ඈත්ත දෑනගන්න බොරෑව වපුරන්න

ලංකාවේ ජනමාධ්‍ය භාවිතය තුළ වන නරුමවාදී මැදුන් පිළිවෙත පිළිබඳව හා ජනමාධ්‍යකරණය ශීීඝ‍්‍රයෙන් පරිහානියට පත්වීමේ අවදානමක් පවතින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ධනවාදී වෙළෙඳපොළක් තුළ මූලික වශයෙන් ජනමාධ්‍ය ක‍්‍රියාත්මක වන්නේ සිය වෙළෙඳ අරමුණු සාක්සාත් කර ගැනීම උදෙසාය. එසේනම් තනිකරම වෙළෙඳ අරමුණු මත පදනම් වූ ජනමාධ්‍ය කලාව පරිහානියට පත් වනවා යන්නෙහි තේරුම කුමක්ද? මූලික වශයෙන්ම වෙළෙඳ පොළ අරමුණු වෙනුවෙන් ගොඩනැගුනාවූ ජනමාධ්‍ය සාරඝර්භ සමාජ සංවර්ධන ක‍්‍රියාවලිට දායකවන දෙයක් බවට පත් කරවීමට නොහැකිද? කොතරම් වෙළෙඳ අරමුණු මත පදනම් වූවත් ජනමාධ්‍යකරණයේ නියැලීමේදී සිය සහෝදර ජනමාධ්‍ය වෙත අනෝන්‍ය බැඳීමෙන් යුතුව කටයුතු කිරීමේ වගකීමක් තිබේ. මන්ද එක් මාධ්‍ය ආයතනයක් අනෙක් මාධ්‍ය ආයතනය රැුක ගැනීමෙන් වාසි අත්වන්නේ සියලූ මාධ්‍ය වෙතය. ජනමාධ්‍ය යන්න රටෙහි බලපෑමක් කළ හැකි කණ්ඩායමක් බවට පත්වීම තුළ රටට නිවැරදිව මග කියන්නට හැකිය. නමුත් වර්තමානයේ අපේ රටේ සිදුවන්නේ එකි නෙකා පරයමින් හුදකලාව තම ලාභය වැඩිකරගන්නට කැස කවන නරුමවාදී ජනමාධ්‍ය භාවිතාවකි.
පසුගිය දිනෙක ලංකා ඊ නිවුස් වෙබ් අඩවි කාර්යාලයට ගිනිි තැබීමේ සිද්ධිය අප මඳකට සලකා බලමු. ලංකා ඊ නිවුස් වෙබ් අඩවි කාර්යාලයට ගිනිි තැබීමේ සිද්ධිය තවත් එක් හුදකලා සිද්ධියක් පමණක් බවට පත් විය. ස්වර්ණවාහිනිියෙන් මේ පිළිබඳව නිකමටවත් ප‍්‍රවෘත්තියක් පළ නොකළ අතර සිරසෙන්ද යම්තම් කෙටි ප‍්‍රවෘත්තියක් ඉදිරිපත් කරමින් එය අමතක කර දැමීය.  ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිනිි තැබීමේ සිද්ධිය පිළිබඳව ස්වර්ණවාහිණිය, සිරස, දෙරණ, ඇතුළු සියලූ නාලිකා ස්වයං ප‍්‍රචාරණ වාරණයකට යොමු වුණේ් මන්ද? ලංකා ඊ නිවුස් කාර්යාලයට ගිනිි තැබීමේ සිද්ධිය පසුපස රජයේ සම්බන්ධතාවයක් පවතින බව උපකල්පනය කළ මේ ආයතන රජය සමග ගැටුමකට යෑම මේ අවස්ථාවේ තම ව්‍යාපාරික ලාභයට බලපාන බැවින් එම ප‍්‍රවෘත්ති ඉදිරිපත් නොකර සිටීමේ ස්වයං වාරණයකට යමින් ජනතා හිතවාදී ජනමාධ්‍යකරණයක පරමාදර්ශයෙන් ඈත් විය. ඇත්ත දැන ගන්න ලයිව්ඇට් 8 බලන්න, ඔබේ ජීවිතය අපේ ප‍්‍රවෘත්ති, සත්‍යය ප‍්‍රථමයෙන් අද දෙරණ බලන්න. යන තේමාවන්් ඔස්සේ ජනතාවට වඩාත් ඉක්මනින් සත්‍ය ගෙන එන බවට පුරසාරම් දොඩන මේ මාධ්‍ය ආයතන සත්‍ය ලෙස ප‍්‍රථමයෙන් ගෙන එන්නේ මොනවාද? සිරසට ගිනිි තැබීම අනෙක් ජනමාධ්‍ය ආයතන වලට ප‍්‍රවෘත්තියක් නොවන්නා සේම ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිනි තැබීමද ප‍්‍රවෘත්තියක් නොවූයේ මන්ද? මේ සියලූ කරුණු මගින් අපට නිගමනය කළ හැක්කේ එක් සත්‍යයකි. එනම් තමන්ට කරදරයක් වූ පසු මෙන්න ජනමාධ්‍ය මර්දනය කරනවායයි විලාප දෙන උදවියම තම සහෝදර මාධ්‍ය ආයතනයකට කරදරයක් වූ විට නිහඬව සිටින්නේ ඇයිද යන්නයි. මෙය නරුමවාදී මාධ්‍ය භාවිතයක වර්තමාන ස්වරූපයයි. හුදකලා මිනිසුන් වෙසෙන රටක තම පාඩුවේ කාටත් කරදරයක් නැතිව ප‍්‍රවෘති බලා සැකසීමට ජනතාව හුරු කරවීම තුළිින් මේ රට සුඛිත මුදිත කරවිය හැකි බව මේ මාධ්‍ය මුදලාලිලාගේ විශ්වාසයයි.

දැන් අපි ලංකා ඊ නිවුස් ගිනිි තැබීමේ සිද්ධිය හා ඒ පසුපස වන සිද්ධීන් පිළිබඳව හා ලංකා ඊ නිවුස් ජනමාධ්‍ය භාවිතාව පිළිබඳව සලකා බලමු. ලංකාවේ නව ජනමාධ්‍ය භාවිතාවක් වශයෙන් අන්තර්ජාල පුවත් වෙබ් අඩවියක් ලෙස ඇරඹි ලංකා ඊ නිවුස් ආයතනය මගින් එතෙර වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ට තම මව් භාෂාවෙන් (සිංහල/දෙමළ* තොරතුරු දැනගැනීමට අවස්ථාව සලසා දුන්නේය. මෙය එතෙර වෙසෙන ලක්ෂ ගණනක් වූ බහුතර ශ‍්‍රී ලාංකිකයන්ට ඉතා හොඳ සේවාවක් විය. එමෙන්ම ලංකාවේ බොහෝ උදවියටද යමක් සිදුවී සැණින් දැන ගැනීමේ අවස්ථාව මේ හරහා උදාවිය. නමුත් තවමත් ලංකාවේ අන්තර්ජාලය ජනප‍්‍රිය වී පවතින්නේ කොළඹ, මහනුවර, කුරුණැගල, ගාල්ල වැනි නගර කිහිපයක පමණි. එමෙන්ම ලංකාවේ අන්තර්ජාලය පරිශීලනය කරන්නන්ගේ සංඛ්‍යාව ජනගහනයට සාපේක්ෂව ගත් කල දශම ගණනකි. එසේ නමුදු කිසිදු වාරණයකින් තොරව තමන්ට සිතෙන  ඕනෑම ප‍්‍රවෘත්තියක් පළ කිරීමට මෙවැනි වෙබ් අඩවි වලට අයිතියක් පවතිනවාද යන්න පිළිබඳව ගැඔුරින් සලකා බැලිය යුතුය. පූවත්පතකින් , විද්‍යුත්
මාධ්‍යයකින්, පළකරන යම් ප‍්‍රවෘත්තියක් තුළිින් තමන්ට යම් හානියක් සිදුවූයේ නම් ඊට එරෙහි නඩු පවරා වන්දි ලබාගැනීමට පීඩාවට පත්වූ පාර්ශවයට අවස්ථාව හිමිවේ. නමුත් ලංකාවේ පරිගණක නීතිය සියවස් ගණනාවක් පසු පසින්
සිටින නිසා තාමත් අන්තර්ජාල අපරාධවලට එරෙහිව ක‍්‍රියා කිරීමේදී විධිමත් වැඩපිළිවෙලක් නොමැත. මෙය අවස්ථාවක් කැ ගිනිමින් ඊ නිවුස් ඇතුළු බොහෝ අන්තර්ජාල මාධ්‍යයන් මේ වන විටත් කරමින් සිටින්නේ ජනමාධ්‍ය මූලික සාරධර්ම උල්ලංඝනය කිරීමකි. තමන්ට ලැබෙන  ඕනෑම  ඕපා¥පයක් කිසිදු සංස්කරණයකින් තොරව පළ කිරීමේ නරුමවාදී ක‍්‍රියාකලාපයක්් අනුගමනය කරන ඊ නිවුස් ජනමාධ්‍ය භාවිතා  ගැන අපට ඇත්තේ මහත් අපුලකි.

නමුත් එය ඊ නිවුස් කාර්යාලයට ගිනිි තැබීම අනුමත කරන දිනමිණ වර්ගයේ පහත් ජනමාධ්‍ය භාවිතාවක් දක්වා ගෙන නොයන්නට අපි වගබලා ගනිමු. මේ ප‍්‍රවෘත්තිය පළ කළ දිණමින පුවත්පත කියා සිටියේ ඊ නිවුස් කාර්යාලය තුළ තිබී කාන්තා යට ඇඳුම් සහ උපත් පාලන උපකරණ (මෙය කුමක්ද යන්න පැහැදිලි නැත* තොගයක් හමුවූ බවයි. එයින් ඔවුන් සරලව අර්ථ ගන්වන්නට ගණිකාමඩමක් සේ බවත් එහි සේවකයන් බඩුකාරයන් වන බවත් නොවේද? මේ නරුමවාදී ජනමාධ්‍ය භාවිතය ලංකාවේ පෞද්ගකින ජනමාදය භෘවිතය ලංකාවේ පෞද්ගලික ජනමාධ්‍ය භාවිතයට දෙවැනි නොවේ. ලංකා ඊ නිවුස් කාර්යාලය මුළුමනින්ම ගින්නෙන් විනාශ වෙද්දී කාන්තා යට ඇඳුම් සහ උපත් පාලන උපකරණ ඉතිරි වූයේ කෙසේද යන්න අපට ගැටලූවකි. සමහර විට මේවා සෙඩැ චරදදෙ උපකරණ විය හැකිය. මෙවැනි අඳබාල ප‍්‍රවෘත්ති පළ කරමින් විරුද්ධවාදීන් මර්දනය කරන දිනමිණ වයැනි ආයතන වලට අපට කියන්නට ඇත්තේ මෙය ඔවුන්ගේ බුරියෙන් පහළ ප‍්‍රශ්නයක් විනා සමස්ත ජනමාධ්‍ය භාවිතාවේ ගැටළුවක් නොවන බවයි. තම ආයතනය තුළ කාන්තා යට ඇඳුම් සහ උපත් පාලන උපකරණ තිබෙන නිසාම අනෙක් ආයතන තුළ තත්වයත්් මීට සමාන යැයි උපකල්පනය කිරීම මේ අයාතන ප‍්‍රධානීන්ගේ සිරිත වීම කණගාටුදායකය.

නමුත් අප ලංකා ඊ නිවුස් ජනමාධ්‍ය භාවිතායන්ට විරුද්ධ වන්නේ මෙවන් පටු
ආකල්ප පෙරදැරිව නොවේ. මගේ පෞද්ගලික අත්දැකීමක් අනුව වරක් දැනට අතුරුදන්ව සිටින ප‍්‍රගීත් එක්නැලිගොඩ ඊ නිවුස් කාර්යාලයට පැමිණ තමා විසින් අඳින ලද කාටුන් සී.ඞී.තැටියකට දමා තමන්ට ලබා දෙන ලෙස ඊ නිවුසු ප‍්‍රධානී සඳරුවන් සේනාධීරගෙන් ඉල්ලා සිටියේ මා ඉදිරිපිටදීය. එවිට එය කළ නොහැකි බවත් තමන්ට වැඩ තිබෙන බවත් පවසා ප‍්‍රගීත් එලවා ගන්නට තරම් මෙහි ප‍්‍රධානියා කාරුණික විය. ප‍්‍රගීත් පිටව ගිය පසු ඔහු කීවේ අපූරු කතාවෙකි. ”මූ කාටුන් ටික විකූණාගෙන රට පනින්නයි හදන්නේ” නමුත් ප‍්‍රගීත්ට ඇත්තටම රට යන්නට අවශ්‍ය වූයේ නම් ඒ වන විටත් ස්වීඩන් තානාපති කාර්යාලය හරහා ඔහුට විදේශගත වන්නට අවස්ථාව තිබුණි. නමුත් ඔහු රට හැර නොයා ඉන්නට තීරණය කළේය. ප‍්‍රගීත්ගේ අතුරුදන් වීමත් සමගම ඔහු පිළිබඳව කිඹුල් කඳුළු සැලූ ඊ නිවුස් ප‍්‍රධානියා කියා සිටියේ ඔහු සොයා ගැනීමට  ඕනෑම දෙයක් කරන බවයි. අවසානයේ සිදුවූයේ කුමක්ද? සඳරුවන් දරු පවුල පිටින්ම එංගලන්තයට පලා ගියේ රටට ආදරය කරන නිසාය. අදටත් අතුරුදන්ව සිටින ප‍්‍රගීත්ගේ බිරිඳ හා දරුවන් එදා වේල සරිකර ගන්නට නොහැකිව සිටියදී සඳරුවන් එංගලන්තයට වී දරුපවුල සමඟ සතුටින් කල් ගෙවයි. මෙවන් වූ නරුමවාදී ජනමාධ්‍ය භාවිතාවක් හිමි ලංකා ඊ නිවුස් ආයතනය ආණ්ඩුව විවේචනය කරමින් තම මඩිය තර කර ගන්නට උත්සාහ දරමින් සිටියි. ගිනිි තැබීම ආශිර්වාදයක් කොට ගත් ඔවුන් ඔවුන්ට සිදුවූ පාඩුව මිලියන ගණනක්ම බව පවසයි. නමුදු සැබැවින්ම මුළු ආයතනයේම වටිනාකම ලක්ෂ දෙක තුනකට වඩා නොවටිනා බව සහතික කර කිවහැකිය. මෙහි අදටත් අවංකවම සේවය කරන බෙනට් අයියා ශාන්ත සහ සංජය නොවන්නට ආයතනය වසා දමන්නට සඳරුවන්ට සිදු වීම අනිවාර්යවේ. රටට බණ දේශනා කරන මේ මහා ඊ නිවුස් කාර්යාලයේ ප‍්‍රධානියා කොතරම් කැතවැඩ කරන්නේද යන්න මෙවර ආසියානු ජනමාධ්‍ය සම්මාන උළෙලේදී සිය සහෝදර ජනමාධ්‍ය වේදීන් දෙදෙනාට (ශාන්ත විජේසූරියට සහ සංජය දසනායකට* සම්මාන ලැබීමේ ප‍්‍රවෘත්තිය එක් දිනකින් ඉවත් කළේය. නමුදු ගිය වසරේ ඔහුට ලැබුණු සම්මානය තවමත් වෙබ් අඩවිය තුළ ප‍්‍රදර්ශනය කරමින් තිබේ. මෙවන් වූ පෞද්ගලික අරමුණු වෙනුවෙන්
ක‍්‍රියාත්මක ව්‍යාපෘති, දේශපාලන ව්‍යාපෘති ලෙස වැරදියට තේරුම් ගන්නා ජනතාව ලංකා ඊ නිවුස් කාර්යාලයට ගිනිි තැබීම දේශපාලන කාරණාවකට ලඝු කරන්නට උත්සාහ කරයි. මේ රටේ පවතින මේ කාලකන්්නි පාදඩ ධනවාදී දේශපාලන භාවිතාව ධනවාදයට උඩගෙඩි දෙන ඊ නිවුස් වැනි ආයතන මගින් පෙරලා දැමිය හැකි නම් කොතරම් හොඳද? නමුත් සත්‍ය පවතින්නේ ඉන් ඔබ්බෙහිය.

මේ දිනවල අප‍්‍රිකාවේ හටගෙන තිබෙන දේශපාලනික ලැව් ගින්න අපට කියා දෙන පාඩම කුමක්ද? බොහෝ උදවිය මෙය අර්ථ ගන්වන්නේ අන්තර්ජාල විප්ලවයක් නැත්නම් ත්‍්ජැ ඊදදන විප්ලවයක් ලෙසයි. මෙයට පක්ෂපාතී බොහෝ උදවිය සතුටින් ප‍්‍රකාශ කරන්නේ කිසිඳු දේශපාලන සංවිධානයක මැදිහත් වීමකින් තොරව තනිකරම ජනතාවගේ නැගිටීම මත සිදුවූ මේ විප්ලවය උත්කෘෂ්ට බවයි. නමුත් මෙහිදී බොහෝ උදවිය අමතක කර දමන සත්‍ය වන්නේ මේ පිටුපස ඉස්ලාම් සහෝදර සංගමය සහ ඇමරිකාව සිටින බවයි. අනෙක් අතට ගඩාෆිට එරෙහිව ලිබියාවේ ඇතිව තිබෙන උද්ඝෝෂණ නොපෙන්වා සිටීමට රජ්‍ය මාධ්‍ය මේ වන විටත් කටයුතු කරන්නේ මන්ද? ජාතික රූපවාහිණිය ස්වාධීන රූපවාහිණිය වැනි ආයතන මේ වන විට ලිබියාවේ නම කියන්නටත් බිය වී සිටියි. ඒ මහින්ද රාජපක්ෂ ලිබියානු නායකයා සමග පවතින මිතුදම රටට හෙළිවේ යැයි බියෙනි. නමුදු ලංකාවේ සැවොම දන්නා සත්‍ය වන්නේ ලිබියානු නායක ගඩාෆි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කරට අත දමා ගෙන සිටින බවයි. රාජ්‍ය මාධ්‍ය මේ නිසා සිතන්නේ ලංකාවේත් ජනාධිපතිවරයාට එරෙහිව කැරැුල්ලක් ඇතිවිය හැකි බවයි. නමුත් අප පැහැදිලිවම ප‍්‍රකාශ කරන්නේ ලංකාවේ එවන් තත්වයක් උදගත නොවන බවයි. ලංකාව මැදපෙරදිග සහ ලිබියාවට සාපේක්ෂව තවමත් ඉතා දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ගෙන යනු ලබයි. එයට කදිම නිදර්ශනය වන්නේ ලංකාවේ ජනමාධ්‍ය භාවිතාවයි. මේ වන විටත් ආණ්ඩුව ඇතුළු ජනාධිපත් පවුලේ උදවිය පවා දැඩිව විවේචනයට ලක් කරන අන්දමේ ලිපි  ඕනෑතරම් සතිපතා පළවේ. නමුත් ඊට එරෙහිව දරුණු මර්දනයක් ක‍්‍රියාත්මක වනු දක්නට නොලැබේ. මේ නිසා ලංකාවේ පාලනය ලිබියාවට සමාන කරන්නට උත්සාහ
කරන්නේත් ප‍්‍රවෘත්ති ස්වයංවාරණයකට ලක් කරන මාධ්‍ය විනා ජනතාව නොවේ. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පළුදු වීමක් දක්නට ලැබුණද මැදපෙරදිග කලාපයේ ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය මළගම් යෑමක් මෙහි දක්නට නොවේ.

සත්‍ය වසන්කර සිටීම මගින් ආණ්ඩුව රැුක ගන්නට උත්සාහ කරනවාට වඩා සත්‍ය හෙළිිදරව් කිරීම මගින් ආණ්ඩුව රැුක ගැනීමට උත්සාහ කිරීම අතිශය වැදගත් වේ. ලංකාවේ සියලූ ජනමාධ්‍ය තේරුම්ගත යුතු එක් සත්‍යයක් වන්නේ මර්දනයට එකහෙලා සැවොම විරුද්ධ විය යුතු බව පමණි. එසේ නොවුනහොත් සිදුවන්නේ අවැඩකි. එය කදිමට විග‍්‍රහ කරන්නට මේ සටහන බර්ට්‍රෝල්් බ්‍රෙස්ට්ගේ කියමනකින් නිමා කරමි.

අවාසනාවන්ත මිනිසුනි,
නුඹලාගේ සොහොයුරාට පහර දෙන විට
නුඹලා ඇස් පියාගෙන සිටින්නාහුය
ඔහු මර හඬ තලන විට
නුඹලා කට පියාගෙන සිටින්නාහුය
හැඩි දැඩි යක්ෂයෙක්
නගරයේ සැරිසරයි
ඔහු ගොදුරක් ගිලියි
එවිට නුඹලා සතුටු වන්නාහුය.
”ඌ අපිව කෑවෙ නැහැනේ”
මොන නගරයක්ද මෙය
නුඹලා මොන මනුෂ්‍යයන්ද?
අසාධාරණයට විරුද්ධව
කැරලිි පැන නොනගින නගරයක්
වේ නම්
හෙට උදාවන්නට පෙර
එයා දවා හළු කළ යුතුය.

ඉහත සත්‍යය ලංකාවේ ජනමාධ්‍ය අවබෝධ කර ගනු ලබන්නේ නම් හෙට උදාවන ලෝකය මීට වඩා වෙනස් ලෝකයක් වන්නට බැරි නැත.

3 Comments

  1. //ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පළුදු වීමක් දක්නට ලැබුණද මැදපෙරදිග කලාපයේ ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය මළගම් යෑමක් මෙහි දක්නට නොවේ.//
    මොකද්ද යාළුව ඔයි දෙකේ වෙනස. ලංකවෙ ප්‍රජාතන්ත්‍රවාදෙ නෑ. ඒකයි ඇත්ත.

    • නෑ ඒ දෙක දෙකක්.මෙහෙ මැතිවරණ තියනවා.එහෙ නෑ !

  2. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි පවසන්නෙ ගොබ්බ ජෙප්පන් රැල පමණි. ඉතාමත් දුර්වල වුවත් යම් පමණකට හෝ ප්‍රජාතන්ත්‍රවාදය රට තුල සුරැකී පවතී. රජයේ ප්‍රති-ප්‍රජාතන්ත්‍රික ප්‍රතිපත්ති වලට විරුද්ධව සිටින්නේ මේ ගොඩේ ජෙප්පන් නොව තම වාසියට හෝ විරුද්ධ වන එජාපයයි.


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s