දෙමලුනේ බැල මෙහෙවර කරපල්ලා

 දහතුන දීම යනු ඊලම දීමයැයි නම්න් ගුණදාස අමරසේකර දිවයින පුවත් පතට ලියූ ලිපිය අප පහත්න් උපුටා දක් ඇත. ඔහු සිය ලිපිය පරාම නැවත නැවත් පුනරුච්චාරණය කරන්නේ එකම කථාවකි. එනම් මේ රටේ දෙමළාට බලය බෙදන්නේ කුමටද? මේ රට ශූද්ධ සිංහල ජාතික රාජ්‍යයයි. මේ රටේ දෙමලා යනු දෙවැනි ගණයේ පුරවැසියෙකි. දෙමළුන්ගේ සදාතනික රාජකාරිය වන්නේ සිංහලයාට බැලමෙහෙවරකම් කිරීමයි. අද වන විට අමරසේකරලා වැනි බහුතරයක් වූ සිංහල ජාතිවාදීන්ගේ නිවෙස් වල බැල මෙහෙවරකම් කරන්නේ දෙමල මිනිසුන්ය. මෙවැනි ජාතිවාදී කොටස් වල ඒකායන අභිප්‍රාය වනනේ හැමදාමත් දෙමලා බැල මෙහෙවරකරුවකු වශයෙන් තබා ගැනීමයි. මේ වහල් ස්වාමි සම්බන්ධය අහවර වනවාට බොහෝ සිංහල ජාතිවාදීන් අකමැති විමේ රහස ඇත්තේ මෙතැනය.

අතිතයේ වහල් සමාජයේ ආධිපත්‍යයට එරෙහිව අභීතව නැගීසිටි ස්පාටකස්ගේ අරගලය නිසා ලෝකයේ එතෙක් පැවති වහල් ස්වාමි සම්බන්ධය බිද වැටී නව ලෝකයකට දොරගුලු විවිර විය. මෙම  වියමන පුරා අමරසේකර ගොඩනගන එකම තර්කය වන්නේ මේ රට සිංහලුන්ගේ බවත් දෙමලුන් යනු අන්ත ජාතිවාදි ජාතියක්ය යන්නත් ඉන්දියාව ශ්‍රී ලංකාව සිය රටේ ප්‍රාන්තයක් බවට පත් කර ගන්නට උත්සහ කරන බවත්ය.

ඔහු දෙමල කතා කරණ ජනතාවට ලබා දිය යුත්තේ කුමක්ද යන්න ගැන කිසි විටෙකත් කතා නොකරයි. ඔහුට අනුව දෙමල ජාතියට ජාතියක් වශයෙන් කිසිදු අයිතිවාසිකමක් අයිති නොවේ. ප්‍රභාකරන් නැමති සිංහල ජාතියේ පොදු සතුරා මිය යාම සම්බන්ධයෙන් ඔහු මහත් පශ්චත්තාපයට පත් වන බවක් බෙනෙන්නට තිබේ. ඔහු සිතන පරිදි ප්‍රභාකරන් මිය නොගියා නම් මේ කිසි ප්‍රශ්ණයක් නැත. එසේ නම් තවමත් ත්‍රස්තවාදයට බැට දෙමින් ප්‍රශ්ණය යට ගසා ඉන්නට තිබුනි. මේ නිසාම ඔහු නව සතුරෙකු වශයෙන් පැරණි සටන් පාඨයක් යළි කරළියට ගෙනවිත් තිබේ. ඒ ඉන්දියානු විරෝධයයි. අමරසේකරලාගේ විනෝදය ස්ථානගත වන්නේ පොදු සතුරෙකු පිළිබද අනියත බියක් නිර්මාණය කිරීමෙනි. ඒ අනුව නැවතත් ඉන්දියාව පොදු සතුරා බවට පත් කර ගනිමින් දෙමලුන් ලවා තමන්ගේ ඉදුල් සෝදා ගන්නට අමරසේකරලා දරණ උත්සහය මෙසේ පත්තර පිටු තුලින් ප්‍රකාශ වන බව කිව යුතුය.

එදා ජනවාර්ගික ප්‍රශ්ණයට විසදුමක් ලෙස බලය බෙදනවාට විරුද්ධ වූවන් කියාසිටියේ මෙසේ පත්වන ආයතන වලට කොට් සාමාජිකයන් තේර් පත්විය හැති නිසා තමන් බලය බෙදනවාට විරුද්ධ වන බවයි. ඒ උදවියම අද පවසන්නේ කොටි සංවිධානය නොමැති නිසා බලය බෙදන්නේ මොකටද යන්නයි. ඒ කියන්නේ ඇත්තටම දෙමල ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් කොට් සංවිධානය පමණක් පෙනී සිටි බවද? අමරසේකරලා කියන විදිහට මෙරට ජනවාර්ගික ප්‍රශ්ණයක් නැත. කොටින්ම දැන් කිසිම ප්‍රශ්ණයක් නැත. දැන් දෙමල මිනිසුන්ට නොතේරෙන යමක් සිංහල මහ ජාතියෙන් අසා දැන ගන්නට පුලුවන. යන්තමි කරදඩු උස්මහත් වන විටම අමරසේකරලා වැනි උසස් සිංහලයින් ගේ නිවෙස් වල දෙමලුන්ට වලං හෝදන්නට පුලුවන. සිංහල හාමුලා දූෂණය කලවිට නිහඩව ඉන්නට පුලුවන මන්ද මෙරට උසාවි කටයුතු සිංහල භාෂාවෙන් කරණ නිසා දෙමලුන්ට ඒවා තේරෙන්නේ නැත.

නිවසේ බැල මෙහෙවර කරන්නට දෙමලුනේ වරෙල්ලා අපි උබලාට කන්නට අදින්ට නිදන්නට දෙන්නම් තොපට මිනිසුන් ලෙස මීටත් වඩා වූ දේ කුමටද? තොපේ දේශපානය අපේ දේශපාලනය කරගනිල්ලා. තොපිට දේශපාලන නිදහසක් කුමටද රෝමයේ වහල් සමයේ වහලුන්ට නිදසක් තිබුනාද? ඉතින් සිංහල අපේ වහලුන් වන දෙමල නුබලා ඉල්ලන නිදහස කුමක්ද අපි ස්වාමිවරුන් ලෙස තොපට මරණදඩුවම ලබා නොදීමම මදිද? බලය බෙදන්නේ කුමටද වහලුනට බලය බෙදන්නේ මොන රටෙිද?

ඉතින් ප්‍රභාකරන් නම් මිනීමරුවා ඝාතනය කර විනොදයෙන් ඉන්නා සිංහල ජාතියේ විනෝදය පැහැර ගන්නට නුබලාට අප ඉඩ නොදෙන්නෙමු. මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි. දෙමලුනේ පරිස්සම් වෙයල්ලා තුන් හෙලේ කැලෑ තුල සිංහහ පැටවි මේ රට තවමත් අතහැර ගොස් නැත.

මේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් සාමාන්‍ය සිංහල සමාජයේ ජන විඥානයයි. අමරසේකර යනු මේ මතවාදය රටටම ගෙන යන එක් වාහකයෙකු පමණි. අවසාන වශයෙන් එදා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරන්නට යන අවස්ථාවේ ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා කල කතානක් යළි සිහිපත් වේ. එක් භාෂාවක් නම් රටවල් දෙකයි. භාෂා දෙකක් නම් එක් රටයි. බලය බෙදා දෙමල ජනතාවට සාධාරණ විසදුමක් ලබා නොදුන හොත් මේ කථාව සත්‍ය වන දිනය වැඩි ඈතක නොවේ. අප ඉදිරිපත් කළ තර්කයන් තේරුම් ගන්නට අමරසේකරගේ කථාව මෙසේ උපුටා දක්වමු.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා 13, 13 + දෙන්නට සූදානම් නොමැති බව අපගේ වැටහීමයි. එහෙත් මේ රජයේ ඉන්න මීට පෙර පැකේඡ් දීමට බලය බෙදීමට, සූදානම් වී සිටි අය නම් ඒ කටයුත්ත කිරීමට සූදානම් බව ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශවලින් පෙනේ. එය කෙසේ වුවද 13 දීම යනු ඊළාමය පස්‌ස දොරින් දීමක්‌ බව අපි නොපැකිළිව ප්‍රකාශ කරමු. 13 පිළිබඳව ම විසින් දක්‌වන පහත සඳහන් කරනු මගින් සිහිබුද්ධිය ඇති කාට වුවද එය පෙනී යා යුතු වෙයි.

ඡේ. ආර්. ජයවර්ධන මහතා බියවද්දා තර්ජනය කර අත්සන් කරවා ගන්නා ලද ඉන්දු – ලංකා ගිවිසුම අනුව ඉදිරිපත් කරන ලද 13 සංශෝධනය මගින් අපේක්‍ෂා කරන ලද්දේ කුමක්‌ද? ඒ පිළිබඳව දෙනු ලබන විවිධ අර්ථකථන සලකා බැලීම මෙහිලා ප්‍රයෝජනවත් වනු ඇත.

ඒ මගින් අපේක්‍ෂා කරන ලද්දේ ඒ වනවිට ක්‍රියාත්මකව තිබූ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නැති කිරීමක්‌ද? ඒ නිගමනය සම්පූර්ණයෙන් සදොස්‌ බව අපි දනිමු. 13 සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ අපගේ හමුදාව විසින් වඩමාරච්චිවලට කොටුකරන ලද ප්‍රභාකරන් සම්පූර්ණයෙන් විනාශ කිරීමට ඔන්න මෙන්න කියා සිටියදීයි. එබැවින් වඩා නිවැරැදි අර්ථකථනය වන්නේ 13 ඉදිරිපත් කරන ලද්දේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නැති කිරීමට නොව තමන් හදා වඩා ඇති කරන ලද ත්‍රස්‌තවාදියා බේරා රැකගැනීම සඳහාය යන්නයි.

13 සශෝධනය ඉදිරිපත් කරන ලද්දේ උතුර – නැගෙනහිර වසන දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සඳහාද? ඔවුන් කෙරෙහි පතල මහාකරුණාවෙන් ද? 13 පසු අතිවිශාල ඉන්දියානු හමුදාවක්‌ මෙහි ගෙන්වා, ඒ අසරණයන් අනේකවධ හිංසාවලට භාජන කර ඔවුන්ගේ අඹුවන් දූෂණය කර, සෑහෙන ප්‍රමාණයක්‌ මරා දමන ලද්දේ ඔවුන් කෙරෙහි පහළ වූ මහා කරුණාව නිසාද? ඒ අසරණ දෙමළ මිනිසුන් සලකන ලද්දේ සිය අධම ක්‍රියාමාර්ගය හමුවෙහි බිලිදිය යුතු පිරිසක්‌ ලෙසයි.

13 සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ මේ රට තුළ ඇතැයි කියන ජනවාර්ගික ප්‍රශ්නයක්‌ විස¹ලනු සඳහාද? ඉන්දියාව ප්‍රභාකරන් ඇතුළු තරුණයන් සිය රටට ගෙන්වා ත්‍රස්‌තවාදී පුහුණුවක්‌ දී මේ රටට එවන ලද්දේ මේ රට තුළ ප්‍රමාණාත්මක ජනවාර්ගික අර්බුදයක්‌ නොමැති බව වටහාගත් නිසායි. ජනසංහාරයක්‌ බවට ඒ අර්බුදය දියුණු කළ හැක්‌කේ ඒ මගින් මේ රටට අත දැමීමේ අවස්‌ථාව ලබාගත හැක්‌කේ එසේ කටයුතු කිරීමෙන් බව ඉන්දියාවට වැටහිණි. එබැවින් වඩා නිවැරැදි අර්ථකථනය නම් 13, ජනවාර්ගික ප්‍රශ්නයක්‌ විසඳීමට ඉදිරිපත් කරන ලද්දක්‌ නොව නොපැවැති ජනවාර්ගික ප්‍රශ්නයක්‌ ත්‍රස්‌තවාදය මගින් නිර්මාණය කර එමගින් මේ රට බෙදා වෙන් කිරීමට ගන්නා ලද උපාය මාර්ගයක්‌ බවයි.

අද වන විට මේ රට බෙදා වෙන් කිරීමට මොර දෙන දෙමළ ජාතිවාදීන් පවා මේ රට තුළ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නොමැතිය යන මතය වෙත පැමිණ තිබේ. කුමාර් පොන්නම්බලම් රට බෙදන ලෙස ඉල්ලා සිටියේ තමන්ට එවන ලද ආදායම් බදු පෝරමය දෙමළෙන් නොතිබුණු නිසායි. තමන් දෙමළ වීම නිසාම සිදුවී ඇති කිසිදු අසාධාරණයක්‌ සොයාගත නොහැකි ඒ දෙමළ ජාතිවාදීන් දැන් අසාධාරණ චෝදනාව වෙනුවට ඉදිරිපත් කර ඇත්තේ සිය අපේක්‍ෂා ඉටුකර ගත නොහැකි වී ඇතැයි යන චෝදනාවයි. මිනිස්‌ සන්තානයෙහි පහළ වන අපේක්‌ෂා කෙසේ සංසිඳුවාලිය හැකිද?

ඉන්දියාව අප ලවා 13 සංශෝධනයක්‌ මගින් ඉටුකරවා ගන්නා ලද්දේ කුමක්‌ නිසාද යන්න වටහා ගැනීමට මා ඉහතින් දැක්‌වූ ශාස්‌ත්‍රීය, සමාජයීය, දාර්ශනික විග්‍රහ කිසිවක්‌ අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඒ ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමට මෙහි පැමිණි රජීව් ගාන්ධි එන අතරමගදී කරන ලද ප්‍රකාශයයි. චෙන්නායිවලට පැමිණි ගාන්ධි එහි වූ දෙමළ නායකයන් අමතා සිය ගමනෙහි අරමුණ පැහැදිලි කළේය. තව ටික දිනකින් මේ ගමනෙන් පසු ශ්‍රී ලංකාවද භූතානය මෙන් අපගේ කක්‍ෂය තුළට ඇතුළු වනු ඇත. රජිව් ගාන්ධිගේ මුවෙන් පිටවූයේ මේ වදනයි. 13 සංශෝධනයෙන් අපේක්‍ෂා කරන ලද්දේ කුමක්‌ද යන්න වටහා ගැනීමට මීට අමතර අටුවා ටීකා අවශ්‍ය නොවේ. ඉන්දියාවට උවමනා වූයේ පළමුව උතුර – නැගෙනහිර තුළ තමන්ට හිතකර රූකඩ රජයක්‌ පිහිටුවා ගෙන ඉන් ඉක්‌බිතිව මුළු රටම සිය විසිහත්වැනි ප්‍රාන්තය බවට පත් කර ගැනීමයි.

ඉන්දියාවේ මේ අපේක්‍ෂාව දැන් අන්සෑම අවස්‌ථාවකට වඩා පැහැදිලිව පෙනෙන්නට පටන් ගෙන තිබේ. අප විසින් ප්‍රභාකරන් විනාශකර දැමීම තමන්ට වඩා හිතකර පසු බිමක්‌ සාදා දී ඇති බව ඉන්දියාවට පෙනී ගොස්‌ තිබේ. ප්‍රභාකරන් විනාශ කරන විට නිහඬ වතක්‌ රැක ගෙන සිටීම ඔවුන් ගත් හොඳ උපාය මාර්ගයක්‌ විය. “ඔන්න දැන් උඹලාට හිටිය හතුරා නැති කිරීමට අපි ඉඩ දුන්නා. දැන් ඉතින් 13 ක්‍රියාත්මක කර ජනවාර්ගික ප්‍රශ්නය විසඳ පල්ලා.” මේ වදන් කියාගත් පළමු ඉන්දියානු දූතයා මෙහි පැමිණියේ ප්‍රභාකරන්ගේ මළ කඳේ රස්‌නය යන්නටත් පෙරයි.

එදා මෙදා සිට සතියකට වරක්‌ බැගින් මෙහි පැමිණි හැම ඉන්දියානු දූතයකුගේම කටේ තිබුණේ මේ මන්තරයයි. අවසානයේදී පැකේඡ්කාරයකු වන ජී. එල්. පීරිස්‌ ඇමැතිවරයා අල්ලාගෙන 13 සංශෝධන දෙන බවට පොරොන්දු ඔප්පුවක්‌ අත්සන් කරවා ගැනීමට ඉන්දියාව සමත් විය. ඒ පිල්ලුව ආපසු එවීමෙන් පසු ශිවසංකර් මෙනන් ප්‍රධාන තුන් කට්‌ටුව මෙහි පැමිණියේ ඒ පොරොන්දු ඔප්පුවට ජනාධිපතිතුමාගේ අත්සනද ලබාගැනීමේ ෙච්තනාවෙන් විය යුතුය. එය ඉටුකර ගත නොහැකිවූ ඔවුන් කනස්‌සල්ලෙන් ගිය බව කියනු ලැබේ. කනස්‌සල්ලෙන් ගියද ඔවුන් සිය අභිලාෂය අත්හැර ඇතැයි අප මොහොතකටවත් නොසිතිය යුතුයි. ඔවුන්ට දැන් මේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර ගැනීම සඳහා පෙර නොසිටි ප්‍රබල මිතුරකුගේ සහායද ලැබෙමින් පවතී. බෑංකි මූන් අධම වාර්තා පිට කරන්නේ බීබීසිය ව්‍යාජ චිත්‍රපටි පෙන්වන්නේ ඇමරිකාව ප්‍රධාන බටහිර බලවතුන්ගේ බලපෑම උඩයි. ඒවායේ ප්‍රතිලාභ අත්වන්නේ තමන්ට බව ඉන්දියාව දනී. මේ සතුරු බලවේග දෙකේම න්‍යාය පත්‍ර දැන් හොඳට පැසී ක්‍රියාත්මක වෙමින් පවතී.

අප විසින් 13 සංශෝධනය පිළිබඳව සලකා බැලිය යුතු ඊළඟ කරුණ නම් එහි නීත්‍යනුකූලභාවයයි. අපේ ව්‍යවස්‌ථාවට තක්‌කඩිකමෙන්, බලෙන් එකතු කරන ලද මේ සංශෝධනය අපගේ ව්‍යවස්‌ථාවට සම්පූර්ණයෙන් පටහැනි බවද නීත්‍යනුකූල නොවන බවද දැන් බොහෝ දෙනකුට අමතකවී ඇති බව පෙනේ. ගොබෙල්ස්‌ගේ න්‍යාය නීති ක්‍ෂේත්‍රයටත් බලපාන්නේ දැයි මම නොදනිමි.

13 සංශෝධනයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ අගනා විශ්ලේෂණයක්‌ රාජා වනසුන්දර විනිසුරුතුමා විසින් සපයා තිබේ. එය අප පළකළ ජාතික පුනර්ජීවන කොමිසමේ වාර්තාවේ පළකර ඇත. ඒ පුනර්ජීවන කොමිෂන් වාර්තාව රජය විසින් “තුට්‌ටුවකට” ගණන් නොගන්නා ලද්දේ ඒ වන විට ජයපැන් බීමෙන් “උජාර්වී සිටි නිසා විය යුතුය.

13 සංශෝධනයේ නීත්‍යනුකූල බව පිරික්‌සා බැලීම සඳහා පත් කරන ලද විනිසුරුවන් නව දෙනාගෙන් කෙනෙක්‌ විය වනසුන්දර මහතා. ඒ නව දෙනාගෙන් හතරදෙනකු එය නීත්‍යනුකූල බව කියා සිටි අතර වනසුන්දර මහතා ඇතුළු සිව්දෙනෙක්‌ එය නීත්‍යනුකූල නොවන බව කියා සිටියහ. පාරින්ද රණසිංහ නමැති විනිසුරුවරයා ඒ පැත්තටත් මේ පැත්තටත් නැතිව වැට උඩ සිටියේය. ඒ දිනවල පැවැති කට කතාවක්‌ නම් ඔහු දෙපැත්තටම පක්‍ෂව ඡන්දය දුන් බවයි. (පාරින්ද රණසිංහට ඊළඟ අගවිනිසුරුකම ලැබිණ) මේ අනුව විනිසුරුවරුන් පස්‌දෙනකු විසින්ම 13 නීත්‍යානුකුළ නොවන බව පිළිගෙන ඇති බව වනසුන්දර මහතාගේ නිගමනය වෙයි. එසේ අධිකරණය විසින් අනුමත නොකරන ලද 13 සංශෝධනයයි ඡේ. ආර්. ජයවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද්දේ. ඒ ක්‍රියාව නීතියට පටහැනි වෙයි.

වනසුන්දර විනිසුරුට අනුව මේ සංශෝධනය ඕනෑම වේලාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක්‌ මඟින් අහෝසි කළ හැකියි. ඒ සඳහා තුනෙන් දෙකක බලයක්‌ පවා අවශ්‍ය නොවේ. මේ අවස්‌ථාවේ රජය විසින් කළ යුත්තේ 13 කප්පාදු කරන බවක්‌ අඟවා ඉදිරිපත් කිරීම නොව එය අවලංගු කිරීමට කටයුතු කිරීමයි. ව්‍යවස්‌ථාවට පටහැනි මෙවැනි සංශෝධනයක්‌ තිබෙන්නට හැරීම භයානක පූර්වාදර්ශයක්‌ වෙයි. අද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට රොබට්‌ ඕ බ්ලේක්‌ සමඟ එක්‌වී ඔවුන් සතුව ත්‍රිකුණාමලේ තිබූ යුද කඳවුරු යළි ස්‌ථාපිත කිරීමට අවශ්‍ය සංශෝධනය මේ අනුව ගෙන ඒමට පාර්ලිමේන්තුව ලවා අනුමත කරවාගැනීමට ඉඩකඩ නැතැයි අපට කිව හැකියි. ඔවුන්ගේ වෙළෙඳපොළ අහිමි කිරීම මගින් එවැනි තර්ජනයක්‌ ගෙන ඒමට ඉඩක්‌ නොමැතිද? 13 ඔවුන් විසින් පූර්වාදර්ශයක්‌ ලෙස පෙන්වනු ඇත.

මේ අවජත ව්‍යවස්‌ථාවට අනුව කරනු ලබන පාලනයට එරෙහිව නැගිට සිටීමේ සදාචාරාත්මක අයිතියක්‌ ජනතාවට තිබේ.

13 සංශෝධනය අහෝසි කිරීමට ඇති අනික්‌ ප්‍රබල හේතුව නම් ඒ මඟින් පිහිටුවන ලද පළාත් සභා මගින් ජාතික ආර්ථිකයට කරනු ලබන විනාශයයි. ඒ පිළිබඳ දීර්ඝ විස්‌තරයක්‌ එස්‌. එල්. ගුණසේකර මහතා විසින් අර අතිරේකයට ලියන ලද ලිපියෙන් කර තිබෙනු දුටිමි.

13 අහෝසි කිරීමට ප්‍රබල හේතුවක්‌ පළාත් සභා වන අතර ඒ අහෝසි කිරීමට එරෙහිව නැගී සිටින ප්‍රබල බලවේගයද මේ පළාත් සභාවට අප විසින් වටහාගත යුතුයි.

උතුර – නැගෙනහිර සඳහා යෝජනා කරන ලද මේ පළාත් සභා, ඡේ. ආර්. ජයවර්ධන විසින් සෙසු පළාත් හත තුළ ඇති කරන ලද්දේ බලය විමධ්‍යගත කිරීම සඳහා නොව මධ්‍යගත කිරීම සඳහායි. සිය ඒකාධිපති බලය පරිධිය වෙත ගෙන යැමට අවශ්‍ය දේශපාලන මාෆියාව එමඟින් ගොඩනගා ගත හැකි බව ඔහු දුටුවේය. ඒ මාෆියාවට අවශ්‍ය නූගත් අධමයන් පිරිසක්‌ ඒ වනවිට රට ඇතුළේ පළාත්බදව දක්‌නට ලැබිණ. පළාත් සභා නමැති හතර මහ නිධානය පහළ කර එය කෑමට මේ අමනයන්ට අවස්‌ථාව සලසාදීම පමණි ඒ සඳහා අවශ්‍යව තිබුණේ.

අවුරුදු තිහක්‌ තිස්‌සේ මේ හතර මහ නිධානය කමින් ඊට අරක්‌ ගෙන ඇති මේ කුම්භාණ්‌ඩයන් ඒ හතරමහ නිධානය නැති කිරීමට ඉඩ දෙනු ඇද්ද? 13 සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව පෙරමුණ ගනු ඇත්තේ දෙමළ ජාතිවාදීන් නොව මෙන්න මේ ජාතිෙද්‍රdaහී අධමයනුයි. පොලිස්‌ බලතල, ඉඩම් බලතල මුලින්ම ඉල්ලා සිටියේ මේ අධමයන් බව අපි දුටිමු. අලුතෙන් පිහිටු වීමට යන සෙනේට්‌ සභාවට මේ පළාත් හතේ ඉන්නා ඇමැතිවරු හතළිස්‌ පස්‌දෙනා පත් කළ හොත් ඔවුන් මේ හතරමහ නිධානය කෑමෙන් අයින් කර ඔවුන්ගෙන් එල්ලවන විරෝධය ජයගත හැකිවනු ඇතැයි සිතමි.

අවසාන වශයෙන් කිව යුත්තේ 13 සංශෝධනය යනු ඉන්දියාව විසින් දෙමළ ජාතිවාදීන් පින වීම මඟින් මේ රට දෙකඩකර අවසානයේ මුළු රටම සිය ප්‍රාන්තයක්‌ බවට පත් කර ගැනීමට අටවන ලද උගුලක්‌ බවයි. ඒ සඳහා අවශ්‍ය සහාය බලලෝභයෙන් ආතුරවූ සිහළ ජාති ද්‍රෝහීන්ගෙන් ලබා ගැනීමටද ඉන්දියාව සමත් වී තිබේ. මෙවැනි ද්‍රෝහීන් අපගේ ජාතිය තුළ හැම කල්හිම උන් බව රහසක්‌ නොවේ.

ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය විසඳුම සඳහා දැන් රජය විසින් පාර්ලිමේන්තු තේරීම් මණ්‌ඩලයක්‌ පත් කිරීමට කටයුතු කර තිබේ. මෙහි අරමුණ කුමක්‌ දැයි අපි නොදනිමු. කෙසේ වුවද ඒ පිළිබඳව කරුණු දෙකක්‌ කියනු කැමැත්තෙමු. මේ පිළිබඳ ගෙනියනු ලබන සාකච්ඡා, වාද, විවාද පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පමණක්‌ සීමා විය යුතු නොවේ. ඒවා මහජනතාවටද විවෘත විය යුතුයි. රටේ, ජාතියේ ඉරණම විසඳීම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භාරදිය හැකි නොවේ. නායකයාට අස්‌වීමේ ලියුම ලියාදුන් සිය පැවැත්ම සඳහා නායකයා කියන ඕනෑම දේකට අත උස්‌සන, හෘද සාක්‍ෂියක්‌ නොමැති මොවුන් ගැන අපට හොඳ අවබෝධයක්‌ තිබේ. ඔවුන්ට රටේ ජාතියේ ඉරණම විසඳීමට ඉඩදිය නොහැකියි.

ඒ කොමිටිය ගන්නා කුමන තීරණයක්‌ වුව ක්‍රියාත්මක කිරීමට පෙර එය ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට භාජන කළ යුතු වෙයි. ඒ ජනතා විනිශ්චයට යොමු නොකර ගන්නා කුමන තීරණයක්‌ වුව ජනතා අනුමැතිය නොලැබූ තීරණයක්‌ ලෙස අපි සලකමු.

ආචාර්ය, ගුණදාස අමරසේකර

සභාපති, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

(ඉරිදා දිවයින පුවත්පතට ලියූවකි)

 

 

 

 

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s