රතු එලිය අවබොධ කරගත යුතු උතුරෙ ජනමාධිය වෙතයි

යැවිය යුතු ද්‍රෝහීන් ලෙස නම් කරන ලද්දේ වත්මන් ආණ්ඩුවේ සමහර නායකයින් විසිනි. ඒ කෙසේ වෙතත් යුද්ධයේ අවසාන අදියරෙහි දී කවර පාර්ශවයකින් වේවා කරන ලද මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ සොයා බැලිය යුතු බවත් නීතියේ පාලනය අනුව ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතු බවත් කියා සිටීම සාධාරණ සහ යුක්ති සහගත ඉල්ලීමක් බව මෙම කතාව මගින් ද සනාථ වෙයි.

එමෙන්ම මෙම ප‍්‍රශ්ණ ශ‍්‍රී ලංකාවට පමණක් මුහුණ දෙන ඒවා නොවන බව පසුගිය දිනෙක ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු මුහුණ පෑ අර්බූදයෙන් පැහැදිලි විය.

බුෂ්ටත් බය හිතුන දවස

ඇමෙරිකාව තවමත් ලෝකයේ යුද ශක්තියෙන් සහ ආර්ථික බලයෙන් පළමුවැන්නා ය. තවමත් ලෝක පොලිස්කාර භූමිකාව රඟ දක්වන්නේ ද ඇමෙරිකාව ය. ඒ සියළු බලපුලූවන්කාරකම් තිබිය දී හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට පසුගිය දවසක සිරගත වීමට සිදුවෙතැයි බය සිතී ස්විස්ටර්ලන්තයට නෑවිත් ඇරීමට සිදුවිය.

බලයේ සිටි කාලයේ දී ජෝර්ජ් බුෂ් හැසුරුණේ දාමරික පොලිස් ලොක්කකු ලෙසය.
පෙබරවාරි 12 දින ජීනීවා නුවර යුදෙව් පුන්‍යායතනයක අරමුදල් රැුස්කිරීමේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් පැමීනීමට නියමිතව සිටි ජෝර්ජ් බුෂ් අවසාන මොහොතේ සිය ගමන අවලංගු කළේ ය. ප‍්‍රධාන අන්තර් ජාතික මාධ්‍ය ආයතන වාර්තා කළ පරිදි ඔහු සිය ගමන අවලංගු කළේ ස්විස්ටර්ලන්තයේ දී වධහිංසා පැමිණ වීමේ චෝදනා මත ඔහු අත් අඩංඟුවට ගනු ඇතැයි හෝ විරෝධතා ඇති වෙතැයි හෝ ඇතිවූ බිය නිසා ය.

පසුගිය නොවැම්බර් මාසයේ දී ප‍්‍රකාශයට පත් කරන ලද සිය චරිතාපදානයේ දී බුෂ් තමා අල්කයිඩා සැකකරුවන්ට දියේ ගිල්වීම හා සමාන හැගීමක් ඇති කරන අ්එැර ඉද්රාසබට නම් වධය පැමිණවීම අනුමත කළ බව පිළිගෙන තිබුණි. මෙම හිංසාව වධහිංසා පැමැණවීමට එරෙහි එකසත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රඥාප්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදකි. කුප‍්‍රකට ගුවන්තනාමෝ කඳවුරේ දී මෙළෙස වධහිංසාවන්ට ලක්ව පසුව නිදොස් කොට නිදහස් කරන ලද දෙදෙනෙකු ද බුෂ්ට විරුද්ධ චෝදනා ඉදිරිපත් කළ අය අතර වෙති. ත‍්‍රස්තවාදියෙකැයි අල්ලා සිරකර තැබූ, ඉන් එක් අයෙක් වන සමි අල් හජි අල් ජසීරා නාලිකාවේ ජනමාධ්‍යවේදියෙකි.

ජර්මනිය මුලස්ථානය කොට ගත් මානව හිමිකම් සහ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා කේන්ද්‍රය, මානව හිමිකම් සඳහා අන්තර් ජාතික මධ්‍යස්ථානය සහ එක්සත් ජනපදයෙහි ව්‍යවස්ථා අයිතීන් සඳහා වන කේන්ද්‍රය යන සංවිධාන තුන විසින් ජෝර්ජ් බුෂ්ට එරෙහිව ඇති චෝදනා අඩංගු පිටු 2,500ක වාර්තාවක් සකස් කරන ලදී. මෙම අපරාධ චෝදනාවට ලොව පුරා මානව හිමිකම් සංවිධාන 60ක් මෙන්ම වධහිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු විශේෂ නියෝජිතයා ද අත්සන් තබා තිබුණි.

ක්ෂමා ජාත්්‍යන්තරය ස්විස්ටර්ලන්තයේ නිතීපති දෙපාර්ථමේනතුව වෙත වධංහිසා පැමිණවීම සම්බන්ධයෙන් ජෝර්ජ් බුෂ්ට එරෙහිව දීර්ඝ විස්තරාත්මක චෝදනා පත‍්‍රයක් එවූයේ ය.
ඔහුගේ පාලන කාලයේ දී සිදුකරන ලද දරුණූ මානව හිමිකම් කෙළෙසීම් වෙනුවෙන් විදේශගත වන  ඕනෑම අවස්ථාවක දී හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ්ට එරෙහිව චොදනා ගොනු කරන බවට අන්තර් ජාතික මානව හිමිකම් ප‍්‍රජාව ඔහුගේ ජීනීවා ගමන අවලංගු කිරීමෙන් පසු ප‍්‍රකාශ කළහ.
ලෝකයේ කොතරම් බලවත් රටක වුවත් නායකයකුට එරෙහිව මානව හිමිකම් කඩකිරීම පිළිබඳ චෝදනා නැගීමට සමත්වීම අන්තර් ජාතික මානව හිමිකම් ප‍්‍රජාව ලද මාහැගි ජයග‍්‍රහණයකි.
 සුනන්ද දේශප‍්‍රිය
ජීනීවා, ස්විස්ටර්ලන්තය

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s