සමාවෙන්න හිමියනි බොරැ නොකියමි සිතකින්…

 
ජැක් සන් ඈන්ට් හනී කියන්නේ ඉස්සර රැඩිකල් කලාකරුවෙක් කලාව රැඩිකල් විදිහට භාවිතා කරලා මිනිහා මේ වෙනකොට ගිහින් තියෙන දුර බැලුවම පිස්සු හැදෙනවා. මිනිහා එකවර චරිත කිහිපයක් රගපාන්න හරිම දස්සයා. මේ දවස්වල මිනිහා රගපාන්නේ ලංකාවේ පුරා විජ්ජා චක්කර වර්තීගේ භූමිකාවයි. මෙි ජැකා කියන දේවල් අහගෙන ඉන්න අපේ රටේ නායකයෝ සැදී පැහැදී ඉන්නේ ඒ කාලේ කේවට්ටයාගෙන් උපදෙස් ගත්තු මෝඩ රජවරු විදිහටමයි. ම්නිහගේ අලුත්ම සොයා ගැනීම තමයි ගිරුවාවේ රාජපක්ෂවරු බුදුන් වහන්සේගේ කුලයෙන් පැවත එනබව සොයා ගැනීම ඒ විතරක් නෙමෙයි දුටු ගැමුණු රජතුමාත් රාජ පක්ෂ වැරුන්ට සහ සම්බන්ධ කරන්නට ඔහු උත්සහා ගනු ලැබුවා. ඔහු මේ බව කියන්නේ රණවිරු රියල්ස්ටාර් වැඩසටහන අතර තුරදීය. මෙතන ජනාධිපතිතුමා වගේම ආරක්ෂක ලේකම්තුමත් ඉන්නවා. තමන් බුදුන්ගේ පරපුරෙන් පැවත එන්නන් බව රටටම ඇහෙන්න ජැකා කියද්දී ඒ දෙන්නට පුදුමාකාර සතුටක් දැනෙන්න ඇති. හරියට නුවනක්කාරයන්ට විතරක් පෙනෙනවා කියලා එක්තරා රජ කෙනෙකුට හොරු දෙන්නෙක් සීතම්බරන් පටසළුව ඇන්දුවා වගේ තමයි මේකත් තමන් හෙලුවෙන් කියලා ඒ මෝඩ රජතුමා දැනගෙන හිටියේ නෑ. පොඩ් ළමයෙක්  තමයි රජතුමා හෙලුවෙන් කියන එක පෙන්නලා දුන්නේ පස්සේ ඒ රජතුමා අරහොරු දෙන්නට දඩුවම් කරලා තමන්ගේ මෝඩකම නිසා වෙච්ච වරදට ජනතාවගෙන් සමාව ගත්තා.
 
ඒ වුනාට අපේ රටේ සිද්ද වෙන්නේ වෙන දෙයක් අපේ රජතුමා මෝඩ නෑ. එතුමා දන්නවා මේ හාදයා කියන්නේ පට්ට පල් බොරුවක් කියලා. ඒ වගේම එතුමා දන්නවා තමන් මෝඩ නොවුනට මේ රටේ ඉන්න වැඩිහරියක් මෝඩයෝ බව කවදාවත් රජතුමා හෙලුවෙන් බව කියන්න තරම් මේ රටේ කොන්ද පන තියෙන එකෙක් නැති බවත් එතුමා දන්නවා. අඩුම තරමේ මේ රටේ ළමයි පවා ඇත්ත කියන්නේ මොකක්ද කියලා නොදන්න නිසා ගැටලුවක් ඇති වෙන්නෑ. තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නට මේ වගේ කේවට්ට වන්දිභට්යන් ඕන කරන නිසා තමන්ට සිතම්බර පටසලුව අන්දන හොරුන්ට අපේ රටේ දී දඩුවම් වෙනුවට ලැබෙන්නේ රාජ්‍ය ගෞරවයයි. ජනතාව හැරෙන්නට රජතුමා හෙලුවෙන් බව රජතුමා ඇථලු මේ වන්දිභට්ටයන් හැමෝම දන්න නිසා රජතුමා හෙලුවෙන් හිටියට කාටවත් ප්‍රශ්නයක් නෑ. රජතුමා හෙලුවෙන් බව දන්නා නමුන් නොදන්නවා වගේ ඉන්න එකට තමයි නරුමවාදය කියන්නේ ඉතින් නරුමවාදය ආත්මභාෂණය වුන රටක ජැක් සන් ලා දේශපාන ව්‍යපාරය හරහා ඇතිතරම් ලාභ ලබනවා.
 
තමන්ගේ ලාභ සමුච්චකරණ ව්‍යපාරය තුල ඔවුන් අතිරික්ත වටිනාකම් ගොඩනගා ගන්නට ඕනෑම දෙයක් තමන්ට අවශ්‍යකරන පරිදි  අර්ථකතනය කරමින්  ලාභ ලබන්නට කටයුතු කරනවා. එහෙම වෙද්දි තමයි ජැකා මහින්ද සහ බුදු හාමුදුරුවෝ ඥාතීත්වයෙන් සමපාත කරන්නට උත්සහා ගන්නේ මිනිස්සුන්ට මෙහෙම වෙද්දී මහින්ද වගේම ජැකත් මහා වීරයන් බවට පත් වෙනවා. එහෙම වෙද්දී ජැකා ඊලග ටෙන්ඩරයට ජනාධිපති සමග ඩීල් එක දාගෙන ඉවරයි. ජනතාවට මෙහෙම සුරන්ගනා කථා කියලා රජය ලෝක බැංකුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරන්නට කම්කරුවන්ට වෙඩි තියනවා. ඒ කම්කරුවන්ගේ නූගත් දෙමාපියන්ම ජනාධිපතිතුමා බුදුන්ගේ කුලේ කියන එක අහගෙන සාදුකාර දෙනවා.
 
මෙන්න මේ නරුමවාදී දේශපාලන භාවිතාව වෙනස් කරන්න රනිල්ව හරි සජිත්ව හරි ගෙනත් හරියන්නෑ. ඒ නිසා මේ රට වෙනස් කරනවා කියන එක බැරෑරුම් බව රටේ මහජනතාවටම අවබෝධ උන දවසක පවතින ක්‍රමයට එරෙහිව ජවතාවම නැගී සිටීවි. හරියට කවදාවත් තමන්ගේ අයිතීන් උදෙසා කථා නොකල කටුනායක කම්කරුවන් සිය අයිතීන් වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කළ පරිදි මේ රටේ හැම පුරවැසියෙක්ම සටන් කරන්නට පටන් ගත් දවසට ආණුඩුවේ තුවක්කු බලයෙන් එය මර්ධනය කිරීම ලෙහෙස් පහසු නොවන බව පැහැදිලියි.

3 Comments

  1. “ගිරුවාවේ රාජපක්ෂවරු බුදුන් වහන්සේගේ කුලයෙන් පැවත එනබව සොයා ගැනීම”

    අපි දන්නවා ජැකා එක්ක ඉරිසියාවට ඔයා කියන්නේ බොරු කියල. ජැකා එහෙම කතාවක් කියල නෑ

  2. Apith Jaksonta puka demu mithurani!

  3. ලිපියේ සම්ස්ථයට එකඟ වෙන්න බෑ. ඒත් අවසන් අදහසට එකඟයි. මිනිසා හැදෙන තුරු, මිනිස් සිත හැදෙන තුරු මේ රට් හදන්නට බෑ. මස් පිණිස සතුන් මැරීමට මං නං තදින් විරුද්ධයි. එයට මාළුවා, කුකුළා, හරකා, ඌරා කියලා වෙනසක් නෑ. බුදු හාමුදුරුවෝ කවදාවත් සත්ව ඝාතනය අනුමත කළේවත්, එයට අනුබල දුන්නේ වත් නෑ. යම් උවදුරක් නිසා මළ සතෙක් මිසක සතුන් මරාගෙන කෑම නම් කොහොමත් නරකයි නොවැ.


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s