රාජාණ්ඩු පාලනයේ මධ්‍යගතවීම සහ ප‍්‍රදේශ පරිපාලනය රාජ් සෝමදේව

තමන් ජීවත්වන භූමිය තුළ තමන්ට අයත් වපසරිය ගැන බොහෝ සතුන්ට යම් සංවේදීතාවක් තිබේ. එය එසේ වන්නේ සිය පැවැත්මට අවශ්‍ය කරන සම්පත් උද්ධරණයට : ඔවුන්ට නිශ්චිත අවකාශයක් වුවමනා කරන නිසාය. එහෙයින් සමහර සතුන් සිය ආවේණියෙන්ම භෞමාසක්ත චර්යාව :එැරරසඑදරස්ක ඉැය්ඩසදමර* ගෙන එයි. මිනිසා අවකාශය සම්බන්ධයෙන් දක්වන ආකල්පය වෙනත් සතුන්ගේ සහජාශයෙන් වෙන් වන්නේ ඔහු අවකාශය සිය පැවැත්මේ අවශ්‍යතාවලින් පරිබාහිර තලයකට ගෙන එන නිසාය. එහිදී ඔහු අවකාශය ගැන කල්පනා කරන්නේ කාටිසියානු ආකෘතියක් අනුවය. එනම් ජ්‍යාමිතිකවය. යමෙක් අවකාශය ජ්‍යාමිතිකාකාරව සංකල්පනය කිරීම තුළ සෑම විටම දේශපාලන අර්ථයක් ගැබ්ව තිබේ. මධ්‍යය :ජැබඑරු* සහ ප‍්‍රත්‍යන්තය ද :චැරසචයැරහ* ඒ අතර පවතින අවකාශීය සීමා යන දෑ නිර්මාණය වන්නේ කී දේශපාලන බලයුක්ත අභිමතයන් පදනම් කොට ගෙනයි. දේශපාලන විද්‍යාවේදී භූමිය යන සංකල්පය සුවිශේෂී සහ ප‍්‍රධාන විශ්ලේෂණ ඒකකයක් බවට පත් වන්නේ මෙවැනි පසුබිමකදීය. සන්ධීය හෝ වේවා ෆෙඩරල් හෝ වේවා ඒ කුමන නමකින් හැ`දින් වුවද එකි ව්‍යවහාර සියල්ල භූමියේ අයිතිය පවත්වා ගෙන යාම ස`දහා අප විසින් නිර්මාණය කර නෛතීකරණය කළ සම්මතයන් ලෙස පිළිගත යුතුය. මෙම ලිපිය මගින් අවධානය යොමු කරන්නේ ප‍්‍රාග්නූතන ශ‍්‍රී ලංකාවේ පාලකයින් විසින් මෙරට භූමිය දේශපාලනීකරණයට ලක් කළ ආකාරය තේරුම් ගැනීමටය.

ආදි  යුගය

ආදි යුගය යනුවෙන් මෙහි අදහස් කරනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ කේන්ද්‍රීය රාජ්‍ය යාන්ත‍්‍රණයක් බිහිවීමට පෙර සමයයි. මෙම යුගය රාජ්‍ය බිහිවීමේ පසුබිම් යුගය වන හෙයින් ඒ කාලයේ පැවති සමාජ-ආර්ථික ගම්‍යතාවන් සුක්ෂම ලෙස අවධානයට ගැනීම ඒ සම්බන්ධයෙන් වන පසු තත්ත්ව තේරුම් ගැනීමට වැදගත් පසුබිමක් සකසයි.

ඕනෑම සමාජයක භූමිය පිළිබ`ද අදහස දේශපාලන අරමුණු කේන්ද්‍ර කොට ගත් තත්ත්වයකට පරිවර්තනය වන්නේ යැපීම්ක‍්‍රමය කෘෂිකර්මයට අවතීර්ණ වීමෙන් අනතුරුවය. දැනට සිදු කෙරෙමින් තිබෙන පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිදරව් කොට තිබෙන සාක්ෂි අනුව ශ‍්‍රී ලංකාවේ පැවති දඩයම් සමාජය කෘෂිකාර්මික සමාජයක් වෙත පරිවර්තනය වීමේ මූලික ලක්ෂණ පිළිබිඹු කරන්නේ ක‍්‍රිස්තු පූර්ව 1700 දී පමණය. ඒ මීට වසර 3700 කට පමණ පෙර වකවානුවකදීය. එපමණ පැරණි කාලයක සිට ගොවිතැන සහ පශු පාලනය පුරුදු පුහුණු කළ මෙරට සමාජය තුළ ඇති වූ ප‍්‍රධානතම සංචලතාව ලෙස පෙනෙන්නේ ජනගහන ප‍්‍රසාරණයයි. ජනගහනය ප‍්‍රසාරණය වීම වැඩියෙන් ආහාර නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාව ජනනය කිරීම අනිවාර්යය. නමුත් මෙහිදී පැන නැගෙන ප‍්‍රධානතම අභියෝගය වූයේ වියළි කලාපයේ භූමිය සමග මෙකී අවශ්‍යතාව පරිපූරණය කර ගැනීමට වඩාත් යෝග්‍ය වන අන්දමට කටයුතු කිරිමයි. ඊට හේතුව අප කවුරුත් දන්නා පරිදි වියළි කලාපය අඩු වාර්ෂික වර්ෂාපතන අගයකින් යුක්ත වීම කෘෂිකාර්මික කටයුතුවලට බාධා ඇති කිරිමයි. නිෂ්පාදනය වැඩි කිරිමට නම් ගොවිතැන් කටයුතු පු`එල් කිරීම හෝ තවදුරටත් කාර්යක්ෂම කිරීම අවශ්‍යය. බැලූ බැල්මට මෙය සරල තර්කයක් ලෙස පෙනුනද ප‍්‍රායෝගික භාවිතයේදී එය ආදේශනය කිරීම එතරම්ම පහසු වූවක් නොවේ. වගා කළ යුතු ඉඩම්වල වපසරිය පු`එල් කරන්නේ නම් එහිදී අනුගමනය කළ යුතු වුයේ මහාපරිමාණයෙන් ස්වභාවික කැලෑ හෙළි පෙහෙලි කොට වගාබිම් සකස් කිරිමයි. ඒ වන විටත් යකඩ ලෝහය තාක්ෂණික මාධ්‍යය ලෙස භාවිතයට පැමිණ තිබූ බැවින් එවැන්නක් කළ හැක්කක් වී තිබිණි. නමුත් එවැනි උත්සාහයයක් දැරීමට එවක විසු ජනතාව වෑයම් කළ බවක් පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් පිළිබිඹු නොවේ. භූමියේ වපසරිය පු`එල් කරනු වෙනුවට ඔවුන් විසින් ගෙන තිබූ වඩාත් යුක්ති සහගත හා තර්කානුකූල තීරණය වූයේ භූමියේ ධාරිතාව :ජ්රරහසබට ජ්ච්ජසඑහ* ඉහල නැංවිමයි. වගා බිම්වල වපසරිය විශාල කිරීමට යෙදිය යුතු ශ‍්‍රමය අධික වීම එවැනි ප‍්‍රවේශයකට අවතීර්ණ වීමෙන් වැලකී සිටින්නට ඔවුන් පෙළැඹවීය.

භූමියේ ධාරිතාව යනුවෙන් හැ`දින්වෙන්නේ භූමියේ නිශ්චිත ක්ෂෙත‍්‍රඵලයක නිෂ්පාදනයෙන් නඩත්තු කළ හැකි පුද්ගල සංඛ්‍යාවයි. ජනගහනය වැඞී වීමෙන් නිශ්චිත භූමි ඒකකයකින් නඩත්තු කළ යුතු සංඛ්‍යාව ඉහල යයි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ නිෂ්පාදනයත් යැපීම් අපේක්ෂාවත් අතර සමතුලිතතාව බි`දවැටීමෙන් ජනගහන පීඩන තත්ත්වයක් නිර්මාණය විමයි. මෙම තත්ත්වය පාලනය කිරීමටත් භූමියේ නිෂ්පාදන ධාරිතාව ඉහල නැංවීමටත් ඔවුන ආදේශ කළ ප‍්‍රායෝගික ක‍්‍රියාපිළිවෙත වූයේ ජලය කළමනාකරණය ස`දහා අවශ්‍ය විධිවිධාන වෙත ප‍්‍රවේශ වීමයි. ගංගා හරස් කොට අමුණු තැනීමට සැලකිය යුතු තරමේ තාක්ෂණික නිපුනතාවක් අවශ්‍ය වීමත් එවැනි කාර්යයකට අවශ්‍ය කරන පසුවිපරම් තත්ත්ව සහ අනතුරු අපේක්ෂාව වැඩිවීමත් හේතුවෙන් ඊට වඩා සරල ක‍්‍රමයක් වෙත ඔවුන්ගේ අවධානය යොමු වු බව පෙනේ ඒ පොළව මතුපිට ගලා ගෙන යන ජලය සහ භූ ගත ජලය කළමනාකරණය කිරීමයි. මෙම අභ්‍යාසය පෙන්නුම් කරන ප‍්‍රධාන සහ පැහැදිලි පුරාවිද්‍යාත්මක නිරූපනය නම් තාක්ෂණයෙන් සරල කුඩා වැව් සහ වැව් පද්ධතීන්ය.

කුඩා වැවක් පැරණී ගමක න්‍යාෂ්ටිය ලෙස ක‍්‍රියාත්මක විය. ගොවිතැන සම්බන්ධයෙන් පමණක් නොව ජලය හි`ග කාලවලදී සාමාන්‍ය ජීවිතයේ නොයෙකුත් අවශ්‍යතා පරිපූරණය කර ගැනීමටද වැව අත්‍යාවශ්‍ය භෞතික අංගයක් බවට පරිවර්තනය වීම එලෙස සම්පූර්ණත්වයට පත් විය. මේ නිසා වැව් ඉදි කිරිම පමණක් නොව වැව් නඩත්තු කිරිමද ඒ ඒ ගම් වෙත පැවරී තිබූනු පොදු සමාජ වගකීමක් බවට පත් වීම නොවැලැක්විය හැක්කකි. වැව් ඉදි කිරීමෙන් අනතුරුව එම වැව්වලින් ගොවිතැන් කරන බිම් ප‍්‍රමාණය වැවෙන් ජලය ගලා ගෙන යන ජලමාර්ගවලට අයත්වන පෝෂක ප‍්‍රදේශය ආදී භූමිය සම්බන්ධයෙන් අවධානයට ගත යුතු භෞතික සමාජ අවකාශයක් නිර්මාණය වීම අනිවාර්ය සංසිද්ධියක් වන බව පහසුවෙන් තේරුමි ගත හැකිය. භූමිය යනු අයිතිය පිළිබ`ද ප‍්‍රකාශනයක් ලෙස හැසිරෙන්නට පටන් ගන්නේ මේ ආකාරයටයි. භූමියේ අයිතිය පිළිබ`ද ප‍්‍රපංචය දේශපාලන වස්තු බීජයක් බවට සංක‍්‍රාන්තියක් ලබා ගැනීම වනාහී දීර්ඝකාලීන කෘෂිකාර්මික නිෂ්පාදනය සහ එහි විසමතා මගින් සමාජය තුළ හට ගැනෙන ස්තරීකරණය හා සම්බන්ධ වෙයි. විශේෂයෙන්ම අතිරික්ත හිමියන්ට විවිධ හේතූන් නිසා දරිද්‍රතාවට ලක්වන වැඩවසම් ක‍්‍රමයේ පරිධියේ සිටින ගොවියන්ගේ ශ‍්‍රමය කුලී කිරිමට තිබෙන හැකියාව ආදී නොයෙකුත් තත්ත්ව පදනම් කොට ගෙන බලය පිළිබිඹු කිරීම සහ බලය නඩත්තු කිරීමට අදාල ව්‍යාපෘතීන් වෙත අවධානය යොමු කිරීමට සිදු වෙයි මෙහිදී වැව් සහ ඉඩම් විශේෂ අවධානය බවට පත් වන්නේ ඒවා සමාජ ස්තරායනය නිර්මාණය කිරිමට හේතුභූත වූ මූලසාධක නිසාය. පැහැදිලි පුරාවිද්‍යාත්මක සාක්ෂි තවමත් අතරින් පතර මතුවෙමින් තිබෙන මුත් ඇත්තවශයෙන්ම ක`දුකර ප‍්‍රදේශවල තිබෙන විවිධාකාරයේ ඛණිජ වර්ග සහ සමහර විට මැණික් සහ අර්ධ මැණික් වර්ග උද්ධරණය සහ පරිහරණය යන කරුණුත් අවම වශයෙන්  මීට අවුරුදු 3000 කට පමණ ඉහත කාලයකදී මෙරට සමාජයේ වර්ධනය වෙමින් තිබූ භෞමික සංකල්පයේ ස්වරූපය සහ තීව‍්‍රතාව වෙත තීරණාත්මකව බලපවත්වන්නට ඇත. මීට අදාල කර ගත නිදසුන් කිහිපයක් මෑතකදී ඇඹිලිපිටියේ රංචාමඩම සුසානභූමියේ දෙවන වරට කරන ලද කැණීම්වලදී සොයා ගෙන තිබේ.

බලය හා භූමිය: ඓතිහාසික අත්දැකීම

භූමිය සහ දේශපාලන බලය අතර ගොඩනැගෙන සම්බන්ධතාව පිළිබ`දව ශ‍්‍රී ලංකාවට අදාල වන ඓතිහාසික අත්දැකීම පැහැදිලි ලෙස වෘත්තාන්ත ඉතිහාසය මගින් ඉදිරිපත් වන්නේ ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පමණය. එවක අනුරාධපුරයේ විසූ ක්ෂත‍්‍රියයන් පිරිසක් රුහුණට පැමිණිමත් අවසානයේ රුහුණේ විසු ක්ෂත‍්‍රියයන් සමග ඔවුන් ගැටීමක් ඇති කර ගැනීමත් යන කරුණු ඊට අදාලය. මෙය ශ‍්‍රි ලංකාවේ ඉතිහාසයේ අසන්නට ලැබෙන ප‍්‍රථම සහ පැහැදිලි සමප‍්‍රභූ අරගලයයි :චැැර-චදකසඑහ සබඑැර්ජඑසදබ* මහානාග නම් වූ අනුරාධපුරයෙන් පැමිණි ක්ෂත‍්‍රි වංශිකයාගේ පුත‍්‍රයෙකු වූ ගෝඨාභය එවක රුහුණේ විසූ කතරගම ක්ෂත‍්‍රියයන් යනුවෙන් පරණවිතාන විසින් නම් කළ කණ්ඩායම සමග සන්නද්ධ ගැටුමකට අවතීර්ණ වන ආකාරය ධාතුවංස කර්තෘවරයා විසින් විස්තර කරනු ලබයි. අනතුරුව දුටුගැමුණු කුමරුන් විසින් එවක උතුරුමැද වියළි කලාපයේ පාලනය මෙහෙය වූ එළාල නම් වූ දෙමළ නායකයෙකුට එරෙහිව ගෙන ගිය යුද ව්‍යාපාරය ‘එක්සත්භාවය’ යනුවෙන් හැ`දින්වූ භූමියේ කේවල අයිතිය පිළිබ`ද අරමුණ පසුබිම් කර ගත්තකි.

ඓතිහාසික යුගයේ අපේ රට පාලනය කළ රජවරු නිරන්තරයෙන්ම භූමියේ ස්වාධීන බව ගැන කල්පනා කළහ. නමුත් බොහෝ අවස්ථාවල අඩු අවධානයක් යොමු කර තිබෙන්නේ ස්වාධින භූමිය පාලනය කිරිමේදී අනුගමනය කළ ක‍්‍රියාවෙත් මොනවාද යන කරුණ තේරුම් ගැනීමටය.

මෙරට භූමිය පිළිබ`දව රාජ්‍ය මට්ටමින් ජ්‍යාමිතිකාකාරව කල්පනා කිරීම පිළිබ`ද ප‍්‍රථම සාක්ෂිය රුහුණු පිහිටි මායා යනුවෙන් කර තිබූ බෙදීම මගින් පැහැදිලි කරයි. ශ‍්‍රී මහා බෙෘ්ධින්වහන්සේ පිහිටා සිටි හෙයින් අනුරාධපුරය සහ ඒ අවට ප‍්‍රදේශය පිහිටිරට යනුවෙන්ද යුවරජ හෙවත් මහයා (මෙය මහා ආදිපාදඝ මහා ආර්යපාද යන පදයෙන් සකස් වුවකි* විසින් පාලනය කළ ප‍්‍රදේශය මායා රට වශයෙන්ද අනුරාධපුරයෙන් ප‍්‍රත්‍යන්තයේ වූ දිවයිනේ දකුණු සහ අග්නිදිග ප‍්‍රදේශය රුහුණ යනුවෙන්ද හැ`දින්විය. මෙය හුදෙක්ම පරිපාලනමය බෙදීමකට වඩා අනුරාධපුරයේ වූ ප‍්‍රධාන බල න්‍යාෂ්ටියට සාපේක්ෂව සෙසු ප‍්‍රදේශ හ`දුන්වා දීම ස`දහා භාවිත වූවක් ලෙස සැලකීම වඩා සුදුසුය. මීට සමකාලීනව මලයරට යනුවෙන් හ`දුන්වන ලද්දේ ක`දුකර ප‍්‍රදේශයයි. අනුරාධපුරය අවට එහි ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශ ප‍්‍රධාන දිශා පදනම් කොට ගෙන හැ`දින්විනි. උතුරු ප‍්‍රදේශය උත්තරපස්ස යනුවෙන්ද නැගෙනහිර ප‍්‍රදේශය ප‍්‍රාචීනපස්ස යනුවෙන්ද දකුණු කොටස දක්ඛිණදේස යනුවෙන්ද පැරණි ඓතිහාසික මූලාශ‍්‍රවල හ`දුන්වා දී තිබේ. ඇත්තවශයෙන්ම මෙම යෙදුම් සාහිත්‍යකරුවන් විසින් තම වෘත්තාන්ත තුළ ගොඩ නැගූ ඒවාද සේ නොවේ නම් භූමිය සහ බලය සම්බන්ධයෙන් යම් වැදගත්කමක් දැරූ ව්‍යවහාරයන්ද යන කරුණ එතරම් පැහැදිලි නොවේ.

කේන්ද්‍රය සහ පරිධිය

මෙහිදී කේන්ද්‍රය යනුවෙන් අදහස් කරන්නේ තීව‍්‍ර දේශපාලන බලය රැුස්වන භූගෝලීය අවකාශයයි. ඊට සාපේක්ෂව එහි පරිධිය ස්ථානගත වේ. ඓතිහාසික වූත් පුරාවිද්‍යාත්මක වූත් සාක්ෂි මගින් පෙන්වා දෙන ආකාරයට ආදි යුගයේදී අපේ රටේ දේශපාලන බලය කේන්ද්‍රගත වූ ප‍්‍රදේශ දෙකක් තිබිණි ඒ උතුරුමැද පළාතේ පිහිටි අනුරාධපුරයත් දකුණේ පිහිටි මාගමත්ය. මේ අතුරින් කේන්ද්‍රීය පාලනය ආරෝපණය වී තිබුනේ අනුරාධපුරයටයි. අනුරාධපුරයේ සිටි පාලකයින් දිවයිනේ උතුර සහ දකුණ පාලනය කිරීමේදී අනුගමනය කළ භෞමික ප‍්‍රවේශය කුමක්ද යන්න තේරුම් ගැනීමට ප‍්‍රමාණවත් අභිලේඛන සාධක තිබේ.

ලම්භකර්ණ වංශික රජුන් විසින් බෞද්ධ විහාරාරාම වෙත කරන ලද නොයෙකුත් අන්දමේ ඉඩම්  පූජාවන් විස්තර කරන සෙල්ලිපිවල ඒ කාලයේ පරිපාලනමය වශයෙන් භූමිය බෙදා තිබූ ආකාරයද ස`දහන් කරයි. පරිපාලනමය වශයෙන් කුඩාම ඒකකය හ`දුන්වන ලද්දේ ‘කර්ණිකාව’ යනුවෙනි. කර්ණිකාවක විශාලත්වය කොපමණද යන්න ස්ථිරව හ`දුනාගත නොහැකි වුවත් පරිපාලන කටයුතු ස`දහා කළමනාකරණය කළ හැකි කුඩාම ප‍්‍රදේශ ඊට අයත් විය. සාමාන්‍යයෙන් සුවිශේෂී වැව් සහ ඉඩම් ගැන ස`දහන් කිරීමේදී ඒවා අයත්වන කර්ණිකාව කුමක්ද යන කාරණය ස`දහන් කරයි. මීට වඩා විශාල පරිපාලනමය බල ප‍්‍රදේශ හ`දුන්වන ලද්දේ ‘ආස්ථාන’ යන පදයෙනි. එක් ආස්ථානයකට කර්ණිකා කිහිපයක් අන්තර්ගතව තිබිණි. වසභ රජුගේ රාජ්‍ය කාලයේදී ලියවන ලද වල්ලිපුරම් රන්පත් ඉරුවේ ‘භද්‍රකර’ නම් ආස්ථානයක් ගැන ස`දහන් වේ. මෙම ලිපියේදී ‘භද්‍ර’ යන පදය ‘යහපත්’ යන තේරුම ලබා දේ. ‘කර’ යනු මුහුද යන්නට සමාන පදයකි. එවිට භද්‍රකර යනු ‘යහපත් මුහුදු ප‍්‍රදේශය’ යන තේරුම ලබා දේ. එසමයේ වල්ලිපුරම් ප‍්‍රදේශය අයත්ව තිබුනේ භද්‍ර නම් ආස්ථානයටයි. ක‍්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සහ දෙවන සියවස්වලදී මේ ආකාරයට මෙරට භූමිය පරිපාලනමය වශයෙන් බෙදීමට මූලික හේතුව ලෙස පෙනෙන්නේ රාජ්‍ය බලය කේන්ද්‍රගත වීමයි.

මේ කාලය වන විට ජනවාර්ගික පදනමක් පිළිබ`ද ගැට`එවක් මෙරට සමාජයට බලපා තිබූ බවට කිසිදු  ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් පෙනෙන්නට නැත. නමුත් අනුරාධපුරය සහ මාගම ආදී නගරවල ජනවාර්ගික බහුත්වයක් පැවතිනි. දෙමළ, ග‍්‍රීක, කාම්බෝජ, මැලේ ආදී ජනකොටස් ඒ අතර විය. ඔවුන් සිය`එ දෙනා මෙරටට පැමිණියේ වෙළ`දාම අරමුණු කොට ගෙනය. මීට වසර දෙදහසක් පමණ පැරණි සෙල්ලිපිවල විදේශික සම්භවයක් තිබෙන මෙවැනි අය බොහෝ අවස්ථාවල හ`දුන්වා දි තිබෙන්නේ ‘වණිජ’ යන නාම විශේෂණය උපයෝගී කොට ගැනීමෙනි. එහි තේරුම ‘වෙළෙන්`දා’ යන්නයි.

ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල දකුණු ඉන්දියාවෙන් මෙරටට ආක‍්‍රමණ එල්ල වූ බව ඓතිහාසික වශයෙන් සත්‍යයකි. ඒ සිය`එ සිද්ධීන් සියුම්ව හා විමර්ශනාත්මක අවධානයට ගත් විට පෙනෙන පැහැදිලි කරුණ වන්නේ ඒ ආක‍්‍රමණ කිසිවකට ජනවාර්ගික පදනමක් නොතිබූ බවයි. ක‍්‍රිස්තු පූර්ව පළමුවන සහඝ‍්‍රක වර්ෂයේ මැද භාගයේ පටන් සීඝ‍්‍රයෙන් වර්ධනය වෙමින් තිබූ ඉන්දීය සාගර වෙළ`දාමට ශ‍්‍රී ලංකාවෙන් දායක කළ අනර්ඝ වෙළ`ද භාණ්ඩවල ඒකාධිකාරය අල්ලා ගැනීම එවැනි ආක‍්‍රමණවල පිටුපස තිබූ ප‍්‍රධානතම අභිප‍්‍රාය විය.

ඓතිහාසික යුගයේදී මෙරට පාලකයින් භූමිය බෙදා පාලනය කළේ කේන්ද්‍රයත් පරිධියත් අතර සබ`දතාව වඩා කාර්යක්ෂම කරනු ස`දහා විනා අන් හේතුවක් නිසා නොවේ.

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s