සිරි ලන්කාවෙ මහා ජන මාද්දිය වෙදියානන් ගෑත්තාට සමාවන සෙක්වා……

ආයිබෝවන්ඩ, ආයෙත් සැරයක් දුගියා ඔන්න ආවා. මේ පාරත් දුගියාට කියන්න ගොඩක් කතා තිබුණත් මේ පාර දුගියා කියන්නේ ලංකාවේ ඉන්න මාධ්‍යවේදී උතුම් යුග පුරුෂයන් ගැනයි. එතුමා මොනතරම් උතුම්ද කියනවා නම් එතුමා තමයි යුද්දෙට කිසිම කිසිම දායකත්වයක් නොදක්වා හො`දම යුද වාර්ථාකරණයට හිමි සම්මානය පවා ලබා ගන්නේ. එතුමා කාලෙන් කාලෙට හරි අපූරු කථා කියනවා. දුගියා මේ ල`ගදි පරණ ස`ගරාවක් කියවනකොට මේ උත්තමය මීට වසර ගණනාවකට කලින් ඒ ස`ගරාවට කියල තිබුණ කථාවක් අහල දුගියට දෙලෝ රත්වුණා. දෙයි හාන්දුරුවනේ මිනිහා කියන විදිහට මිනිහ වාමාංශිකයෙක්. ඒ විතරක් නෙවෙයි මිනිහා හරිම සර්ව සාධාරණවිදිහට ජන මාධ්‍ය කලාව මෙහෙයවන කෙනෙක්. කොච්චර සර්ව සාධාරණවිදිහට ජන මාධ්‍ය කලාව මෙහෙයවනවද කියලා කියනවා නම් මිනිහා අර ස්වාධීන රූපවාහිනිය කියන බොහොම අපක්‍ෂපාති ජනමාධ්‍ය ආයතනයේ ඉහළම තනතුරක ඉ`දන් පස්සෙ ඡුන්දෙ ඉල්ලන්න කියලා හැමෝටම පේන්න අස්වෙලා ගිහින් දැන් ආයෙත් කිච වෙලා ඇවිත් කිසිම විලි ලැජ්ජාවක් නැතිව වැඩ කරනවා. හැබැයි මිනිහා මීට කලින් ස`ගරාවකට කියලා තිබුණේ අපූරු කථාවක් ‘‘තාත්තා අපිට එක දෙයක්ක ඉගැන්නුවා කාගෙවත් පස්සෙ යන්න එපා කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න කිව්වා. මිනිස්සුන්ට මිනිස්සු විදිහට සලකන්න කිව්වා. තාත්තා කිව්වෙ තමන් උගන්වපු මිනිස්සුන්ට ඇරෙන්න කාටවත් සර් කියන්න එපා කියලා’’. අප්පද බොල ඒකනම් වෙන්න බැරි දෙයක් මොකද දුගියා දන්න විදිහට නම් මිනිහා තමන්ගෙ වැඬේ කරගන්න  ඕනම කෙනෙකුට සර් කියලා කියන්නෙ කිසිම හිරිකිතයක් නැතුවයි. තුලාව වැඩ සටහනට එන ඇමතිවරුන්ට විතරක් නෙමෙයි ඇමතිවරුන්ගෙ ලේකම්ලට පවා සර් කියන්න මේ හාදයා සූදානම්. ඒ වුණාට මිනිහා ස`ගරාවලට කියන්නේ මිනිහා කිසිම දේශපාලනඥයකුට සර් කියන්නේ නැහැ කියලයි. අනේ කාලේ වනේ වාසේ දැන් නම් මිනිහා විපක්ෂයේ උදවියට පලූ පැලෙන්න බනිනවා. ඒත් රනිල්වික‍්‍රමසිංහ අගමැති වුණ කාලේ මිනිහා කකුල් ලෙව කෑවේ නැති බව මුළු රටම දන්නවා. දුගියට ඒ කාලේ හො`දට මතකයි. මිනිහ යුද්දෙ තියෙනකම් ඒක විකුණගෙන කන්න ගොඩක් මහන්සි වුණා. අන්තිමට නන්දිකඩාල් කලපුවේ, තොප්පිගල කැලේ වගේ ප‍්‍රදේශවල යුද්දෙ වාර්තා කරන්න මහන්සි වුණු කොල්ලො ඔක්කෝටම කෙලවලා සම්මානෙ මිනිහ ගත්තා. ඒකට විරුද්ධව කට්ටිය කැමරා  ඕෆ් කළා. මිනිහා ලංකා හොස්පිට්ල් සමාගමේ ලැජ්ජ නහරේ කපා ගන්න ඔපරේෂන් එක කළින්ම කරගත්තු නිසා කිසිම ලැජ්ජාවක් නැතිව සම්මානය අරගත්තා. ඒ විතරක්ද මිනිහ වගේ රටට හිතකර ජනමාධ්‍යවේදීන්ට විවිධ තර්ජන තිබුණ නිසා අනිත් ඔක්කොම රට අතහැරල යද්දී මිනිහ ලංකාවට වෙලාම හිටියා. ආරක්‍ෂාවට ගෝඨාභයට කියලා පිස්තෝලෙකුත් ඉල්ලගත්තා. ඒ පිස්තෝලෙන් හන්දි ගානේ වැඩ පෙන්නන්න ගිහින් මිනිහ කෑ ගැහුවෙ යකෝ මම ජනමාධ්‍යවේදියෙක් පෑනෙන් බැරිනම් තුවක්කුවෙන් මම තොපිට වෙඩි තියනවා. පස්සෙ මාධ්‍ය ඉස්සරහම බබා පාට් එකක් දාපු මිනිහ කථා කළේ සෝම හාමුදුරුවන්ගෙන් බණ අහලා නිවන් යන්න ඔන්න මෙන්න වගේ ඉන්න උපාසක මහත්තයෙක් විදිහට.
මිනිහ කියන පුදුම කථාව තමයි මිනිහ වාමාංශිකයෙක් කියන එක. දුගියට හිතුනේ මිනිහ කාල් මාක්ස් වගේ, ලෙනින් වගේ, චේ ගුවේරා වගේ නැත්නම් මා ඕ සේතුං වගේ විප්ලව වාදී නායකයෙක් වෙන්න හදන උතුම් යුග පුරුෂයෙක් නේද කියලයි. අනේ හැබෑට විප්ලවවාදියෙක් වෙන්න නම් මිනිහට හො`දටම සුදුසුකම් තියෙනවා. මොකද මූණ පුරාම රැුවුල වවාගෙන අපිළිවෙලට කොන්ඩෙ පීරන එකම මදිද විප්ලවවාදියෙක් වෙන්න. ඒ විතරක් නෙවෙයි මිනහ කොයිතරම් සද්ධා සම්මපන්නද කියනවනම් ලංකාවේ තියෙන හැම පන්සලකින්ම පිරිත් නූලක් මිනිහගේ අතේ බැ`දගෙන ඒක රටටම පෙන්නනවා. ඒ විතරක් නෙවෙයි කතරගම ඉ`දල මුන්නේශ්වරම් දක්වා තියෙන හැම දේවාලෙකම තියෙන රතුපාට කහපාට නූල් කෑලි අතේ බැ`දගෙන මිනිහ තමන්ගෙ ආගමික ලැදියාව රටට පෙන්වනවා. මිනිහ බුදු හාමුදුරුවන්ට පස්සෙ වැඩිපුරම ගරු කරන්නේ දැනට මහින්ද රාජපක්‍ෂට වෙන්න ඇති. මොකද මහින්ද රාජපක්‍ෂවත් තමන්ගැන නොහිතන තරම් දේවල් මිනිහ ජනාධිපතිතුමා ගැන හිතනවා. වාමාංශිකයන් විදිහට මිනිහ දකින්නේ ජේ.වී.පී. කාරයන්වත් සම සමාජකාරයන්වත් නෙමෙයිලූ. මිනිහ කියන්නේ වාම දර්ශනයට ගරු කරන උදවියලූ මිනිහ වාමාංශිකයන් විදිහට දකින්නේ. අනේ හැබෑට කාල් මාක්ස්ගේ, ලෙනින්ගේ , මා ඕ සේතුංගේ පොතක් හීනෙකින්වත් දැකල නැති මේ වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සු වාමාංශිකයෝ වීම ගැන දුගියට හරිම ආඩම්බරයි. මේ වගේ හාල්පාරුවෝ වාමවාදී දේශපාලනය ගැන කථා කරන්නේ ධනවාදී ක`දවුරෙන් තමන්ට ලබා ගන්න පුළුවන් ලොකුම කුට්ටිය කඩා ගෙන මල කුණු බුදින කපුටො වගේ කුණු රස බලමින් ඉන්න අතරෙයි. මේ වගේ දේශපේ‍්‍රමී ජනමාධ්‍යවේදියෝ ගොඩක් මේ රටේ හිටියනම් ඒ උදවියට මේ රට අතහැරලා යන්න වෙනවායැ. ආණ්ඩුවේ වැරදි ගැන යුද්දයේදී සිද්ධ වුණු යුද අපරාද ගැන ලෝකයට කරුණු කියන්න ගිහින් කෙලවගත්ත ජනමාධ්‍යවේදියෝ ගොඩක් අද සීතල රටවල්වල බල්ලො වගේ නිකම් ඉන්නවා. පණ්ඩිත වැඩ නොකර තමන් දන්න ජනමාධ්‍ය කලාව ගණිකා වෘත්තියේ යොදවලා කීයක් හරි හම්බු කරගෙන ආණ්ඩුවේ ආයතනයක ලොකු තනතුරක් අරගෙන තමන්ගෙ පාඩුවේ බකන් නිලාගෙන බඩ
උලාගෙන හිටියනම් අද සැප වාහනවලින් කොළඹ පුරා කරක්ගහමින් ඇමතිවරුන්ට සර් කිය කිය මාධ්‍ය ඉස්සරහ කාටවත් සර් කියන්නෑ කියලා පොර ටෝක් දෙන්න ඒ මෝඩයන්ටත් තිබුණ. නමුත් ජනමාධ්‍ය භාවිතාව තුළ ඇත්ත කතාකරන්න ගිහිල්ලා ආණ්ඩුවට කඬේ යන්නෙ නැතිව යථාර්ථවාදී ජනමාධයකලාවක් උදෙසා ජීවිතය කැප කරපු දහස් ගණන් ජනමාධ්‍යවේදීන් කොයිතරම් මෝඩ රැුලක්ද කියලා දුගියට දැන් හිතෙනවා. ස්වාධීන රූපවාහිනිය මොනතරම්නම් ස්වාධීනැයිද කියලා බලන අපිට තමයි තේරෙන්නේ. ජබොස් ලේන් වගේ හිතට කාවදින මහින්ද චින්තනය ඉදිරියට ගෙන යන ජනාධිපතිතුමාගේ ප‍්‍රතිරූපය ගොඩ නංවන ඉතාම ප‍්‍රගතිශීලී වැඩසටහන් විකාශය වෙන්නෙ ස්වාධීන රූපවාහිනියෙන් විතරයි. රටට ඇත්තම ඇත්ත දැනගන්න නම් බලන්න තියෙන්නේ ස්වාධීන රූපවාහිනිය විතරයි. ඒක මොනතරම් ස්වාධීනයිද කියනවා නම් ආණ්ඩු පක්‍ෂය ඇරෙන්න වෙන කිසිම පක්‍ෂයක ඒවා නොපෙන්නා ඉන්න තරම් ඒ අය හරිම ස්වාධීනයි. මේකෙ ඉන්න ජනමාධ්‍යවේදීන් කාගෙවත් පිට කහන්නෙ නැති බව බලන අපිට හො`දටම තේරෙනවා. ඇත්ත වෙනුවෙන් පණ වුණත් දෙන්න මේකෙ ඉන්න ජනමාධ්‍යවේදීන් සූදානම්. පැත්ත ගියත් ඇත්ත කියන ආණ්ඩුව කරන හැම වැඩක්ම මුළ ඉ`දල අගටම පෙන්වන ස්වාධීන රූපවාහිනිය මේ රටේ තියෙන පරමාදර්ශී රූපවාහී ආයතනය බවට පත් කරන්න බඩගියගොඩ මහත්තයල ගොඩක් මහන්සි ගත්තා. ඒ පිනම ඇති ඒ උත්තමයන්ට මතු බුදු වෙන්න. තුලාව වගේ හරිම සමබර වැඩසටහන් වලට ආණ්ඩු පක්‍ෂයේ උදවිය විතරක් ගෙන්වන්නේ ඒ අය  යහපාලනය උදෙසා වැඩ කරන නිසයි.
ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්යය බවට පත් කරන්න මේ වගේ ජනමාධ්‍යවේදීන් ආණ්ඩුවට දෙන්නෙ මාර සපෝට් එකක්. බඩගියගොඩ මාධ්‍යවේදියා වගේ උතුම් යුග පුරුෂයෝ මේ රටේ බිහි වෙන්නේ රටේ වාසනාවට කියලයි දුගියට හිතෙන්නේ. මේ උතුම් යුග පුරුෂයානන් පසුගිය මහමැතිවරණ කලේ ඡුන්දෙට ඉදිරිපත් වෙලා සර්… සර්… කිය කියා පස්සෙන් ගිය උදවිය අනන්තවත් ඉන්නවා. අන්තිමට ඡුන්දෙ පරාද වෙලා හො`දටම කිච වෙලා යන එන මං නැතිව ආයෙත් ස්වාධීන මහගෙදරට රිංගගෙන මහින්ද රාජපක්‍ෂ වන්දනාවේ යන්න පටන් ගත්තා. මහින්ද බැරිනම් රනිල්, රනිල් බැරිනම් සෝමවංශ හරි කමක් නැහැ බලය තයෙනවානම් රජකම තියෙනවානම් මේ වගේ උතුම් යුග පුරුෂයෝ ඒ පැත්ත තමයි ගන්නේ. මේ අයගේ ප‍්‍රතිපත්ති දේශපාලනය කියන්නේ බලය තියෙන පැත්තට කඬේ යන එකටයි. මේ අය එකතු වෙලා අන්තිමට ස්වාධීන රූපවාහිනිය මහින්ද වාහිනිය බවට පත් කළා.  මේ වගේ උතුම් ජනමාධ්‍යවේදීන් ඉන්න රටක ඉපදෙන්න ලැබුණු එක මගේ පූරුවේ වාසනාවක් කියලයි දුගියට දැනෙන්නේ. දුගියට අන්තිමට කියන්න තියෙන්නේ ලංකාවේ ඉන්න සියළුම ජනමාධ්‍යවේදීන්ට
සතුටු වෙයල්ලා ඉරිසියාව අතහැරපල්ලා
අද කාලා බීලා ඇ`දල හො`දින් යහතින් ඉන්නේ…. අපේ එකෙක්මනේ අනික ජනමාධ්‍යවේදියෙක් වෙනවනම් වෙන්න  ඕන බඩගියගොඩ මහත්තය වගේ එක්කෙනෙක් තමයි. ලංකාවේ ජනමාධ්‍යයට ස්වාධීන රූපවාහිනියේ පිහිටයි. ස්වාධීන රූපවාහිනියට අදර්මන් බඩගියගොඩ පිහිටයි. මට සෝම හාමුදුරුවන්ගේ පිහිටයි. මම නවතින්නම්
මම දුගියා

1 Comment

  1. අපරාදෙ. බලාගෙන යද්දි තවත් වාමාංශික නායකයෙක් පත්කොරගන්ඩ තිබුණු චාන්ස්සෙක නේ මේ ගුණමකු චන්දදායක හැතිකරේ නැති‍කොලේ.
    (ඔය ජාතියෙම බඩ්ඩක් ඊයෙ පෙරේදා ඉස්කෝලෙකදි කියාගත්තා එයාට මාධ්‍යවේදියෙක් හැටියට මොකද්ද ඉවක් දැනෙනවා කියලා. ඇත්ත වෙන්ඩැති නේ?)


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s