මගේ හෘද සාක්‍ෂිය ඉල්ලා සිටින්නේ යහපත් සමාජයක් -ලංකා කර්තෘ චන්දන සිරිමල්වත්ත

ඔහු මසැ’සින් මෙන්ම මනැ’සින්ද ලෝකය විනිවිද දකින්නේය. එ් ඔහු ගරු කරන සමාජ දේශපාලන දහමට අනුවය. දේශපාලනයෙහි කලාව මෙන්ම කලාවේ දේශපාලනයද වර්තමානයෙහි දළු අතු ඉතිලා වැඩෙන මර්දනයද ඔහුගේ තියුණු දැක්මට හසුවන්නේය. එ් මාධ්‍යවේදියකු වීම නිසාය. අප ඔහු සොයා යද්දී සිය සති අන්ත පුවත් පතේ කටයුතු නිමවා හේ මඳ ඉසිඹුවක් ලැබ සිටියේය. පහත පළවනුයේ මෑත භාගයෙහි දැඩි ආන්දෝලනයට ලක්වූ සති අන්ත ඉරිදා පුවත්පතක් වන ලංකා ඉරිදා සංග‍්‍රහයේ ප‍්‍රධාන කර්තෘ මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත සමඟ කළ පිළිසඳරක කෙටි සටහනකි.
කැමතියි ඔබේ ආරම්භය ගැන දැනගන්න?

මම කුඩා කාලයේ පටන්ම ලියන කියනදේට කැමැතියි. උසස් පෙළ පන්තියේදී මම කළේ විද්‍යා විෂයයන්. මගේ කිට්ටුම යහළුවෝ හුඟක් දෙනා කවි ලියන අයයි හිටියේ. සාහිත්‍යයට නැඹුරු වූ අයයි. විභාගය සමත් වුණා. එ්ත් සරසවි වරම අහිමි වුණා. 1988-89 කාලේ භීෂණය හිස එසවූවා මට මතකයි. අද මා එක්ක කතාබහ කර වෙන්වී ගිය හිතමිතුරන් හෙට උදේ තිරිසන් ලෙස භීෂණයට ලක්ව මියගොස් සිටින අයුරු මම දැක්කා. මේවා මට අත්දැකීම් වුණා. මේවත් එක්ක මගේ ලිවීම වේගවත් වුණා.

මම මුල් කාලයේදී වාර ප‍්‍රකාශන වලට ලිපි ලිව්වා. විවරණ, රාවය වගේ සඟරාවලට. ලක්දිව හිරු පුවත්පත්වලට මම කවි ලිව්වා. ඔය අතරතුර 90 පරපුර නමින් කවියන්ගේ එකමුතුවක් බිහිවුණා. ඔවුන් සාහිත්‍ය උළෙලක් පැවැත් වූවා. එහිදී මගේ කවියක් අගැයීමට ලක්වී තිබුණා. නමුත් කොළඹට ඇවිත් පුවත්පත් සමාජයක් එක්ක ගැටෙන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. ඔය අතරේ මම හිරු පුවත්පත එක්ක කිට්ටු සබඳකමක් ගොඩ නඟා ගත්තා. රෝහිත භාෂණ මගේ හිත මිතුරෙක් වුණා. 1996 දී මගේ මිතුරෙක් ක්‍ෂිතිජය නමින් සඟරාවක් කරන්න මට ආරාධනා කළා. මම උප කතුවරයකු හැටියට ක්‍ෂිතිජය සඟරාවේ හතරවැනි කලාපයේ පටන් කටයුතු කළා. 1996 වසර පොදු ජන එක්සත් පෙරමුණු රජය දේශපාලන වශයෙන් වැහැරී ගිය යුගයක්. වැඩ කරන ජනතාව ජීවන අර්බුදයට ලක්වූ යුගයක්.

මේ කාලය තුළ සඟරාව සම්බන්ධයෙන් වැඩි වැඩ කොටසක් කරන්න සිද්ධ වුණා. 1997 දී කැලූම් කුමාර පෞද්ගලික හේතු නිසා සඟරාවෙන් ඉවත් වුණා. මම පූර්ණ කාලීනව ක්‍ෂිතිජය සඟරාවේ සංස්කරණ කටයුතුවලට එක් වුණා.

මේ සඟරාවේ කටයුතු ඔබ කළමනාකරණයට ලක් කළ ආකාරය කෙබඳුද?

‘ක්‍ෂිතිජය’ සඟරාව වෙනසකට කැමැති වුණු එ් සඳහා කැපවුණු තරුණ පිරිසකගේ එකතුවක්. එහිදී කවුරුත් කැපවීමකින් පරිත්‍යාගයෙන් කටයුතු කළා. කළමනාකරණය කියල විශේෂයෙන් යමක් තිබුණේ නෑ. අලෙවි කටයුතු පවා අපි බෙදාගෙන කටයුතු කළා. අපිම සඟරා කර තබාගෙන ගිහින් අලෙවි කළා. මාතර ප‍්‍රදේශයේ අපේ සඟරාවට ලියන නිර්මාණකරුවෙක් සමඟ දිනයක් යොදාගෙන අපි කණ්ඩායමම මාතරට යනවා. එහිදී සඟරාව අලෙවි කරනවා. ඇත්තටම මේ වැඩ පිළිවෙල තුළ සෑහෙන අත්දැකීම් ප‍්‍රමාණයක් ලැබුණා. දැන් මතක් කරන විට එ් අත්දැකීම්වල සමහර අවස්ථා කටුක වුණත් හරිම සොඳුරුයි. සංවේදීයි.

ඔබ මෑත භාගයේ රහස් පොලිසිය මඟින් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමකට ලක් වුණා. පුවත්පත් කතුවරයකු ලෙස එ් අත්දැකීමට මුහුණ දුන්නේ කොහොමද?

ඇත්තෙන්ම පුවත්පත් කලාවේදියකු වුණාම මෙබඳු අභියෝගවලට මුහුණ දෙන්න සූදානමින් ඉන්න  ඕනෑ. මේක මම බලාපොරොත්තු නොවූ දෙයක් නෙවෙයි. අපට අත්දැකීම් තබා අපෙන් වෙන්වී ගිය ප‍්‍රවීණ පත‍්‍ර කලාවේදීන් සිටිනවා. දයාසේන ගුණසිංහ මහත්මා ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී යම් යම් බලපෑම්වලට ගොදුරු වුණා. මහනුවරදී අපේ කලා සාහිත්‍ය උළෙල පැවැතියදී මට එතුමන්ලා හමුවුණා. එ් අත්දැකීම් අපට බෙදා දුන්නා. අජිත් සමරනායක, සුනිල් මාධව පේ‍්‍රමතිලක වැනි ප‍්‍රවීණයිනුත් එහෙමයි. මේ අයයි අපට පත‍්‍ර කලාවේ අකුරු කළේ. දයාසේන මහත්මා මෙවැනි හමුවීම්වලදී කියූ සුප‍්‍රකට කතාවක් තිබෙනවා.

‘‘පුවත්පත් කලාවේ යම් යම් සීමාවන් තිබෙනවා. ඇත්ත. එ් සීමාව දක්වාවත් අප මාධ්‍යයේ නිදහස භුක්ති විඳිය යුතුයි. කණුවක බැඳ සිටින හරකෙකු නම් ඌ කඹය දිග තිබෙන තුරු ගිහින් උලා කනවා. නමුත් සමහර හරක් එහෙම නෙවෙයි ඔහේ කණුව වටේ උලා කකා ඉන්නවා.’’

ඉතින් මම මේ අත්විඳපු දේ එතරම් ලොකු දෙයක් නෙවෙයි. හරිම සාමාන්‍යයයි. මේ අපේ සමාජයේ තිබෙන බේදවාචකය තමයි. අපේ සමාජයේ හැම දෙයක්ම සාමාන්‍ය තත්ත්‍වයෙන් එහාට ගිය දේවල්නේ. දේශපාලනඥයා තමයි ජනතාව ගැන තීන්දු තීරණ ගන්නේ. ඔවුන්ව පත්කරන්නෙම බෝක්කු පාලම් හදන්න. ජනතාවට වැඩ කරන්න. නමුත් ඔවුන් කරන්නේ එ්වා හදලා ප‍්‍රචාරක ඩිජිටල් දැන්වීම්වලට ලක්ෂ ගණන් වියදම් කරලා බැනර් දාගන්නවා. නම දාලා නාම පුවරු විවෘත කරනවා. අපේ ජනතාවත් එ් අයට ඉතාම ඉහළින් ගරු කරනවා. ඔවුන් ඡුන්දෙන් පත්වෙන්නේ ඒවා කරන්න තමයි. නමුත් ඔවුන් එ් දේ කරලා කරපු බවටත් ප‍්‍රචාරය කර ගන්නවා. මම හිතන දෙයක් තමා පත්තර කාරයෙක් හැටියට මගේ වගකීම, යුතුකම තමයි සමාජයේ අඳුරු පැත්ත හෙළි කිරීම. ඒක නොකරන අය ගැනත් මගේ විවේචනයක් තිබෙනවා. නමුත් මම කියන්නේ හැම පත්තරකාරයෙක්ම තමන්ගේ වගකීම හරියට කරනවා නම් එ් අයට හතරවැනි තට්ටුවට යන්න වෙනවා. නමුත් එහෙම වැඩ කරන ජනමාධ්‍යවේදීන් සිටිනවා නම් ඔය මර්දනකාරී තත්ත්‍වය වෙනස් වෙනවා. එවිට පාලකයින්ට දෙවරක් හිතන්න වෙනවා. හැම මැතිවරණයකදීම මාධ්‍ය නිදහස කියන සටන් පාඨය අවශ්‍ය වෙන්නේ නැහැ.

හතරවැනි තට්ටුවේදී ඔබ ලැබූ අත්දැකීම් ගැන කතා කළොත්?

ඔවුන් ඇත්තටම වෘත්තිමය ස්වරූපයෙන් කටයුතු කළා මහත්වරුන් විදිහට. බොහොම සුහදව දින 18 ක් කූඩුවේ ජීවිතේ ගෙවන්න වීම තමයි මානසික පීඩාවක් වුණේ. ඇත්තටම ඔවුන් තුළම යම් අවබෝධයක් තිබූ බව පෙනුණා. මේ කාරණය සම්බන්ධයෙන් මා ප‍්‍රශ්න කළ යුතු කෙනෙක් නොවන වග. අවසානයේ අධිකරණයට ඉදිරිපත් කරන්න චෝදනා ගොනු කරන්න හැකියාවක් තිබුණේ නෑ. මට ඔවුන් එක්ක ගැටුමක් තිබුණේ නැහැ. එ් අයටත් නැහැ. අපේ රටේ රාජ්‍ය නිලධාරීන් ¥ෂිත අය ඉන්නවා. එ්ත් හදවතට එකඟව කටයුතු කරන රාජ්‍ය නිලධාරීනුත් සිටිනවා. එතැනදීත් ඔවුන් ඉක්මණින්ම මේ පරීක්‍ෂණය නිමාවට පත් කරන්න උත්සාහ කළා. රැුඳවුම් නියෝගය දින 90 ක්. අවශ්‍ය නම් ඔවුන්ට එය දීර්ඝ කරගන්න තිබුණා එහෙම කළේ නැහැ. මට ඔවුන් සමඟ විවේචනයක් නැහැ. මගේ ප‍්‍රශ්නය මේ තීරණය ගත්තේ කවුද කියලයි.

ඔබ කොහොමද මේ කටුකත්වයට මුහුණදෙන ජීවිත පන්නරය ලැබුවේ?

මෙහෙමයි! මං ගෙදර බොහොම හුරතලේට හැදුණු කෙනෙක්. අක්කා තමයි වැඩිමහල්. ඊළඟට මම. මගේ මාපියන් දෙදෙනාම ගුරුවරුන්. ඔවුන් ගුරුවරුන් හැටියට ජීවිතය ගොඩනංවා ගන්න දුක් විඳපු හැටි මම දන්න දෙයක්. ඊළඟට මම ජීවත්වුණු මහනුවර ප‍්‍රදේශය. ගැමියන්, ගොවීන්, මැටි කර්මාන්ත කරුවන්, අත්කම් ශිල්පීන්, කුලී වැඩ කරන කම්කරුවන් මේ පරිසරය මා ලද ජීවන අත්දැකීම්වලට වැදගත් වුණා. එ් වගේම මම කලින් කියූ 88-89 අත්දැකීම් මගේ ජීවිතයට වැදගත් වුණා.

ඊළඟට උතුරේ තරුණ නැගිටීම. මේවා ගැන ප‍්‍රශ්න කරන්න ශක්තිය ලැබුණේ අපට පරමාදර්ශී වූ ප‍්‍රවීණ පත‍්‍ර කලාවේදීන් පෙන්වූ විචාරශීලී මාර්ගයයි. ඔවුන් පවා මේ ගැන ප‍්‍රශ්න කළා.

ඔබේ පුවත් පතේ කලාව පිළිබඳ මතවාදය කෙබඳුද?

අපේ සමාජයේ කලාව, සංස්කෘතිය යන පාර්ශ්වයන් මිනිසුන් දැනුවත් කිරීමේ මාධ්‍යයක් හැටියටයි පුවත්පත තුළින් භාවිත කරන්නේ. ක්‍ෂිතිජය සඟරාවේදීත් මම ඒ උත්සාහය කළා. ජීවිතය කලාත්මක විදිහට නිර්මාණය කරන කලාකරුවන් තමයි අපට වැදගත් වන්නේ. ජීවිතය මේ වැනිය කියලා නෙවෙයි. අප ජීවත් වන්නේ මෙන්න මෙබඳු සමාජයකය. කියන දේ නිර්මාණාත්මකව ප‍්‍රකාශ විය යුතුයි. ‘සඳකඩ පහන’ කලා සංස්කෘතික අතිරේකය 2002 අවුරුද්දේ මාර්තු මාසයේ තමයි ආරම්භ කළේ. දැන් වන විට වසර 08 ක් සපිරෙනවා. අපේ පුවත්පතට යම් විශේෂ ගුණයක් එක් කරන අතිරේකයක්. සමාජ යාන්ත‍්‍රණය ගැන, කලාකෘති ගැන දේශපාලනිකව ප‍්‍රශ්න කරන අතිරේකයක්.

එදිනෙදා දේශපාලනය ගැන වගේම මිනිසුන්ට වෙනස් ලෙස සිතීමට, සැලැස්වීම තමයි සඳකඩ පහන මගින් කෙරෙන්නේ.

අපේ රටේ දේශපාලන පුවත්පත් කලාව තිබෙන තැන කොහොමද?

අපේ රටේ දේශපාලනික පුවත්පත් කලාවක් තිබෙනවා. නමුත් එයින් අදහස් වෙන්නේ නෑ ජාතික මට්ටමේ පුවත්පත් තුළත් දේශපාලනයක් නැතැයි කියා. මැතිවරණ කාලයකදී එ් ජාතික පුවත්පත් වල දේශපාලන මුහුණුවර නිරායාසයෙන්ම එළිදකිනවා. ඔබ ඔය අහන්නේ විකල්ප පුවත්පත් ගැන වෙන්න  ඕනෑ. පේ‍්‍රමදාස යුගයේදී ඔහුගේ මර්දනකාරී මාධ්‍ය පිළිවෙත හමුවේ විකල්ප පුවත්පත් රැුසක්ම බිහිවුණා. අද ක‍්‍රියාත්මක වන මාධ්‍ය මර්දනයත් රාජ්‍ය මාධ්‍ය දැඩිව ආණ්ඩුවේ ග‍්‍රහණයට ලක්වීමත් එක්ක විකල්ප පුවත්පත් අවශ්‍ය වී තිබෙනවා.

එ් වාරණයන්ට අවශ්‍ය ප‍්‍රමාණයට එ් තත්ත්‍වයන් පරාජය කිරීමට උපරිම ශක්තිය යොදනවද නැත්නම් වෙනත් මාර්ගවලින් ජනතාවට සමීප වෙනවද කියන විවේචනයකුත් තිබෙනවා. නමුත් තවමත් මම හිතන්නේ නැහැ ප‍්‍රධාන ධාරාවේ යම් (සම්මත ජනමාධ්‍ය ධාරාව තුළ* සසල වීමක් තුළ මිත්‍යාවට යටත් කර ඇති ජනතාව එයින් ගලවා ගැනීමට ඇති ලොකු ඉඩක් පේන්න නැහැ. එය සීමිතයි. නමුත් විකල්ප පුවත්පත් වල අවශ්‍යතාවය දිනෙන් දින උග‍්‍රවන වාරණය හා මර්දනය හමුවේ වැඩිවෙනවා. එහි වගකීමත්, කාර්යභාරයත් දෙගුණ තෙගුණ වෙනවා. මේ තර්ජනකාරී, මර්දනකාරී ස්වරූපය නතර නොවන දෙයක් බවයි පෙනෙන්නේ. ඉදිරියේදී මෙය මීට වඩා වැඩි වේවි.

පාඨකයා විකල්ප පුවත්පත් සමඟ හොඳ සබඳකමක් පවත්වනවා යැයි සිතිය හැකිද?

ඕනෑම සමාජයක හැමදෙනාම පවතින රජය කියන දෑ පිළිගන්නේ නැහැ. ප‍්‍රශ්න කරන පිරිසකුත් සිටිනවා. නමුත් විචාර බුද්ධිය හැමදෙනා තුළම එකලෙසින්ම පිහිටා නැහැ. නමුත් එසේ නොවූ පාඨකයාව තමන් නොදක්නා ඇසකින් තමන්ට පෙනෙන තමන් සංවේදී වන දෑ වෙත යොමු කිරීමයි විකල්ප පුවත්පතකින් සිදුවිය යුත්තේ.  ඕනෑම රටක එබඳු පාඨක ජනයා සීමිතයි.

පුවත්පත් කලාවේදියකු හැටියට ඉදිරි අභියෝග ජයගන්නා ආකාරය කෙසේ දැයි කිව හැකිද?

අභියෝග හැටියට බාර ගන්න වෙන්නේ ජීවත් වන පරිසරය තුළනේ. මම පත‍්‍ර කලාවේදියෙක් නොවුණත් මේ සමාජයේ මිනිහෙක් හැටියට අභියෝග බාර ගන්නවද කියන මතයක් මගේ තිබෙනවා. මම මගේ පෞද්ගලික තෘප්තියට නෙවෙයි මම පත්තර කලාව කරන්නේ. තෘප්තියක් නැත්තෙමත් නැහැ. මම මගේ මූලිකත්වයෙන් හෘද සාක්‍ෂියට එකඟව කරපු හැමදෙයක් ගැනම මම තෘප්තිමත්. ඉතා සීමිත පිටු කිහිපයක් තුළ පාඨකයා සිටින තැනින් අඟලක් හරි ඉදිරියට ගෙනයෑමයි මගේ පත‍්‍ර කලාවේ අරමුණ.

ඔබ කියනව වගේ රහස් පොලිස් නිලධාරීන් බොහොම හිතවත්ව මගෙන් ඇහුවා. ‘‘දැන් එළියට ගිහිල්ලත් මේ වැඬේමද කරන්නේ.’’ කියලා. ‘‘ඔබව අත්අඩංගුවට ගත් බව ඔබේ බිරිඳ දන්නවා. ඇය ඔබ බලන්න එනවා. එ්ත් ප‍්‍රගීත් එක්නැලිගොඩ ඉන්න තැනක්වත් දන්නේ නෑ.’’ කියලා. මම බිඳ වැටී පිළිතුරු දුන්නේ නැහැ. හෘද සාක්‍ෂියක් ඇති මිනිහෙකුට වෙනස් විය යුතු දේ වෙනස් විය යුතුයි. ජීවිත පරමාර්ථයත් එ්කයි. අපට පරමාදර්ශ ලබාදුන් ප‍්‍රවීණයින් සිටිනවා. අපට පරමාදර්ශ ගොඩනඟන්න බැහැ. එ්ත් ජීවිතය ගැන අලූතින් සිතන්න. එය ගොඩනඟා ගන්න අපට පරමාදර්ශ අවශ්‍යයයි. මට දරුවෙක් සිටිනවා. ඔහු වැඩිමල් වන විට මම ඔහුට කුමක්ද ලබා දෙන්නේ. හෘද සාක්‍ෂියට ගරු කරන සෑම පුරවැසියෙකුගේම වගකීමත් එය විය යුතුයි. එ් වෙනුවෙන් යහපත් සමාජයක් වෙනුවෙන් මම කැපවීමෙන් පොරබදන්න සූදානම්.

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s