ලන්කාවෙ නිරෑවත් දෙශපාලනය ආගමික කරනය වීම

ශ‍්‍රි ලංකාවේ නිරුවත් දේශපාලනය විඥාණවාදී ජන මානසිකත්වයේ කැඩපතක්ද?

ශ‍්‍රි ලාංකිය ජන සමාජය තුල ආගමික හෝ ජාතිය වශයෙන් දැඩි ව්‍යාකුලත්වයක් නැත.මූලික වශයෙන් ජාතීන් 4 ක් පමණ මෙහි ජීවත්වන අතර එකී ජාතීන්ගේ ව්‍යාප්තිය සහ සංස්කෘතික බැදීම් අතර ඉන්දියාව වැනි රටවලට සාපේක්ෂව දැඩි ඝට්ඨනයක් නැත.එහෙත් ආර්ථිකමය විග‍්‍රහයකදී මෙරට සමාජ ස්ථර ඉතා සංකීර්ණ ස්වභාවක් ගනී.මෙරට වෘත්තිකයන්,ව්‍යාපාරිකයින්,කම්කරුවන්,ගොවියන් මේ ආදී සෑම ස්ථරයකම පැහැදිලි ආර්ථිකටය චිත‍්‍රයක්  ගොඩනගාගත නොහැක.විශේෂයෙන්ම දිළිදුම සමාජ ස්ථර වල පවා විශාල වශයෙන් විෂමතාවයන් පවතී.කවරෙකු කුමන අර්ථ නිරුපන ලබාදුන්නද මෙරට මෙතෙක් බිහිවූ සෑම ආණ්ඩුවක්ම ධනපති ආණ්ඩු වේ.නමුත් එකී ධනපති ආණ්ඩු සහ නිර්ධන ස්ථරයන් අතර පැහැදිලි දේශපාලන බෙදීමක් නිර්මාණය නොවන්නේ සහ එමනිසා දිගින් දිගමට බහුතරයක් පොදු ජනතාව සුරා කෑමට සහ සමාජ අසහනයට පත්වන්නේ සහ එකී ජනතාවටම තමන් එලෙස සූරා කෑමට සහ අසාධාරණයට ලක්වන්නේයැයි නොහැගෙන්නේ මෙරට ඉතිහාසය පුරාවට ජනතාවගේ සංවේදනයට සහ සංජානනයට හුරු කල විඥාණවාදී(යථාර්ථය නොවන සිත හෝ දෙවියන් හෝ අද්භුත බලවේග හෝ හදහන් මත සියල්ල තීරණය කරන සමාජ වෙනසක් විශ්වාස නොකරන*  අදහස් වල බලපෑම නිසාවෙනි.
1978 න් පසු හදුන්වා දුන් විවෘත ආර්ථිකය මත ශීඝ‍්‍රයෙන් නාගරීකරණය සිදුවූ අතර ඒ හේතුවෙන් සංකීර්ණ ආර්ථික විෂමතාවන් යටතේ වුවද ග‍්‍රාමීය සහ නාගරික ලෙස බෙදීමක් හදුනා ගත හැක.පසුගිය මැතිවරණ ප‍්‍රතිථල විග‍්‍රහයේදී මෙකී නාගරික සහ ග‍්‍රාමීය ඡුන්ද පදනම ඉතා පැහැදිලිව මැතිවරණ වලට බලපෑමක් කල අතර ඒ මත පිහිටා මෙරට ඡුන්ද දායකයාගේ විඥාණවාදී මනස් හදුනා ගත හැකිය
ග‍්‍රාමීය සහ නාගරික ජන පදනම
පසුගිය දශක 5 ක පමණ කාලය තුල සමස්ථයක් වශයෙන් මෙරට දේශපාලන විචලනයන් හැර පැහැදිලි ආර්ථික ප‍්‍රවනතාවයන් දක්නට නොලැබිනි.ආර්ථික සංවර්ධනය උදෙසායැයි පවසමින් ක‍්‍රියාත්මක කරන ලද බොහෝ ප‍්‍රතිසංස්කරණයන් නිශ්පාදන ක‍්‍රියාවලිය අරමුණු කරගත් ක‍්‍රියාමාර්ග නොවු අතර සුබසාධන ක‍්‍රියාමාර්ග පමණක් විය.1948 නිදහසත් සමග ආරම්භ කරන ලද කෘෂිකාර්මික ව්‍යාපෘති හරහා අහාර නිශ්පාදනය ඉහල ගිය අතර මෙරට ග‍්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තය බවට පත්විය.වර්ථමානයේ මෙරට ජනගහනයෙන් 80‍්‍ර සහ දුප්පතුන්ගෙන් 88‍්‍ර එනම් ලක්ෂ 35 ක පමණ පිරිසක් ග‍්‍රාමීයව ජීවත් වෙයි.එකී ග‍්‍රාමීය ජනගහනයෙන් 50‍්‍ර කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙයි.තත්වය එසේ වුවද 1980 දී 2.8‍්‍ර ක් වූ කෘෂිකාර්මික වර්ධනය 1990 දී 1.6‍්‍ර ක් වී 2004 වන විට 0.9‍්‍ර ක් බවට පත්වී ඇත.
මෙම පසුගාමී තත්වය විසින් ප‍්‍රගතිශිලි ආර්ථික ප‍්‍රවනතාවයන් යටපත් කරමින් විදේශයන්ගෙන් සහල් පවා ගෙන්වන තත්වයකට පත්වෙද්දී දේශපාලනය විසින් මෙකී ගැටළුවට සැබෑ විසදුම ලෙස කෘෂි නිෂ්පාදන ඉහල නංවා විවිධාංගීකරණ ව්‍යාපෘති ඇරඹිම වෙනුවට සිය බලය රැුක ගැන්මෙහිලා වූ සුබසාධන ව්‍යාපෘති ලෙස ගොවි සහනාධාර දෙමින් ගොවියාට තාවකාලික විසදුම් ලබාදෙයි.සිය නිශ්පාදන වලට හොද මිලක් නොදෙන තත්වයක් තුල අක්කරයකින් වී කිලෝවක් ලබාගැනීමට රු 24 ක් වැයකරන ගොවියෙකු රු 18 කට එය අතරමැදියෙකුට විකුණා අලාභය විදදරාගැනීම හෝ විදදරාගත නොහැකි තැන වස පානය කර මියයාම සිදුකරයි.
රුහුණේ කිරිගොවියාදලපසුගිය දශක කිහිපයතුල 21‍්‍ර සිට 30‍්‍ර දක්වා දිලිදු බව වැඩිවූ වතුකරයේ ජනයාදල උතුරේ මිරිස් ගොවියාදල ධීවරයාද වශයෙන් කිසිදු වෙනසක් නොමැතිව ආර්ථික පරිහානියේ ප‍්‍රතිඵල සියළු ග‍්‍රාමීය ජනයා භුක්ති විදිනු ලබයි.
නාගරික ජන සමූහයා යනු මධ්‍යම පාන්තික නියෝජනයයි.ඔවුන් සැම විටම මූලිකත්වය දෙනු ලබන්නේ සිය ආර්ථකයටක් වඩා සමාජ තත්වය පවත්වාගෙන යාමටයි.මෙම පන්තිය සෑම විටම රැුකියා වියුක්තිය,අඩු වැටුප් වැනි ආර්ථික ගැටළු වලින් පීඩනයට පත්වෙයි.ආර්ථිකයේ සිවුම් විචලනයන් පවා ඉක්මනින් දැනෙන්නේ මේ නාගරික ජනයාටය.එනම් 2008 ආර්ථික අර්බුධය සමග සමස්ථ පාර්භෝගික මිල දර්ශකය රු 3845 දක්වා ඉහල යාම,උද්ධමන අනුපාතය 19.6‍්‍ර දක්වා ඉහල යාම ඒක පුද්ගල ණය රු 140,000 දක්වා ඉහල යාම වැනි ආර්ථික කරුණු මෙම ජනතාව හොදින්ම දනී.පසුගිය වසර තුන තුල පාසල්් 900 ක් පමණ වැසීයාම දරුවන්ට පාසල්් නැතිව පියා වසබීම වැනි සමාජ ගැටළු මෙන්ම ඒවාට හේතුවද මෙම පන්තිය දනී.සරලව කිවහොත් ත5ාමීය ජනවයා මෙන් නොව ආර්ථිකක පරිහානියේ සෘජු වින්දිතයන් බවට නගරයේ මුඩුක්කුවේ මෙන්ම මැදුරේ ජීවත්වන  මිනිසුන් පත්වේ

ග‍්‍රාමීය සහ නාගරික ජන විඥාණය
සංහිද ලග භාරයට කිරි ඉතිරීම-කෙම්මුර දවස්වල පහනින් දැල්වීම
ආදී වශයෙන් අපේ ගැමියා සැනසීම සොයා අදෘශ,අද්භුත විශ්වාසයන් මත එදා සිටම එල්බගෙන සිටි ආකාරය අපේ පැරණි කවියාද විස්තර කර ඇත.තවමත් කෙම්මුර දවස්වල මල මිනී වල නොදාන අපේ ගැමියා,පොල් කුරුමිණි රෝගයට කෙම් කරන අපේ ගැමියා,දොලූකන්දේ පිරිත් පැන් එකහුස්මට බී නිවන් යන්න උත්සාහ දරන අපේ ගැමියා(නාගරිකයාටත් අදාලවිය* දරුවන් නොමැතිකමට දෙවියනට භාරකල බිරිදව කපුවා සමග තනිකරන ගැමියාට,දාගැබ් වලින් රැුස් විහිදෙනු දැකීමට ආශා කරන ගැමියාට සිය ආර්ථිකය දෝලනය වියයුත්තේ කෙසේද යන්න අවබෝධකර ගත හැකිද යන ගැටළුව මතුවේ
තවමත් අපේ ගැමියා විඥාණවාදී වේ.සිතුම් පැතුම් චර්යාවන් දෙවියන්ට අද්භුත බලවේගවලට අනුව ක‍්‍රියාත්මක වේ යැයි සිතනු ලබයි.වී ටික කුණුකොල්ලයට දී ණය ගෙවා ගතනොහැකිව වස බිවු අ`ද ගොවියා භුතයෙකු වී උපදීයැයි බියෙන් තොවිල් කරන අහිංසක ගැමියා සිය මනසට ගෝචර වන සීමාව තුල හිද දේශපාලනය ජීවිතය තොරනු ලබයි.එකී සීමාව අවිවාදයෙන්ම පටුය.යථාර්තයට වඩා සිහින වලට සමීපයග
නාගරික ජනයා පවත්නා ආර්ථික ක‍්‍රමය තුල ඔවුන්ට වඩා ආර්ථික සුරක්ෂිතතාවයක් ලබාගැනීමේ අරමුණින් නගරයට සංක‍්‍රමය වූවන්ය.ගමේ මෙන් නොව සීමිත ඉඩක නිවසක් තනාගෙන,දිවා සුරුකම් මධ්‍යස්ථාන වල දරුවන් තබා,ආර්ථික අරගලයක නිරත වන මේ ජනයා නාගරික වූවද හදවතින් ග‍්‍රාමීය වේ.මාතර කඬේ ,ගමේ කඬේ වැනි නමක් යොදාගත් විට වෙළදාම වැඩි වන්නේ ඒ නිසාවෙනි.මෙකී ජනයා වෙනුවෙන් හදහන් බලන්නේ කපුවා නොවේ පරිඝනක ගත මංගල ඒජන්සි වේ.මොවුන්ට බණ දෙසන්නේ ගමේ හාමුදුරුවන් වෙනුවට අසපු නම ගසා ගත් සුකෝපභෝගී නිවාස වල සිටින හිමිවරුය.යාඥා තොවිල් පුජා හරහා සිය සමාජ ගැටළු විසදා ගැන්මට ඔවුනට කාලය ඉඩකඩ මදි මෙන්ම සමාජ ගැටලූ විසින් එකී ගැටළු වට හේතුව කුමක්ද යන්න සෙවීමට ඔවුන්ට ඇති කාලයද ඊට අරගල කිරීමට ඇති කාලයද අහිමිකරයි.

ඒ අනුව මෙම නාගරික පන්තිය සාපේක්ෂව උගත්ය,සමාජ ප‍්‍රශ්න දකියි අත්විදියි,නමුත් ඒවා විසදන්නට අරගල  කරන්නට ඒවාට හේතු සොයන්නට එකී සමාජ ගැටළු විසින් ඔවුන්ට කාලය සහ ධෛර්යය ලබා නොදෙයි.එමනිසා ඔවුන් සමාජ ගරුත්වය හෝ නම්ඹුව ඉතිරිකරගෙන පවත්නා ක‍්‍රමය පෙරළුනු පිට හොදයැයි යන පදනම මත අනුමත කරයි.නැතිනම් තාවකාලික රැුලි පසුපස ක්ෂනික පෙලගැසෙයි .සමස්ථයක් වශයෙන් එකී මානසිකත්වයද විඥානවාදී වේ.

ග‍්‍රාමීය සහ නාගරික ජන විඥාණය සහ ජාතික දේශපාලනය
1948 දී අප නිදහස ලබා ගනු ලැබුයේ අධිරාජ්‍ය විරෝධී අරගලයකින් නොවේ.ඉන්දියාවට සාපේක්ෂව මෙරට ජාති ආගම් කුල ආදී වශයෙන් බෙදී සිටි ජනතාව ඒකරාශි කොටගෙන දැවැන්ත ජාතික ව්‍යාපාරයක් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ගොඩ නැගුනේ නැත.නිදහස අරමුණු කරගෙන බිහිවූ ජාතික සංගමයේ පවා අරමුණ වූයේ බි‍්‍රතාන්‍ය ධජය යටතේ අභ්‍යන්තර පාලනයක් ලබා ගැනීමයි.එලෙස දැවැන්ත ජාතික ව්‍යාපාර පොදු අරමුණු වෙනුවෙන් මෙරට ගොඩනැගීම සිදු නොවන්නේ විඥාණවාදී ජන මානසිකත්වය හේතුවෙනි.
මෙකී ජන මානසිකත්වය වෙනසකට ,පර්වර්ථනයකට පත්වීමට යොමුවුන සෑම අවස්ථාවකදීම පාලකයින් විඥාණවාදී අදහස් නැවත නැවත ජනතාවට කාන්දු කරමින් සමාජ බලවේග යටපත් කෙරිනි.1948 වන විට වාමාංශික බලවේග වටා එක්වූ වතුකරයේ දෙමල ජනතාවගේ ඡුන්ද බලය පුරවැසි පනත මගින් අහෝසි කල එක්සත් ජාතික පක්ෂ රජය ජාතිවාදව නැමැති විඥාණවාදී අදහස සිංහල ග‍්‍රාමීය ජනයා වෙත ඇතුළු කර බලය රැුකගන්නා ලදි.ඒ  ආකාරයේන්ම ටයි කෝට් ගලවා රෙද්ද බැනියම ඇද සිංහල ජාතිකත්වය සිය සටන්පාඨය කරගත් බණ්ඩාරනායක අගමැති වරයාද වඩාත් හොදින් ගැමි විඥාණවාදී අදහස් දේශපාලනය වෙනුවෙන් යොදා ගත්තේය.
සිය සැමියාගේ මරණය මතින් ඡුන්ද ව්‍යාපාරය කල සිරිමාවෝ මැතිනියද ආමන්ත‍්‍රණය කලේ ගැමියාගේ උණුවන විඥානවාදී හදවතටය.කෙසේ නමුත් මැතිවරන ජයග‍්‍රහණ උදෙසා ගැමි ජනයාගේ මෙම ආකල්ප හොදින් යොදාගත්තද මැතිවරන ජයග‍්‍රණවලින් පසු සිය සුරා කෑම හැම පාලකයාම සුපුරුදු පරිද කරන ලදි. ඇට අටක් දීමට පොරොන්දු වී යථාර්ථය නොව විඥාණවාදී හදවත් වලට කථා කල ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා 5/6 ක බලයක් ගත් පසු විධායක ජනාධිපති ක‍්‍රමය බිහිකර ඒ හරහා සමාජ අසාධරණත්වයට විඥාණවාදී අදහස්වලට එරෙහිව සටන්කල දේශපාලන පක්ෂ තහනම් කොට ජාතිවාදී අදහස් රෝපනය වන සාධක තීවෘර කර සිංහල දෙමල ජාතිකත්වයන් කිසිදු ජාතිකත්සයන් අමතක කර ආර්ථික සූරාකෑමට එරෙහි අරගලයට එක්වීම වලක්වන අයුරින් ජාතිවාදී විඥානවාදී අදහස් උලූප්පා බලය රැුකගන්නා ලදි.මෑත කාලයේ බෞද්ධ විඥානවාදය විකුණා මන්ත‍්‍රිධුර රැුසක් දිනාගත් දේශපාලන පක්ෂ පසුව දේශපාලනිකව බංකොලෙත් වුවත් ඊලග තත්පරයේ වෙනත් එවැනි විඥානවාදී බලවේග කරලියට ඒම වැලැක්විය නොහැකිය.
පසුව සිදුවූ අවාසනාත්මකම තත්වය නම් මනාප ක‍්‍රමය හරහා වඩාත් හොදින් ජන විඥානය ප‍්‍රගතිශිලි වීම වැලැක්වීමට හැකිවීමයි එහි ප‍්‍රතිඵලය වන්නේ තමන්ව ආර්ථික වශයෙන් සූරා කන සහල් මුදලාලිම තමන්ගේ නියෝජිතයා වශයෙන් ඔවුන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවීමයි.වගා පාළු වූ පසු තමන්ට ලබා දුන් සහනාධාරයේ අග බිංදුව කපා සෑම සහනාධාරයතින්ම සොරකම් කල තැනැත්තාටත් වැඩිම මනාප ලබා දීමයි.දේශපාලනයෙන් තියා වයසින්වත් මුහුකුරා නොගිය නමුත් පියා හෝ මව ජාතික දේශපානයේ නියුතු සමාජ ශාලාවල සල්ලාල කමේ යොදන මැති ඇමති පුතුන් කිසිදු වග විභාගයකින් තොරව පාර්ලිමේන්තු යවන්නේද තාර්කික බුද්ධිය යටපත් කල විඥානවාදී ජන මානසිකත්වය හේතුවෙනි.
තවමත් මෙරට දේශපාලනය තුල ග‍්‍රාමීය ඡුන්ද පදනම ඉතාමත් තීරණාත්මකය.එය දේශපාලකයින් ඉතා හොදින් හදුනාගෙන සිටී.නාගරික ඡුන්දදායකයා ආර්ථික සාදක මත පදනම්ව සිය ඡුන්දය භාවිතා කිරීමට බොහෝවිට කටයුතු කලද ග‍්‍රාමීය ඡුන්ද දායකයා තවමත් ඡුන්දය දෙනු ලබන්නේ ඔවුන්නේ උපතේදී ඔවුන්ට ආගමක් ලැබුනා සේම තම පියා ඡුන්දය දෙනු ලැබුයේ කවරෙකුටද  එකී තැනැත්තාට යි.නැතිනම් පැරුන්නන් සියළු දෙනාම මියගිය දේශපාලන ස්ථාවරයක් හෝ ප‍්‍රතිපත්තියක් නැති එහෙත් පුද්ගලයින් පිරිසක් පමණ සිටින සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂවලටම ඡුන්දය දෙයි.ප‍්‍රතිපත්තිමය දේශපාලනයක යෙදෙන බැලූබැල්මටම සමාජ වෙනසක් කිරීමට හැකියැයි පෙනෙන ප‍්‍රතිපත්තිගරුක දේශපාලන පක්ෂ හෝ පුද්ගලයින් මෙම විඥාණවාදි ජන මානසිකත්වය විසින් ලබාදෙන මැතිවරන ප‍්‍රතිඵල හරහා කි‍්‍රයාකාරී දේශපානයෙන් ඈත්වෙයි.අවසානයේ සූරාකෑම සමාජ අසාධාරණය එලෙසම එකී ජනතාවම පීඩනයට පත්කරයි.ගස් බදියි.
නාගරික මැතිවරණ කොට්ඨාශවල බොහෝ විට මැතිවරණ දිනන්නේ ව්‍යාපරිකයින්ය.මිලියන ගනන් මුදල් ඡුන්ද ව්‍යාපාර වලට වැය කරන්නන්ය.එයට හේතුව නාගරික ජනයා ආර්ථිික සාධක කෙරෙහි වඩා සංවේදී බැවිනි.දේශපාලන පක්ෂවල පැරණි දැවැන්තයින් අභිබවා කලූකඩ මුදලාලිවරු හෝ සමාජ අසම්මත දේ සිදුකොට ප‍්‍රචලිත වුවන් හෝ ජනතා ඡුන්දයෙන් ජයගන්නේ මෙකී නාගරික ජනතාව පෙලන ඔවුන්නේ හීනමානයෙන් යුතු ආර්ථික සිහින නැතිනම් විඥානවාදී අදහස් හේතුවෙනි.

අනෙකුත් සෑම රටකටම පාහේ තමනගේ රමේ නමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පැවතියද අපට නැත.ඩොනමෝර් වයවස්ථාව සෝල්බරි ව්‍යවස්ථාව පස්ව ජේ ආර් වයවස්ථාව නමින් පුද්ගල අරමුණු මුදන්පත් කල ව්‍යවස්ථා පමනක් තිබිනි.දැන් බැලූ බැල්මටම කිසිවකුට පිලිගත නොහැකි විධායක ජනාධිපති ක‍්‍රමයේ කාල සීමා ඉවත් කරන මහින්ද ව්‍යවස්ථාව කරලියට පැමිණ ඇත.අපගේ විඥානවාදී ජන මානසිකත්වය මෙකී වැරදි අනුමත කරනු ඇත.වැරුද්ද වැරද්ද ලෙෂ දකිමින් සෘජුව සිය ස්ථාවරය ඉදිරිපත් කල නොහැක්කේ දෙවියන්ගේ ¥තයන් හෝ භුතයෙකු ආරූඩ වූ තැනැත්ත්ට පමණි.තම නායකයා කරන සියල්ල හරිහැයි බොරුවට මවාපාන කශේරුවක් නැති චින්තනය විඥානවාදි චින්තනයම වේ.එය අවසානයේ නිර්මාණය කරන්නේ නිරුවත් දේශපාලනයයි.

සමස්ථයක් ලෙස අපගේ දේශපාන සංස්කෘතිය දැන් පිළුනු වී දුගද හමන තැනට පත්ව ඇත.පෙරදී සැගවී ¥ෂන භීෂන කරන ලද දේශපාලකයින් දැන් ප‍්‍රසිද්ධියේ සියල්ල සිදු කරයි.සියළු අකටයුතුකම් සාමාන්‍යකරණය වී ඇත.මෙකී සාමාන්‍යකරණය විසින් ජනතාව උදාසීන කර ඇත.අසාධාරනය දැක දැක නිහඩව සිටීමට ඔවුන් පොලොඹවා ඇත.අවාසනාවට මෙන් ඔවුන් මැතිවරනවලදී පවතින සමාජ ක‍්‍රමයම අනුමත කරයි.ඒ ඔවුන් සාම්ප‍්‍රදායික විඥානවාදී අදහස්වලින් මිදී තාර්කික බුද්ධියට ඉඩ නොදෙන බැවිනි.තවත් සෝමාලියාවක සාගතයෙන් පෙලෙන යුගයකට හෝ තවත් මාකෝස් පන්නයේ පාලනයක සිරවී සිටින යුගයකට අප ගියත් ජනතාව විප්ලවීය වෙනසට ඉඩ නොදී දෙවියන්ට බුදුන්ට සියල්ල භාර කර ජීවත්වනු ඇත.

නුවන් බෝපෙගේ

1 Comment

  1. ඔයා තමුන්ට හිතෙනතෙන විදියට ඉලක්ක්කම් හරබ කරන විදියනම් මරු. කෘෂිකාර්මික වර්ධනය ගැන ලියන කොට 2004 ගනන් හිලවු වලින් නැවතිලා උද්ධමනය ගැන ලියද්දි 2008ටම යන්නෙ මොකද මන්දා. අනේ අපි නොදන්න චෙස්!!


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s