සින්හලයාට දිට්ට දම්ම වෙදනීය කර්මය පලදීම් වෑඩි ඈතක නොවෙ

,අනතුරුව ඔවුහු මා වෙත පැමිණියෝ ය, යනුල අනතුරුදායක දේශපාලන වට පිටාවන් හි නොපමාව පියවර ගැනීම සමිබන්ධයෙන් නිතර උපුටා දැක්වෙනල ජර්මානු පියනමක වන නීමෝලර් ගේ කවිය කිග එය එදා වට පිටාවෙන් ගලවා ගත් පසුල අදට ගැලපෙන්න කිග ඒ හේතුවෙන් එය ගැන නොකියවෙන කතාවක් ඇතග මාටින් නීමොලර් වනාහිල හිට්ලර් බලයට පත් කිරීම වෙනුවෙන් කැප වූ මුග්ධ කොමියුනිස්ට් විරෝධියෙකු යැයි නොකිය වේග ඔහු ගේ කොමියුනිස්ට් විරෝධය විසින් හිට්ලර් ගේ අන්ත වර්ගවාදයට හයියක් ලබා දුන් බවත්ල එසේ ශක්තිමත් කෙරුනු හිට්ලර් ගේ වර්ගවාදී මතවාදය ලක්ෂ ගණන් ජනයා ඝාතනය කිරීමට හේතු වූ බවත් නොකිය වේග එනිසා ඔහු ගේ කවියට එදා කිසිදු අරුතක් නොතිබිණග

එවැන්නක් මෙහි සිංහල සමාජයට ද සිදු වියග දෙමළ බෙදුම්වාදය යුද්ධයෙන් අතු ගා දමන්නට සිංහල සමාජය එකග වුයේ මනුස්සකම නොතැකූල ප්‍රජාතන්ත්‍රවාදයට ද පිටු පෑල දැනුවත් සතුටක් සමගින් යග ඒ හේතුවෙන් රාජපක්ෂ පාලනයේ අඩන්තේට්ටම් විඳ ගැනීමට නොහැකිව දැන් ජගවිගපෙ ඇඹරෙන්නේ යග රාපක්ෂ පාලනය තහවුරු කරන්නට වලි කෑවේ ද ජවිපෙ යග ඒ වෙනුවෙන් ඔවුහු විය හැකි වින්නැහිය ගැන කතා කළ වුන් ද්‍රෝහීන් හා කොටි ත්‍රස්තයන් යැයි ලේබල් අලවාල හංවඩු ද ගැසුවෝ යග ගොඩ නගන්නට තිබූ විපක්ෂ දේශපාලනය මර්දනය කරන්නට රාජපක්ෂ පාලනයට හවුල් වූහග අවසානයේ විපක්ෂයට ඇද දැමුනු පසුල ජවිපෙ ද නීමෝලර් ගේ තත්ත්වයට වහා පත් වෙමින් සිටින්නා හග

අඳ බාලල කෙටි ඉවක් ඇති රනිල් ගේ යුගඇන්ගපි නායකත්වය ද යුධ කාලයේ සිදු වූ කිසිදු මානව හිමි කම් උල්ලංඝණයකටල පැහැර ගැනීමකටල ඝාතනයකටල මරණ තර්ජනයකටල අනිසි අත් අඩංගුවට ගැනීමකටල හදිසි නීතිය දීර්ග කිරීමට එක හෙළා විරුද්ධ වන්නට මැලි වූයේල එසේ විරුද්ධ වූවහොත් ඔවුන් ට දකුණේ සිංහල චන්ද ටික නැතිව යා හැකි යැයි සිතීමෙනිග එහෙත් ඒ නිවට දේශපාලනයෙන් කිසිදු වාසියක් යුගඇන්ගපියට නොලැබුණෙන්ල කිසිදු දේශපාලනයක් නොදන්නා ඔවුන් අතර දැන් පුද්ගලවාදී නායකත්ව කුලල් කා ගැනීමකිග එනිසා වැදගත් දේශපාලන භුමිකාවක් සඳහා දේශපාලනයක් ද ඔවුන් ට යළි තෝරා ගත නොහැකග ඔවුන් දැන් සීමා වන්නේ කිසිදු වැදගත් පිළිගැනීමක් නැතිල වැදගත් දේශපාලනයක් කතා නෙකෙරෙන හා එනිසාම මේ රාජපක්ෂ පාලනයේ ස්වරූපය හඳුනා ගැනීමට උනන්දුවක් නැති පාර්ලිමේන්තුවේල ගෝසාකාරී හැසිරීමකට පමණ යග යුගඇන්ගපි නායකත්වය සහ ඊට බාල්දි පෙරළන දේශපාලන පුස්සන් ද ඇතුලු සියල්ලන් දැන් දකුණේ සිංහල සමාජයට බුද්ධිමත් විපක්ෂයක් තබා ගැනීමේ අවකාශය ද අහෝසි කර ඇතග

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පහසුවෙන් හකුළා දැමීමේ දී රාජපක්ෂ පාලනය ලබන්නා වූ සතුට ඇත්තේ එහි යග දැන් 18 වන ව්‍යවස්ථා සංශෝධනය රටේ නීතිය බවට පත් ව ඇතග එමගින් තෙවන වරටත් තම අභිමතය මත ජනාධිපති වීමේ අවකාශය රාජපක්ෂ ජනාධිපතිට ලබා දීම ටල කල් තබා තීන්දු කර ඇතග ඒ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය හා වමේ නපුංසකයින් නගන්නා වූ තර්කල පට්ට කෙබර යග ජනතාව චන්දයෙන් තෝරා පත් කර ගන්නේ නම්ල වාර සීමා වැදගත් නැතැයි කීමල මේ රටේ මැතිවරණ හමුවේ මුඩුම තර්කයකිග විශේෂයෙන් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු එය කාලකණ්නි කමෙකිග

අතීතයේ දී නීති විරෝධි ලෙස ගණිකා වෘත්තියෙහි යෙද වූ රාජ්‍ය මාධ්‍යල බලහත්කාරයෙන් යොදා ගත් රාජ්‍ය සම්පත් සහ මැතිවරණ ක්‍රියාදාමයට කළ අතවර සියල්ලල නිත්‍යානුකූලව යොදා ගැනීමේ සහ කිරීමේ වරමක් 18 වන ව්‍යවස්ථා සංහෝධනයෙන් දැන් ලබා දී ඇතග මේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් තමන් මනාප ඕනෑම ගැත්තෙකු ඕනෑම ඉහළ තනතුරකට යොදා ගනිමින් රාජ්‍ය පාලනය කිරීමේ වරම පරිදිමල මර්වින් පන්නයේ පොලිස් ලොක්කන්ල රෙදි අපුල්ලන මාධ්‍යකරුවන් සහ හුරතල් කීකරු මැතිවරණ කොමසාරිස් වරයෙකු ළග තබා ගෙන ජනාධිපතිවරණය කිරීමේ හැකියාව ද ලබා දී ඇතග එවැනි මැතිවරණයකින් වෙන කෙනෙකුට ජනාධිපති කාර්යාලය දිනකට හෝ දැක ගැනීමටල මේ ශ්‍රී ලංකාවේ දී නොලැබෙන්නේ යග

එනිසාල මේ දිග හැරෙන්නා වූ දේශපාලන කතාන්දරය හරියට තේරුම් ගැනීමට නොහැකිල ඊට විරුද්ධව තමන්ගේ වූ දේශපාලන ඉදිරි දැක්මක් සහිත ක්‍රියා මාර්ගයක් ජනතාව හමුවේ තබා ගැනීමට නොහැකිල නන් දොඩවන යුගඇන්ගපිය හා ජගවිගපෙ ඇතුළත් දකුණේ සිංහල විපක්ෂයල බූරු කුට්ටම අණන විට ඉවතට දමන ජෝකරයා වැනි යග එවැනි විපක්ෂ දේශපාලනයක් 2016 වන තෙක් දකුණේ පැවතුනහොත්ල උස්බෙකිස්ථානයේ ඉස්ලොම් කරිමොව් ජනාධිපති ගැන කියැවෙන්නාක් මෙන්ල රාජපක්ෂ ජනාධිපතිටම විපක්ෂ අපේක්ෂකයා තෝරා දෙන්නට ද සිදු විය හැකග

එහෙත් මේ ජීවිතය එළෙසින් කියැවෙන තරමේ අපූරුල රස කතාවක් නොවේග පවතින 1978 ජනාධිපති ව්‍යවස්ථාවට ගෙනෙනු ලැබූ 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙතෙක් නොලියැවුනු රජ පෙළපතක් ස්ථාපිත කර ඇති අතරල එහි දී වඩාත් භයානකල එවැන්නක් කැමැත්තෙන් පිලිගෙන නඩත්තු කරන්නා වූ දකුණේ රජයන සිංහල මානසිකත්වය වන්නේ යග දැනට මේ ගෞතම බුදුන් ගේ රටේ බල පාන්නේ සිංහල මතය පමණිග දෙමළ සහ නැගෙනහිර මුස්ලිම් අඩුතරයල තලා දමා දේශපාලන ක්‍රියාකාරිත්වෙන් ඉවත් කර ඇතග එබැවින් මේ ව්‍යවස්ථාවට හා රාජපක්ෂ පාලනයට නීතිමය පිළිගැනුමක් ලබා දෙන්නේ දකුණේ සිංහල සමාජයේ විකෘති අර්ථකතන විසින් යග

එපමණින්ල රාජ්‍ය හා ප්‍රජාව හමුදාකරණයකට යටත් කිරීමේ ප්‍රමාණවත් ඉඩක් රාජපක්ෂ පෙළපත් පාලනයට ලැබී ඇතග මේ වන විටත් උතුරු හා නැගෙනහිර පළාත් මුළුමනින්ම පාලනය කෙරෙන්නේ හමුදාව යටතේ යග හමුදා අධි ආරක්ෂිත කලාප දැන් එහි පවත්නා එක් අඳෝනාවකිග එහෙත් එමගින් සිදු වූ අවතැන් වීම් පිලිබඳව කිසි විටෙක දකුණේ විපක්ෂය කතා කර නැතග සාම්පූර් අධි ආරක්ෂිත කලාපය ආසන්නම නිදසුන යග ඉන්දීය ආණ්ඩුවේ ආධාරයක් ලෙස එහි ඉදි වෙන මෙගා වොට් 520 ක තාප බලාගාරය විසින් පවුල් 1ල600 ක් පමණ අවතැන් කර ඇතග ඔවුන්ට මනුස්සකමට ගැලපෙන විකල්ප ස්ථාන හෝ තවම ලබා දී නැතග හමුදාව ද හවුල් කර ඉදිරිපත් කෙරෙන එවැනි ව්‍යාපෘති නිසාවෙන්ල ජනතාව පත් වන අවදානම කවරක් වූවත් මේ විපක්ෂය ඉන්නේ නිහඩව යග ඒ අනුව රටේ දිස්ත්‍රික්ක 24 න් 08 ක්ල මුලු උතුරු නැගෙනහිර දෙපළාතමල පාලනය කෙරෙන්නේ හමුදා ලොක්කන් වූ අයගෙනිග පළාත් සභා දෙකෙහිම ආණ්ඩුකාරවරුන් හිටපු හමුදා ලොක්කන් යග උතුරේ මේජර් ජනරාල් වරයෙකිග නැගෙනහිර රෙයා අද්මිරල් වරයෙකිග ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් වරයා ද මේජර් ජනරාල් වරයෙකිග මේ සියලු තනතුරුල සිවිල් පාලනයේ සිවිල් නිලධරයන් විසින් දැරිය යුතු තනතුරු යග එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් විපක්ෂයට නැතග :යකඩ සපත්තුවේ ඔපය මැකෙන්නත් කලින් විධායක ජනාධිපති ධුරයට යුද්ධයේ වීර ජෙනරාල් කෙනෙකු ඔසවා ගත් පසු දැන් ඒ ගැන කුමන කතා ද?*

දෙමළ හා මුස්ලිම් ජනයා ට ඉතිරි කෙරුනු කරුමය එවැනි යග ඔවුන් ගේ කතාව දැන් අවසන් යග ඔවුන් ගේ මානව හිමි කම් අවසන් වී බොහෝ කල් යග ඔවුන් ගේ ප්‍රජාතන්ත්‍රවාදය තීන්දු කෙරෙන්නේ ඒ පෙදෙස් වල දිගැලී කර ඇති හමුදා පාලනයේ අභිමතය අනුව යග පොලීසිය ද අතුරු හමුදාවක් බවට පත්ව ඇති හෙයින්ල නීතිය හා සාමය ද ආරක්ෂක සාධකයකිග සිවිල් යැයි කිව හැකි කිසිත් දැන් ඔවුන් ගේ ජීවිතයට ඉතිරිව නැතග

දැන් දකුණේ සිංහල සමාජයේ වාර යයිග සන්නද්ධ හමුදා තවමත් මුර පොල වල් සමගින් මහ මග යග දේශපාලනඥයින් ගේ ආරක්ෂාවත් තවමත් අඩුවක් නැතග පුරුද්දට ගොසින් ඇති නිසා බරපතල ලෙස දිස් නොවුනත් කිසිදු විරෝධයකින් තොරව හමුදාකරණයට ලක් කෙරුනු දකුණේ සමාජය එසේම යග යුද ආරක්ෂක හේතුන් නිසා යැයි හදිසි නීතිය යටතේ කෙරුනු නිවැසියන් ලියා පදිංචි කිරීම වෙනුවටල දැන් එය හදිස්සියෙන් තොරල යුද්ධයක් ද නොමැතිවල පොලිස් ආඥා පණත යටතේ යැයි කෙරෙන්නේ යග නගර සංවර්ධනය අලුතින් ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනෙන්නේ සමස්ථ සමාජයම එවැනි හමුදාකරණයකට යටත්ව ඇති අතරතුර යග ඒ අනුවල සියලු නගර හා තදාසන්න ප්‍රදේශ ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් ව ඇතග වෙරළ සංරක්ෂණ අධිකාරිය ද ගැනීමෙන් ඒ අත් පත් කර ගැනීම සම්පූර්ණ වියග

කොළඹ පදික වෙළඳුන් හා පාතාලය සුද්ද කරන්නට යැයි කියූ කතා ඇත්තෙන්ම හමුදා මැදිහත් වීම් සම්බන්ධයෙන් ජන මතය උර ගා බැලීමක් වියග නගරයේ යහ පාලනය සැබෑ වුවමනාවක් වූයේ නම්ල ලොකු ව්‍යාපාරිකයින් පදික වේදිකා පමණක් නොව පාරේ වාහන තද බදයද ඇති කරමින් සිය ව්‍යාපාර පවත්වා ගැනීම ද සුද්ද කළ යුතුව තිබිණග හමුදාව ක්‍රියාකාරීව තබා ගැනෙන්නේ ඒ කිසිවක් වෙනුවෙන් නොවේග පාතාල ක්‍රියාකාරකම් හා පදිකය අතර ද දැන් සම්බන්ධකම් අල්ප යග

පදිකයෙන් ලබා ගත හැකි සොච්චම අද ඔවුන්ට වැදගැම්මක් නැතග දැන් පාතාල සෙන්පතියන් දේශපාලනයේ බලසම්පන්න අතු අතර පැළපදියන් වී අවසන් යග එබැවින් සැබෑ කතාව ඊට හාත්පසින් වෙනස් කණස්සල්ලකිග කලින් යෝජනා කෙරුනු 66ල000 ක් කොළඹින් ඉවත් කිරීමත් ඊයේ පෙරේ දා කිරුළපන පැල්පත්වාසීන් ඉවත් කිරීමේ යෝජනාවත් ඉතා පැහැදිලිව කොළඹ අධි මිල ඉඩම් හා ඒවා අවම විරෝධයක් ඇතිව හිස් කර ගැනීම පිළිබඳ කතාවකිග මෙම ඉඩම්ල කෝටි නැතිනම් ප්‍රකෝටි ගණනින් තක්සේරු විය හැකි ඉඩම් යග එවැනි මහා ගනු දෙනු ජනතා නියෝජනයකින් පත් කෙරුනුල ප්‍රජාතන්ත්‍රවාදී වගකීමක් සහිත ආණ්ඩුවකට කළ හැකි ගනු දෙනු නොවන්නේ යග

එනිසා ආණ්ඩු පාලනය සම්මත ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතින් බැහැරව ගෙන යා යුතු වන්නේ යග නාගරික සංවර්ධන අධිකාරියල ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනෙන්නේ එබැවින් යග රාජපක්ෂ පාලනය දැන් කොළඹින් අත් හදා බලා සනාථ කර ගත් සත්‍යයක් ඇතග මහ පරිමාන කොමිස් තිබුණත් දුර දිග යන ස්ථාවර සංවර්ධනයක් ගැන අදහසක් නොමැත්තෙන්ල එල්ගටීගටීගඊය පරාජය කළ යුද්ධයේ කීර්තිය සමගින් විරෝධය අවම කෙරෙන පාලනයක් දැන් ගෙන යා හැක්කේ හමුදා පෙනුමකිනිග එවගේමල රාජපක්ෂ පෙළපත අනු දත් අනෙක් කාරණය වනුයේල දකුණේ සමාජය තම දේශප්‍රේමය ගැන තවමත් විශ්වාසය තබා ඇති මේ කාලය තුලල හමුදාකරණය සඳහා අවශ්‍ය නීතිමය ආවරණ සපයා ගත යුතු බව යග

වසර 150 ට අධික කාලයක් පැවති කොළඹ නගර සභාව වෙනුවට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ කොළඹ පාලනය කිරීමේ යෝජනා අත්තේ ද එනිසාම යග එම යෝජනා අනුවල කොළඹ නාගරික අධිකාරිය චන්දයෙන් පත් නොකරන අධිකාරියක් වන්නේ ද හේතු ඇතිව යග උතුරු නැගෙනහිර මෙන් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ එය ද හමුදාවේ සිටි ඉහළ නිලධරයෙකු ගේ අණ සකටල එවැනි විට යටත් කළ හැකි යග කොළඹ ඒ අනුවල දේශපාලනයෙන් තොරල පෝස්ටරල බැනරල පිකටිංල පෙළපාලි හා විරෝධතා නොමැතිල ආරක්ෂක ප්‍රදේශයක් විය හැකග කොළඹ වෙසෙන බදු ගෙවන්නන් ද යාපනයේ වැසියන් ලෙසින් එවිට ජීවත් විය යුතු යග කොළඹ යනු ඇත්තෙන්ම රාජපක්ෂ පාලනයේ සියලු බලය එක් තැන් කෙරුනු කේන්ද්‍රය යග එනිසා මේ බල කේන්ද්‍රයේ වෙනත් දේශපාලන අභියෝග සඳහා ඔවුන් ඉඩක් නොතබනු ඇතග ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් වන ප්‍රධාන පාලම් තුන වන දෙහිවලල කිරුළපන හා තොටළග පාලම් සීමාවන් ඇතුළත කොළඹ ප්‍රදේශයේ කිසිදු දේශපාලන සද්දයකට ඒ අනුවල නීතිමය වශයෙන් අවසර නොලැබෙන්නට කටයුතු යෙදිය හැකග

දැනට මේ හැමකක් මල හිතළු යැයි ඉවත දැමිය හැකග රාජපක්ෂ පෙළපත යටතේ වත්තම් කෙරෙන දේශප්‍රේමීන්ල එය එසේ යැයි සිතීමට වඩාත් කැමති යග එහෙත් ඇත්තෙන්ම මේ දිග ඇරෙන්නේ හමුදා නිල ඇඳුම් නොමැති හමුදා පාලනයකිග එය ව්‍යවස්ථාමය වශයෙන් ද තහවුරු කෙරෙන්නකිග අවශ්‍ය නීතිමය ආවරණ නොමැති විටල නීතිමය අවසර හදා ගත හැකි බව ද රාජපක්ෂ පාලනය පෙන්නා දී ඇතග

කිසියම් දේශපාලන විභවයක් සහිත විපක්ෂයක් මෝදු වන්නේ නම් එය උත්පත්තියේදී ම විනාශ කිරීමට ද රාජපක්ෂ පෙළපත දැන් බිය වන්නේ නැතග ඔවුන් වඩා කැමැත්තෙන් බාර ගනු ඇත්තේ මේ ඉන්නා විපක්ෂය යග මෙහි ඇති භයානක කම වනුයේල මෙලෙසින් එලෙන හමුදාකරණය බුද්ධිමත්ව තේරුම් ගත හැකි හා එයට එරෙහිවල ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී බලයක් ලෙසින් ගොනු කළ හැකි විපක්ෂ නායකත්වයක් අහළක වත් නොමැති වීමෙහි යග සැබෑයග එවැන්නක් අවශ්‍ය වන්නේල ප්‍රසන්න පෙනුමැති සිංහල මනුස්සයෙකු ගේ කුරහන් සාටකයේ අනන්‍යතාවය ද සමගින් ව්‍යවස්ථාපිතව තහවුරු කෙරෙන හමුදාකරණයකට එරෙහි වීමේ අවශ්‍යතාවයක් දකුණේ සිංහල සමාජයට ඇති නම් පමණිග නොමැති නම්ල මේ සිංහලයින් ගේ වාර යයිෟ

:ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් පුවත් අඩවියෙහි පළ වූවකල සිංහල අනුවර්තනයකි*

1 Comment

  1. පලමුව ජය
    ඔය යතාර්තය ලන්කාවෙ බහුතරයකට දෑනෙන්නෑ
    මොනව කකන්නද එ අපෙ කරුමයක්
    සෑමට ජය


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s