සින්හල ස්වාමීත්වය හමුවෙ දෙමලා වහලා කරගෑනීම

ලාංකීය සිංහල ජනතාවගේ සිත් තුළ ජාතිවාදී විෂබීජ අවුලූවාලූවෝ මෙරටෙහි සිංහල නායකයන්ම විය. 1950 වසරේ ජී. ජී. පොන්නම්බලම් විසින් පනහට පනහ යෝජනාව ගෙන එමින් ලාංකීය සුළු ජාතීන්ට සම තැන ලබා දිය යුතු බවට කළ ඉල්ලීමට ප‍්‍රතිචාර වශයෙන් මෙරට විසූ සිංහල බහුතර ජනතාව ද්‍රවිඩයන්ට එරෙහිව වෛර බ`දින්නට පටන් ගත්හ. ද්‍රවිඩ ජාතික ප‍්‍රශ්ණයට විස`දුම් ලබා දෙන්නට කිසි දිනෙක උත්සාහ නොකළ ලංකාවේ සිංහල පාලක පංතිය හැමදාමත් කළේ බහුතර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හ`ඩ නැගීම පමණි. ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී අයුරින් බලන්නට නුහුරු වූ සිංහල සමාජයේ වරදින්ම අවසානයේ ද්‍රවිඩ ජාතිකයන්ට ආයුධ අතට ගෙන තම ප‍්‍රශ්න වලට තමන් විසින්ම පිළිතුරු සොයන්නට සිදුවීම ඉතිහාසයේ සිදුවූ මහා වරදක් බව ප‍්‍රකාශ කළ යුතුමය. ද්‍රවිඩ ජනතාව අතීතයේ පටන්ම රැුවටීමකට භාජනය කළ සිංහල ජන නායකයින් බි‍්‍රතාන්‍යයන් විසින් ශ‍්‍රී ලංකාවට පිරිනැමූ සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 29(2* වගන්තියෙන් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලැබුවේද ලංකාවේ බහුතර සිංහල ජන නායකයන් සුළු ජන අයිතිවාසිකම් වෙනුවෙන් කිසිම සංවේදීභාවයක් නොදක්වනු ලැබූ බැවිනි.
භාෂා ප‍්‍රශ්නය
මෙය මනා ලෙස තහවුරු වන්නේ 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමත් සමගමය. එදා දුරදිග බැලීමේ ප‍්‍රඥාවක් හිමි වූ විද්වතෙකු වන කොල්වින් ආර් ද සිල්වා මහතා පැවසුවේ ‘‘භාෂා දෙකක් නම් එක් රටක්, එක් භාෂාවක් නම් රටවල් දෙකක්’’ යනුවෙනි. එතුමාගේ එම ප‍්‍රකාශය අද වන විට යථාර්ථයක් බවට පත් වෙමින් නොපවතින්නේද? යුද්ධය නිමා වුවද ජාතික ගැටලූව තාමත් එතනම පල් වෙමින් තිබෙන රටක අනාගතය ගැන අපට සිතන්නට ඇත්තේ මොනවාද? වසර 1972 ප‍්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ බි‍්‍රතාන්‍යයන් සමග තිබූ සියළු සම්බන්ධතා බි`ද දැමූ අප එම ව්‍යවස්ථාවේ සුළු ජාතික අයිතීන් සම්බන්ධයෙන් ස`දහන් නොකිරීමත් ඉන් පසුව 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් පවා ඔවුනට නිසි තැන පිරිනැමීමට කටයුතු නොකිරීමත් නිසා ද්‍රවිඩ ජනතාව ආයුධ අතට ගැනීමට පෙළඹුන බව කිව යුතුය. වර්තමානයේ ඇතිව තිබෙන ප‍්‍රධාන ධාරාවේ කථිකාව වන්නේ ව්‍යවස්ථා සංශෝධනයයි. විධායක ජනාධිපති ධුරය විධායක අගමැති ධුරය ලෙස වෙනස් කිරීම වැනි පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණු උදෙසා ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරනවා විනා රටේ ප‍්‍රධාන ගැටලූව වන ජාතික ගැටලූව සම්බන්ධයෙන් අර්ථසාධනීය කථිකාවක් මේ වන විටත් රටතුළ නිර්මාණය වී නොමැත. එදා උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වලට වෙනම පාලන බලතල දීමට විරුද්ධව හ`ඩ නැගුවත් තර්ක කලේ එමගින් කොටි ත‍්‍රස්තවාදීන් අතට පාලන බලතල මාරු වී රට දෙකඩ විය හැකි බවයි. මෙදා උතුරු නැගෙනහිරට වෙනම පාලන බලතල ලබා දෙනාවට විරුද්ධව ඔවුන්ම කියා සිටින්නේ දැන් කොටි සංවිධානය නොමැති නිසා එවන් අවශ්‍යතාවයක් නොමැති බවයි. ඉතිහාසයේ හැමදාමත් ජාතික ගැටලූව සම්බන්ධයෙන් පැවතියේ එවන් වූ විකාර රූපී හතර බීරි කතිකාවක් පමණි.
ජාතිවාදී ගිනි පුපුරු
1983 ජුලි මස එකොලොස් වන දින වන විට ලංකාවේ යුද්ධය එතරම් දළුලා වැඞී තිබුණේ නැත. මේ කාලය වන විට කොටි සංවිධානය යනු උතුරේ ක‍්‍රියාත්මක වූ ප්ලොට්, ඊරෝස්, ටී. යූ. එල්. එෆ්, ටෙලෝ වැනි සන්නද්ධ කණ්ඩායම් කිහිපය අතුරින් තවත් එක් සංවිධානයක් පමණි. මේ කාලය වන විට උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හි බලය ලබා ගැනීම ස`දහා මේ සංවිධාන එකිනෙකා මරා ගනිමින් සිටියහ. මේ අතර 1983 ජුලි මස එකොලොස් වන දින උතුරේදී හමුදා සෙබළුන් දහතුන් දෙනෙකු ඝාතනයට ලක් විය. ඒ කාලයේ  හමුදා සෙබළුන් දහතුන්දෙනකු මියයාම සිංහල සමාජයේ ජනතාවගේ ලේ කෝප කරවන සිදුවීමක් විය. ජාතිවාදයෙන් ඇලලී ගිය සිංහල සමාජය වියරු වැටුනෝය. ජාතික හැ`ගුමන් කලබල වී සිටි සිංහල ජනතාව මුලා කරමින් මේ අවස්ථාවෙන් අයුතු ප‍්‍රයෝජන ගන්නට සිතු ජන නායකයන් වියරු වැටී සිටි සිංහල ජනතාව තව තවත් ජාතිවාදී කතන්දර මගින් කෝප ගන්වා එය දෙමළ සමාජයට එරෙහි වූ අරගලයක් දක්වා වර්ධනය කළෝය. වසර තිහකට ආසන්න කාලයක් දහස් සංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයන් ඝාතනය කරමින් ජාතික සමගිය දවා හළු කළ සාපලත් පපකාරී යුද්ධයකට රට ඇද දැමුවේ එදා ජාතිවාදයෙන් මුසාවන්ට දෙනෙත් අන්ධව සිටි අධමයන්ය.
යුද්ධය නම් යුද්ධය
මේ කාලයේ බලයේ සිටියේ ජේ.ආර්. ජයවර්ධනයි. ඔහු ඇතිකළ ‘යුද්ධය නම් යුද්ධය, සාමය නම් සාමය’ යන සටන් පාඨය 1983 ජනවාර්ගික ගැටලූවට දැමූ පොහොර විය. 1956 දී වර්ධනය වීම ඇරඹූ සිංහල බෞද්ධ වර්ගවාදයේ දෙමළ විරෝධී ගමන් මග ජේ.ආර්. ගේ පාඨයත් සමග 1983 පැහැදිලිවම දෘශ්‍යමාන වීම ඇරඹීමය. සන්නද්ධ හමුදාවේ සහයෝගයෙන් දෙමළ ජනතාව වෙත ප‍්‍රහාර එල්ල කිරීම ස`දහා විවිධ රස්තියාදු කණ්ඩායම් රට පුරා සූදානම් කෙරිණි. ඔවුන් ස`දහා ප‍්‍රවාහන පහසුකම් ද සපයා තිබුණි. දෙමළ ජාතිකයින් නිවාස ව්‍යාපාරික ස්ථාන කෝවිල් පිළිබ`ද තොරතුරු රාජ්‍යය නිල ලේඛන වලින් ගෙන දී තිබුණි. මේ පදනමින් සිංහල ප‍්‍රදේශවල ජීවත් වූ දෙමළ ජනතාව දොර දොර සොයමින් ප‍්‍රහාරයට ලක් කරුණු ලැබීය. මෙයට අමතරව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ඉල්ලා සටන් කළ සටන් සංවිධාන වල විවිධ කොටස් අත් අඩංගුවට ගෙන පනාගොඩ ර`දවා සිටි ආරක්ෂක හමුදාව රජයේ සැලසුමට සරිලන ලෙස අදාල සිද්ධියට මසකට පෙර, වැලිකඩ සිර ක`දවුරට මාරු කරන ලදී. පසුව මොවුන්ගෙන් 53 දෙනෙකු සිංහල මැරවරයින් විසින් සිර මැදිරි තුළම තබා දැඩි ප‍්‍රහාරයකට ලක් කොට ඝාතනය කෙරිණි. ඔවුන් ඝාතනය කිරීම ස`දහා සිරකරුවන් වූ සිංහලයින්ම ආණ්ඩුව යොදා ගත්තෝය.
මුළු රටම කැළඹේ
නිරුනෙල්වෙල් හිදි බිම් බෝබයට බිලි වූ හමුදා සෙමළුන් 13 දෙනාගේ සිරුරු ජුලි 24 වෙනි දින හවස බොරැුල්ල කනත්තේදී භූමදානය කළ ජාතිවාදී උන්මත්තකයන් හවස 4.30ට බොරැුල්ල ප‍්‍රදේශයේ දෙමළ ජාතිකයන්ගේ ව්‍යාපාරික ස්ථාන කොල්ලකා විරෝධය පළකොට ප‍්‍රචණ්ඩත්වය මුදා හැරියෝය. දෙමළ ජනතාව දුටුතැන කපා කොටා පුළුස්සා දමා ඝාතනය කරන ලදී. ගැහැණුන් ¥ෂණය කොට පසුව ඝාතනය කළ බව ස`දහන් වේ. 25 සහ 27 වෙනි දිනවල දෙමළ සිරකරුවන් ඝාතනය කළ බවට වාර්තා වේ. මියගිය හමුදා සෙබළුන්ගේ රස්නය ශරීරයෙන් පිටව යාමට මත්තෙන් බුරුතු පිටින් වූ ද්‍රවිඩ ජනතාව කපා කොටා පුලූස්සා මරා දැමීමට රටපුරා සිංහල ජනතාව පෙළඹුනහ. මවගේ තුරුලේ කිරි බොමින් සිටි සි`ගිත්තාගේ පටන් වියපත් මහල්ලන් දක්වා අහිංසක මිනිසුන් දහස් ගණනක් මහමග තිරිසන් ලෙස මරා පුලූස්සා දැමීමට තරම් සිංහල සමාජයේ ජාතික හැ`ගීම් උත්සන්න වූහ. අපේ රටේ දායාදයන් වූ විද්වතුන්, කලාකරුවන් වූ ද්‍රවිඩ ජාතිකයන් එතෙක් එක පත්පත කමින් උන් සිංහල සගයන් විසින් මරා දමනු ලැබීය. දේපල කොල්ලකමින් ස්ත‍්‍රී ¥ෂණය කරමින් රටපුරා ක‍්‍රියාත්මක වූ මේ මහා ජන සංහාරය මර්දනය කරන්නට දින ගණනක් ගතවනතුරුම රජය කටයුතු නොකළෝය. රජයේ මේ උදාසීන පිළිවෙත හමුවේ අහිංසක මිනිසුන් නිකරුනේ මිය ගියහ. සමහර මියගිය මිනිසුන් දෙමළ, මුස්ලිම් පාදඩයන් ඇති පදම් මංකොල්ල කෑහ. අහිංසක පාසල් දැරියන් ¥ෂණය කළෝය. දේපල කොල්ල කෑහ. මිනිසුන් අමු අමුවේ මරා දමමින් හා පණ පිටින් පුළුස්සමින් තම පහත් තුච්ඡු ආශාවන් ඉටුකර ගන්නට සමහරු උත්සාහ කළෝය.
ජාතිවාදයේ වන්දිය
තැන තැන බුරා බුරා නගින ගිනි ජාලාවන්ද, කවන්ද සිරුරුද ගිණිබත්වී ගිය නිවාස හා ගොඩනැගිලිද අපට ජාතිවාදයේ අ`දුරු පැතිකඩ මනා ලෙස සකස් කර දුන්නේය. තමන්ගේ දිවි බේරා දුන් ද්‍රවිඩ වෛiවරයා පණපිටින් පුළුස්සා දමා ඔහුගේ බිරි`ද ¥ෂණය කර ඔහුගේ නිවෙස කොල්ල කන්නට තරම් හැකියාවක් තිබූ තිරිසනුන් විසූ මේ රටේ ජූලි කලබල කලූ ජූලියක් නැතහොත් මල ජූලියක් වශයෙන් නම් කර අපට එය අතීතයේ තවත් එක් සිදුවීමක් බවට ලඝු කරමින් නිහ`ඩව බලා සිටිය හැකිද? ජූලි කලබල සිදු වූ මෙම දිනයේ හමුදා සෙබළුන් මිය ගියේ යාපන ප‍්‍රදේශයේදීය. නමුත් ඒ වෙනුවෙන් වූ වන්දිය එදා මුළු ශ‍්‍රී ලංකාවේම විසූ දෙමළ මිනිසුන්ට ගෙවන්නට සිදුවිය. ද්‍රවිඩ සන්නද්ධ අරගලයට ඒ කාලයේ කිසිදු සම්බන්ධයක් නොතිබූ අහිංසක වතුකරයේ කම්කරු ජනතාව සාහසික අන්දමින් මරා දැමූ සිංහල ජාතිවාදීන් හට පංති විඥාණයක් නොතිබීම කරුමයක් විය. ද්‍රවිඩ හෝ වේවා සිංහල හෝ වේවා මේ මිය යන්නේ තමන්ගේම පන්තයේ මිනිසකු බව සිතන්නට තරමේ හැකියාවක් නොවූ මේ ජාතිවාදයෙන් හිස පිරුණ මිනිසුන් අවසානයේ මේ රටට ඉතිරි කළේ පාපකර්මයක් පමණි.
පශ්චාත් යුධ සමය
83 සිට මේ දක්වා ගෙවුණු වසර 25ක කාලය තුළ අපි වගකිවයුත්තන් ලෙස දෙමළ සමාජයට වන්දි ගෙවන්නට වගකිවයුතු සාකච්ඡුාවක් හෝ කර තිබේද? අපි ඔවුන්ගේ ජීවත්වීම සාධාරණ දුක්ගැනවිල්ලට ඇහුම්කන් දෙන්නට හෝ සූදානමක් තිබේද? අපි ඒ ස`දහා කර ඇති කැප කිරීම කුමක්ද? ඒ ස`දහා ඉටුකර ඇති යුක්තිය කුමක්ද? තවමත් අප කරමින් ඉන්නේ ජාතීන් අතර සමගිය වර්ධනය කරන දෑ නොව සමගිය කඩාකප්පල් කරන දෑමය. පසුගිය දිනවල ලංකාවේ සිදු වූ ඇතැම් සිදුවීම් ඒ බව මනා ලෙස පසක් කොට දෙනු ලබයි. 2010 ජුනි 18 රජය විසින් ප‍්‍රසිද්ධ නිවාඩු දිනයක් ප‍්‍රකාශ කර තිබුණි. රජයේ මෙම තීරණය දකුණේ සිංහල අය එල්.ටී.ටී.ඊ. යට එරෙහිව යුද ජයග‍්‍රහණ උද්දාමයෙන් සැමරීමට යොදා ගත්තෝය. දින කිහිපයක සිටම කොළඹ ජනයා පුහුණු සූදානම් ස`දහා කළ පාරවල් වැසීමෙන් පීඩා වින්දහ. එහෙත් අමතක නොකළ යුතු කරුණ උතුරේ දහස් ගණන් දෙමළ ජනතාව මේ ජයග‍්‍රහණය සැමරීමට සහභාගී නොවූහ. ඉන් හු`ග දෙනෙක් යුද්ධයේදී වියෝ වූ තම ඥාතීන් මිතුරන් වෙනුවෙන් තවමත් ශෝකවන බව දක්නට ලැබුණි. එහෙත් දැන් අලූතින් නිදහස් කරගන්නා ලද උතුරේ දුක්වීම හෝ වැලපීම අපරාධයකි. මැයි 17 දින යාපනයේ නල්ලූර් කෝවිල් භූමියේ පැවැත්වූ යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන් සිහිකරන අන්තර් ආගමික මෙහෙයක්ම සහභාගිවූවන් පොලිසිය හා හමුදාව විසින් වටකර තිබේ. සහභාගීවීමට පැමිණි ජනයාට විසිර යන ලෙස තර්ජනය කර තිබේ. පැමිණි අයගේ විස්තර පොලිසිය විසින් ලියාගෙන ඇත. පසුව මෙය සංවිධානය කළ පූජකතුමා හමුදාව විසින් ප‍්‍රශ්න කරනු ලැබ තර්ජනයට ලක්කළ බව වාර්තා විය. යුද්ධයේදී මිය ගිය තම හිතවතුන් වෙනුවටත් දුක්වීම හමුදාව නොඉවසන බව මින් පෙනේ. මේ සියළු සැමරුම් කරන්නේ ප‍්‍රභාකරන් වෙනුවෙන්යැයි හැ`ගීමක් තිබේ. මැයි 17-19 ඔබේ මව මියගොස් තිබුණත් ඔබ ශෝක නොකර උත්සව කළ යුතුය. මාධ්‍ය හා ප‍්‍රධාන ඇමති දෙමළ ජනයා තම හිතවතුන් වෙනුවෙන් ශෝක විය යුත්තේ පුද්ගලිකව බවත් ප‍්‍රසිද්ධියේ නොවන බවත් පවසා ඇත. පවුලේ කෙනෙකුටවත් පවනක් දැල්වීමට ඉඩ නැත. ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් කොටසකට මියගිය තම හිතවතුන් වෙනුවෙන්වත් ශෝකවිය යුත්තේ පුද්ගලිකව බවත් ප‍්‍රසිද්ධියේ නොවන බවත් පවසා ඇත. පවුලේ කෙනෙකුටවත් පහනක් දැල්වීමට ඉඩ නැත. ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් කොටසකට මියගිය තම හිතවතුන් වෙනුවෙන් ක`දුළු සැලීමට ඉටිපහනක් දැල්වීමට මලක් පූජා කිරීමට යාඥා කිරීමට වැලපීමට ඇති අයිතියද අහිමිව ඇත. අපට අපටම උරුම වූ විශේෂ නිදහස්වීමක් ජාතික නිදහසක් ලබා ගත්තෙමු. එහෙත් එහිදී මියගිය හිතවතුන් සැමරීමට සාමූහිකව එකමුතු වීමට අපට අයිතියක් නැත.
සමගිය ගොඩනැගීම
දැන් යුද්ධය නිමා වී වසරක් ගතවී අවසන්ය. තවදුරටත් ද්‍රවිඩ සමාජය මත පීඩනය මුදාහරින්නට අපට නොහැකිය. කොටි ලේබලය ද්‍රවිඩ සමාජයට අලවන්නට යාම තුළ සිදු වන්නේ මිය ගිය ප‍්‍රභාකරන්ලා යලි ඉපදීම මිස ජනවාර්ගික සාමය ගොඩනැගීම නොවේ. දැන්වත් සිංහල හා ද්‍රවිඩ සමාජය අතර පවතින සැකය සහමුලින්ම දුරුකර දැමිය යුතුය. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජීවත්වන ද්‍රවිඩ වැසියන් මත බලහත්කාරයෙන් වෙසක් උත්සවය සමරන්නට ආරාධනා කිරීමත් මියගිය සිය ඥාතීන් සැමරීමට තහංචි දැමීමත් නිසා සිදු වන්නේ ද්‍රවිඩ සමාජය මත තව තවත් පීඩනය මුදා හැරීම පමණි. අප දැන්වත් සත්‍ය අවබෝධ කර ගත යුතුය. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජීවත් වන ජනතාවට අවශ්‍ය කරන පරිපාලන බලතල ලබා දිය යුතුය. ඔවුන්ට ආගමම අදහන්නට සිය සංස්කෘතික හා භාෂාමය අයිතිවාසිකම් නිදහසේ භුක්ති වි`දින්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම රජයේ වගකීමයි. තව දුරටත් රාජ්‍ය හමුදා පාලනය තුළින් ඒ ප‍්‍රදේශවල වැසියන්ගේ සිවිල් ජන ජීවිතය හමුදාකරණයට ලක් කරනු ලැබුව හොත් යලිත් ත‍්‍රස්තවාදය වෙත ද්‍රවිඩ සමාජය තල්ලූ වීම නොවැලැක්විය හැකි වනු ඇත. 1956දී අපට වැරදුන බව දැන්වත් අප පිළිගත යුතුය. 1983 කළු ජූලිය නිසා අප රටේ ජනවාර්ගික සුහදතාවය සහමුළින්ම තුරන් වූ බවද අප පිළිගත යුතුය. එසේනම් දැන් යුද්ධ ජයග‍්‍රහණය කර ඇත්තේ සිංහල සමාජය පමණි. යුධ ජයග‍්‍රහණයේ වාසි ද්‍රවිඩ සමාජය වෙතද ලබාදිය යුතුය. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් වලට ගරු කරමින් ඔවුනට මානව අභිමානයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍ය කරන අවකාශය නිර්මාණය කරදීම අපගේ වගකීමයි. ලංකාවේ ජනවාර්ගික සුහදතාවය නිර්මාණය කිරීමට නම් අප යළිත් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වෙත යා යුතුය. ඔහු එදා කියූ කථාව එනම් ‘එක් රටක් නම් භාෂා දෙකයි. එක් භාෂාවක් නම් රටවල් දෙකයි’ ඉදින් අප දැන් ගමන් කළ යුත්තේ විවිධ භාෂාවන්ට සම අවස්ථාව ලබා දෙන විවිධ ජාතීන්ට නිසි තැන ලබා දෙන ශ‍්‍රී ලාංකීය අනන්‍යතාව සහිත ජනවාර්ගික හා බහුවාර්ගික සුහදතාවයකින් යුතු එක්සත්  රටක් වෙතටයි.
තවදුරටත් ජාතිකගීය සිංහලෙන් පමණක් යැයි හඬ නැගීමද යාපනය ඇතුළු උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන් හී හමුදාවේ දහස් ගණනක් රඳවා තැබීමද නැවත පදිංචි කල පුරවැසියන්ගේ මූලික අවශ්‍යතා පවා ඉටු කොට ගත නොහැකි තත්වයකට පත් කිරීම මෙන්ම ජාතික ගැටළුව ගැන සියළු දෙනා සවිඥානික නොවීම සෝචනීය තත්වයකි. පාරවල් වරායවල් ගුවන්තොටුපොලවල් ඉදිකිරීම සේම ත‍්‍රස්තවාදය අවිබලයෙන් සමූල ඝාතනය කිරීම තරම් ලෙහෙසියෙන් සැබෑ ජනවාර්ගික ගැටළුව මුලින් උපුටා දැමිය නොහැකි බව සහතිකය.
තුෂාර එන්.දස්කොන්.

2 Comments

  1. Another NGO Kakka!

    Only Tamils are having problems in this country! So they should be given extra privileges purely because their elite class who enjoyed superficial privileges under the colonists wanted them to be continued denying even a fraction to the Sinhalese.

  2. me hamadema sinhala minisata wunada? thamanga as idirimata thamange mawawa dusanaya karanawa daka thibanawada? sohoyuriya dusanaya karanawa daka thibanawada? api e siyallama windemu thawa duratath demala , thambiya yana amathuma labannemu,,, obalata bohoma stuthi,,,,,,


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s