ඔටාරා ගෙ බලු ආදරය සහ ආදරයට බලුකම් කිරීම

අපි දිගින් දිගටම ලංකාවේ රියලිටි වැඩසටහන් වල සැබෑම රියලිටි එක ඔබට පෙන්වා දෙන්නට පසුගිය කලාප කිහිපයකින්ම උත්සාහ කළෙමු. නමුත් සමහර විට ඉන් එම වැඩසටහන් වලට තිබූ ජනප‍්‍රියතාවය වැඩි වූවා මිසක අඩු නොවූ බව සත්‍යයක් විය හැකිය. මන්ද මෙරට වෙසෙන බහුතරයක් වූ ජනතාවගේ ජන විඥානය සැකසී තිබෙන්නේ නරුමවාදී ආකෘතියකට අනුකූලවය. නරුමවාදී චින්තනයේ පවතින කරුමය වන්නේ සිදුවනදේ මිත්‍යාවක් බව සැවොම දන්නා නමුත් නොදන්නවා සේ කල් ගෙවීමයි. මෙයට කදිම උදාහරණය වන්නේ පසුගිය මැතිවරණයයි. පබා දේශපාලනය පිළිබඳව මෙලෝ මලදානයක් නොදන්නා බව සැවොම දන්නා අතර පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත්කර යවන්නේ තමන් වෙනුවෙන් නීති සම්පාදනය කරන්නට යන වග හො\ාකාරවම දන්නා ජනතාවම අදේශපාලනික පබාව වැඩි මනාපයෙන් පාර්ලිමේන්තුවට යැවීමේ රහස කුමක්ද? මෙය පබා වර්ගයේ ජනප‍්‍රිය තරු රැුසක් පාර්ලිමේන්තු යැවීමේ ජනතාවගේ නරුමවාදී සර්වජන ඡුන්ද බලය භාවිතා කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණය බවට පත්ව තිබීම තව දුරටත් අප සංජානනය කරන්නේ කෙසේද? මැතිවරණ සමයේ තමන් ඡුන්දය භාවිතා කරන අපේක්‍ෂකයා හොරෙකු, වංචාකාරයෙකු, චන්ඩියෙකු, මෝඩ විහිලූකාරයෙකු බව දනිමින්ම ජනතාව නොදන්නවා සේ මේ උදවියට ඡුන්දය ලබා දීම දිගින් දිගටම සිදු වන්නේ ඇයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව බණ දේශනා කරන රටක ජනතා චින්තනය තවමත් ව්‍යුහගතව පවතින්නේ ග්‍රෝත‍්‍රික නරුමවාදී ආකල්පයන්් තුළ බව මනාව පැහැදිලිය. ජනතාව මේ කාලයේ වැඩිපුරම ආශා කරන්නේ අනෙකා පිළිබඳව ඔත්තු බැලීමටය. තම අසල්වැසියාගේ යම් දුර්වලතාවයක් තම ජයග‍්‍රහණයක් සේ සැලකීම අද කාලයේ විලාසිතාව බවට පරාරෝපණය වී තිබේ.

බල්ලන්ට මිනිසුන්ට ලෙසත් මිනිසුන්ට තිරිසනුන්ට ලෙසත් සලකන මහා ධනපති ලංකාවේ බල්ලන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කෑ මොරදෙන ඔඩෙල් අධිපතනිියගේ ක‍්‍රියාකලාපය අප මදකට විමසා බලමු. එක්තරා ජනප‍්‍රිය චිත‍්‍රපට නිළියක් එම ආයතනයෙන් ඇඳුම් සොරාගෙන අසුවූ වරදට ඇය එම ආයතනය තුළ දණ ගස්සවා ඇඳුම් කරමත පටවා ඡුායාරූපගත කර ජනතාවගේ් කුණු විකුණා මුදල් උපයන ‘‘ගොසීප්’’ ලංකා නම් නරුමවාදී වෙබ් අඩවියේ පළ කිරීමෙන් ඔටෙරා බලාපොරොත්තු වූයේ කුමක්ද? පෞද්ගලික ආරක්‍ෂක අංශයකට තබා ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවටවත් ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සිදු කළ නොහැක. සොරකම වරදක් ලෙස දක්වා සොරකමට අසුවූ අයෙකු මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර නඩු විභාග කර වරදකරු යැයි ඔප්පු වුවහොත් ලබාදිය යුතු දඬුවම් මොනවාද යන්න පිළිබඳව දණ්ඩ නීති සංග‍්‍රහයේ සහ අධිකරණ සංවිධාන පනතේ පැහැදිලිව දක්්වා තිබේ. තවද ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(6* ව්‍යවස්ථාව යටතේ සෑම තැනැත්තෙකුම වරදකරු බවට අධිකරණයක් විසින් තීන්දු කරනු ලබන තෙක් ඔහු හෝ ඇය නිර්දෝෂී ලෙසින් සැලකිය යුතු බවට වූ පූර්ව නිගමනයක්ද වේ.

එසේනම් යමෙකු සොරකම් කිරීමේ වරදට සැකකරනු ලබන්නේ නම් කළ යුත්තේ අධිකරණයට ඉදිරිපත් කර ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය යටතේ් දඬුවම් නියම කිරීමයි. එසේ නොමැතිව පෞද්ගලික ආයතනවල මුදලාලිලා නීතිය අතට ගෙන දඬුවම් කිරීමේ අනිසි වනචාරී යුක්තියට අප ඉඩදිය යුතුද? සොරකම් කිරීම යනු මනුෂ්‍ය සංහතියේ ස්වභාවයෙන්ම පවතින ගති ලක්‍ෂණයක් වන නිසාම එය වරදක් බව නීති ගත කරන්නට කටයුතු කරනු ලැබ තිබේ. ඇමරිකාවේ ප‍්‍රසිද්ධ ජනාධිපතිවරයෙකුට ඉතා නරක ලෙස සොරකම් කිරීමේ පුරුද්දක් තිබූ අතර ඔහු සොරා ගන්නා සෑම භාණ්ඩයකටම මුදල් ගෙවීමට ලේකම් වරයෙකු සිටි බවද අපි අසා ඇත්තෙමු. අනෙක් අතට ‘‘ගොසිප් ලංකා’’ බලා මෙන්න හොරකම් කරලා යැයි කෑගසන නෝනා වරුන්ට මහත්වරුන්ට තමන් ඇල්පෙනෙත්තක් වත් සොරකම් කර නොමැති බව ඔප්පු කළ හැකිද? පව්කාරයාට පලමු ගල ගැසිය යුත්තේ කිසිම පවක් නොකළ අයෙකු වූවිට කිසිවෙකුටත් ගල් -ගැසීමට නොහැකි වූවා සේ සොරකමට එරෙහිව මෝඩ චූුන් දාන නෝනාවරුන්ට මහත්වරුන්ට අපට කීමට ඇත්තේ තමන්ද සොරුන් වන වග හෘදය සාක්ෂියෙන් විමසා බලන්නට යන්න පමණි. එම නිළිය මේ දිනවල තමන්ගේ අයිතිවාසිකම් ලබා ගනු උදෙසා අධිකරණයේ පිහිට පතා තිබෙන බව දැනගන්නට ලැබුණු අතර කෝටියක් සංවරශීලී බල්ලන්ට ආදරය කරන ඔටාරාගේ පැත්ත වෙනුවට අයිතිවාසිකම් අහිමිවූ ඇඳුම් සොරකම් කිරීමෙන් සුළු වරදක් කළ ඒ කාන්තාවගේ අයිතිවාසිකම් රැුක ගැනීම උදෙසා පෙළගැසෙන්නට අප සූදානම්ය. ඇතමෙකු මෙය සොරුන්ට අනුබල දීමක් ලෙස වැරදියට  වටහා ගත හැකිය. නමුත් අප කියා සිටින්නේ සොරකම් කිරීම වරදක් බව අප තරයේ අදහන අතරම සොරකමට දඬුවම් ලබාදිය යුත්තේ අධිකරණයෙන් මිස මුදලාලි විසින් නොවන බවයි.  එවන් වූ අනිසි වනචාරී යුක්තියකට ඉඩ දෙනවා නම් හෙට දින බලය දරන අය ජයග‍්‍රහණය කිරීමේ ග්‍රෝතික න්‍යායට රට තල්ලූවීම වැළැක්විය නොහැකි වනු ඇත.

අප විරුද්ධ වන්නේ මෙරට ක‍්‍රියාත්මක නරුමවාදී ජනතා හැසිරීමටයි. මෙරට සියලූම සමාජ සම්බන්ධතාවයන් ව්‍යුහගතව තිබෙන්නේ නරුමවාදී ආකෘතියකට අනුකූලවය. සිදුවූයේ වරදක් බව දන්නා නමුත් නොදන්නා සේ හිදීම මිනිසුන්ගේ ජීවන භාවිතාව බවට පත්ව ඇත. රියලිටි වැඩසටහන් ගැන එක අතකින් තවදුරටත් කතා කිරීම නිශ්ඵල දෙයක් බව පැහැදිලිය. නමුත් මෙගා ස්ටාර් අවසාන ජවනිකාව තුළ සිදුවූ නරුමවාදී ක‍්‍රියාකලාපය මෙ රට සමාජයේ නිරුවත පිළිබිඔූ කළ කැඩපතක් සේ ගත හැකිය. මෙගා ස්ටාර් අවසාන තරගයේදී ජයග‍්‍රහණය හිමි විය යුත්තේ දයාසිරි ජයසේකරට බව සැවොම දැන සිටියහ. නමුත් අවසානයේ ජයග‍්‍රහණය හිමිවූයේ අජිත්ටය. එහිදී ඇතිවූ කල කෝලාහලය මෝඩ ජෝක් එකක් විණා එතරම් සීරියස් ලෙස නොගත යුත්තේ එම මොහොතින් පසු එවන් වූ ප‍්‍රතිරෝධයක් රටතුළ නිර්මාණය නොවූු බැවිනි. බුද්ධික කුලසේකර අජිත්ගේ මුදල් ලබාගෙන ඔහුට ප‍්‍රථම ස්ථානය ලබාදුන් බව දැන් ප‍්‍රසිද්ධ රහසකි. දැන් මෙගා ස්ටාර් නාඩගම අහවරවූ පසු හොටු පෙරාගෙන කදුළු සැලූ මාධ්‍ය සාකච්ඡුා පැවැත්වූ නළු නිළියෝ්ම දැන් ආයෙත් තමන්ගේ පාඩුවේ වැඩ කරති. මේ නිසා අප මුල පටන්ම කීවේ මෙගා ස්ටාර් යනු විකාරයක් බවයි. කෙසේ නමුත් අවසානයේ ලංකාවේ රියැලිටි ටී.වී. උන්මාදය මේ නාඩගමත් සමගම අවසන් වූ බව මගේ හැඟීමයි.

රියැලිටි වැඩසටහන් මගින් දේශපාලකයෝ ගායකයන්  කිරීමටත්  දුප්පත් කොල්ලන් පොරවල් කිරීමටත්  නළුවන් නැට්ටුවන් කරන්නටත් ආදී එකී මෙකී නොකී ක‍්‍රමවේදයන් ඔස්සේ තරු බිහි කරන්නට බොහෝ අය උත්සාහ කරතිි. ජනතාව උඩබලාගෙන එස්.එම්.එස් කර දුරකථන මුදලාලිලා පොහොසතුන් බවට පත් කරතිි. අවසානයේ පබා පාර්ලිමේන්තු යයි. පාර්ලිමේන්තුව වළපල්ලට යයි. මෙරටට සැබෑම දේශපාලන තරුවක් බිහි කිරීමේ වුවමනාව ඇත්තේ කාටද මෙරටට, භූමියට, මේ රටේ ජනතාවට ඇත්තටම ආදරය කරන සැබෑම දේශපාලන තරුවක් අපට බිහිකරන්නට හැකිවූ දිනෙක මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ ගොස් මේ රට ලෝකෙන් උතුම් රට විය හැකිය. දේශපාලනය  සූදුවක් හෝ ව්‍යාපාරයක් කර ගෙන සල්ලි ගරන ව්‍යාපාරයන් බවට පත්කර ගෙන එදා වේල සරිකර ගන්නට දේශපාලනය කරන සියල්ලටම සැබෑ දේශපාලන උවමනාවක් තිබෙනවාද යන්න සැක සහිතය.

නරුමවාදය දේශපාලන හා ජීවන භාවිතාව වූ රටක තව දුරටත් පරමාදර්ශයන්් හොද නරක, යුක්තිය, අයුක්තිය වැනි දෑ අධින්ශ්චය වූ විකාරයන් පමණක් බවට පත්ව තිබේ. නිදහසේ චිත‍්‍රපටයක් රස විඳීමට නොහැකිවන සේ රූපවාහිනියේ කොටු වැටීමත් එවන් විටෙක දැන්වීම් ලෙස සෝඩා බෝතල් හෝ කොන්ඩම් පෙන්වීමේ සංස්කෘතික පරිහානියකට ගමන් කිරීමට නරුමවාදය හැර වෙන කුමක් කියන්නද? මහනුවර ප‍්‍රදේශයේ එක්තරා දේවගැතිවරයෙකු රත්රන් ශරීරය පුරා පුරවා ගනිමින් කළ මහා වංචාවක් රටට හෙළිදරව් කරන්නට නෙත් ත්‍ඵ නාලිකාව ඉතා සාර්ථක උත්සාහයක නිරත වූ අයුරු අපි දුටුවෙමු. එම දේවගැතිවරයා රත්රන් ලබාගන්නට නියම කරනු ලබන්නේ එක්තරා ආයතනයක් පමණක් බවත් ඔහු එයින් කරනු ලබන්නේ වංචාවක් බවත් දෙවියන් එහි නොමැති බවත් දැඩි පරිශ‍්‍රමයකින් යුතුව රටට හෙළිකරන්නට ඔහුත් උත්සාහ ගත්හ. ජනතාවට මුලා නොවන ලෙසට සියලූ කරුණු හෙළිදරව් කළේය. නමුත් දේවගැතිවරයා කියා සිටියේ දෙවියන් සිටින්නේ තමන්ගේ පැත්තේ බවයි. මාධ්‍ය කොල්ලන්ගේ මුසා බසට නොරැුවටෙන ලෙසත් තව තවත් රත්රන් තමන්ට පූජාකරන ලෙසත්  ඔහු බැතිමතුන්ට ආයාචනය කළේය. අවසානයේ ශ‍්‍රව්‍ය මාධ්‍ය, ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අතින් පරාජය විය. දෙවියන් කෙසේ වෙතත් ස්වර්ණවාහිණියේ  ජන සරණින් දේවගැතිවරයා උජාරුවෙන් රත්තරන් පුරවාගත් දෑතින් ජනතාවට හාල් මලූ පරිත්‍යාග කරන අයුරු මුළු රටම දුටුවේය. ඇසෙන සත්‍යයට වඩා බලන සත්‍ය ප‍්‍රමුඛ විය. නෙත් ත්‍ඵ නාලිකාවට වඩා ස්වර්ණවාහිනියෙන් පෙන්වන දෑජනතාවට විශ්වාස විය. අවසානයේ දේවගැතිවරයා කියූ ලෙසම දෙවියන් ඔහුගේ පැත්ත ගත්තේය. නමුත් මෙහිදී තම දෙවියන් රූපවාහිනිය බව ඔහු හොඳින් අවබෝ්ධ කර ගෙන සිටියේය. අවසානයේ ඔහු රටටම පෙනෙන ලෙස හාල් මලූ ජනතාවට බෙදා දී ජනතාවගේ රත්තරන් සොරා ගැනීමේ ජාවාරම තව දුරටත් කරගෙන යන බව සැවොම දන්නා නමුත් නොදන්නවා සේ සිටිතිි.

මේ නරුමවාදයේ ස්වභාවයයි. ඉතින් අප කුමක් කරමුද? ඇත්තටම නිදා සිටින මිනිසෙකු අවදිකළ හැකි නමුත් බොරුවට නිදා සිටින මිනිසෙකු හොරණෑවාදනයෙන්වත් අවදිකළ නොහැකිය. මුළු රටටම පෙනෙන ලෙස ස්වර්ණවාහිණියෙන් ජනතාවට හාල්, තුනපහ බෙදාදී ජනතාවගේ රත්තරන් දෙවියන්ගේ නාමයෙන් ප‍්‍රසිද්ධියේ සොරා ගන්නා දේවගැති සොරුන් සිටින රටක ඔඩෙල් ආයතනයෙන් ඇඳුම් සොරකම් කිරීමේ වරදට දණගැස්සීම ගස් බැදීම නාඩගමට දෙවෙනි නොවන බව බොහෝ උදවියට වැටහෙන්නේ නැත. ජනමාධ්‍ය බලයෙන් ජනතාව මුලාකරමින් ජනතාවගේ රත්තරන් දෙවියන්ගේ නාමයෙන් සොරා ගන්නා  මිනිසුන්ට ප‍්‍රසිද්ධියේ දඬුවම් ලබා දීම පසෙකලා අහිංසක නිළියකට චණ්ඩිපාට් දැමීම නරුමවාදයේ වර්තමානයේ අප දුටු කදිම නිදර්ශනයකි. කැකිල්ලේ රජ්ජුරුවන් නම් වූ මෝඩ රජුගේ ක‍්‍රමයට දඬුවම් කරන අප වැනි රටක වරදකරුවන් යහතින් වැජඹෙද්දී අහිංසකයින් දංගෙඩියට යැවීම වැළැක්විය හැක්කේ කෙසේද?

7 Comments

  1. Mata sarala prashna yak tiyenawa….
    Oyage gedarata hork panala badu horkan karala ahu wiunoth oya mokada karnnae ?? (hithata ekagawa uttara denna). Mama nam kisi bayak nathuwa uge atak payak kadala thamayi polisiyata unat baradenne. Mokada wu kale balu wadak nisa. Anika samahara vitaka nikamma polisiyata bara dila dawasakata pase kawuru hari ekekuge call ekakata wu wa yahathin eliyata dammot ????

    • even though I’m not the blogs author I’ll give my opinion.

      I wouldn’t let the thief run free. I would try my best to capture him and hold him until the police comes. But I won’t beat him.
      In the case of Udari do you really think she could run away from the security guards? She was already captured. Now all they had to do is wait for the police. I hope Udari will be able to will a huge compensation from Otara. That will teach them not to take the law to own hand.

  2. කෙනෙකු කරද‍රයකට පත්වූ විට උදව් කිරීම මනුෂ්‍යත්වයේ උතුම්ම ගුණාංගයක්…

    ඒත් උදාරි කරදරයකට පත්වුනාද?

    ඔටාරා ධනපති පංතියේනම්? කාර් එකෙන් ඇවිල්ලා බැහැලා (සැමියා සිංගප්පූරුවේ දොස්තර වරයෙකු වශයෙන් සේවය නරන) හොරකං කරන්න ගිය උදාරි මධ්‍යම පාංතිකද?

    දුප්පත් මිනිහා බඩගින්නට පාන් කෑල්ලක් හොරකම් කරාම ඒක‍ටද ‍ශ්‍රේෂඨාධිකරණයට ගෙනියන්න ඕනෙ?

    මානව හිමිකම් කඩනොවන අයුරින් මේ උදාරිගේ සිද්ධිය විසදීමට ඔබ ඔටාරා නම් ඒ අවස්ථාවේ ගන්නා පියවර මොනවාද?

    • restrain Udari until the Police arrives, then hand her over to them. After that sue her in court.

  3. Makita hukala maranna ona

  4. doctor kenek ge nona horkam kaloth waraddak nemei ? game ganu kenek horkam koloth eka varaddk ? loke kohe siduunath ,kauru kalath eka horakamak


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s