ඉතිහාසය මහා වන්ශයෙන් ඔබ්බට

 

ඉතිහාසය ගැන ඓතිහාසිකව සිතීම

මිනිසා ලෝකය තේරුම් ගන්නේ සන්සන්දනාත්මක ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙසය එම අදහස දැන් ස්නායු ජීව විද්‍යාවේ පිළිගත් සිද්ධාන්තයකි කිසියම් අත්දැකීමක් එක් වරක් අත්දුටු විට එමගින් මොළය අත්දැකිමක් ගබඩා කර ගනී නැවතත් ඒ හා සමාන අත්දැකීමක් මුන ගැසුනු අවස්ථාවක මොළයේ තිබෙන දර්පන නියුරෝන මගින් එම අත්දැකීමට මුල් අවස්ථාවේ මුහුණ දුන් ආකාරය පිළිබ`ද මතකය පරාවර්තනය කරයි පුද්ගල හෝ වේවා සාමාජයීය හෝ වේවා කිසියම් අභියෝගයකට මුහුණ දීම ස`දහා අවශ්‍ය කරන දැනුම ගොඩ නැගෙන්නේ තමන් සාර්ථකත්වය සහ අසාර්ථකත්වය පිළිබ`දව මොළය මගින් ගබඩා කර ගන්නා ප‍්‍රායෝගික අත්දැකීම් පිළිබ`ද මතකයයි මෙය දාර්ශනිකව හ`දුන්වන්නේ සාදෘශ්‍යමය සාමාන්‍යකරණය යන යෙදුමෙනි

යම් අත්දැකීමක් සමග ගලපා ගැනිමෙන් තවත් ඒ හා සමාන අත්දැකිමක් තේරුම් ගැනිම මිනිසාට ආවේණික වු ක‍්‍රමයකි කිසියම් සමාජයකට ඉතිහාසයක් පිළිබ`දව විමසිලිමත් වීම අත්‍යාවශ්‍ය වන්නේ මේ නිසාය ඉතිහාසය පොදුවේ ගත් කළ  ඕනෑම සමාජයකට තමන් මුහුණ දෙන වාස්තවික ප‍්‍රශ්න තේරුම් ගැනීමට අවශ්‍ය කරන පසුබිම් දැනුම ලබා දෙන ප‍්‍රපංචයකි  බාහිර බලවේගයක් මගින් අඛණ්ඩතාවට බාධා නොකරන තාක් කල් ඉතිහාසය ක‍්‍රියාවලියක් ලෙෂ ගෙවී ගිය කාලයත් වර්තමානත් හේතුඵලමය හුයකින් සම්බන්ධ කරනු ලබයි ඇත්තෙන්ම බටහිර යටත්විජිත බලපෑමෙන් ශ‍්‍රී ලංකාව ආදී රටවලට මුහුණ දෙන්නට සිදු වූ බලවත්ම හා දිර්ඝකාලීන ප‍්‍රතිඵල සහිත ව්‍යසනය වූයේ වසර දහස් ගණනක් තිස්සේ වර්ධනය වූ ඓතිහාසික අත්දැකීම් පිළිබ`ද මතකය උපක‍්‍රමශීලීව අහෝසි කොට ඒ මත ඒ මත එවන් ඓතිහාසික සමාජකට කිසිදා හුරු නොවූ විරූ ආකල්පමය සහ ද්‍රව්‍යාත්මක රෝපණය කරලීමයි ඉන් සිදු වූ සමාජමය හානිය මගින් ඇති කළ නොයෙක් තරාතිරමේ අර්බුද නිසා හටගත් පොදු සාමාජයීය අසාත්මිකතාව අතිමහත්ය ඉන් ප‍්‍රධාන වන්නේ දීර්ඝකාලීනව අහිතකර ප‍්‍රතිඵල ලබා දෙන සු`එ වූත් තත්ත්වය වන්නේ අප හා අප ජීවත්වන සමාජය පිළිබ`දව අප කල්පනා කරන ආකාරයට අදාලව පවතින අර්බුදයයි රටක් සංවර්ධනය කිරිමට අවශ්‍ය කරන සැබෑ පෙළඹවිමකින් කටයුතු කරන සමාජයක් තීරණ ගැනීමේදී  සහ තීරණ ක‍්‍රියාත්මක කිරීමේදී තමන්ගේ ආකල්ප මගින් ඇති කරන අර්බුදවලින් මිදී කටයුතු කිරිමට ඒ සමාජ තුළම ස්වයංසිද්ධව පහලවන අතීත සිද්ධි හෙවත් ඉතිහාසය ප‍්‍රයෝජනවත් වන ආකාරය තේරුම් කිරිමට මෙම ලිපිය අදහස් කරයි

ඉතිහාසය යනු ඉතිහාසය මගින්ම නිර්මිත සමාජයක වෙසෙන පුද්ගලයෙකු විසින් රචනා කරනු ලබන්නකි එහෙයින් ඉතිහාසය සාමාජයීය ප‍්‍රකාශනයකි ඉන් අදහස් කරන්නේ අතීතය දැකීමට අවශ්‍ය කරන කවු`එව තැනෙන්නේ වර්තමාන අභියෝග නමැති බිත්තිය මත බවය වර්තමානය යනු සර්ව නාමයකින් විස්තර කළ හැකි අන්දමේ ස්ථිතික ප‍්‍රපංචයක් නොවේ එය වෙනස්වන කාල තලයකි එක් වර්තමානයක් මගින් ඇති කරන සමාජ අභියෝග සහ වාස්තවික සමාජ දෘෂ්ටිවාද තවත් වර්තමානයක් මගින් ඇති කරන එවැනි දේට සාපේක්ෂව වෙනස් වෙයි කාලය හරහා වර්තමාන මගින් උද්ගත කරන සමාජ අපේක්ෂා වෙනස්වන විට ඉතිහාසයෙන් අප ඉල්ලා සිටින යථාර්ථ ද ඒ අනුව වෙනස් වීම විය යුත්තකි යටත්විජිතයෙන් මිදීම ප‍්‍රධාන සමාජ දේශපාලනික අවශ්‍යතාව ලෙෂ පැවති යුගයකදී අප විසින් ඉතිහාසයෙන් ඉල්ලා සිටි පරමාදර්ශ විසිඑක්වන සියවසේ ජාතික රාජ්‍යයක් ලෙස වර්ධනය වීමට අපේක්ෂා කරන සමාජ-දේශපාලනික සන්දර්භයකදී එ ලෙසම පවත්වා ගැනීම ප‍්‍රායෝගිකව කළ හැක්කක්ද යටත්විජිත ආධානග‍්‍රාහීත්වය නිසා බි`ද වැටුනු සමාජ අභිමානය ගොඩ නැගීමට ඉතිහාසයේ කටුකෙහොල් අතරින් ජාතියට පෙන්වූ අනුරාධපුරයේ මහාවැව් අමුණු සහ සුවිසල් ගොඩනැගිලිවලින් විහිදෙන දෘශ්‍යමය විශිෂ්ටත්වය සහ ඒවා පදනම් කර ගත් විස්මයජනක වෘත්තාන්ත වෙනුවට දැන් අපි ඒ නිමිති මගින් කියවා ගත යුතු වන්නේ ඒ කෘතීන් තුළම අන්තර්ගතවන තාක්ෂණය දර්ශනය සහ අනභියෝගී කළමනාකරණ මූලධර්ම ආදී දැනුම පදනම් කර ගත් තේමාවන්ය සංවර්ධනය ජාතික ඒකාග‍්‍රතාව සාමය ආදී පු`එල් අපේක්ෂාවන් සහිත අප දැන් අත්විදින වර්තමානයට ඉතිහාසයෙන් සාධනීය ප‍්‍රයෝජනයක් අත් වන්නේ එවිටය මම පෞද්ගලිකව කල්පනා කරන ආකාරයට අපේ වර්තමාන සමාජය අඩුම තරමින් ඉතිහාසයෙන් ගත යුතු ප‍්‍රයෝජන දෙකක් තිබේ ඉන් පළමුවැන්න තමන් ජීවත්වන මේ රට තමන්ගේ මාතෘභූමිය ලෙස ඒත්තු ගන්වන්නට අවශ්‍ය කරන නිමිති සම්පාදනය කිරීමේ මූලාශ‍්‍රයක් ලෙස භාවිත කිරිමයි දෙවැන්න තමන්ගේ සංස්කෘතියෙන් තමන් අත්විදින වර්තමානයට ලැබී තිබෙන ප‍්‍රවේණිය පැහැදිලි කොට සෑම පුරවැසියෙක්ම ඓතිහාසික වශයෙන් පේ‍්‍රරණය වී ඇති අන්දම පැහැදිලි කිරිමට ඉතිහාසය භාවිතයට ගැනිමයි

කිසියම් රටක වැඩ කරන ජනතාවට තමන් වැඩ කරන්නේ තමන්ගේ මාතාභූමියටය යන හැ`ගීම තමන් තුළ ඇති නොවන තාක් කල් අවංකව සහ කාර්යක්ෂමව දිර්ඝකාලීන ධෛර්යවන්ත ලෙස වැඩ කිරීමේ හැකියාව අත් නොවේ මෙය සෘජුවම අදාල වන්නේ ස්වීය අනන්‍යතාව පිළිබ`ද ප‍්‍රවේශයේදිය තමන් කවුද තමන් පැවතෙන්නේ කාගෙන්ද තමන් වැඩ කරන්නේ කා වෙනුවෙන්ද යන කරුණූ පිළිබ`දව දැනුවත් වීම මෙහිදී උපයෝගි වන්නේ මානසික උත්පේ‍්‍රරක ලෙසිනි මෙවැනි අවශ්‍යතාවකට සංග‍්‍රහ කිරිමේදී සමාජයක් මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගය වන්නේ අදාල විෂය සම්බන්ධයෙන් වන සත්‍යවාදී යථාවත් දැනුම සම්පාදනය කිරිමයි අතීතය සම්බන්ධ වඩා විද්‍යානුකූල දැනුම අත්පත් කර ගැනීම යන ප‍්‍රවේශය මෙහිදී අතිශයින් තීරණාත්මකය මෙම කරුණ එක් නිදසුනක් මගින් පැහැදිලි කළ හැකිය

අප කා තුළත් මෙරට සංස්කෘතියේ ආරම්භය ගැන පවතින අදහස මු`එමණින්ම වංසකථා මත පදනම් වූවක් බව අපි හො`දින් දනිමු ඉන් කියැවෙන්නේ විජය නමැති ඉන්දීය ප‍්‍රභවයක් ඇති පුද්ගලයෙකුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමකගේ මෙරට ආගමනය ශ‍්‍රි ලංකාවේ ඓතිහාසික යුගයේ ආරම්භය වු බවයි මෙම ප‍්‍රවෘත්තිය රචනා වන්නේ මෙරට සමාජයට උතුරු ඉන්දීය සබ`දතාවක අවශ්‍යතාව පෙන්වීමේ වුවමනාව උපරිමයකට පත්ව පැවති අවධියකදීය මහාවංසය රචනා වීම ඇරඹෙන ක‍්‍රිස්තු වර්ෂයෙන් පස්වන සියවස ඉන්දිය සාගරයේ අන්තර්ජාතික වෙළ`දාම එහි උපරිම තලයකට එසැවී තිබුනු අවධියකි මේ වෙළ`ද කටයුතු දියුණු වන අවධියේ ශ‍්‍රී ලංකාවට වඩාත්ම අහිතකර බලපෑම් ඇති වූයේ දකුණු ඉන්දීය පාලකයින්ගෙනි දකුණු ඉන්දීයානුවන් කවරෙකු වුවද සතුරන් සේ දකින්නටත් අවශ්‍ය අවස්ථාවලදී  ඕනෑම උපායමාර්ගයක් භාවිත කොට ඔවුන් පිටු දැකීම සාධාරණිකරණය කිරිමට අවශ්‍ය කරන ආකල්පමය ස්ථාවරය ගොඩ නැගීමටත් අත්තිවාරම සැපයෙන්නේ දකුණු ඉන්දියානුවන් ‘අනෙකා’ ලෙස සිතන්නට සැලැස්විමෙනි එම අරමුණ සාධනය කර ගැනීමට අනුගමනය කළ හැකි හො`දම උපාය මාර්ගය මෙරට ප‍්‍රධාන ජනප‍්‍රවාහයේ ප‍්‍රභවය උතුරු ඉන්දියාවට සම්බන්ධ කිරිමය එය මහාවංසය රචනා කළ අවධියේ පැවති සමාජ-දේශපාලනික අවශ්‍යතාවට හො`දින් ගැලපුනත් දැන් අපට එසේ කල්පනා කිරිමේ අවශ්‍යතාවක් ඇතැයි සාධාරණිකරණය කළ නොහැකිය ඇත්තෙන්ම දැන් අපට තිබෙන වුවමනාව අනෙකා පිටු දැකීම නොව මේ මාතෘභූමිය සහ එහි වෙසෙන කවර තරාතිරමක වුව මිනිසුන්ගෙන් සමන්විත සමාජය දියුණු කොට ලෝකයේ වෙනත් සමාජ ඉදිරියේ අභීතව නිදහස්ව නැගි සිටීමේ වුවමනාවයි එහිදී අපිට අවශ්‍ය වන්නේ අපේ සමාජයේ කා හටත් මේ භූමියට ඇති ප‍්‍රවේණිගත අයිතිය තහවුරු කොට මමත්වය වර්ධනය කිරිමයි මහාවංසයේ විස්තර කෙරෙන විජය ආදි කථා ප‍්‍රවෘත්තිය අප මෙරටට ආගන්තුක වූ සම්භවයකින් පැවතෙන්නන් ලෙස පෙන්වා දීමට වුවත් භාවිත කළ හැකිය මෙවැනි ඓතිහාසික ප‍්‍රවෘත්තිවල එල්බ ගනිමින් ඒවා ඉතිහාසය ලෙසම ගැනිමෙන් අනවශ්‍ය ව්‍යාක_ලතා ඇති විමට වැඩි ඉඩක් ඇති විමට අවකාශ තිබේ ඒ වෙනුවට ඒ මහාර්ඝ ඓතිහාසික ප‍්‍රවෘත්ති හුදකලා කොට තනි සිද්ධි ලෙස සැලකීම පසෙක තබා එවැනි සිද්ධී ගණනාවක් මගින් එළි දකින දිර්ඝකාලින රටා තේරුම් කිරීම මගින් ඉතිහාසය වඩාත් භාවිත මෙවලමක් බවට පත් කළ හැකිය

ඉතිහාසය වර්තමානය ස`දහා ආයෝජනය කරන  ඕනෑම සමාජයක් ඉතිහාසය පිළිබ`ද පර්යේෂණවලට මුල් තැනක් ලබා දිම කළ යුතුය අනවරතයෙන් වර්ධනය වන නව පර්යේෂණ දිශානතින් කලාතුරකින් වුවද සුසමාදර්ශීය පරිවර්තන ඇති කරවන බව අප විසින් තේරුම් ගත යුතුය මෑත කාලයේදී උඩවළවේ නිමිනයේ සිදු කෙරමින් තිබෙන පුරාවිද්‍යාත්මක පර්යේෂණ මෙරට ඉතිහාසයේ ප‍්‍රාරම්භක අවධිය පිළිබ`ද නව දැනුමක් නිර්මාණය කරමින් තිබේ එවැනි පර්යේෂණ මගින් හෙළිවන දැනුම විජයාගමනය වැනි වඩාත් ප‍්‍රචලිත සුසමාදර්ශ පැරණි බවට පත් කොට මෙරට සමාජයේ ආරම්භය පිළිබ`ද නව සුසමාදර්ශ ස්ථාපිත කරයි

මෙහිදී මතක තබා ගත යුතු ප‍්‍රධාන කරුණක් වන්නේ ඉතිහාසය ලබා දෙන්නේ අස්පෘශ ප‍්‍රතිඵල බවයි එය තුලනය කළ හැකිවන්නේ දිර්ඝකාලිනවයි ඉතිහාසය ඉතිහාසය තුළ නොතබා ඉතිහාසය වර්තමානගත කිරිම වෘත්තීය කටයුත්තකි

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s