මංජු වන්නිආරච්චි රහස් පොලීසියට

 

 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බොක්සින් ක්‍රීඩාවෙන් රන් පදක්කමක් වසර 72කට පසු දිනූ මංජු වන්නිආරච්චි පසුව තභනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව මත වරදකරු කරනු ලදුව ඔභුගේ රන් පදක්කම අභෝසි කරනු ලැබීය. රන් පදක්කම දිනූ මොහොතේ එහි රස්නය යන්නටත් පෙරම ශ්‍රී ලංකාවට පැමිණි මංජු වන්නිආරචිචි තරම් ජාතික වීරයෙකු සොයා ගත නොහැකි විය. දුකසේ ගෙදර තිබුණු බයිසිකලය විකුණා නව දිල්ලි ගිය චින්තනගේ රිදී පදක්කම මංජුගේ රන් පදක්කමේ දිස්නයෙන් මැකී ගියේය. ඉන් පසු කොළඹ සිට මහනුවරට රථ ගමනේ වඩම්මනු ලැබු මංජු වන්නිආරච්චි පිළිබඳ මුලු රටම කථා කළහ.

 ඉන් පසු මංජු තහනම් උත්තේජක භාවිතා කිරීමට වරදකරු කරනු ලැබූ අතර ඔහුගේ රන් පදක්කම් ජයග්‍රහණය අත්හිටවනු ලැබීය. ඔහුට ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇතත් එයට මෙරට ක්‍රීඩා බලධාරීන් කිසිදු සහයෝගයක් නොදක්වන බවට ඔහු චෝදනා කරයි. ඔහු තරයේ කියා සිටින්නේ අභියාචනා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔහුට ඉන් නිවැරදිකරු වන්නට හැකියාව තිබෙන බවයි. ඔහුගේ අභියාචනය හරහා 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය මෙරටට ලබා ගැනීමේ ආණ්ඩුවේ වැඩසටහනට යම් බාධාවක් ඇතිවෙතැයි යන බිය නිසා මෙසේ ආණ්ඩුව කටයුතු කරන බවට ඔහු චෝදනා කරයි.

 තමන්ට දුරකථන මාර්ගයෙන් නිතර නිතර මරණ තර්ජන කරන බව පවසන ඔහු  තමන් අහේතුකව රහස් පොලීසියට ගෙනයාමත් කටඋත්තර ලබා ගැනීමත් මඟින් රට වෙනුවෙන්  ක්‍රීඩා කළ තමාට මෙලෙස අපරාධකරුවෙකුට ලෙස සැලකීම මඟින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි අදහා ගන්නට බැරි බව පවසයි. මේ නිසා තමන් ක්‍රීඩාවෙන් සමුගන්නට තීරණය කළත් එය අසාධාරණ නොවන බව ඔහු පවසයි.

ලංකාවේදී වීරයෙකු දොා්හියෙකු බවට පත් වන්නට ගත වන්නේ නිමේෂයකි. එදා ලංකාවේ මහා යුධ වීරයා වූ සරත් ෆොන්සේකා අද දොා්හියෙකි. එදාා පොදු රාජ්‍ය මණ්ඩලීය වීරයා වූ මංජු අද දොා්හියෙකි. මේ වීරයින් නොදන්නා සත්‍යය වන්නේ ලංකාවේ වීරයින්ට තවදුරටත් බිහිවන්නට අවකාශයක් නොමැති බවයි. මංජු කියන ආකාරයට ඔහු නිර්දොා්ෂීය. තම නිර්දොා්ෂීභාවය ඔප්පු කරන්නට අභියාචනා කරන්නට අවස්ථාව ලබා නොදීම හරහා සිය ක්‍රීඩා අනාගතය විනාශ කරන්නට බලධාරීන් උත්සාහ කිරීම අසාධාරණ බව ඔහු පවසයි. ඔහුට අනුව සිය තර්කය සර්ව සාධාරණය. නමුත් අනුන්ගේ ලණු කන්නට පෙර ඔහුටත් බොහෝ දේ සිතන්නට තිබුණි.

මංජුට ඩයන්ගේ ලණු කන්නට කළින් දෙවරක් සිතන්නට තිබුනි. ඔහු මේ අදහස් අප සමග පැවසුවෙි මීට ටික කළකට පෙරදීය. නමුත් එම තොරතුරු අප පල නොකර සිටියේ එවන විටත් ඔහු මාධ්‍යයට මේ සමිබන්ධයෙන් අදහස් දක්වා නොතිබුන බැවිනි. ඔහු ජාත්‍යයන්තර මාධ්‍ය වෙත පහත කරුණු දක්වනු ලැබීමෙන් අනතුරුව අප මෙම තොරතුරුද අනාවරණය කන්නට තීරණය කලෙමු. ඒ සමිබ්ධයෙන් ලංකා ටුරත් වෙබ් අඩවියේ පල වුයේ මෙපරිද්දෙනි.

2018 වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීමේදී තම අභියාචනය බාධාවක් වනු ඇති බව ලංකා රජයේ බලධාරීන් තමා වෙත දැනුම් දුන් බවට තහනම් උත්තේජක භාවිත චෝදනාවන්ට ලක්වූ මංජු වන්නිආරච්චි පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මංජු වන්නිආරච්චි 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනාගත් අතර තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනා මත කරන ලද පරීක්ෂාවන්ගෙන් පසුව ඔහුගේ රන් පදක්කම නැවත ලබා ගන්නා ලදි.

ඔහුගේ රන් පදක්කම නැවත ලබාගැනීමේ සඳහා නැවත අභියාචනයක් ඉදිරිපත් කර සිය නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට කටයුතු කිරීම මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් වැළැක්වූ බව වන්නිආරච්චි සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.   

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය හා ශ්‍රීලංකාවේ හම්බන්තොට නගරය 2018වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇත.

 මංජු වන්නිආරච්චිට අනුව ඩයන් යනු තවමත් ඔහුගේ එකම ගැලවුම් කරුවා වන බව පැහැදිලිය. නමුත් අප පෙන්වා දෙන සත්‍ය අවබෝධකර ගන්නට දේශපාලනිකව අවිඥාණික මංජු හට තවත් කල් ගත වනු ඇති බව පැහැදිලිය.  ක්‍රීඩාව දේශපාලන බල අධිකාරිය තම හිතුමතේ  තමන්ට අවැසි ලෙස පාවිච්චි කරනවා නම් 2018 දී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලංකාවට ලැබුණු පසු ක්‍රීඩා කරන්නට ක්‍රීඩකයන් වෙනුවට දේශපාලකයින්ම යොදා ගත හැකිය.

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s