නියම රණවිරු රියල්ස්ටාර්ලා

ජාතික රූපවාහිනිය සහ ආරක්ෂක අමාත්‍යංශය එක්ව සංවිධානය කළ රණවිරු රියල්ස්ටාර් වැඩසටහන පසුගිය දා නිමාවට පත් වූයේ අති උත්කර්ශවත් අයුරිනි. මෙහිදී ගීත ගායනා කළ රණවිරු රියල්ස්ටාර් බවට පත් වූ ගායක රණවිරුවන් පරාජය කලහැකි මට්ටමේ නියම රියල්ස්ටාර්ලා පිරිසක් රටපුරා වැඩ පෙන්වමින් සිටින බව වාර්ථාවේ.

මුලින්ම දිසා අධිකරණ විනිසුරු වරයෙකුට පහර දී නීතිය සියතට ගත් මාතර රණවිරුවන්ට පසු කලූතර ප‍්‍රදේශයේ විවාහ මංගල
උත්සවයකදී නිවැසියන්ට පහරදුන් හමුදා සංගීත කණ්ඩායමක සාමාජිකයන් පිරිසක් සේම මාතලේදී ගිලන් රථ රියදුරෙකුට පහරදුන් රියල්ස්ටාර්ලා මේ මුලූ රටම රණවිරු උන්මාදයේ ගිලී ඇති නිසා සිය වීරත්වය මතින් අහින්සක ජනතාවට චන්ඞ්පාට් දමමින් සිටී.

කටුනායක කම්කරු මර්ධනයේ දී කම්කරුවන්ට වෙඩි තැබූබව පොලිස්පතිවරයා විසින් පිළිගන්නා ලදි. අවසානයේ කම්කරු නැගිටීම හමුවේ රජයට යෝජිත විශ‍්‍රාම වැටුප් පනත හකුලා ගන්නට සිදුවිය. ලෝක බැංකුවේ සහ ජ්‍යත්‍යයන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි වලට යටත්ව රජය විසින් කම්කරුවන්ගේ අරමුදල් කොල්ලකන්නට වෑයම් කිරීම තුළින් කිසිදිනක තම අයිතීන් උදෙසා හ`ඩ නොනැගූ වෙළෙද කළාප සේවකයින් මේ අරගලයේ පෙරමුණ ගැනීම තුළින් රටට ඉගැන්වූ පාඩම අතිවිශාලය.

මෙතෙක් කළක් ලිංගික ශ‍්‍රමිකයන් වශයෙන් හදුනාගෙන සිටි අහිංසකයින්ගේ තරම ඔහුන් ක‍්‍රියාවෙන් ඔප්පු කරමින් පෑ නිර්භීතභාවයට අප හිසනමා ආචාර කළ යුතුය. තමන්ගේ බත්පතට වදීනතුරුම රණවිරුවන්ට පෙමිබැදි මේ නංගිලා මල්ලිලා දැන්වත් රණවිරු උන්මාදයේ භයානක යථාර්තය අවබෝධ කරගත යුතුය. පොලීසිය පහර දීම නිසා තුවාල සිදුවී ෙබිරුනාට හමුදාව මැදිහත් වී පහර දුන්නානම් මෙය කෙලවර වන්නේ කිහිප දෙනෙකුට මරණය අත්වීය යන්න ඔවුන් දැන්වත් අවබෝධ කර ගත යුතුය. හමුදාව ෙවිවා පොලීසිය ෙවිවා මේ සියලූ ආයතන ක‍්‍රියාත්මක වන්නේ රා්‍ය මර්ධන උපකරන ලෙස විනා ජනතාවාදී ආයතන ලෙස නොවේ.

එදා උතුරේ දී දහස් ගනන් දෙමළ වැසියන් ඝාතනය කරමින් යුද්ධය නිමාකරද්දී හන්දි ගානේ කිරිබත් කමින් විනොදයෙන් මුසපත් වූයේද මේ නංගිලා මල්ලිලාමය. එදා දෙමළ සමාජයට එරෙහිව ක‍්‍රියාත්මක වූ මර්දනය කවදා හෝ තමන්ට එරෙහිවත් ක‍්‍රියාත්මක වෙතැයි මේ උදවිය සිහිනෙකිනිදු නොසිතුවෝය. විජයග‍්‍රහනයේ දෙවසරක අභිමානය සමරද්දී යුද්ධ්යන් මිය ගිය සිංහල හමුදාව ගැන පමනක් අනුකම්පාවෙන් කතා කරන සිංහල සමාජය 150 000 ආසන්න තම ජාතියේ විමුක්තිය වෙනුවෙන් යැයි සිතා මියගිය දෙමළ ජනතාව වෙනුවෙන් ශෝක වන්නට අවස්ථාවක් සිය ඥතීන්ටවත් ලබා නොදුන්නේය. අඩුම තරමේ සිංහල ජාතියේ මහා වීරයා වන දුටු ගැමුණු රජතුමාට සිය සතුරා වූ එළාර ගැන මීට වඩා සංෙවීදීතාවයක් තිබූබව අප අසා ඇත්තෙමු. එළාරගේ සොහොනට සැවොම ගරුකළ යුතු බවට වූ නියෝගයක් ඔහු විසින් පනවනු ලැබූ බව අප අසා ඇත්තෙමු. ලෝකයේ මානව හිමිකම් මෙතරම් වර්ධනය නොවී තිබුනු යුගයක ඔහු විසින් එලෙස මානව හිමිකම් වලට ගරු කරණු ලැබුවේ නම් වර්තමානයේ ඔහු විසින් මේ යුද්ධය මෙහෙය වනු ලැබුවේ නම් අඩුම තරමේ දෙමල සමාජයේ පරාජය සිංහල සමාජයේ ජයග‍්‍රහනයට ලඝු කරමින් ප‍්‍රීති උත්සව නොපවත්වා නියම  බුදුබණ දන්නානා සිංහලහෙකු පරිද්දෙන් මිය ගිය සිංහල දෙමළ සියලූ දෙනා සිහිකර මතක බණක් කියා පින් අනුමෝදන් කරනු ඇතැයි සිතිය හැකිය.

තම සතුරාටත් නියම ලෙස ගෟරව කරන්නට රට වැසියාට ඉගැන්වූ දුටු ගැමුණු රජතුමා මහින්ද රාජපක්ෂ මහ රජතුමාට වඩා ශ්‍රේෂ්ඨ වන්නේද මෙහිදී බොහෝ අය කියන්නේ එළාර යනු ධාර්මික රජ කෙනෙකු වූ බවයි. ප‍්‍රභාකරන් යනු ත‍්‍රස්තවාදියෙකු වන බවයි. එසේ නම් ධාර්මික රජෙකු බලය උදෙසා ඝාතනය කළ දුටු ගැමුණු යනු බලකාමයෙන් අහිංසකයෙකු ඝාතනය කළ නරුමයෙකු වද්දී මහින්ද මහ රජු ත‍්‍රස්තවාදියෙකු ඝාතනය කළ විමුකතිකාමියෙකු වන බවද තර්කය එසේ නම් මියගිය සතුරාට ගෟරව නොකරන මහින්ද මහ රජු දුටු ගැමුණුට වඩා ශ්‍රේෂ්ඨය.

එළවලූ වෙලෙදාමේ සිට ඩෙංගු මර්ධනය දක්වාත් නාගරික සංවර්ධනයේ සිට වෙරළ සංරක්ෂණය දක්වාත් සියලූ කටයුතු මිල්ටරිකරණයට ලක් කෙරෙමින් පවතින රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු තව දුරටත් මිල්ටරිකරණය පමනක් බවත් නීතිය යනු හමුදා නීතිය බවටත් ඌනනය වීම තුල හෙට දින තව තවත් රණවිරු රියල්ස්ටාර්ලා ජනතාවගේ ප‍්‍රජාතාත්ත‍්‍රක අයිතිවාසිකම් සියතට ගනිමින් හමුදා පාලනයකට අවශ්‍ය කරන වට පිටාව සකසන දෙස බලමින් තව දුරටත් නිහඩව සිටිමුද

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s