ආඩම්බරකාර තාත්තාගේ අනාථ දරුවෝ

පසුගිය දවසක ළමා නිවාසයක ඇතිවූ ගින්නකින් එම ළමා නිවාසයේ සිටි දරුවකු මරණයට පත්වීම සම්බන්ධයෙන් පුවතක් අපට වාර්ථා විය. එමෙන්ම වැලිකඩ  න්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් පැවැත්වූ මත්පැන් සාදයක් පිළිබදව ද අපට තොරතුරු අසන්නට ලැබුනි. ළමා නිවාස හා බන්ධනාගාර සම්බන්ධයෙන් අසන්නට ලැබුනු තවත් ප්‍රවෘත්තියක් මෙපරිදි විය.

රජය වර්තමානය වන විට සිරකරුවකුට දිනකට රුපියල් 333 ක් වියදම් කරද්දී ළමා නිවාසවල සිටින එක් ළමයෙකුට වැයකරනු ලබන්නේ රුපියල් 20 ක් බව වාර්තා වේ.
මසකට රුපියල් 10,000 ක් සිරකරුවෙකු වෙනුවෙන් වැය කරන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව් කොඩිප්පිලි මහතා ස්ථිර කළේය.
එසේම පරිවාස හා ළමා රක්‍ෂණ අධිකාරියේ සේවා දෙපාර්තමෙන්තුවේ ළමා හිමිකම් වර්ධන නිලධාරී රසිකා ජයතුංග මහත්මිය ප‍්‍රකාශ කළේ ළමා නිවාසයක දරුවෙකු වෙනුවෙන් පළාත් පරිවාස දෙපාර්තමේන්තුව ළමයෙකු වෙනුවෙන් මසකට වැය කරන්නේ රුපියල් 600 ක් තරම් ඉතා සුළු මුදලක් බවයි.

මේ අතර, මෙරට ළමා නිවාස අතුරින් ලියාපදිංචි නොවූ ළමා නිවාස 65ක් ඇති බවට හෙළිවී ඇති බව පරිවාස හා ළමා රක්ෂක සේවා කොමසාරිස් සරත් අභයගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
එවැනි ළමා නිවාස ලියාපදිංචි කරන ලෙස හෝ වසා දමන ලෙසට තමා පළාත් පරිවාස කොමසාරිස්වරුන්ට උපදෙස් දී ඇති බවත් ඔහු පැවසීය. මේ තොරතුරු හොදින් නිරීක්ෂණය කර බලන විට අපට අවබෝධ වන පැහැදිලි සත්‍යයක් වන්නේ ලංකාවේ පවත්න්නේ සියල්ල උඩුයටිකුරු වීමේ විකාරරූපී වුණ සමාජයක් බව නොවෙද? සිර ගෙවල් නැතිනම් බන්ධනාගාර පුනරුත්තාපන මධ්‍යස්ථාන බවට පත් කරන්නට තමන් අපේක්ෂා කරණ බව ජනාධිපතිතුමා ලගදී දවසක කීවා අපට මතකය. ඒ අනුව දැනට තිබෙන හිර ගෙවල් ලගදීම දවසක් පුනරුත්තාපන මධ්‍යස්ථාන බවට පත්වනු ඇත. එනමි සියලු බන්ධනාගාර වල බෝඩ් ලෑලි පුනරුත්තාපන මධ්‍යස්ථාන බවට වෙනස් කරන්නට ලොකු උත්සවයක් පවත්වා ජනාධිපතිතුමා එහි ප්‍රධාන ආරාධිතයා බවට පත්වනු ඇත. පසුව යළිත් නමින් පුනරුත්තාපන මධ්‍යස්ථාන තුල සුපුරුදු පරිදි පැරණි අපචාර ක්‍රියාවන් දිගටම සිදුවනු ඇත. මෙයත් හරියටම ලංකාව දකුණු ආසියාවේ ආශ්චර්ය බවට පත්වන කථාවට සමාන කතාවක් නැත්නම් නැවි එන්නේ නැති
හම්බන්තොට වරායක් ක්‍රිකට් නොගහන සූරිය වැව ක්‍රීඩාංගණයක් බවට පත්වනු ඇත. සමාන්‍යයෙන් නීතියේ මුලික නියමයන්ට අනුව යම් වරදකට යම් අයෙකුට දඩුවම් පමුණවනු ලබන්නේ අරමුණ්ු කිහිපයක් ඉටුකර ගැනිමේ චේතනාවෙනි. කළ වරදට විපාක විදවීමට අවස්ථාවක් ලබා දීම,සමාජ සංස්තතිය යහපත්ව පවත්වා ගෙන යන්නට බාධා පමුණුවන දරුණු ගණයේ අපරාධකරුවන් සමාජයෙන් වෙන්කොට තැබීම, සමාජයේ වෙසෙන අන්අයට ආදර්ශයක් ලබාදීම යන කාරණා දඩුවම් ලබාදීමේ ද්විතියික කාරණා වශයෙන් අපට සලකන්නට පුලුවන. නමුත් යම් පුද්ගලයෙකු බන්ධනාගාර ගත කිරීමේ මූලිකම අරමුණ වන්නේ යළි යහපත් පුරවැසියෙකු වශයෙන් සමාන්‍ය සමාජය හා සම්මිශ්‍රණය කලහැකි මට්ටමට පුනරුත්තාපනය කිරීමයි. කොටින්ම මේ පුනරුත්තාපනය හරහා වරදකරුවන්ගේ චරිතශෝධනයට ලක් කිරීම කල යුතුය. ජනාධිපතිතුමාට ඇත්තටම බන්ධනාගාර පුනරුත්තාපන මධ්‍යස්ථාන බවට පත් කරන්නට අවශ්‍ය නම් කරන්නට ඇත්තේ හරිම සරල වැඩකි. බන්ධනාගාරතුල සිරකරුවන්ට ප්‍රථමයෙන්
බන්ධනාගාරතුල සිටින නිළධාරීන් පුනරුත්තාපනය කිරීම කළ යුතුය. ඉන් අනතුරුව දැඩිව දේශපාලනීකරනයට නතුව තිබෙන අධිකරණ පද්දතිය ඉන් මුදවා ගත යුතුය. පසුව මේ රටේ විහිලුවක් බවට පත්ව තිබෙන නීතිය හා ආධිපත්‍ය යළි ස්ථාපිත කරනු ලබන්නේ නම් නිකම්ම බන්ධනාගාර පුනරුත්තාපන මධ්‍යස්ථාන බවට පත් කරන්නට හැකිය. නමුත් පැහැදිලිවම නරුමවාදය සමාජ භාවිතාව බවට පත්ව තිබෙන රටක ජනාධිපතිරයාගේ සිට පහළම පුද්ගලයා දක්වාම වන්නේ කුමක් දැයි දන්නා නමුදු නොදන්නවා සේ ඉන්නට පුරුදු වී තිබෙන නිසා සැවොම කටට එන මොකක් හෝ ඒ වෙලාවට කියා ශේප් වන්නට පුරුදුව සිටියි. මේ රට දකුණු ආසියාවේ ආශ්චර්ය වන්නේ නැති බව ආණ්ඩුපක්ෂයත් දන්නවා සේම ජනතාවත් මෙය හොදින් දනී. නමුත් සැවොම එය නොදන්නවාසේ හිදිමින් ආශ්චර්යයේ නාමයෙන් පුංච් පුංච් ආතල් ගනිමින් සිටියි.

මෙයට සමගාමීව ළමා නිවාස වල දරුවන් අන්ත දුක් විදින බව මේ රටේ ආඩම්බරකාර තාත්තාගේ සිට සැවොම දනී. ළමා නිවාස වල දරුවන් විවිධාකාරයෙන්  පයෝජනයනට ලකවන බව ප්‍රසිද්ධ රහසකි. මේ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී අවසන්ය. ඔවුන්ගේ ළමා කාලය ඔවුනට අහිමි කර අවසන්ය. ළමා නිවාස යනු නිළ මට්ටම්න් ළමා ගණිකාවන් සපයන ආයතන බවට පත්කර අවසන්ය. මේ අප කියන හැම දෙයක්ම නොදන්නා කෙනෙකු මේ රටේ හොයා ගන්නට අමාරුය. හැවොම දන්නා මේ දේවල් දිගින් දිගටම මේ ආකාරයෙන්ම අනවරතව සිදු වන්නේ ඇයි? මේ සියල්ල මෙහෙම වන බව දැන දැනම දැයේ ආඩම්බරකාර තාත්තා ජනමාධ්‍ය සංදර්ශණ පවත්වමින් දරුවන් ඉබිති.සොටු පෙරාගෙන අඩන දරුවන් බදා ගනී. ඒ තාත්තා පළමු පුර වැසියා වූ මේ රටේම තවත් තැනක ළමා නිවාස තුල අහිංසක දරුවන් අපයෝජනයට ලක්වේ.

මේ සියල්ල මෙහෙම සිදු වන්නේ මේ රටේ නිවරදි දේශපාලන ව්‍යාපාරයක් නොමැති කමිනි. අංගවිකල ධනවාදයක් තුල දේශපාලන කොටලුවන් තටිටු මාරු ක්‍රමයට බලයට පත්ව මුලු රටම විනාශ කරදමති. ජනතාව හෙවත් බුද්ධිමත් ඡන්දදායකයා කිරි පුස්සාට පසු පැගිරාවත් පැගිරාට පසු ආයෙමත් කිරි පුස්සාවත් දේශපාලන සෙක්කුවේ බදිමින් බකන් නිලාගෙන සිටිති. මෙහෙව් රටක් වෙනස් කිරීම ලෙහෙසි සෙල්ලමක් යැයි යමෙකු සිතනවා නම් එක්කො ඔහුට අමුකැවිලා විය යුතුය. දේශපාලනය යනු ඡන්දය ඉල්ලීම පාරවල් හැදීම පන්සල් වලට සල්ලි බෙදීම වාචාල කතා කීම වැනි සරල කාරණා වලට ලඝු කරන්නට පුලුවන් නම් දැනටමත් ඒ සදහා ඕනෑවටත් වඩා උදවිය මේ රටේ සිටිති. නමුත් දේශපාලනය යනු පවතින සමාජ ක්‍රමයට වඩා යහපත් සමාජයක් ගොඩ නැගීම උදෙසා කැප වීම යනුවෙන් කල්පනා කරණ විට එය සිතන තරම් පහසු නැති බව අප දන්නා නිසා දේශපාලන රේස් දුවන්නට අව්‍යශ්‍ය නැත. වෙනත් රටක් නොව වෙනස් රටක් උදෙසා දේශපාලනය කිරීමේ දී ඉවසීම ප්‍රගුණ කිරීම පළමු ව්‍යයාමයයි. මේ නිසා අනාථ නිවාස වල දරුවන් වෙනුනේ වියදම් කරණ මුදල සිරකරුවකුට වියදම් කරණ මුදලට වඩා අඩු යියි පැවසීමෙන් පෙන්වන්නට හදන යථාර්තයට වඩා වැදගත් වන්නේ මනුෂ්‍යයන් වූ සිරකරුවන් සේම දරුවන් වූ අනාතයන් ද රකින්නට හැකි සැබෑ වෙනසක් ඇති කිරීමය. එය කරුණා රජ ගෙදර ජෙනරාල් හිර ගෙදර යැයි පවසන ලාබ දේශපාලන සටන් පාඨ හරහා හෝ දකුණු ආසියාවේ ආශ්චර්ය මගින් හෝ කරන්නට නොහැකි බව පැහැදිලිය.

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s