නිළි ගණිකාවන් පෙන්න පෙන්නා ආතල් ගැනීම

කොළඹින් පිට පුද්ලගයින් කළමනානරුවන් ලෙස යොදා ගනිමින් තරුණ නිළියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වි තිබේ. ‍මෙසේ ගණිකා වෘත්තියේ නියැළෙන තවත් නිළියන් රැසකගේ තොරතුරු මේ වන විට පොලීසියට ලැබෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් රජයේ නිල වෙබ් අඩවියක් සඳහන් කරයි.

 

ටෙලි නාට්‍ය නිළියක් විසින් පවත්වා ගෙන ගිය  ගණිකා ව්‍යාපාරයක් වැටලීමට මිරිහාන පොලීසියට හැකිවූ අතර මෙම සතිය තුළ පමණක් ටෙලිනාට්‍ය නිළියන් සිව් දෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මීට පෙර සතියකද ටෙලි නාට්‍ය නිළියන් දෙදෙනෙකු බත්තරමුල්ල හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මිරිහාන පොලීසියේ විශේෂ ඒකකයේ නිලධාරියෙකු පැවසීය.

පොලීසියට ලැබුණු තොරතුරක් අනුව ඊයේ දිනද (13) ටෙලිනාට්‍ය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

රජයේ නියෝග මත පොලීසිය  මෙවැනි හෝටල් හා ගණිකා නිවාස වැටලීම අඛණ්ඩව  සිදු කරයි.

ඉහත ප්‍රවෘත්තියට සමාන ප්‍රවෘත්ති සහ තවත් තොරතුරු රාශියක් පසුගිය සතිය පුරාම විවිධ වෙබ් අඩවි වල සහ පුවත් පත් වල පලවූ ආකාරය අප දුටිමු. විශේෂයෙන් මෙම පුවත් පලවී මෙන් අනතුරුව කොමෙට් නමින් පල කරණු ලබන දෑ කියවීමෙන් අපට මහත් අපුලක් ඇති විය. මේ කොමෙන්ට් තනිකරම අමු තිත්ත කුණුහරුපය. මෙම ලිපි පලකරණු ලබන වෙබ් අඩවි තමන් විසින් ලියනු ලබන ලිපිය ලිවීමේ දී මාධ්‍ය සදාචාරයට ගරුකරමින් ලිපිය යම් තරමක් සංවරව ලියනු ලබයි. පසුව මෙම ලිපියට ලැබෙන පාඨක ප්‍රතිචාර කිසිස සංස්කරණයකින් තොරව පලකරණු ලබයි. මෙමගින් ඔවුන් අපේක්ෂා කරන්නේ අපි බොහොම ශිෂ්ඨ සම්පන්නයි. ඒත් අපේ පාඨකයන් අශිෂ්ඨයි. ඒකට අපි මක් කරන්නද මේ අශිෂ්ඨ පාඨකයන්ට ඕන දේවල් ලියන එක තමයි ශිෂ්ඨ සම්පන්න අපේ වගකීම වෙලා තියෙන්නේ. ඉතින් පාඨකයන් එවන ඔක්කොම කුණු හරුප කොමෙන්ට් තමන්ගේ වෙබ් අඩවියේ පල කරලා. තමන් ශූද්දවන්තයන් ලෙස අත පිසදා ගනිමින් බලා සිටිනවා.

මේ නිසා අපිට හිතෙන්නේ සයිටි එකේ ඇඩ්මින් මාර ශිෂ්ඨයයි. ප්‍රජාතන්ත්‍රවාදියි. පාඨකයෝ එවන ඕනම දෙයක් පල කරන්න තරම් මේ අය ප්‍රජාතන්ත්‍රවාදීයි කියලයි. එත් ඇත්තටම මෙවයේ ඇඩ්මින්ලා ශිෂ්ධ සම්පන්න නම් ඔවුන් ස්වයන් වාරනයක් ආචාරධර්ම පද්දතියක් හදා ගන්නවා. තමන්ගේ වෙබ් අඩවියේ පල කරන්නේ මෙවැනි ලිපි පමණයි. මෙවැනි අශ්ලීල කොමෙන්ට් අපි පල කරන් නෑ. අපි කරන්නේ මේ රටේ සමාජය වඩා හොද එකක් කරන්නට උත්සහ කිරීම මිස පවතින එකටත් වඩා නරක එකක් කරන්නට නෙමෙයි. නමුත් මෙම උදවියට තමන් කරන වැඩේ ගැනවත් අවබෝධයක් නැති නිසා හැම වෙලාවෙම උත්සහා කරන්නේ පුලුවන් තරමි ලිබරල් වෙනනයි.

ඒත් මෙි උදවිය දිගින් දිගටම වාර්ථා කරන්නේ සමාජයේ දූෂණ අක්‍රමිකතා පිළිබදවයි. නීතිය සහ ආධිපත්‍ය බිද වැටුන සමාජයක මොවුන් විලාප නගන්නේ යළි නීතියේ පාලනය ඉල්ලමින්ය. නමුත් මොවුන්ම මේ නීතියේ පාලනය යළි යළිත් කඩා බිද දමමින් අතල් ගන්නවා. එක් අතකින් මහා අනෙකාගේ පාලනයට එරෙහිව අභියෝග කරමින් අනෙක් අතින් මහා අනෙකාගේ පාලනය ඉල්ලා සිටිනවා. මේ විකෘත්තිය තමයි අද දවසේ ලංකාවෙි සමාජය මෙහෙයවන බලවෙිගය බවට පත්ව තියෙන්නේ. ඒ නිසා තමයි මොවුන් මෙවැනි ප්‍රශ්ණ අසන්නේ දැන් බඩු නිළියෝ වෙලාද නැත්නම් නිළියෝ බඩු වෙලාද? අපිටත් බැරි වෙයිද ෆෝන් නම්බර් එකක් හොයා ගන්න. තව ටික දවසකින් නඵවොත් පු දෙයිද?

නිළියන් ගණිකා වෘත්තියේ නියැලිලා මාටිටු උනාම මේ අයට මාර ආතල් එකක දැනෙනවා. ඒ මෙි හැමෝගෙම ආසාව අවිඥාණිකව තමන්ට කවදාවත් ලගා කර ගන්නට බැරි ලිංගික කුහක කමක් එක්ක සමිබන්ධ වෙන නිසයි. ඒ නිසා මෙහෙම ලිපි ලියන කොමෙන්ට් ලියන හැමෝම අවිඥාණිකව ආශා කරන්නේ මෙහෙම නිළියක් එක්ක නිදා ගන්න අවස්ථාවක් උදාකර ගන්නයි.

ඒත් මේ අයම භාෂා ලෝකය තුලදී සාකචිඡාවට ගන්නේ මේ ආශාවේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයයි. එතන දී තමයි අහන්නේ මේ උතුම් බෞද්ධ රට ඇමෙරිකාවේ කොලනියක් කරන්නද යන්නේ ගණිකා වෘත්තිය හොදයි කියනාවා නම් තමන්ගේ අමිමා අක්කත් විකුණපල්ලා. නොදකින් සංස්කෘතියක් නැති අවලමි බල්ලෝ .තොපි ආස ඇති මේ රටේ වසර දෙදහස් පන්සියයක සංස්කෘතිය නැති කරනවට වගේ කථාය.

එහෙම මේ රටේ සංස්කෘතිය ගැන පුරාජේරු ලියන ගමන්ම මේ රටේ බස් වල ගමන් කරණ කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු අතවරටය ලක් වෙනවා යැයි ප්‍රකාශ කරණවා. මේ පරස්පරතායන්ට හේතු සාධක ඉදිරියේදී අපි විසින් ඉදිරිපත් කරන්නෙමු.

සමහරක් විට මේ උදවියම ලිපි තමන් විසින් සම්මත යැයි පිළි ගන්නා විනය ගත රාමුව යටතේ ලියමින් ඔවුන් විසින්ම අශ්ලීල ආකාරයෙන් කොමෙන්ට් ලියනවා. බලන උදවියට මේ දෙදෙනෙකු යැයි ඒත්තු ගියත් මේ දෙකම ලියන්නේ එකම පුද්ගලයෙකු විසින්. ඉතින් මේ අය දිගින් දිගටම සමාජ යහපත වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වන්නට උත්සහා කළත් මේ අයගේ දෛනික අවශ්‍යතාවය වන්නේ කාගේ හෝ කුණු කන්දලයක් සොයා පල කාරීමෙන් විනොදයක් නැතිනමි වෙිදනා බර සතුටක් ලැබීමයි.

බටහිර රටවල ගණිකා වෘත්තිය නීතිගත කරණු ලැබ තිබෙන නිසා ඒ රටවල ගණිකාවන් සහ නිළියන් අතර බෙදුම් ඉර පැහැදිලියි. නිළියන් මිනිසුන් කොපමණ ගණනක් සමග නිදා ගත්තද ඔවුනට ගණිකවක් යැයි හංවඩු ගසන්නේ නෑ. එහෙම නම් අද වන විට මැඩෝනා ගණිකාවක් විය යුතුයි. නමුත් බටහිර සමාජය තවමත් ඇයට ආදරය කරන්නේ ගායිකාවක් ලෙසයි. මේ නිසා එම රට වල ගණිකා වෘත්තිය සේම නිළි වෘත්තියද තවමත් මනා ලෙස සිය වෘත්තීය භාවය රැක ගන්නට සමත් වී සිටිනවා.

ඉතින් තව දුරටත් මෙන්න තවත් නිළියක් ගණිකාවක් ලෙස අසුවුනා. ඇය රගපෑවේ මෙන්න මේ නාට්‍ය වලයි. උබලත් හදුනගෙන පුලුවන් නම් මෙන්න බඩුව ගහපල්ලා. අපිත් මේ ට්‍රයි කරන්නේ ඒකටම තමයි.

මෙවැනි ලිපි ඉදිරියටත් ඕනෑ තරම් ලියවිය හැකි අතර කැමති අයෙකුට මෙිවා බලා කැමති කැමති ලෙස ආතල් ගන්නට පුලුවන.

4 Comments

  1. Thats correct! Most of these people do not have money or connections to sleep with these actresses. I do not have trouble with their engagement on so called prostitusion. What about the people who pay money to sleep with them? What about our Cultural minister? Do anyone feel disgust about them. I did not see any comment about them.

  2. This is a very calculated move.
    There is a class of “powerful” people, common people do not like, they engage in horrible activity we are the common people don’t like. Government has to give some “red meat” for us, punish someone, before we go into street and ask for that, like in other counties. So why not go after “actresses” and “high class people” and use them and punish them, and feed them to us. This is sort of like feeding bread, when we are really hungry for rice. After we are full with bread, well, wont be interested in rice any more.

  3. සහතික ඇත්ත. කතාව එල කිරි

  4. අති විශිෂ්ටයි


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s