රටක ඉතිහාසය බොදු උරෑමයකට ලගු කල සින්හලයාගෙ මහා වන්ශය

 

මහාවංස සම්ප‍්‍රදාය: කාලය සහ කාරකය පිළිබ`ද විමසුමක්

රාජ් සෝමදේව ඡුයෘ
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය

දකුණු ආසියාවේ පැරණි ලියැවිලි සම්ප‍්‍රදායයන් අතර ශ‍්‍රී ලංකාව මුල් තැනට එන්නේ අඩුම තරමින් අවුරුදු 1500 ක පමණ කාලපරිච්ෙඡ්දයක් තිස්සේ නොකඩවාම එක් ලියැවිල්ලක් රචනා කිරීම නිසාය. ඒ මහාවංසය නමින් අපි කවුරුත් දන්නා අද්විතීය වංසකථාවයි සැබැවින්ම එය වංසකථාවකි. ඊට තේමා වන්නේ බෞද්ධ විහාර සහ ඒවායේ විසු බෞද්ධ භික්ෂූන්වහන්සේලා ගැනත් ඒ විහාරාරාමවලට උදව් කළ රජුන් සහ ඇමතිවරුන් ගැනත් තොරතුරුය. ඒවා අනුපිළිවෙලින් විස්තර කරන තිබෙන නිසා ඊට වංසකථාවක් යැයි කීම බෙහෙවින්ම උචිතය. පැරණි හෝ වේවා නූතන හෝ වේවා සාහිත්‍යමය රචනයක් පරිමාණ දෙකක කථාවක් අප වෙතට පමුණුවයි. රචනයට අන්තර්ගත සිද්ධි සහ ඒවාට සම්බන්ධ පුද්ගලයින් හැසිරෙන ආකාරය අනුව අපට දැනෙන මතුපිට සංජානනය ඒ අතර ප‍්‍රධානය. නිදසුනක් ලෙස මහාවංසය දෙසටම අවධානය යොමු කළ හොත් එහි එන ප‍්‍රකට සිද්ධි එනම් දුටුගැමුණු යුද්ධය රුවන්වැලිසෑය ඉ`දි කිරීම ආදී සිද්ධි අප වැඩි දෙනා තුළ ඇති කරන්නේ වීරත්වය ආගමික භක්තිය ආදි හැගීම්ය. සාහිත්‍යමය රචනයක තිබෙන දෙවන පරිමාණය නම් එහි එන සිද්ධි සහ පුද්ගල චරිත හැසිරෙන ආකාරය පාලනය කරන බලවේග පිළිබ`ද ප‍්‍රකාශනයයි. ඒවා මුලින් කී පරිමාණය තරමට අපට පහසුවෙන් තේරුම් නොයයි. සාහිත්‍ය මූලාශ‍්‍ර පරිහරණය ගැන දැන් ඉදිරිපත් වී තිබෙන ගැඹුරු සිද්ධාන්ත සියල්ලක්ම පාහේ වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ මෙහි කී දෙවන පරිමාණය වෙතය.

අපේ රටේ පැරණි සාහිත්‍ය මූලාශ‍්‍ර පදනම් කොට ගෙන ඉතිහාසය විවරණය කරන්නට මෙතෙක් ගෙන තිබෙන ගැඹුරු ශාස්ත‍්‍රීය වැඩ කටයුතු බොහෝමයක්ම අනුගමනය කර තිබෙන්නේ ඉහතින් ස`දහන් කළ පළමුවන පරිමාණයට වඩාත් සමීප ක‍්‍රියාමාර්ගයකි. සාහිත්‍ය මූලාශ‍්‍රවල ස`දහන් දේ සත්‍යයැයි සලකා ඒ හැටියටම ගැනීම විසිවන සියවසේ මැද භාගයේදී ලෝකය පුරා පැතිරී ගිය ඉතිහාස ක‍්‍රමවේදයකි. ඉතිහාසය හැදෑරීම සම්බන්ධයෙන් සාහිත්‍ය මූලාශ‍්‍ර පරිහරණයේදී මෙය කෙතරම් වලංගු ක‍්‍රමයක්ද යන කාරණය ගැන පසුකලෙක විවිධ මතවාද පැන නැගිණි.

මෙම ලිපියේදී මගේ අවධානය යොමු වන්නේ අපේ රටේ වංසකථා, විශේෂයෙන්ම මහාවංසය ඉතිහාසය ගොඩ නැගීම ස`දහා ප‍්‍රයෝජනයට ගෙන තිබෙන ආකාරය ගැන සාකච්ඡුා කිරීමට නොවේ. ඒ වෙනුවට ඒ හා සම්බන්ධ වන වෙනත් වැදගත් ගැට`එවක් මතු කිරීමට මම අදහස් කරමි. මෙම ලිපියේ ආරම්භයේදීම ස`දහන් කළ ආකාරයට අවුරුදු 1500කට ආසන්න කාලයක් තිස්සේ අඛණ්ඩව රචනා වු දකුණු ආසියාවේ එකම පැරණි මූලාශ‍්‍රය මහාවංසයයි. ශ‍්‍රී ලංකාව වැනි කුඩා ¥පතක් එවැනි දීර්ඝ වූත් අඛණ්ඩ වූත් රචනයක් ගොඩ නගමින් එය සම්ප‍්‍රදායයක් තත්ත්වයට ගෙන ආවේ කුමන කාරණයක් නිසාද? බැලූ බැල්මට මෙය සරලව පිළිතුරු සැපයිය හැකි එතරම් ගැඹුරු ශාස්ත‍්‍රීය පදනමක් ඇති ගැට`එවක් සේ නොපෙනෙන්ට පිළිවන. නමුත් මගේ කල්පනාව මෙම අඛණ්ඩ සාහිත්‍ය සම්ප‍්‍රදාය සම්බන්ධයෙන් වන සෙසු ගැට`එ තරමටම ගැඹුරු ශාස්ත‍්‍රීය බවක් එහි තිබෙන බවයි.

මෙම ගැට`එවට පිළිතුරක් යෝජනා කිරිමේදී මම සාධක දෙකක් වෙත අවධානය යොමු කිරීමට අදහස් කරමි. ඉන් පළමුවැන්න මෙම සාහිත්‍ය රචනා සම්ප‍්‍රදාය ආරම්භ වන කාලයයි. දෙවැන්න එම රචනයට මුල පුරන රචකයාගේ පසුබිමයි. දෙවන කාරණය නම් මේ මෑත කාලයේ ජනප‍්‍රියත්වයට පත්ව තිබෙන දාර්ශනික අදහසක් වන කාරකය :්ටැබජහ* නම් සාධකයට සමාන වන්නක් විය හැකිය.

යම් කෘතියක් නිර්මාණය වන කාලය එම කෘතියේ ඓන්ද්‍රීයතාව සම`ග අවියෝජනීය ලෙස බැෙ`ද්. ඊට හේතුව අදාල නිර්මාණයට අවශ්‍ය කරන අස්පෘෂ :සබඒබටසඉකැ* සාධක සියල්ලේ ස්වභාවය අදාල කාලයේ මුදුන්පත් වන සමාජ-ආර්ථික සහ දේශපාලන ව්‍යාකරණය මත පදනම් වන නිසාය. ක‍්‍රිස්තු වර්ෂයෙන් හතරවන සහ පස්වන සියවස් පෙර කී අඛණ්ඩ වංසකථා සම්ප‍්‍රදාය බිහිවන කාලපර්ච්ෙඡ්දයයි. සාර්ව මට්ටමකින් සලකන විට මේ කාලය සමස්ත ඉන්දීය සාගර කලාපයේ අන්තර්ජාතික වෙළ`දාම එහි උපරිමයකට පත්වන අවධියයි. එසමයේ ශ‍්‍රී ලංකාව ඉන්දීය සාගර ජාත්‍යන්තර වෙළ`දාමේ තීරණාත්මක වැඩ කොටසක් ඉටු කළේය. මෙරට රතු මැණික්, කු`එබඩු සහ ඇතුන් ස`දහා එහි තර`ගකාරී ඉල්ලූමක් තිබිණි. මෙම වෙළ`ද භාණ්ඩ පු`එල් ලෙස පිටතට ගලා යාමට තිබූ ප‍්‍රධාන බාධාවක් වූයේ මධ්‍යධරණි ප‍්‍රදේශයත් ශ‍්‍රී ලංකාවත් අතර මුහුදු කලාපය ගැඹුරු යාත‍්‍රා කිරීම්වලට අනතුරුදායක වීමයි. එහෙයින් බොහෝ අවස්ථාවල ශ‍්‍රී ලාංකික වෙළ`දුන් සහ මධ්‍යධරණී වෙළ`දුන් අතර අතරමැදියන් ලෙස කටයුතු කිරීමට දකුණු ඉන්දීය වෙළ`දුන්ගේ අවධානය යොමු වීම ස්වභාවිකය. එවක බටහිර ඉන්දීය වෙරළේ පිහිටා තිබූ අතිප‍්‍රසිද්ධ වරාය වූ භාරුකච්ඡු දක්වා යාත‍්‍රා කොට තමන්ගේ වෙළ`ද භාණ්ඩ සහ ද්‍රව්‍ය මධ්‍යධරණි ප‍්‍රදේශයේ සහ ඉන්දීය වෙළ`දුන්ට අලෙවි කිරීම අතිශය වෙහෙසකාරී මෙන්ම සැලකිය යුතු තරමින් ප‍්‍රාග්ධනය ආයෝජනය කළ යුතු කාරණයකි. එහෙයින් දකුණු ඉන්දීය අතරමැදි වෙළ`දුන්ගේ සහභාගීත්වය ඉන්දීය සාගරයේ ජාත්‍යන්තර වෙළ`ද කටයුතුවලදී සුලභ අත්දැකිමකි. නමුත් මෙහි උපරිම වර්ධනය වූයේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාවත් ඉන්දීය සාගරයේ සෙසු ප‍්‍රදේශත් අතර සෘජු වෙළ`දාම වෙත දකුණු ඉන්දීය වෙළ`දුන්ගේ අවධානය යොමු වීමයි. එය වැඩි ලාභ උපදවන්නකි. ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවස තරම් ඈත කාලයකදී පවා බරත නමින් හැ`දින් වූ දකුණු ඉන්දීය ජන කණ්ඩායමක් මන්නාරම සහ හලාවත අතර තීරයේ මුතු බෙල්ලන් කිමිදීමේ කටයුතුවල යෙදිනි. ඉන්දියානු අර්ධද්වීපයේ සාතවාහන පාලකයින්ගේ කාසිවල ආකෘතිය ශ‍්‍රී ලංකාවේ මුල්කාසිවල දක්නට තිබිමෙන් හා පළමුවරට මෙරට සංසරණය වූ හස්එබූ කාසි නමින් හැ`දින්වෙන රිදී කාසිය උතුරු ඉන්දියාවේ ප‍්‍රභවය වූවක් වීමෙන් ඉන්දීය වෙළ`දුන්ගෙන් මෙරට වෙළ`දාමට ඇති වූ බලපෑම යම් දුරකට තක්සේරු කළ හැකිය.

ශ‍්‍රී ලංකාව ම`ගින් ඉන්දීය සාගරයේ වෙළ`දාමට දායක කළ වටිනා වෙළ`ද භාණ්ඩ පිළිබ`ද සෘජු වෙළ`ද අධිකාරය පවත්වා ගැනිම ස`දහා අනුගමනය කළ යුතු ප‍්‍රායෝගික වැඩපිළිවෙල වූයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වෙළ`ද වරායවල පාලනය අතට ගැනිමයි. එළාලගේ පටන් සේන සහ ගුත්තික යන අශ්ව වෙළ`දුන්ගේ දේශපාලන ආගමනය දක්වා වු  මුල් කාලයට අයත් කටයුතු හුදෙක්ම ශ‍්‍රී ලංකාවේ සමස්ත දේශපාලන බලය අල්ලා ගෙන මෙරට පාලනය කිරීමේ අභිලාෂයෙන් සිදු කළ ඒවාට වඩා එවක මෙරට ප‍්‍රධාන වෙළ`ද වරායන් වු මහාතිත්ථ සහ ගෝකණ්ණතිත්ථ පාලනය කිරිමේ අරමුණින් දැරූ ප‍්‍රයත්නයන් සේ පෙනේ.  දකුණු ඉන්දියාවෙන් නිතර නිතර මෙරට එල්ල වූ ආක‍්‍රමණ රටේ අභ්‍යන්තර දේශපාලන ස්ථාවරත්වයට දැඩි බලපෑමක් ඇති කළේය. ඒ ආදී දකුණු ඉන්දීය ආක‍්‍රමණ පිළිබ`ද පුවත් මෙරට ප‍්‍රධාන වංසකථාවල ඇතුලත්ය.

මෙවැනි පසුබිමක මෙරට ඓතිහාසික අඛණ්ඩතාව ගැන පමණක් නොව දකුණු ඉන්දීයාවට එරෙහි පොදු ජනතා මතයක් ගොඩ නැගීම එක් අතකින් ඵලදායී කටයුත්තක් ලෙස එසමයේ සාක්ෂරතාව හිමි කොට ගෙන සිටි බෞද්ධ භික්ෂූන්වහන්සේලා විසින් කල්පනා කළ බව පෙනේ. දකුණු ඉන්දියාව නියෝජනය කළ කවරෙකු වුවද ‘සොළී’ (මෙය චෝළ යන පදයේ ස්වරූපයකි* යන පොදු නමින් හ`දුන්වන්නට අපේ වංසකථා මගින් වෑයම් කර තිබේ. සොළීන් විසින් මෙරට බෞද්ධ සාසනයේ චිර පැවැත්මට ඇති කරන බාධා ඉස්මතු කර පෙන්වීමෙන් ඔවුන් කෙරෙහි සදය වාස්තවික ද්වේෂයක් ඇති කිරීමට එමගින් වෑයම් කරන සෙයක් අපට පෙනේ. ජාතික මතයක් ගොඩ නැගිමෙහි ලා බුද්ධ සාසනය මුල් කොට ගැනීම ඉතාමත් තාර්කික නිමිත්තකි. අවිහිංසාව සමානාත්මතාව බුද්ධිපරිපාකය ආදී දේ සාකච්ඡුා කරන හිතෛෂී දර්ශනයක් සහ සංස්ථාවක් වන බුදුදහම හා එහි සාසනයට එරෙහි වන්නන් එකී ලක්ෂණවල ප‍්‍රතිවිරුද්ධ ස්වරූපයෙන් විග‍්‍රහ වීම අනිවාර්යය. තෙවරක් බුදුන්වහන්සේ මෙරටට වැඩම කරලීමෙන් ශ‍්‍රී ලංකාවේ භූමිය අධ්‍යාත්මික වශයෙන් පාරිශූද්ධතාවක් ලබා ඇති බව පෙන්වා දීමත් එම භූමිය ආක‍්‍රමණය කරන්නට තැත් කරන කවරෙකු වුවද ජාතියේ පොදු සතුරෙකු ලෙස සිතන්නට වංසකථාවල ඇති දේ සිත් නමා කන් සලා අසන්නට පුරුදු කළ සාමාන්‍ය ජනතාවට පෙළඹවීමක් ඇති කළේය.

ඇත්තවශයෙන්ම අපේ රටේ වංසකථා සම්ප‍්‍රදායක් බිහිවීම ක‍්‍රිස්තු වර්ෂයෙන් හතරවන සහ පස්වන සියවස්වලදී ඉන්දීය සාගරයේ අවට රටවල ඇතිවන ස්වතන්ත‍්‍ර හෙජමොනික වර්ධනයේ දිගුවකි. ජාත්‍යන්තර වෙළ`දාම තීව‍්‍ර වීමත් එමගින් ඉහල යන ප‍්‍රාග්ධන රාශීභූත වීම එක් එක් රටවල බලය සංකේන්ද්‍රගත වීමකට අවකාශ සැලසීය. මෙය ඉන්දීය සාගර වළල්ලේ වු රටවල දේශපාලනික ස්වතන්නත‍්‍රතාවක් සහ භෞමික අඛණ්ඩතාවක් පිළිබ`ද ඉල්ලූමකට අවශ්‍ය කරන පසුබිම සැලසීය. අපේ රටේ වංසකථා රචනා වීම ආරම්භ වන්නේද එවැනි පසුබිමකය. ආරම්භ කළ කටයුත්ත දිගින් දිගටම පවත්වා ගෙන යාම ශ‍්‍රී ලංකාවටම ආවේණික සම්ප‍්‍රදායක් බවට පත් වූයේ මෙරට ද්විපික ස්වරූපයයැයි කල්පනා කිරිමට ඉඩ තිබේ. ඉන්දිය සාගරය අවට වූ රටවලින් කුමන අවස්ථාවක හෝ එල්ල විය හැකි දේශපාලන ඇ`ගිලි ගැසිමකින් ආරක්ෂා වීමට ඊට එරෙහි පොදු මතයක් දීර්ඝකාලීනව ස්ථාවරව පවත්වා ගෙන යාම එහි අරමුණ වන්ට ඇත.

මෙහිදී රචකයා පිළිබ`දව අවධානය යොමු කිරිමද අතිශයින් වැදගත් කටයුත්තකි.  ඕනෑම කාලයකදී රචකයා අදාල කාලයට අයත් අදහස්වලින් හික්මවීම ස්වභාවිකය. බෞද්ධ භික්ෂුවක් වශයෙන් මහාවංසය රචනා කිරීම ආරම්භ කළ මහානාම හිමියන් රාජ්‍ය මතවාදය වෙනුවෙන් කි‍්‍රයා කිරීම අහඹු සිදුවීමක් නොවේ. වාර්තාගත අන්දමට මහානාම හිමියන් සහ ධාතුසේන රජු අතර කිට්ටු ඥාති සබ`දතාවක්ද විය. මෙකී ඥාතීත්වය ඉක්මවා මෙහිදී ක‍්‍රියා කරන්නේ මෙරට දේශපාලන ඒකාග‍්‍රතාව පවත්වා ගෙන යාම වෙනුවෙන් බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ කැප විම සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වයයි සෑම අවියකටම වඩා අදහස් නමැති අවියෙන් දීර්ඝකාලීන පල ප‍්‍රයෝජන ලබා ගත හැකි ආකාරය උන්වහන්සේලා දුටහ. ඇත්තවශයෙන්ම මෙහිදී අපට පෙනෙන්නේ අපේ රටේ දීර්ඝ වංසකථා සම්ප‍්‍රදාය ජාතික රාජ්‍යයක චිර පැවැත්ම සහතික කරනු වස් පවත්වා ගෙන ආ දේශපාලනික අර්ථයකින් යුත් බුද්ධිමය මෙවලමක් ලෙසය.

2 Comments

  1. විජය‍ගෙන් එපිට රාවණා රජු අයත් ලංකාව (සිංහලය) පිළිබදව සාක්ෂි සහිත විවරණයකට යා හැකිද?

  2. වශයෙන් මහාවංසය රචනා කිරීම ආරම්භ කළ මහානාම හිමියන් රාජ්‍ය මතවාදය වෙනුවෙන් කි‍්‍රයා කිරීම අහඹු සිදුවීමක් නොවේ. වාර්තාගත අන්දමට මහානාම හිමියන් සහ ධාතුසේන රජු අතර කිට්ටු ඥාති සබ`දතාවක්ද විය. මෙකී ඥාතීත්වය ඉක්මවා මෙහිදී ක‍්‍රියා කරන්නේ මෙරට දේශපාලන ඒකාග‍්‍රතාව පවත්වා ගෙන යාම වෙනුවෙන් බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ කැප විම සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වයයි සෑම අවියකටම වඩා අදහස් නමැති අවියෙන් දීර්ඝකාලීන පල ප‍්‍රයෝජන ලබා ගත හැකි ආකාරය උන්වහන්සේලා දුටහ. ඇත්තවශයෙන්ම මෙහිදී අපට පෙනෙන්නේ අපේ රටේ දීර්ඝ වංසකථා සම්ප‍්‍රදාය ජාතික රාජ්‍යයක චිර පැවැත්ම සහතික කරනු වස් පවත්වා ගෙන ආ


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s