එස්. බී හරියටම නිලය අල්ලයි

 

අතර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් මෙරට විශ්ව විද්‍යාල වලට විදේශීය සිසුන් ඇතුලත් කර ගන්නවාට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරණු ලැබීය.එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ලංකාවේ උසස් පෙළ විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අවස්ථාවක් ලබා නොදී විදේශීය ශිෂ්‍යයින්ට මෙරට අධ්‍යපනය ලබන්නට අවස්ථාව ලබා දීමෙන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නට පියවර ගෙන තිබෙන බවයි. නමුත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මේ සම්බන්ධයෙන් දක්වන්නේ වෙනත් අදහසකි.

 ‛‛මේ විදේශ දරුවො එන එකෙන් අපේ දරුවන්ට කිසිම අවාසියක් වෙන්නේ නෑ. අපේ දරුවන්ට වාසියක් වෙන්නෙ. ඉතාම හොඳ වාසියක් වෙන්නෙ. මේ විශ්ව විද්‍යාල වල කළු කෙල්ලො කොල්ලො ඉඳියි, සුදු කෙල්ලො කොල්ලො ඉඳියි, කහ කෙල්ලො කොල්ලො ඉඳියි, ඇස් දිග එවුන් ඉඳියි, නහයවල් කොට එවුන් ඉඳියි, සේරම ජාතියෙ එවුන් ඉඳියි. එහෙම තමයි විශ්ව විද්‍යාලයක් ජාත්‍යන්තර තත්ත්වයට එන්නෙ. අපේ තරුණ තරුණියන්ට ‛හොඳ චොයිස්’ එකක් තියෙයි.(සිනහා වෙයි) මේක නරක එකක් නොවෙයි. විශ්ව විද්‍යාල ජාත්‍යන්තර තලයට යන්න මේක අත්‍යාවශ්‍ය කාරණයක්. විදේශ දරුවො ආවම අපේ අයට මොනවද වෙන්නෙ? කියනවා. මේව තනිකරම මෝඩ කතා. රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල පනත අපු ගමන් ඒ හැම ආයතනයකටම අපේ දරුවො සියයට විස්සක් නිකං දානව.’’

කොහොම නමුත් එස්.බී ලංකාව ගැන හොදින්ම දන්නා නිසා අල්ලන්නට අවශ්‍ය නියම නිලයම මේ ප්‍රකාශය මගින් අල්ලා තිබෙන බව පැහැදිලි වේ. සාමාන්‍යයෙන් ලංකාවේ ඕනෑම කාරණයක් කනපිට හරවන්නට ගෑනුන්ට හැකිබව සැවොම දන්නා නිසා එස්.බී ඇල්ලූ නිලය හරියටම හරිය. ලංකාවේ බහුතරයකට ලිංගිකත්වය යනු ගූඩත්වයක් වන බැවින් සහ බටහිර මිනිසුන් අපට වඩා ලිංගික සතුටක් බුක්ති විදිනවා යැයි බොහෝ උදවිය සිතන නිසා අපේ රටේ අධ්‍යාපනයට හෙන ගැහුවත් කොල්ලන්ට කෙල්ලන්ට ෆුල් ආතල් එකක් ගත හැකි නිසා කට වහගෙන ආතල් ගනිල්ලා යැයි එස්.බී නොකියා කියයි.

මහින්ද චින්තනය අනුව අසැබියැයි කියනා වෙබ් අඩවි තහනම් කර  තිබෙන නිසා සේම ගෑනියකගේ කකුලක් පෙන්වන විටත් රූපවාහිනී තිරමත කොටු වැටෙන නිසා කොහොමත් ලංකාවෙි බහුතරයක් ඉන්නේ සෙක්ස් එරියස් වලින් නිසා මෙි රතු කෙල්ලන්ට කහ කෙල්ලන්ට කළු කෙල්ලන්ට වහ වැටීම පුදුමයක් නෙමෙයි.

එස්.බී කියන්නේ මේ කකුල් බලලා උඹලා ආතල් ගනිල්ලා මට මගේ පාඩුවේ අධ්‍යාපනය විකුණා ගන්න ඉඩ හැරලා යන්න නොවේද?

 

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s