හැරීට බදු ගෙවීම සහ ආණ්ඩුවට දඩගෙවීම

බීමත්කම නිසා රජයේ රෝහල්වලට ප‍්‍රතිකාර ගැනීමට එන රෝගීන්ගෙන් රුපියල් 2000 ක මුදලක් අයකර ගන්නට නියම කෙරෙන චක‍්‍රලේඛනයක් නිකුත් කරන්නට සෞඛ්‍ය ඇමැතිවරයා සූදානම් විය.  ඔහු තනිකරම මේ චක‍්‍ර ලේඛනය ගෙන එන්නේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය පිණිස වන බවත් ජනතාව මත් පැන් පානයෙන් වළක්වා ගනිමින් නිරෝගිමත් පරපුරක් රටට දායාද කිරීමත්් ඔහුගේ අරමුණ විය. එක්තරා අතකින් ජනතාව මත්පැන් පානය කිරීමෙන් වළක්වා ගැනීමෙන් රජයේ දැවැන්ත වැඩ සටහනේ තවත් දිගුවක් ලෙස ඇතැමුන් මෙය මහත් සේ පැසසුමට ලක් කළේය. රජය ජනතාව මත්පැන් පානයෙන් වළක්වා ගන්නට මුලින්ම කළේ රූපවාහිනියේ තිරමත මත්පැන් පානය කරන දර්ශන පෙන්වන විට ඒ මත කොටු දැමීමයි එවැනි ප‍්‍රශස්තවුත්් ජනතාවාදී වූත්් ප‍්‍රතිපත්තිමය තීරණයක් රජය විසින් ගැනීම පිළිබඳව හෙළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මෙරට ඊනියා ජාතිකවාදීන් විසින් මහත් සේ පැසසුමට ලක් කළෝ්ය. දැන් අපට රූපවාහිනියේ නිදහසේ චිත‍්‍රපටයක් නැරඹීමේ අවකාශය අසුරා තිබුනත් මත්පැන් පානය කරන දර්ශනයක් මත කොටු වැටෙන නිසා ජනාතාව මත්පැන් පානය කිරීමෙන් වළක්වා ගන්නට රජයට හැකිව තිබේ. මේ සියලූ අපහසුතාවයන් විඳදරා ගනිමින් චිත‍්‍රපටයක් නරඹා අවසානයේ සිදු වූයේ කුමක්ද යන්න වටහා ගන්නට නොහැකිව පේ‍්‍රක්ෂකයා අන්ද මන්ද වෙද්දී මත්පැන් පානය කරන දර්ශනය මත කොටු වැටෙන විටම මත්පැන් පානයට පදමට ගැළපෙන ලෙස යොදා ගන්නා සෝඩා බෝතලයක් පසෙකින් දර්ශනය වීම කදිමය. සෝඩා බඬේ අමාරුවටත් පානය කරන නිසා ඇතමෙකු කියන්නේ මේ සෝඩා බෝතලය පෙන්වන්නේ බඬේ අමාරුවට බොන දෙයක් ලෙස විණා අරක්කු බොන විට පදමට ගන්නා දෙයක් ලෙස නොවන බවයි. යම් හෙයකින් ඇතමෙකු මෙයට විරෝධතාවය දැක්වුවහොත් ඔහු ජාති ද්‍රෝහියකු ලෙස හංවඩු ගසයි. ආණ්ඩුවේ මේ කබරගොයා තලගොයා  කර ගැනීමේ දෙබිඩි ප‍්‍රතිපත්තියට කිසිවකුත් විරුද්ධ නොවන්නේ් මත්පැන් පානය කිරීම යනු මේ රටේ තිබෙන නොහොබිනාම කි‍්‍රයාව වන බැවිනි. රජයේ ඇමැතිවරු එක හඬින් හඬ නගා දෙඅතම උස්සා කැසිනෝ පනත සම්මත කරගන්නා විට නිහඬව සිටි හෙල උරුමය මත්පැන් පානයට එරෙහිව සිංහල බෞද්ධ අවිය යළි අතදරා පෙනී සිටීමද අන්දරේ වර්ගයේ විහිලූවක් යයි සැවොම දන්නා නමුත් නොදන්නවා සේ හිදීම ද කදිමය.
සිංහල බෞද්ධ ධර්ම රාජ්‍ය ගොඩ නගන්නට නම් වැඩි වැඩියෙන් පන්සිල් සුරකින සමාජයක් ගොඩ නැංවීම කළ යුතුය. ඒ උදෙසා කුකුල් මස්, සොසේජස් ඇතුළු සියලූම සත්ව ආහාර නිෂ්පාදන පෙන්වන විට රූපවාහිනී තිරමත කොටු දැමීම මුලින්ම කළ යුතුය. ඒ අනුව පළමු සිල් පදය මේ ධර්මදීපය තුළ රැුක ගන්නට හැකිය. රූපවාහිනී නාලිකාවන්ට වැඩිම ලාභ තිබෙන මෙවන් දැන්වීම් ජාතියේ හිතසුව පිණිස වහාම නතර කළ යුතුය. දෙවෙනි සිල්පදය රකින්ට නම් රත්තරං බඩු උගස් ගන්නා දැන්වීම්, වාහන ලිසිං කල පසු චණ්ඩින් යොදා අනුන්ගේ වාහන සොරකම් කරගන්නා දැන්වීම් සේම අධික පොලී අයකරගන්නා බැංකු වැනි ආයතන වල දැන්වීම් ආදී සියල්ල පෙන්වන විට ඒ මත කොටු දැමීම කළ යුතුය. තෙවෙනි සිල් පදය රකින්නට නම් දැනටමත් කටයුතු කර අවසන්ය. ගැහැනිියකගේ කකුල් පෙන්වන විට, සිප ගන්නා දර්ශන පෙන්වන විට, රූපවාහිණී තිරය මත කොටු වැටීම තව තවත් වර්ධනය කළ යුතුය. රාගය සහ කාමය ඇවිස්සෙන ලෙස තොල් පෙන්වීම, බඩ පෙන්වීම, හිංදි නිළියන් පෙන්වීම ආදී සියලූ අවස්ථාවන්ට අදාළව මේ කොටු දැමීම ව්‍යාප්ත කළ යුතුය. හතරවන සිල් පදය රකින්ට ආණ්ඩුව මුලින්ම කළ යුත්තේ රූපවාහිනියේ පෙන්වන දේශපාලන සාකච්ඡුා තහනම් කිරීමයි. මක්නිසාද සියලූම දේශපාලකයින් බොරු පමණක් කියන නිසා ඔවුන්ගේ කතා පෙන්වීම සපුරා තහනම් කළ යුතුය. අනතුරුව නතර කළ යුත්තේ රූපවාහිනී ප‍්‍රවෘත්ති විකාශයන්ය. ඇත්ත දැන ගන්න යයි කියමින් බොරු පෙන්වන සියලූම පුවත් විකාශනයන්ද කොටු දමා වාරණය කළ යුතුය. එවිට හතරවන සිල්පදය කඩවීම වළක්වා ගත හැකිය. අප මුලින්ම කතා කළ අවසන් සිල් පදය රකින්නට රූපවාහිනී තිරමත කොටු දැමීම දැන් නීතිගත කර තිබෙන නිසා ගැටළුවක් නැත. දැන් මේ සමාජයේ පන්සිල් සුරකින සමාජයයි. සියලූ පස් පව්වලින්   වැළකුන ධර්ම රාජයකි. මේ නිසාම සෞඛ්‍ය ඇමැතිවරයාගේ මත්පැන් පානය කර රෝගී වන පුද්ගලයෙකුගේ දඩ අයකිරීම හා සියදිවි  හානිකර ගැනීමට තැත්කර රෝහල් ගත කරන පුද්ගලයෙකුගෙන් දඩ අයකිරීමට ගෙන තිබෙන යෝජනාවක් පිළිබඳව අප බැලිය යුත්තේ කෙලෙසද?
සුබසාධනවාදී රාජ්‍ය සංකල්පය තුළ රටක සෞඛ්‍ය අංශය යනු ජනතාවගේ පරම අයිතියකි. මෙරට බදු ගෙවන ජනතාව වශයෙන් නොමිලේ සෞඛ්‍ය පහසුකම් භුක්ති විඳීම යනු ජනතාවගේ අයිතිවාසිකමකි වරප‍්‍රසාදයකි. පුරවැසියා රැුකබලා ගැනීම යනු රජය සතු වගකීමයි. ආණ්ඩුව කරවන මැති ඇමැතිවරුන් යනු ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමන් වෙනුවෙන් ක‍්‍රියාත්මක කරන ජනතා නියෝජිතයන් විනා ඒකාධිපති රජවරුන් නොවේ. සෞඛ්‍ය පිළිබඳව ජාතික වැඩ සැලැස්මක් ප‍්‍රතිපත්තියක් නොමැති අප වැනි රටක මහදවාලේ යකුන් එලවීමේ විකට නාටකයක නිරතවන්නට සෞඛ්‍ය ඇමැතිතුමාට සිදු වන්නේ මන්ද. පසුගිය දිනක සෞඛ්‍ය ඇමැතිතුමා නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී ළමුන් ලෙඩ කරවන යකුන් පස් දෙනෙකු එලවීමේ බලි තොවිලයකට සහභාගී විය. මෙයට හේතුව වී ඇත්තේ පරණ සිලින්ජර භාවිතා කිරීම, බෙහෙත් කුප්පි වල වීදුරු කටු තිබීම වැනි ක‍්‍රියාවන් අත්විඳි ජනතාවට ලංකාවේ ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය පිළිබඳව කිසිඳු විශ්වාසයක් නොමැති නිසා ජනතාව නැවතත් ප‍්‍රතිශක්තිකරණයට  පොළඹවා ලීමයි. මේ වන විටත් විශාල පිරිසක් ප‍්‍රතිශක්තිකරණයෙන් වැළකී සිටින්නේ සෞඛ්‍ය පිළිබඳ අබමල් රේණුවක තරම්වත් විශ්වාසයක් ඔවුන් සතු නොවන බැවිනි. විධිමත් සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් ස්ථාපිත නොකර මහදවාලේ යකුන් පැන්වීමේ නාඩගම් නටන සෞඛ්‍ය සේවාවන් හිමි අපගේ සෞඛ්‍ය සේවයට ප‍්‍රතිශක්තිකරණ දෙවියන් කෙසේ වෙතත් මාරයාගේ පිහිට නම් සහතිකය.
කිසියම් විධිමත් සෞඛ්‍ය සේවයක් නගා සිටුවීමේ වැඩ පිළිවෙලක් නොමැති රජයක් ලෙස මත්පැන් භාවිත කර රෝහල් ගත වන්නන්ගෙන් දඩ අය කිරීමට පිඹුරු පත් සකස් කිරීම යනු හිඟන්නාගේ පාත‍්‍රයට හෙනහුරා පහත් වීම විනා අන් යමක් නොවේ. ලංකාවේ බහුතරයක් මත්පැන් පානය කරන්නන් වැඩි පුරම භාවිත කරන්නේ ෘක්‍ීඛ සමාගම ( මෙහි සියයට සියයක්ම අයිතිය හිමිව තිබෙන්නේ හැරී ජයවර්ධන නමැති ව්‍යාපාරිකයා වත්මන් ඛනිිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති තුමන්ටය* නිෂ්පාදනය කරනු ලබන අන් අතිවිශේෂ (ගල් අරක්කු* අරක්කුය.
මෙය වාර්ෂිකව පානය කරන ප‍්‍රමාණයට සමසතයක් ලෙස  ගත් කල මෙරට තහනම් මත්පැන් (කසිප්පු* පානය කරන්නන්ගේ සංඛ්‍යාව ඉතා අඩුය. හැරී ජයවර්ධනගේ මේ අරක්කු බොන බොහෝ දෙනා මෙරට සංවර්ධනයට උරදෙන මහා ජාතික වීරයන් බව නොබියව කිව යුතුය. තමන්ගේ ශරීරය රෝගී විය හැකි වූවත් ආණ්ඩුව ලයිසන් අරක්කු පානය කර රජයට හා හැරී ජයවර්ධනට අධික බදු මුදලක් (බෝතලයකින් රුපියල් 440ක්* ගෙවන මේ උදවිය යනු මෙරට බදු ආදායමේ ප‍්‍රබල පංගුකරුවන්ය. ඉදින් මෙවන් ලෙස අධික බදු මුදලක් රජයට ගෙවන පුද්ගලයන් රෝගී වූ පසු ප‍්‍රතිකාර කිරීම රජයේ පරම වගකීමකි. රජයට බදු ගෙවා ලෙඩ වන පුද්ගලයන්ට දඩ ගැසීම යනු හතර බීරි කතාවකි. දුම්පානය නිසා සිය ස්වාමියා මිය ගිය පසු ඇමරිකාවේ එක්තරා කාන්තාවක් දුම්වැටි නිෂ්පාදන සමාගමට එරෙහි නඩු පවරනු ලැබුවේ එම සමාගමේ දුම්වැටි පානය කිරීමෙන් මියගිය සිය ස්වාමියා වෙනුවෙන් තමන්ට සමාගම වන්දි ගෙවිය යුතු බවයි. එම කාන්තාවට විශාල වන්දි මුදලක් ගෙවන්නට අධිකරණය සමාගමට නියෝග කළේය. මින් පසු සියලූම දුම්වැටි නිෂ්පාදන  සමාගම් සිය සෑම දුම්වැටි පැකැට්ටුවකටම දුම් බීම පිළිකා ඇතිකරයි, දුම්බීම හෘදයාබාධ ඇති කරයි යනුවෙන් වූ පූර්ව දැන්වීමක් පළ කළ පසු දුම්පානය කර යමෙකු මියගිය හොත් යළිි නඩු පවරා වන්දි ලබා ගන්නට තිබූ අවස්ථාව ඇහිරී ගියේය.
නමුදු ලෝකයේ කිසිම මත්පැන් බෝතලයක එවැනි වූ දැන්වීමක් දක්නට නොලැබෙන අතර මත්පැන් පානය නිසා නිශ්චිත ලෙසට හැදිය හැකි රෝග මොනවාද යන්න පිළිබඳව නිගමනය කිරීමද දුෂ්කර වී තිබේ. සිරෝසිස්  රෝගය, හෙපටයිටිස් ඊ වී වැනි රෝග මත්පැන් පානය කිරීම නිසා මෙන්ම ජීවිත කාලය පුරා මත්පැන් පානය නොකළ අයෙකුට වුවද වැළඳිය හැකිය. දැන් එක්තරා අතකින් මත්පැන් පානය කර රෝගී වන්නන් හට අලූත් අවස්ථාවක් උදාවී තිබේ. එනම් යම් රෝහලකින් තමන් රෝගී වූයේ මත්පැන් පානය කිරීම නිසා බව නිගමනය කර දඩ මුදලක් අය කළ පසු ඔහුට මත්පැන් නිෂ්පාදන සමාගමට එරෙහිව නඩු පැවරිය හැකිය. මන්ද ් නීත්‍යානුකූල බලපත‍්‍ර සහිත වූ මත්පැන් පානය කර එමගින් රෝගී වූයේ නම් පාරිභෝගිකයෙකු ලෙස රෝගී වීම මත තමන්ට රජය මගින් වන්දි ගෙවන්න යැයි ඉල්ලා සිටිය හැකිය. කිසිදු මත්පැන් බෝතලයක පූර්ව දැනුම් දීමක්ද නොමැති නිසා අනිවාර්යෙන්ම මෙවැනි අයෙකුට අධිකරණය ඉදිරියට ගොස් වන්දි ලබා ගැනීමට ඇති අවකාශය කිසිවකුටත් ඇහිිරිය නොහැක. නමුත් ගැටළුව වන්නේ ඇමරිකාවේ මෙන් නොව මෙරට අධිකරණය විසින් එවැනි තීන්දුවක් ලබාගත හැකිද යන්නයි. නීති ශිෂ්‍යයකූ ලෙස
මා මුලින් උගත්තේ මෙරට මරණීය දණ්ඩනය ලබාදිය හැකි එකම අධිකරණය වන්නේ මහාධිකරණය පමණක් බවයි. ලංකාවේ අධිකරණ ථෙරාවලිය පිළිබඳව ඉගෙනීමේදී මා කිසි දිනෙක යුද අධිකරණය පිළිබඳව උගෙන නැත. කාර්මික අධිකරණය පවා අධිකරණයන් නොවන බව උගත් අතර මෙරට අධිකරණ ථෙරාවලිය අනුව ප‍්‍රාථමික අධිකරණය, මහේස්ත‍්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහාධිකරණය, පළාත්බද මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය යන අධිකරණ පමණක් නොව යුද අධිකරණය  ලංකාවේ අධිකරණ වන බව ද උගත්තෙතමි. හදිසියේම දැන් යුද අධිකරණ අධිකරණයක් පමණක් නොව ඊට මරණීය දණ්ඩනය පවා ලබාදිය හැකි බව ඇසූ මම අන්දුන්  කුන්දුන් වී ගියෙමි. ඒ නිසා මා දැන් කවරෙකුට හෝ ලංකාවේ අධිකරණ ථෙරාවලිය ගැන අසන විට අනිවාර්යෙන්ම යුද අධිකරණය ඊට එක් කරන්නට මතක තබා ගනිමි.

අනෙක් අතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන්  තීන්දුවක් අපට කැමති පරිදි විවේචනය කරන්නට නොහැකි සේම එම අධිකරණ තීරණ විවේචනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන නිසා කවුරු කෙසේ කීවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිගන්නට සැමට සිදුවේ.
ලංකාවේදී මත්පැන් පානය කර රෝගීවන අයෙකුට තමන් රෝගී වූයේ රජයේ නීත්‍යානුකූල මත්පැන් පානය කිරීම නිසා බවත් ඒ නිසා තමන් රජයට දඩ ගෙවීම නොව තමන්ට රජය විසින් වන්දි ලබාදිය යුතු බවටත් අධිකරණය හමුවේ තරක කළ හැකිය. සමහර දියුණු ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදයක් සහිත රටවල නම් එවැනි නඩු පවරා වන්දි ලබා ගැනීම පහසු කටයුත්තකි. නමුත් ශ‍්‍රී ලංකාවේදී තත්වය කෙසේ වේදැයි අපට නිගමනය කළ නොහැකිය. රක්ෂණ සංස්ථාව රජයෙන් මිලදී ගෙන යළිි එය රජයට පවරන විට තමන්ට සිදුවූ පාඩුවට වන්දි ලෙස හැරී ජයවර්ධනට රුපියල් කෝටි 670ක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එම නිර්දේශය වූුයේ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාට ගෙවිය යුතු වූ මුදල් වසර 05 කින් ගෙවී යන භාණ්ඩාගාර බැදුම්කර මගින් ලබාදෙන ලෙසයි. තවද අදාළ කාලය තුළ ලාභ අලාභ විගණනය කර ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්ථාවක් සපයන ලෙසද විගණකාධිපතිවරයාට නියෝග කළේය. නමුදු කෙසේ හෝ වේවා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හැරී ජයවර්ධනට රුපියල් කෝටි 670ක් වූ මුළු මුදලම එකවර ගෙවූ බව ප‍්‍රවෘත්ති වාර්ථා පළවිය. ඒ හැරී ජයවර්ධන යනු ෘක්‍ීඛ සමාගමේ සියයට සියයක්ම කොටස් අයිතිකරුය. එම සමාගමේ ගල් අරක්කු යනු මෙරට වැඩිම ජනතාවකගේ පානයයි. බෝතලයකට රුපියල් 440ක් බදු ගෙවා අරක්කු පානය කර රෝගී වන අයෙකුට ප‍්‍රතිකාර කිරීමට රුපියල් 2000ක් රජය අය කිරීමට සැරසෙයි. හැරීට බදු ගෙවා ලෙඩ වන අරක්කු පාරිභෝගිකයාට අවසානයේ ආණ්ඩුවට දඩ ගෙවන්නටත් සිදුවීම අප තේරුම් ගත යුත්තේ කෙලෙසද? මෙයට උපකල්පනයක් අපේ ජනශ‍්‍රැතියෙන්  මට සොයා ගන්නට නොහැකි විය. නමුත් අනාගතයේදී මෙවැනි විකාර තීරණ කරළිියට ආ විගස ජනතාවට භාවිතා කළ හැකි කදිම උපහරණයක් වේ. එනම් හැරීට බදු ගෙවීම සහ ආණ්ඩුවට දඩ ගෙවීම යන්නයි.

1 Comment

  1. why are you think that i should pay for some ones disease caused by a bad habit (that can avoid?)


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s