සමිබන්ධතා ඇතිකර ගන්නා පත්තරකරුවෝ ඔවුන්ගේ කවි කථාන්රතර ප‍්‍රචාරය කිරීමට සැදීපැහැදී සිටිති. මෙි නිසා සංවර්ධනයේ ඇත්ත ගැටලුව පිලිබඳව සාකචිඡුාව යටපත් වී තිබෙි. එහෙයින් සංවර්ධනය පිළිබඳ නොමග යවන සුලු ප‍්‍රචාරකවාදී් විහිලු සැපයීමෙන් වැලකී සාරගර්භ සාකචිඡුාවක් ආරමිභ කිරීම යුගයේ අවශ්‍යතාවයක් වී තිබෙි ඒ අතරම සංවර්ධනය යථාර්ථයක් කරගැනීමට නමි සාකචිඡුා වලින් ඔබිබට ගිය රුඩිකල් දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය බව මාගේ වැටහීමය.

මාධ්‍යට තම අදහස් දැක්වීමට අකැමැති විශ‍්‍ර‍්‍රාමික ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙක් සමග අපි කිහිපදෙනෙක් කරණ ලද සාකචිඡුාවක් ඇසුරින් සකස් කළ ලිපියකි මෙි. විශ්ව විද්‍යාලයට අමතරව කලක් මහ බැංකුවෙිද සේවය කර ඇති මොහු වතු ආර්තිකය සමිබන්ධයෙන් අගනා කෘතියක් ලියාතිබෙන අතර එම ආර්ථකය සමිබනිධයෙන් මෙතෙක් කර ඇති තියුණම විශ්ලේෂණය ලෙෂ ප‍්‍රමානික ආර්ථක උගතුන් අතර විශාල පිළිගැනීමක් ඇත.
සකස්කලේ – මහින්ද රත්නායක

1 Comment

  1. හොද විශ්ලෙෂනයක්.සේවා අංශය සෙසු අංශ ඉක්මවා වැඩිම සංවර්ධනයේ පැතිකඩක් යැයි උගන්වනු ලැබුවත් ඒකෙ ඇත්ත නැත්ත ලංකාවෙ තත්වය ඇසුරින් බරපතල විදිහට මතුවෙනව.නිෂ්පාදනය මූලික කරගත්ත ආර්ථිකයක් මිස ධනය නිර්මානය කල හැකි වෙන විකල්පයක් නැහැ.නමුත් රටට එන ඉතාම නූතන යැයි කියන විදේශ ආයෝජන හරහා ලැබුන ඇගලුම් ක්ෂේත්‍රය තුල පවා නිෂ්පාදනය උත්පාදනය කරගන්න අපි අසමත් වීම සලකා බැලිය යුතු කරුනක්.අවුරුදු ගානක් අපි කරකවමින් ඉන්න ආර්ථික රෝදයේ සාර්ථකත්වය ගැන සැක සංකා මතුවෙන එක අද වනවිට නම් නොවැලැක්විය හැක්කකි


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s