ඔහු සිංහල ඇය දෙමළ නිසා…

පසුගිය සතියේ
අපි ලංකාවේ ජාතික පත්තර දෙකක දේශපාලන ලියුම්කරුවන් දෙදෙනෙක් එකම සිද්ධිය වාර්තා
කරපු ආකාරයේ සමානකම ගැන තොරතුරු ඉදිරිපත් කළා. ඒ ගැන අපේ පාඨකයන් අතරේ සෑහෙන
උනන්දුවක් ඇතිවී තිබුණ බව අපට ලැබුණ ප්‍රතිචාර වලින් පෙනී ගියා. ඒ වගේම ජාතික
පත්තරවල වැඩ කරන සහ කලින් වැඩකර දැන් ඉවත්වී අළුතින් පටන් ගැනීමට නියමිත මාධ්‍ය
ආයතනයකට සම්බන්ධ වී සිටින කිහිප දෙනෙක් ම මාධ්‍ය ආයතන වල නොපෙනෙන පැත්ත ගැන
තොරතුරු රාශියක් අප වෙත ලබා දෙමින් සිටිනවා. කෙසේ වුවත් අප එම තොරතුරු ඉදිරියේදී
පළ කරන්නේ අපගේ ම ස්වාධීන ආරංචි මාර්ග වලින් තහවුරු කරගත් පසුව පමණයි. ඒ මන්ද යත්
මාධ්‍යකරුවන් අතර ඇති ආරවුල් හේතුවෙන් එකිනෙකාට පහර ගැසීමට අපගේ කොලම තුළ ඉඩ දීමට
අප බලාපොරොත්තු නොවන නිසායි.

මෙවර අපි
ඉදිරිපත් කරන්නේ දිවයින ඉරිදා සංග්‍රහයේ සේවය කරන මාධ්‍යවේදියෙකුවන සමන් ගමගේ
නැමැත්තා ගේ අරුම පුදුම මාධ්‍ය භාවිතාවයි. මේ සමන් ගමගේ දොම්පේ පොලිසියේ අතඩංගුවේ
සිටියදී මියගිය තරුණයාගේ මරණය සම්බන්ධව ඔක්තෝබර් 2 දින ඉරිදා දිවයින පත්‍රයට නඩු විසඳන
පොලිසිය නමින් ලියා ඇති විශේෂාංගයක් අප මෙහි උපුටා දක්වනවා. එතැනදී ඔහු පෙන්නුම් කරන
ජනතාවාදය සහ පොලිසිය ක්‍රියා කරන් ආකාරය ගැන ඔහු දක්වන විරෝධය මේ ලිපිය කියවූ විට
ඔබට පැහැදිලි වේවි.

ඊළගට අප පළ
කරන්නේ 2011 ජුනි 12 සහ 19 දිනවල ඉරිදා දිවයිනට
ක්‍රිෂාන්ති කුමාරස්වාමි නම් දෙමළ ජාතික පාසල් සිසුවිය දූෂණය කර මරා දැමූ බවට
චෝදනා එල්ලවී, කොළඹ
මහාධිකරණයේදි විනිසුරු තුන් කට්ටුවක් විසින් නඩු අසා වැරදිකරුවා බවට තීරණය වී මරණ
දඩුවම් නියම වී සිටින හමුදා සෙබළා පිළිබදව එදා රණවිරු මෙදා සිරකරු යන තේඅමාව යටතේ
සහ චෙම්මිනි මුරපොළේ සිට පෝරකය දක්‌වා…!යන තේමාව යටතේ ලියන ලද ලිපි දෙකකුයි.
එහිදී ඔහුගේ අනුකම්පාව එල්ලවන්නේ වින්දිතයා වෙත නොව ඝාතකයා වෙතටයි.

එසේ වන්නේ ඔහු
සිංහල, ඇය දෙමළ නිසා
ද?

නඩු විසඳන
පොලිසිය

නන්නාඳුනන්නෙකු
වූ හේ කතාව පටන් ගත්තේය. ඔහු කී ඒ කතාව මෙසේය. එකමත් එක රටක දොම්පේ පොලිසිය කියා
පොලිසියක්‌ තිබිණි.

මේ පොලිසියේ
ධර්ම චක්‍රයෙන් දෙඋර සැරසූ නිල ඇඳුම් හැඳ සිටි සත්ගුණවත් නිලධාරින් කණ්‌ඩායමක්‌
දවසක්‌ ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ජීප් රථයක හිඳුවාගෙන බොහෝ පරිස්‌සමට පොලිසියට
රැගෙන ආහ.

පොලිසියට
රැගෙන ආ තරුණයන් අතින් අල්ලා බිමට බැස්‌සවූ පොලිස්‌ නිලධාරින් විනීත ලෙස ඔවුන්
අමතන්නට විය.

“මල්ලිලා යමු
ඇතුළට.. එක්‌ පොලිස්‌ නිලධාරියකුගෙන් තරුණයන් දෙදෙනාට කාරුණික ආරාධනයකි. ඒ සමගම
තවත් නිලධාරියකු පොලිසිය තුළට දිව ගොස්‌ පුටු දෙකක්‌ ගෙනවිත් තරුණයන් දෙදෙනාට ආසන
පහසුකම්ද සැලසීය.

ටික වේලාවකදී
තරුණයන් දෙදෙනාට ප්‍රනීත තේ කෝප්ප දෙකක්‌ද ලැබිණි. “බලපන් මචං මේ මහත්තුරු
කොච්චර හොඳද.. ලැබුණු තේ එක බොන අතරේ එක්‌ තරුණයකු අනෙකාගේ කණට කොඳුරා කීවේ මහත්
සතුටිනි. “හම්ම්… ඔහුද එය අනුමත කළේය.

තරුණයන්
දෙදෙනා තේ කෝප දෙක පානය කර අවසන් වෙත්ම තවත් පොලිස්‌ නිලධාරියකු පැමිණ වහා තේ
කෝප්ප දෙක ඔවුන් අතින් ගෙන අසල වූ පයිප්පයකින් සෝදා පොලිසිය තුළට ගෙන ගියේය.

ඒ සමගම පොලිසය
තුළ සිටි ලොකු මහත්තයෙක්‌ තරුණයන් වෙත එන්නට වූයේ මුහුණ පුරා වූ ප්‍රශන්න සිනහවක්‌ද
සමගිනි.

තරුණයන් වෙත ආ
හේ එකෙකුගේ හිසද අතගාමින් අසල වූ පුටුවක්‌ ගෙන ඔවුන් ඉදිරියේ වාඩි වී ආගිය තොරතුරු
කතා කරන්නට වූවේය.

“මේ මල්ලිලා
දන්නවද දන්නේ නැහැ.. පහුගිය දවස්‌වල මල්ලි මේ පැත්තේ හරියට හොරකම් වගයක්‌ වුණානේ..
මල්ලිලා මුකුත් දන්නේ නැතුව ඇති නේද?..

“මල්ලිලා දන්නේ
නැතුව ඇති කියලා මට නිකමට හිතුනා.. ඒත් මම ඔයාලව එක්‌කගෙන එන්න කියලා අපේ කට්‌ටියට
කිව්වේ මොනව හරි දෙයක්‌ දන්නවද කියලා බලන්න..

කතාව අතරේ
පොලිස්‌ මහත්තයා තරුණයන් දෙනොගෙන් එසේද විමසීය.

“පිස්‌සුද
අයියේ.. මොකද අපි නොදන්නේ.. අපිනේ ඒවා කළේ.. අයියා ඔහොම අහනකොට අපි කොහොමද බොරු
කියන්නේ.. අපේ තව යාලුවෙකුත් ඒවා කරනකොට අපිත් එක්‌ක හිටියා.. එයා ඉන්නේ අර.. පට්‌ටිවිල
කියල ගමක්‌ තියෙන්නේ අන්න එහේ..

“අනේ.. කොච්චර
හොඳ මල්ලිලා දෙන්නෙක්‌ද.. සාජන්.. මේ මල්ලිලා දෙන්නට කන්න මුකුත් දීලා ඔය මෙයාල
කියන යාලුවවත් ගිහින් පොඩ්ඩක්‌ එක්‌කගෙන එනවා..

තරුණයන්
දෙනොගේ මුහුණු සනීපෙට අතගෑ ලොකු පොලිස්‌ නිලධාරියා සෙසු අයට එසේ පවසා එතැනින් ඉවත්
වූවේය. ඒ සමගම ඔවුන් දෙදෙනා පොලිසිය තුළට ගෙන ගොස්‌ කෑම මේසයක හිඳුවා හොඳ කෑම
වේලක්‌ද පිරිනැමු පොලිස්‌ නිලධරින් තරුණයන්ගේ ආරක්‍ෂාවටද එකෙකු රඳවා ඔවුන්ගේ මිත්‍රයා
රැගෙන එන්නට ගියහ.

පොලිස්‌
නිලධාරින් පට්‌ටිවිලට යන විටත් රෑ බෝ වී තිබුණේය. ඒ වන විට තරුණයන්ගේ මිතුරා සිය
බිරිඳද සමග නිවසේ වූවේය. ඒ නිවසට ගිය පොලිස්‌ නිලධාරින් එහි සිටි තරුණයන්ගේ
මිතුරාට කතා කරන්නට වූහ.

“අනේ මල්ලි අපේ
ලොකු මහත්තයා කිව්වා ඔයාව පොඩ්ඩක්‌ එක්‌කගෙන එන්න කියලා.. යමුද අපිත් එක්‌ක
පොඩ්ඩක්‌ පොලිසියට ගිහින් එන්න..

පොලිස්‌
නිලධාරින්ට කියන්නට ලැබුණේ එපමණකි.. “පිස්‌සුද ඕයි තමුසෙලාට.. මේ මහ රෑ මගේ
මනුස්‌සයා එක්‌කගෙන යන්න හදන්නේ.. යනවා.. යනවා.. ගිහින් හෙට උදේට එනවා.. සැණෙකින්
නිවස ඉදිරිපිටට පැමිණි එම තරුණයාගේ බිරිඳ එසේ ගෝරනාඩු කරන්නට වූවාය.

එහෙත් පසුව
පොලිස්‌ නිලධාරින් ඒ තරුණයාද බොහෝ පරෙස්‌සමට පොලිසියට රැගෙන ආවේය. සුපුරුදු ප්‍රනීත
සංග්‍රහයන් ඔහුටද ලබා දෙන්නට පොලිස්‌ මහත්වරුන් පියවර ගත්තේය.

ඒ අතරේ ලොකු
මහත්තයා පැමිණ එකී තරුණයා සමගද සුහද කතාබහක යෙදෙන්නට වූවේය.

“අනේ.. ඔව්
අයියේ.. මගේ යාලුවොත් එක්‌ක මමත් හිටියා තමා.. මම එක තැනකින් හොරකම් කරපු වතුර
මෝටරයක්‌ නම් ගෙරගදරත් තිබුණා.. තව බඩු වගයක්‌ අර දෙකටන කියන්නේ.. අන්න ඒ පැත්තේ
කෙනෙක්‌ට දීලා තියෙනවා.. අයියලා කවුරු හරි එනව නම් යමු මම ඒවත් අරගෙන දෙන්නම්..

ලැබෙන කාරුණික
සංග්‍රහ හමුවේ මුනිවත රැකිය නොහැකිව ඔහුද ලොකු මහත්තයාට එසේ කියන්නට විය.

“ඔයාලා නම්
හරිම හොඳ මල්ලිලා ටිකක්‌ මල්ලී.. බලන්න මේවා හොයා ගත්තේ නැත්නම් මගේ රස්‌සාවටත් ප්‍රශ්නයක්‌..
මේ සාජන් මහත්තයා කට්‌ටිය මේ මල්ලිවත් එක්‌ක ගිහින් ඒ බඩු ටික අරගෙන එනවා..

අනිත් දෙන්නා
නිදිද කොහෙද.. පව් වැඩේ කොල්ලෝ දෙන්නට මහන්සි ඇති.. එයාලා එහෙම හිටපුදෙන් මේ මල්ලි
එක්‌ක ගිහින් එනවා..

අවසානයේ එසේ
කී පොලිස්‌ මහත්තයා යළි පොලිසිය තුළට යද්දී සාජන් ඇතුළු සෙසු නිලධාරින් දෙවනුව
කැඳවාගෙන ආ තරුණයාද පරිස්‌සමට ජීප් රථයේ නංවාගෙන ඔහු කියන බඩු රැගෙන එන්නට දෙකටන
දෙසට යන්නට වූවේය.

දැන් පොලිස්‌
පිරිස හා තරුණයා සිටින ජීප් රථය වේගයෙන් මහ මාර්ගයේ ඉදිරියට ඇදී යමින් තිබේ. ඒ
අතරේ එක්‌වරම සිදු වූයේ පොලිස්‌ නිලධාරින් සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූවකි.
මෙතෙක්‌ ඔවුන් සමග ඉතා මිත්‍රශීලීව සිටි තරුණයා පිස්‌සුවක්‌ තද වීදොa ජීප් රථයෙන් බිමිට
පැන්නේය.

ඒ සමගම හේ මහ
මග ඇද වැටිණි. ජීප් රථයේ රියෑදුරා වහා රථය නැවතීය. සැනෙකින් ඉන් බැසගත් පොලිස්‌
නිලධාරින් තරුණයා වෙත ගියේය. ජීප් රථයෙන් පැන මහමග ඇද වැටුණද ඒ වන විටත් තරුණයා
හොඳ සනීපෙන් සිටියේය.

“ඇයි මල්ලී..
මොනවද මේ කළේ.. බිම වැටී සිටි තරුණයාගෙන් කාරුණිකව එසේ විමසූ පොලිස්‌ නිලධාරිහු
පසුව ආදරෙන් ඔහුව ඔසවා යළි ජීප් රථයේ ඉන්දවූහ.

ඒ සමගම යන ගමන
නැවතූ පොලිස්‌ නිලධාරින් යළි ජීප් රිය හරවා තරුණයාද සමගින් පොලිසිය වෙත ආවේය.
පොලිසියට පැමිණීමෙන් පසු මේ තරුණයාට සිහි නැති වුවේය. වහා ක්‍රියාත්මක වූ පොලිස්‌
නිලධාරින් ඉතාම කාරුණිකව තරුණයා රෝහලකට රැගෙන ගියේය.

සමහර
නිලධාරියකුගේ දෙනෙතේ කඳුළුය.. ඒ ජීප් රියෙන් පැන සිහිසුන් වූ තරුණයා කෙරෙහි උපන්
දුකිනි. එහෙත් අවාසනාවකි මේ තරුණයා රෝහලේදී මිය ගියේය. අවසානයේ රෝහලට පැමිණි තම
දරුවාගේ පණසුන් දේහය දුටු තරුණයාගේ පියා දුක වාවාගත නොහැකිව හෘදයාබාධයක්‌ වැළඳී
අසාධ්‍යව ඒ රෝහලටම ඇතුළත් කළේය.

ඔහු එතැනින් ඒ
කතාව අවසන් කළේය. එහෙත් පසුදාට පහන් වන විට මේ කතාවේ වූ දොම්පේ පොලිසිය වට කර ගත්
ගම්වාසීහු පොලිසියට “අම්බානට” නෙලූහ.

ඒ ගැහිල්ල
කෙසේදැයි කිව හොත් දොම්පේ පොලිසියේ සිටි සත්ගුණවත් නිලධාරින් හිස්‌ ලූ ලූ අත දිව
යද්දී ගම් වාසීන් දෙදෙහසක්‌ පමණ එක පොදියට එක්‌ව පොලිසිය කුඩු කර එය ගිනි තබා
හලුකර දමන්නටද විය….

එම ගම් වාසීහු
කොතරම් හරිද? වැරදිදැයි අපි
නොදන්නෙමු. එහෙත් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ බොහොමයකදි අගතියට පත්වන
පාර්ශ්ව වෙනුවෙන් පළමුව පෙනී සිටින්නේ ජනතාවය.

සිද්ධියේ හරි
වැරද්ද ගැන තැකීමක්‌ නොකරන ඔවුහු නීතිය අතට ගෙන “පිස්‌සු නැටීම”
සම්බන්ධයෙන් අපටද විවේචන ඇත්තේය. එහෙත් ජනතාවට නීතිය අතට ගැනීමට සිදුව ඇත්තේ මේ
රටේ ඇති නීති රීති බොහොමයක්‌ කන්න ඕනෑ වූ විට “කබරගොයා තලගොයා කර
ගැනීමේ” න්‍යායෙන් ක්‍රියාත්මක වන බැවින්ය.

පෙරේදා රැයේ දොම්පේ
පොලිසියේ අත්අඩංගුවේ සිටියදී මිය ගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් දැන් දොම්පේ
පොලිසියේ මහත්වරුන් රටට කියන්නේ ඉහත අන්දමේ කථාන්දරයකි.

මේ මහත්වරුන්
එය කියන්නේ දොම්පේ ජනතාවට රෑ නිදිමරා සේවය කරන්නට ගොස්‌ ඇද වැටී තිබෙන ගිනිගෙඩියක්‌
හමුවේ බවද අපි දන්නෙමු.

එහෙත් දොම්පේ
පොලිසිය එසේ කියද්දී ඒ පිළිබඳ අපට කියන්නට ඇත්තේ “අනේ අපි නොදන්න
පොලිසිය” කියා පමණකි. මන්ද දොම්පේ පොලිසිය කියන ඒ කතාව එතරම්ම මානුෂීය වූවක්‌
සහ පොලිසියකදී මෙවන් අවස්‌ථාවක සිදුවන දැ අප හොඳින්ම දන්නා බැවිනි.

මේ රටේ
පොලිසියකට හොරෙක්‌ තක්‌කඩියෙක්‌ රැගෙන ආ විට ඌට සීනි බෝල කන්නට දී කළ දේ අහන්නට
යෑයි මෙහිදී අපි පොලිසියට නොකියන්නෙමු. එහෙත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණ
ඉදිරිපත් කිරීමේ නිශ්චිත ක්‍රම වේදයක්‌ නීතියේ තිබේ. පොලිසිය මේ ක්‍රමවේදයෙන්
බැහැරට ගොස්‌ නඩුකාර හාමුදුරුවන්ගේ රාජකාරිය කරන්නට ගිය සිදුවන නස්‌පැත්තිය ගැන
අමුතුවෙන් කිවයුතුද නොවේ.

පොලිසිය කියන
ආකාරයට මේ මිය ගිය තරුණයා සොරකම් කර ඇත්තේ වතුර මෝටරයකි. උපරිමයෙන් ගත හොත් එහි
වටිනාකම රුපියල් තිස්‌ දහසක්‌ පමණ විය හැකිය.

අද කාලය සමග
ගත් කල එය සොච්චමකි. එහෙත් එවන් සොච්චම් වටිනාකමක්‌ හමුවේ මිල කළ නොහැකි තරුණ
ජීවිතයක්‌ වැනසී යැම නම් සිදු නොවිය යුත්තකි.

මේ අප කියන්නේ
වටිනාකම බලා පොලිසිය සොරුන් අත්හැරිය යුතුය යන්න නොවේ. මෙවන්a දේ පොලිසියක්‌ තුළ
නොවිය යුතුය යන්නම පමණි.

ගොල්ෙµaස්‌ පිට්‌ටනියට
ගෙනවිත් ගල් ගසා මරා දැමිය යුතු තරමේ රටේම ආර්ථිකයට වින කරන මහා කම්බ හොරුන්
යෙහෙන් වැජඹෙද්දී මෙසේ සිදුවීමද එක්‌ අතකින් ගැටලුවකි.

කාලයක සිටම
අපේ පොලිසිය ඉදිරියේ සටහන්ව ඇත්තේ අඳුරු කලු පැල්ලමකි. ඊට වගකිව යුත්තෝ බොහොමයක්‌ම
වෙති

ගැහැණියකට
ලොල්වී තරුණයන් දෙදෙනකුට දස වධ දී අමු අමුවේ මරා දැමූ අඟුලාන පොලිසියේ ස්‌ථානාධිපති
ඇතුළු සිව් දෙනකු ඒ කළ පාපයට මරණිය දණ්‌ඩනයට යටත් වූයේ නොබෝදාය. එහෙත් ඔවුන් එල්ලා
මරා දැමුවද නොදැමුද එදා වූ සිද්ධියෙන් පොලිසියට සිදුවූ හානිය අති දැවැන්ත එකක්‌ බව
අමුතුවෙන් කිව යුතු නොවේ. කලකට ඉහත ගල්කිස්‌ස මුහුදේදී දෙනෝදාහක්‌ බලා සිටියදී
උන්මත්තකයකුට පොලු පහර දී ම්ලේච්ඡ ලෙස දියේ ගිල්වා මරා දැමුවේද අපේ පොලිසියේම
මහත්මයෙකි. ඒ දිනවල එය රටම කම්පනයට පත් කළ සිදුවීමක්‌ද විය. මේ අන්දමින් පොලිසියේ
මහත්වරුන් අතින් සිදුවූ යම් යම් දැ හමුවේ පසුගිය කාලයේ රටේ ජනතාවගේ මානසිකත්වය
තිබුණේ පොලිසිය යනු සාතන්ගේ අඩවියක්‌ ලෙස දකින තැන දක්‌වාම ඇදී ගොසිනි.

එහෙත් ටික කලක
සිට යළි යථාවත් වී මෙරට පොලිසි තුළින් එවන් දේ වාර්තා නොවෙන තත්ත්වයක්‌ නිර්මාණය
වෙමින් තිබුණද දැන් නැවතත් එය ඉස්‌මතු වන බවක්‌ පෙනෙන්ට තිබේ.

එකී තත්ත්වයේ
ආසන්නම සිදුවීම වන්නේ පෙරේදා දොම්පේ පොලිසියේදී සිදු වූ මේ ෙ€දනීය සිදුවීමය. එසේම
මතුගම පොලිසියේ සිටි පොලිස්‌ පරීක්‍ෂක ශේ්‍රaණියේ නිලධාරින් දෙදෙනකු රුපියල් කෝටියක
කප්පමක්‌ ලබා ගැනීම සඳහා යුවළක්‌ පැහැරගෙන ගොස්‌ බන්ධනාගාරගත කෙරුණේ ඉකුත් සතියේය.

කලකට ඉහත
පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකව සිටි උසස්‌ පොලිස්‌ නිලධාරියකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌
අධිකාරි රංජිත් ගුණසේකර මහතා වරක්‌ එක්‌ අපූරු ප්‍රකාශයක්‌ කරනු ලැබීය.

එයද ඔහුගේ
මුවින් පිටවූයේ ඒ දිනවල දිගින් දිගිටම රට පුරා පොලිසිවලින් වාර්තා වන්නට වූ
නින්දිත සිදුවීම් රැල්ලක්‌ හමුවේය.

එදා එකී
සිදුවීම් හමුවේ පොලිසිය බල්ලට ගිහින්a යෑයි සමාජය තුළින් හඬක්‌ නැගෙන්නට විය. එහිදී ඊට
පිළිතුරු කතාවක්‌ සමාජගත කළ රංජිත් ගුණසේකර මහතා කියා සිටියේ සිදුව ඇත්තේ පොලිසිය
බල්ලට යැම නොව බල්ලන් පිරිසක්‌ පොලිසියට රිංගා ඇති බවකි.

එදා රංජිත්
ගුණසේකර මහතා පොලිසියේම උසස්‌ නිලධාරියකු ලෙස කී පරිදි පොලිසියට රිංගූ එකී බල්ලන්
තවමත් පොලිසියේ සිටින්නේද? මෙවන්
සිදුවීම් හමුවේ එවන් ගැටලුවක්‌ අප හමුවේ ඉස්‌මතු වෙමින් තිබේ.

පොලිස්‌පති
එන්. කේ. ඉලංගකොන් මහතා පොලිසය ජනතාවාදී ස්‌ථානයක්‌ කිරීමට මේ වන විට උත්සාහයක්‌
දරමින් සිටින බව පෙනෙන්නට තිබෙන්නකි.

එහෙත් මෙහිදී
පොලිස්‌පතිවරයාගේ එකී උත්සාහය සාර්ථක වීමට නම් රංජිත් ගුණසේකර මහතා කී පරිදි එදා
පොලිසියට රිංගා අදත් රැඳී සිටින බල්ලන් වේ නම් වහා උන් සොයා බැඳ දැමීම
අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි.

කෙසේ වෙතත්
ඊයේ (30 වැනිදා)
දොම්පේ පොලිසියේ සිදු වූ සිදු වීම පිළිබඳ විමර්ශනයක්‌ පැවැත්වීමේ කටයුතු පොලිස්‌පතිවරයා
විසින් මේ වන විට රහස්‌ පොලිසිය වෙත යොමු කර ඇත්තේය. දොම්පේ පොලිසියේ අත්අඩංගුවේ
සිටි ඒ තරුණයා දැන් මිය ගොසිනි. එහෙත් එය සිදු වූයේ කෙසේද? එසේ වූයේ ඇයිද?
යන්න අනිවාර්යයෙන්ම
පිළිතුරු ලැබිය යුතු ගැටලුවකි.

එහිදී යම්
පුද්ගලයකු අත දොසක්‌ වේ නම් තරාතිරමකින් තොරව ඔහුට හෝ ඔවුනට දඬුවම් ලැබිය යුතු බවද
අමුතුවෙන් කිව යුතු නොවේ. සොරකම් කිරීම වරදකි. එහි තර්කයක්‌ නොවේ. එහෙත් සොරකමක්‌
කළ පලියට ජීවිතයක්‌ නැති වේ නම් එය සොරකමටත් එහා ගිය බරපතල තත්ත්වයක්‌ බවද කිව
යුතුව තිබේ.

සියලු කතා
කෙසේ වෙතත් සිදුවන සියලු පරීක්‍ෂණ නිරීක්‍ෂණ විමර්ශන සියල්ල අතරේ දොම්පේ පොලිසියේ
නිලධාරින් මේ රැයේ නිදිවරා කර ඇත්තේ ජනතාව වෙනුවෙන් රාජකාරියේ යෙදීම බවද අප අමතක
කළ යුතු නොවේ.

සමන් ගමගේ

http://www.divaina.com/2011/10/01/feature03.html

එදා රණවිරු මෙදා
සිරකරු

තිස්‌වසරක්‌
පුරා මේ රට වෙලාගෙන තිබුණු නරුම ත්‍රස්‌තවාදයෙන් ත්‍රාසය, භීතිය, දුක කඳුළ මෙන්ම අපට
උරුමවූ තවත් බොහෝ දේද වේ.

රටේ සංවර්ධනය
ආපස්‌සට යැම, ආයුධ සන්නද්ධ
පාදඩ සංස්‌කෘතියක්‌ හෙවත් පාතාලය පෙරට ඒම, මරණය ලොසින්ජර තරමට සමාජය තුල සිල්ලර වීම
වැනි දැ ඉන් කිහිපයකි.

ඒ අතරේ ගෙවුණු
විසිපස්‌ වසරක පමණ කෙටි අතීතයේ යුද්ධය යුද්ධයක්‌ නොව සරලව කිවහොත් හිඟන්නාගේ
තුවාලය කරගනිමින් බලයට කෑදරවී සමස්‌ත ශ්‍රී ලාංකික ජාතියේම කොන්ද බිඳ දමා මේ
මව්බිම පාවා දුන් අපේම කතිරයෙන් පෙරමුණට ආ ඇතැම් නායක නායිකාවන් වෙතින් සිදුවූ දේද
රැසකි.

රාජකාරිය නොව
පාවා දීම දේව කාරිය කරගත්, එකී අතීතයේ
සීත කාමරවල සිට යුද්ධ කළ සමහර හමුදා නිලධාරින් වෙතින්ද රටට වැදුණේ එම
නායකකාරකාදීන් වෙතින් සිදුවූවා හා සමානම සාපයකි.

මෙහිදී නායකයෝ
සේම හමුදා ලොක්‌කෝද අඩු වැඩි ලෙසින් ත්‍රස්‌තවාදය උකුලට ගෙන කිරි පොවද්දී ඉන් ඉස්‌
ගැසුම් කෑවෝ රට වෙනුවෙන් අවංකව පෙරට ආ රණවිරුවෝම වූහ.

ජනාධිපති
මහින්ද රාපක්‍ෂයන් මේ රට භාර ගන්නා තුරුම සිදුවූයේ ඒ ටිකමය. එහිදී පෙරකී ගෙවලයන්ගේ
හිරිකිත වැඩවලට බොහෝ රණවිරුවන් ජීවිතවලින් වන්දි ගෙවද්දී තවත් පිරිසකට ජීවිතයේ
අනේකවිධ දුක්‌ඛ දොaමනස්‌සයන්ට
මහුණ දීමට සිදුවූ අවස්‌ථාද අපේ මතකයේ තිබේ.

එකී යටගියාව
සිහි කිරීමත් අප්‍රසන්න කරුණක්‌ වුවද පැත්තක්‌ නැතිව ඒ ඇත්ත අද මා මෙහි සටහන් කරනු
ලැබුවේ පසුගිය දිනෙක කිසිදා කිසිතැනක නොකියෑවුණු ඒ කතා සොයා මා යන ගමනේදී මට මුණ
ගැසුණු ඔවුන්ගේ කතාව නිසි පරිදි පෙළ ගැසීමට අවැසි වූ නිසා බවද මෙහිදී සටහන් කළ
යුතුව ඇත.

අද ඔවුහු මේ
රටේ සිපිරි ගෙයක සිරවී මරණය ළඟා වන තුරු පෝරකය අබියසට වී ජීවිතය මෙනෙහි කරමින්
සිටිති. ඔවුහු කවරහුද.


අන්කිසිවකුත් නොව ඉකුත් කාලයේ අප දේවත්වයෙන් පිදූ, ත්‍රස්‌තවාදයේ ශාපයෙන් මේ බිම බේරා ගැනීමට
දිවි පරදුවට තබා පෙරට ආ රණවිරුවන් පිරිසකි.

විඳීමට ඇති
ජීවිතය විඳවන තැන දක්‌වා තල්ලු වී ඔවුන් අද එවන් ඉරණමකට මුහුණ දී සිටිනුයේ ඇයි?

එයට පිළිතුරක්‌
අපි නොදන්නෙමු. ගණනින් හය දෙනකු වූ ඒ සියලු දෙනා අද එහි ගොස්‌ සිටිනුයේ රටේ
අධිකරණයක්‌ හමුවේ වරදකරුවන් වී ලද නියෝගයකට අනුව පමණක්‌ බව අපි කියමු. ඒ පිළිබඳ
අපි කිසිදු කතාවක්‌ද නොකරන්නෙමු. රටේ නීතියට මෙන්ම අධිකරණයටද අප හිස නමා ගරු කළ
යුතුව තිබේ.

එහෙත් රටට ෙද්‍රdaහී වී මළ ත්‍රස්‌තවාදියකුගේ
සිරුරට කොරනල් විභාග තබා මරණ සහතික දෙන්නට ගිය නායකත්වයක්‌ හමුවේ රට වෙනුවෙන් පෙරට
ගිය රණවිරුවෙකුට දුක උරුමව තිබේ නම් ඒ පිළිබඳ කතා කිරීම යුතුකමක්‌ යෑයි අපගේ හැඟීම
වේ.

එහෙයින් වසන්
කිරීම් අවම කර ඔවුන් කියනා මේ සටහන තබන්නට අපි සිතුවෙමු.

ඒ දිනවල මෙය
රටම හෙල්ලූ සිදුවීමක්‌ව තිබිණි. රට කරවපු අය කොඳු නැතිව විදේශික බලවේගවලට යටවීම
නිසා සහ ජාත්‍යන්තරය හමුවේ රට පාවා දුන් ෙද්‍රdaහීන් එක්‌ව කළ කී දැ ඉදිරියේ රට හෙල්ලූ නොව
රට හොල්ලවපු සිද්ධියක්‌ කියල එය හැඳින්නුවහොත් වඩාත්ම නිවැරදි වනු ඇතැයිද සිතේ.

පසුගිය 1996 අවුරුද්ද වනවිට මේ රට
වැනසූ එල්ටීටීඊ ත්‍රස්‌වාදය වූයේ ම්ලේච්ඡත්වයේ හිනිපෙත්තටම ළඟා වෙමිනි. මේ අතරේ 1995 සිදු කෙරුණු රිවිරැස
මෙහෙයුමට අනුව ත්‍රස්‌තයන් පලවා හැර යාපනය තම පාලනයට ගෙන සිටි යුද හමුදාව එය
තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක යෙදෙමින් සිටියේය.

ඇය ක්‍රිෂාන්ති
නම් වූවාය. යාපනය කයිතඩි ගම්මානයේ මේ ක්‍රිෂාන්ති පදිංචිව සිටියාය. රට කරවන නායකයෝ,
ලොක්‌කෝ කොහොම වුණත්
මේ රට වෙනුවෙන් ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය අතුගා දමන්නට ජීවිත සමග ඇස්‌, ඉස්‌, මස්‌, ලේ පුජා කරමින් හිටිය
ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ ඒ වෙනකොට මේ ක්‍රිෂාන්තිව ප්‍රබල කොටි සාමාජිකාවක්‌ ලෙස
හඳුනාගෙන තිබිණි.

ඒද නිකම්ම
නිකම් කොටි දෙනක්‌ ලෙස නොව. එල්ටීටීඊයේ ප්‍රධාන පෙළේ බුද්ධි සාමාජිකාවක්‌ ලෙසිනි.

සිවිල්
වැසියන් අතරේ සැඟව සිටින ත්‍රස්‌තවාදීන් හමුදා රථයකට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීම
එහෙමත් නැතිනම් රැකවලෙහි සිටින ලෙබළෙකු පැහැරගෙන ගොස්‌ ගෙල කපා මරා දැමීම වැනි
සිදුවීම් හමුදා පාලනයක්‌ පැවැතියද ඒ දිනවල යාපනයේ බහුලව සිදු වෙමින් තිබිණි.

“ඔව් මල්ලි
ඉතින් මොකක්‌ද ඊට පස්‌සේa වුණේ… අද
කිහිප දෙනකු ඇරෙන්නට අන් කිසිවෙකුත් නොදන්නා මේ කතාව මෙතන ඉඳන් හැමෝටම කියන්න
එල්ලුම් ගහට ගියත් දැන් මගේ ඉදිරියේ ඉන්න ඒ මිනිස්‌සුන්ව මම දිරිමත් කරන්නට වීමි.

ඇස්‌වල මහා බලාපොරොත්තුවක්‌ පිරී තිබේ. ඔව් ඒක
ජීවිතය පිළිබඳ එකක්‌ බවට නම් කිසිම සැකයක්‌ පෙනෙන්ට නොවේ. මා ඔවුන් දෙස බලා සිටින
අතරේ බර කල්පනාවකට වැටී සිටි එක්‌ සොයුරෙක්‌ සිය හඬ අවදි කරන්නට වූයේ මෙලෙසිනි.

“ඔව් අයියේ…
ඔය ක්‍රිෂාන්තිව ඒ දවස්‌වල එක පාරක්‌ යාපනේදී හමුදාවෙන් ඇල්ලුවා… එහෙම කළේ
බුද්ධි අංශ එයා කොටි සාමාජිකාවක්‌ විදිහට හඳුනගෙන හිටිය නිසා…

ඒත් එදා
හමුදාවට සිද්ධ වුණා ක්‍රිෂාන්තිව දවස්‌ දෙක තුනකින් නිදහස්‌ කරන්න… බුද්ධි
තොරතුරු තිබුණට හමුදාවට බැරිවුණා ක්‍රිෂාන්ති කොටි සමාජිකාවක්‌ කියලා තහවුරු කර
ගන්න… ඒත් ඒකම නෙමේ නිදහස්‌ කරන්න එකම හේතුව වුණේ…

ඉහළින්ම නියෝග
ආවා… ක්‍රිෂාන්තිව නිදහස්‌ කරන්නම කියලා… ඒකයි එදා එහෙම වෙලා තිබුණේ… එහෙම
නොවුණ නම් පොලිසිය හරහා සැකපිට ක්‍රිෂාන්තිව අධිකරණයකට ගේන්න හමුදාවට පුළුවන්කම
තිබුණා.

ඒත් අන්තිමට
ක්‍රිෂාන්තිව නිදහස්‌ කරපු හමුදාව එයාට නියෝගයක්‌ කළා හැම සතියකම යාපනය හමුදා
කඳවුරට ඇවිත් අත්සන් කරලා යන්න කියලා…

ඒත් අයියේ…
ක්‍රිෂාන්ති ඒ විදිහට නිදහස්‌ වෙලා ගියාට එයා දවස්‌ දෙකක්‌ විතරයි කෑම්ප් එකට ආවේ
අත්සන් කරන්න… එතනින් පස්‌සේ මේ ක්‍රිෂාන්ති අතුරුදන් වුණා… ඒ කියන්නේ ක්‍රිෂාන්ති
ගැන කිසිම හෝඩුවාවක්‌ හමුදාවටවත් හොයා ගන්න බැරි වුණා…

ඇත්තමටම අයියේ
ඒ දවස්‌වල යාපනයේ තිබුණේ හරිම භිහිසුණු තත්ත්වයක්‌… මිනිස්‌සු අතරින් එන
එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් හමුදාවට එක එක විදිහට පහර දුන්නා… අපේ සහෝදර සෙබළුන්ව
පැහැරගෙන යන කොටි කැලෑවලට අරන් ගිහින් ඒ කොල්ලන්ගේ බෙලි කපල මරලා දැම්මා.

ඒ වෙනකොට 1995 රිවිරැස මෙහෙයුමත්
එක්‌ක හමුදාව හිටියේ යාපනය කොටින්ගෙන් බේරගෙන… ඒත් යාපනයේ තිබුණේ ඒ වගේ
තත්ත්වයක්‌…

රිවිරැස
මෙහෙයුම කෙරෙනකොට කොටි පාලන ප්‍රදේශවලට පැනල ගිය සාමාන්‍ය මිනිස්‌සුන්ව නැවත
පදිංචි කරවන එකත් ඒ කාලේ පැවරිලා තිබුණේ හමුදාවටමයි.

හමුදාව ඒක
උපරිමයෙන් කරමින් හිටියේ… මේ වෙනකොට මම හිටියේ යාපනේ අරියාලේ කියන ගමේ අයියේ…
අරියාලේ ගමේත් මිනිස්‌සු පදිංචි කරවන වැඩ සිද්ධ වුණා… මේ අතරේ තමයි අරියාලේ ගමේ
මිනිස්‌සුයි හමුදාවයි අතරේ පුංචි විරසකයක්‌ මතුවුණේ.

ඒක කිසිම
වැදගම්මකට නැති දෙයක්‌ නිසා ඇතිවෙච්ච එකක්‌… අරියාලේ මිනිස්‌සු පදිංචි කරන
වැඩවලට බිම්මට්‌ටමින් හමුදා සෙබළෙක්‌ විදහට සම්බන්ධ වෙලා හිටියේ මමයි අපේ තව කට්‌ටියකුයි.

ඒ නිසා ගමේ මිනිස්‌සු
හමුදාව එක්‌ක විරසක වුණාට හැම වෙලේම තමන්ගේ ප්‍රශ්න අපිට කියන්න ගත්තා… මේ නිසා
දවසක්‌ මම ගියා අයියේ අපේ ප්‍රධාන කඳවුරට…

එහෙම ගිහින්
අපේ සර්ව හම්බ වුණා… මම කිව්වා මිනිස්‌සු අපිට කියන ඒවා… එහෙම කියලා මම සර්ට
කිව්වා මට අරියාලේ ඉන්න බැහැ කියලා…

“හරි පුතා
එහෙනම් ඔයා වෙන කොහෙට හරි ටාන්සර් එකක්‌ ගන්නවා… අන්තිමට සර් එහෙම කියලා මාව
දැම්ම එදා යාපනයේ චෙම්මිනිවල තිබුණ මුරපොළට.

ඒක තමයි අයියේ
අද මම විතරක්‌ නෙමේ අපි හැමෝටම මේ ගමන එන්න පාර හැදුණ තැන… අපි කට්‌ටිය එකාට එකා
හම්බ වුණේ එතැනදී…

සිදුවූ කරුමය
සිහිවීදොa ඔහු මදක්‌
නිහඬව සිටී. එහෙත් එතැන් පටන් ඔවුන් අතරේ සිටි තවත් සොයුරෙකු මේ කතාවේ ඉතිරිය මා
සමග කියන්නට වූයේ මා තුළ වූ නොඉවසිල්ල වැටහී ගියාක්‌ පරිද්දෙනි.

“ඔව් අයියේ…
ඒ දවස්‌වල චෙම්මිනි චෙක්‌ පොයින්ට්‌ එක තමයි යාපනයේ හමුදා පාලන ප්‍රදේශය වෙන්කෙරෙන
සීමාවේ තිබුණ අන්තිම පොයින්ට්‌ එක… එතනින් එහාට කිලෝමීටරයක්‌ විතර යනකන් අපේ
ලයින් එක… ඊට පස්‌සේ හිටියේ කොටි…

ඒ චෙම්මිනි
මුරපොළට ඉස්‌රහයින් තමයි ක්‍රිෂාන්තිලා හිටිය කයිතඩි ගම තිබුණේ… චෙම්මිනි ඉඳන්
ඉස්‌සරහා ලයින් එකේ තැනින් තැන හමුදාව හිටියට කයිතඩි ගමේ මිනිස්‌සු අතරේ
එල්ටීටීඊකාරයෝ හැංගිලා හිටියා…

මදාම ඒ පැත්තේ
ඉඳන් මිනිස්‌සු එනවා යාපනේට ඇවිත් යන්න… ඒ එයාලගේ එක එක වැඩවලට… එහෙම එන අය
හොඳට චෙක්‌ කරලා යාපනයට ඇතුල් කරන එක තමයි චෙම්මිනි පොයින්ට්‌ එකේ හිටිය අපිට
පැවරිලා තිබුණ ලොකුම රාජකාරිය වුණේ…

අපි ඒක හොඳට
කරගෙන හිටිය… ඒ අතරේ සමහර දවස්‌වලට ලැබෙන තොරතුරු අනුව චෙම්මිනි පොයින්ට්‌ එකට
එන “ඉන්ට්‌” එකේ (බුද්ධි අංශ) කට්‌ටිය චෙම්මිනි හරහා යාපනේට එන්න ආපු
කොටින්ව අත්අඩංගුවට ගත්ත අවස්‌ථාත් තිබුණා…

ගොඩක්‌ වෙලාවට
ඒ එල්ටීටීඊ අය හරියටම කවුද කියලා හමුදාවට පෙන්නුවේ බුද්ධි අංශ නිලධාරින් සමග
පොයින්ට්‌ එකට එන ඒ වෙනකොට හමුදාවේ අත්අඩංගුවේ හිටිය කොටි සාමාජිකයන්මයි…

මේ අතරේ තමයි
අයියේ 1996 අවුරුද්දේ
අපොස උසස්‌ පෙළ විභාගේ පටන්ගත්තේ… විභාගේ පටන් ගත්තට පස්‌සේ කයිතඩි ගමේ විභාගෙට
ලියන ළමයිනුත් චෙම්මිනි පොයින්ට්‌ එක හරහා ආවා යාපනේට යන්න…

ඒක දවස්‌
ගානක්‌ම එක දිගටම සිද්ධ වුණා… අපි ඒ ළමයින්වත් චෙක්‌ කරනවා… කිසිම ගැටලුවක්‌
තිබුණේ නැහැ… එයාලා හැමදාම විභාගෙට ආවා ගියා… ඒත් ඒ විභාගේ තමයි අයියේ අපේ
ජීවිතේ ඉරණම වෙනස්‌ කළේ…

” අපි එතකොට
දැනන් හිටියේ නැහැ… ඒත් අපි හැමදාම චෙක්‌ කරල විභාගෙට යවන ළමයි අතරේ ඒ වෙනකොට
මෙච්චර දවසක්‌ අතුරුදන් වෙලා හිටපු ක්‍රිෂාන්තිත් ඉඳලා තියෙනවා…

ඒත් අපි ක්‍රිෂාන්තිව
අඳුරන්නේ නැහැ… ඒ නිසා එයා එතනින් යන බව අපි දැනගෙන හිටියෙත් නැහැ… අපි එහෙම
ඉන්නකොට තමයි අයියේ දවසක්‌ පොයින්ට්‌ එකට බුද්ධි අංශ එක්‌ක ආව එල්ටීටීඊ එකේ කෙනෙක්‌
ක්‍රිෂාන්තිව අඳුරගෙන තිබුණේ…

ඊට පහුවෙනිදාම
අපිට සර් කෙනෙක්‌ගෙන් සෙට්‌එක හරහා අපිට මැසේඡ් එකක්‌ ආවා අයියේ…

“ළමයි ඔයාල
ඉන්න පොයින්ට්‌ එකෙන් අපිට ඕන කරන ප්‍රබල එල්ටීටීඊ ගර්ල් කෙනෙක්‌ එනවා විභාගෙට
ලියන්න… ඔයාලා හොඳට ටච් එකේ ඉඳල එයා විභාගේ අන්තිම පේපර් එකට ලියල යන දවසේ ඔතනදී
අත්අඩංගුවට ගන්න ඕනේ…

අපිට සර්ගෙන්
ලැබුණ ඒ පණිවිඩෙන් කියෑවුණේ ඔය ටික අයියේ… එත් අපි සර්ට ඒ එක්‌කම කිව්වා සර්..
අපි ඒ ක්‍රිෂාන්ති කියන කෙල්ලව අඳුරන්නේ නැහැ කියලා…

“හරි ඔයාලා එයාව
අඳුරන්නේ නැත්නම් මම හෙට ඔයාලට ඒ කෙල්ලව පෙන්නන්නම්… ඊට පස්‌සේ ඔයාලා මම කිව්ව
විදිහට ඒ වැඩේ කරන්න… අපි ක්‍රිෂාන්තිව අඳුරන්නේ නැහැ කිව්වම අන්තිමට සර් අපිට
දුන්න උත්තරේ ඒක අයියේ…

ඒ කිව්ව
විදිහටම පහුවෙනිදා උදේ අපිට ක්‍රිෂාන්තිව අඳුර ගන්න ලැබුණා… පාන්දරම චෙම්මිනි
පොයින්ට්‌ එකට ආවා ඊට දවස්‌ දෙකකට ඉස්‌සෙල්ලා ක්‍රිෂාන්තිව අඳුර ගත්ත
එල්ටීටීඊකාරයත් එක්‌ක “ඉන්ට්‌” එකේ කට්‌ටියක්‌…

එදා උදෙත්
මුරපොළ හරහා විභාගෙට යන ළමයි පුරුදු විදිහටම එන්න පටන් ගත්තා… ඒ අතරේ ක්‍රිෂාන්තිත්
හිටියා… අපි එක්‌ක හිටිය එල්ටීටීඊ එකා අපි ඔක්‌කොටම ක්‍රිෂාන්තිව ඉඟි කරලා
පෙන්නුව… ඒ ක්‍රිෂාන්තිට කිසිම දෙයක්‌ නොදැනෙන්න…

“ළමයි දැන්
ඔයාලා ක්‍රිෂාන්තිව දන්නවනේ… එහෙනම් මතකනේ… කිව්ව විදිහට අන්තිමට විභාගේ ලියලා
යන දවසට එයාව අරගන්න… ඔයාලා මේ ටිකත් දැන ගත්තට කමක්‌ නැහැ… ඔය ක්‍රිෂාන්ති
කියන්නේ එක පාරක්‌ ආමි එකෙන් අල්ලල කැම්ප් එකේ අත්සන් කරන්න කියල දුන්නු ඕඩර් එකක්‌
මගඇරල ඉන්න එක්‌කෙනෙක්‌…

පොයින්ට්‌ එකට
ආපු බුද්ධි අංශ ටීම් එක පිටත් වෙලා පැයක්‌ විතර ගියාට පස්‌සේ අපිට ආයිත් සෙට්‌
එකෙන් නියෝගයක්‌ ලැබුණේ ඒ විදිහට අයියේ…

මෙතෙක්‌ මා
සමග එසේ පාපොච්චාරණයේ යෙදී සිටි ඔහුද දැන් මදක්‌ නිහඬව සිටී. ඇතැම් විට දැන් ඔහු
පෙලන ඒ අතීතාවර්ජනයෙන් ලද වෙහෙස ඊට හේතු වී ඇතුවා විය යුතුය.

හමුදා සේවය
යනු විනය පෙරදැරිව අණ මත ක්‍රියාත්මක වන්නා වූ සේවයකි. එහෙයින් සොල්දාදුවා යනු ඊට
දැඩිව අනුගතව සිටින්නා වූ චරිතයක්‌ද වේ. ඉදින් දැන් මේ මොවුනට ලැබී ඇත්තේ
පැහැදිලිවම එලෙස ක්‍රියාත්මක හමුදා සේවයේදී ලැබෙන අණකි.

ඔහු තවමත්
නිහඬවම සිටී. එහෙත් ඒ නිහඬ බවට ඉඩ දීමට මට තවත් නොහැකිව තිබේ. මේ කතාවේ ඉතිරිය දැන
ගැනීමේ උවමනාව දැන් මා පෙලමින් සිටී. එහෙයින් මම මගේ හඬ අවදි කළෙමි.

“ඉතින්
මල්ලී… ඊට පස්‌සේ මොකද වුණේ? තවමත් නිහඬවම
සිටිනා ඔහු වෙතින් නෙත් ඉවතට ගනිමින්ම මා අද මරණය ළඟා වනතුරු පෝරකය අබියස සිටිනා ඒ
සොයුරන් සමග වූ තවකෙකුගෙන් එසේ විමසා සිටියේ එහෙයිනිs.

“ඔව් අයියේ…
අපි එදා එහෙම ක්‍රිෂාන්ති කවුද කියලා දැන ගන්නකොට ඒ දවස්‌වල තිබුණ විභාගේ ඉවර
වෙන්න තවත් දවස්‌ තුනක්‌ විතර තිබුණේ… ඒ කියන්නේ තව දවස්‌ තුනකින් අපි ක්‍රිෂාන්තිව
අත්අඩංගුවට ගන්න ඕනේ…

අපිට මේ
නියෝගෙ දෙන්නේ ඉහළින්… ඉතින් අපි ඒකට ලැහැස්‌ති වෙලා හිටියේ… මට මතකයි
අයියේ… ක්‍රිෂාන්ති එදත් ආවා විභාගෙට යන්න… එදා උදේ ක්‍රිෂාන්ති විභාගෙට යනකොට
එයත් එක්‌ක තවත් කෙල්ලෙක්‌ කතා කර කර ගියා… අපි හිටියේ ඒ ඔක්‌කොම බලාගෙන…

පුරුදු
විදිහටම විභාගෙ ඉවර වෙලා ක්‍රිෂාන්ති පොයින්ට්‌ එක පහු කරගෙන යන්න අවා… උදේ එයත්
එක්‌ක කතා කර කර ගිය ළමයත් ඉස්‌සරහින් අවා… ඉතින් අපි ඒ ළමයව ඉදිරියට යවලා අපිට
කියපු විදිහටම පොයින්ට්‌ එකට ආපු ක්‍රිෂාන්තිව නතර කර ගත්තා…

අපි ක්‍රිෂාන්තිට
කිව්වා “ඔයාගෙන් පොඩ්ඩක්‌ ප්‍රශ්න කරන්න තියෙනවා ඒ නිසා ඔයාව දැන්ම යවන්න
බැහැ කියලා… එවෙලේ ඒ කෙල්ලගෙ මූණේ කිසිම බයක්‌ නම් තිබුණේ නැහැ අයියේ… එයා කළේ
අපිව කන්ඩ වගේ අපි දිහා ඔරෝල බලපු එක විතරයි…

පස්‌සේ අපි ක්‍රිෂාන්තිව
පොයින්ට්‌ එකේ තිබුණු කූඩාරමට දැම්මා… එහෙම කරලා අපි සෙට්‌ එකෙන් සර්ට කිව්වා ක්‍රිෂාන්තිව
අත්අඩංගුවට ගත්තා කියලා…

ඒත් එහෙම කරලා
පැයක්‌වත් යන්න හම්බ වුණේ නැහැ අයියේ… අපි කිසිම විදිහකින් බලාපොරොත්තු නොවුණු
දෙයක්‌ එතන සිද්ධ වුණේ…

ඉතිරි කොටස
ලබන සතියේ..

සමන් ගමගේ

http://www.divaina.com/2011/06/12/feature03.html

චෙම්මිනි
මුරපොළේ සිට පෝරකය දක්‌වා…!

එදා ප්‍රබල ත්‍රස්‌තවාදී
සාමාජිකාවක සිටි ක්‍රිෂාන්තිව හමුදා අත්අඩංගුවට ගැනුණේ ඒ අයුරිනි. එහෙත් ඒ
අත්අඩංගුවට ගැනීම සිදුවී ගෙවී යන්නට වූයේ පැයකටත් අඩු කාලයකි.

යාපනය කයිතඩි
ප්‍රදේශයේ සිට එක්‌තරා කාන්තාවක සමග අවුරුදු පහළොවක පමණ දරුවකු සහ තවත් මිනිසකු
චෙම්මිනි මුරපොළ දෙසට ඇදී එනු එහි සිටි හමුදා සෙබළුන් දුටුවේ ඒ අතරතුරය.

ඒ ගැහැණිය හා
සෙසු දෙදෙනා අතර වූයේ එකිනෙකා පරයා ඇවිද යැමේ තරගයකි. ඒ තරගය හමුවේ ඔවුන් මුරපොළ
ආසන්නයට එනවිට හති හරින තැනටම වෙහෙසී සිටියේය.

කෙමෙන් කෙමෙන්
මුරපොළ වෙත පැමිණි ගැහැණිය එහි සිටි හමුදා සෙබළුන්ගෙන් ද්‍රවිඩ බසින් යමක්‌
විමසන්නට වූවාය.

“සර් මගේ දුව
විභාගෙට ගිහින් තවම ආවේ නැහැ… දුවව හමුදාවෙන් තියාගත්ත කියලා ගමේ ළමයෙක්‌
කිව්වා… කොහෙද සර් මගේ දරුවා… දරුවව තියාගත්තේ සර්ලද?

ගැහැණියගේ මෙම
ප්‍රශ්නයත් සමග හමුදා සෙබළුන් ඉදිරියට පැමිණියේ සුවිශාල ගැටලුවකි.

“ඔව් අයියේ එදා
එහෙම ආවේ ක්‍රිෂාන්තිගේ අම්මා… ඒත් එයා දුව ගැන ඇහුවට ඉහළින් නියෝගයක්‌ නැතුව
අපිට මුකුත් කියන්න පුළුවන් කමක්‌ තිබුණේ නැහැ… ඒක හමුදාවේ නීතිය. ක්‍රිෂාන්ති ඒ
වෙනකොට අපි ළඟ හිටියට අපිට ඒක කියන්න විදිහක්‌ තිබුණේ නැහැ…

“මේ ඔය කියන
විදිහේ දෙයක්‌ අපි දන්නේ නැහැ… කරුණාකරලා ගිහින් යාපනේ කෑම්ප් එකෙන් අහන්න…
එතකොට දුව ගැන විස්‌තරයක්‌ දැන ගන්න පුළුවන් වෙයි…

අන්තිමට අපි
ක්‍රිෂාන්තිගේ අම්මට එහෙම කියලා කෑම්ප් එකට යන්න කිව්වා… අපේ කීමට එයාලා යන්න
ගියා… ඒත්…

හමුදා සෙබළුන්
කළ දැනුම් දීමට අනුව ඒ ගැහැණිය හා අනෙක්‌ දෙදෙනා එක්‌ව චෙම්මිනි මුරපොළ පසුකර
යාපනය දෙසට ඇදෙන්නට වූහ. ඒ සිය දියණිය පිළිබඳ යමක්‌ දැනගන්නා අටියෙනි.

එහෙත් ඔවුන්ගේ
පා එසේ එසැවෙන්නට වූයේ චෙම්මිනි මුරපොළ පසුකර තවත් යාර කිහිපයක්‌ ඉදිරියට පමණි.

ඊළඟ මොහොතේ ඒ
මාවතේ ඉද්ද ගැසුවාක්‌ මෙන් එක්‌වරම නතර වූ ඔවුන් යළි හැරී මුරපොළ දෙසට එන්නට වූයේ
ආවේගශීලී දැඩි හැඟීමකින්ද යුතුවය…

“බල්ලෝ…
තොපිලා තමයි යකෝ මගේ දුවව අල්ල ගත්තේ… තොපිලා දුවව අල්ලගෙන දැන් නැහැ කියනවා
යාපනයට ගිහින් බලපියව් කියනවා… යකෝ මගේ දුවත් එක්‌ක ආපු ළමය කිව්ව මෙතනදී උඹලා
මගේ දරුවව තියා ගත්ත කියලා… ඇත්ත කියපියව් යකුනේ කෝ අපේ දරුවා…

ඊළඟ නිමේෂයේ
වේගයෙන් මුරපොළ අසළට පැමිණි ඒ ගැහැණිය සුද්ධ දෙමළෙන් මුරපොළේ සිටි සෙබළුන්ට සංග්‍රහ
කරන්නට වූයේ කිසිවෙකුත් නොසිතූ පරිද්දෙනි.

ඒ වාග් ප්‍රහාරය
හමුවේ මුරපොළේ සිටි හමුදා සෙබළුන්ගේ ඉවසීමේ සීමාව ඉක්‌ම ගොස්‌ තිබුණද එය පිටතට
නොපෙන්වූ ඔවුහු තමන් කිසිවක්‌ නොදන්නා බැවින් යාපනයට ගොස්‌ කරුණු විමසන ලෙස යළි
ගැහැණියට කියන්නට වූහ.

“ඔව් අයියේ…
ඒ ගෑණි අමු තිත්ත කතාවෙන් අපිට බැන්න… එතනදී අපිට කේන්තිත් ගියා… එත් හැම දේම
අපි ඉවසුවා… යාපනයට යන්න කියනවා ඇරෙන්න එයාට කියන්න වෙන දෙයක්‌ අපිට තිබුණේ
නැහැ…

“පලයව් යකුණේ
යන්න… ගොපිලා මගේ දරුවා තියාගෙන අපිට යාපනේ යන්න කියනවා… යකෝ මගේ දරුවා දෙනකම්
මම මෙතනින් එක අඩියක්‌ හෙල්ලෙන්නේ නැහැ…

හමුදා සෙබළුන්
යාපනයට යන ලෙස දෙවන වරටත් කීමත් සමග එසේ පරලවූ තැනැත්තියක සේ සෙබළුන්ට බැණ වැදුණු
ගැහැණිය අනෙක්‌ දෙදෙනාද සමගින් මුරපොළ ඉදිරියේ වූ මාර්ගයේ වැතිර නිදා ගත්තේ හමුදා
සෙබළුන් කිසිසේත්ම නොසිතූ පරිදිය.

දැන් එය සීමාව
ඉක්‌මවා ගොසිනි. කළ යුතු දෙයක්‌ කඩිනමින් කළ යුතුව තිබේ. අවසානයේ මුරපොළේ වූ හමුදා
සෙබළුන් අවසන් තීරණයකට එළැඹියේ ගැටලුව දුරදිග යැමට ඉඩක්‌ නොතැබීමේ අදහසිනි.

“ක්‍රිෂාන්තිගේ
අම්මයි අනෙක්‌ දෙන්නයි එහෙම මුරපොළ ළඟ නිදා ගත්තහම අපිට කරගන්න දෙයක්‌ නැති වුණා
අයියේ… අන්තිමට අපි කළේ සෙට්‌ එක අරගෙන වෙච්ච දේ කෑම්ප් එකට කියලා උපදෙස්‌ ඉල්ලන
එක…

මේ තුන්දෙනා
මුරපොළ ළඟ නිදාගෙන ඉන්නවා කියලා අපි ඒ විදිහට කෑම්ප් එකට කිව්වා…

“හරි එහෙනම්
තවත් බලාගෙන ඉන්නේ නැතුව ඒ තුන්දෙනාවත් අරගෙන ක්‍රිෂාන්ති ඉන්න තැනටම දානවා…
එවෙලේ කෑම්ප් එකේ සර් කෙනෙක්‌ අපිට කිව්වේ ඒ ටික.

ඒක නියෝගයක්‌
අයියේ… පස්‌සේ අපි ඒ තුන්දෙනාවත් සර් කිව්ව විදිහටම අරගෙන ගිහින් ක්‍රිෂාන්ති
හිටිය කූඩාරමටම දැම්මා…

එකී දිනයේ
පෑයූ හිරු අවරට හැරෙමින් ඒ වන විට දහවල් දොළහ පසුවී හෝරා දෙකක පමණ කාලයක්‌ ගෙවී
ගොස්‌ තිබිණි. රඳවා ගත්තවුන්ට දිවා අහරද සැපැයූ මුරපොළේ සිටි හමුදා සෙබළුන් යළි
සාමාන්‍ය පරිදි රැකවලෙහි යෙදන්නට විය.

එසේ තවත් හෝරා
කිහිපයක්‌ ගෙවී යන්නට විය. ක්‍රිෂාන්ති ඇතුළුව හමුදා අත්අඩංගුවට පත්වූවෝ ඒ වන
විටත් රැඳවූ කූඩාරමේම සිටින්නට වූහ.

මෙසේ කෙමෙන්
කෙමෙන් කාලය ගෙවී යමින් එකී දිනයේ අවසානය සනිටුහන්ව හිරු බටහිර අහසේ සැඟව යන්නට
සූදානම්ව තිබිණි.

මේ අතරේ යාපනය
හමුදා කඳවුරෙන් පිටත් වූ ජීප් රථයක්‌ එක පිම්මේ චෙම්මිනි මුරපොළ දෙසට ඇදී එන්නට
විය. හමුදා නිලධාරියකු සමග තවත් සන්නද්ධ සෙබළුන් කිහිප දෙනකු එම ජීප් රථයේ වූහ.

චෙම්මිනි
මුරපොළ දෙසට වේගයෙන් ඇදී ආ ජීප් රිය ඒ ආසන්නයේ නතර වූයේ එහි රැකවලෙහි සිටි
සෙබළුන්ද බලා සිටියදීය.

එකෙනෙහිම ජීප්
රියේ සිටි නිලධාරියා දුටු මුරපොළේ සිටි සෙබළුන් වහා සීරුවෙන් සිට ඔහුට ආචාර කරනු
ලැබුවේ හමුදාවේ සාමාන්‍ය සම්ප්‍රදායට අනුව යමිනි.

“ආ… ළමයි කෝ
අර තියාගත්ත හතර දෙනා… එයාලව එක්‌කගෙන එන්න මෙහෙට… ඒ අතරේ ජීප් රථයෙන් බැස
මුරපොළේ වූ ප්‍රධාන කුටිය වෙත යන අතරේ එහි සිටි සෙබළුන්ට නියෝගයක්‌ පරිද්දෙන්
පැමිණි හමුදා නිලධාරියා දැනුම් දෙන්නට විය.

එකෙනෙහි ක්‍රිෂාන්ති
ඇතුළු පිරිස වහා ඔහු ඉදිරියට පැමිණවීමට සෙබළුන් පියවර ගනු ලැබූහ.

ආ… මේ ඉන්නේ
ක්‍රිෂාන්ති… තමුන්ට හමුදාව නියෝග කරලා තිබුණා නේද හැම සති අන්තයෙම කෑම්ප් එකට
ඇවිත් අත්සන් කරන්න… පිරිස දුටු විගස හමුදා නිලධාරියාගේ මුවින් ක්‍රිෂාන්තිට
ඉදිරිපත් වූයේ එවන් වූ පැනයකි.

මේකයි. මෙයා
අපි දුන්නු ඒ නියෝගය මග ඇරලා වැඩ කරලා තියෙනවා… ඒ නිසා මෙයාගෙන් අපිට පොඩ්ඩක්‌
ප්‍රශ්න කරන්න ඕනේ… ඊළඟ නිමේෂයේ ක්‍රිෂාන්තිගේ මව දෙසට හැරෙමින් එසේ කී
නිලධාරියා හිඳ සිටි පුටුවෙන් නැගිටින්නට වූයේ යළි පිටව යැමට සුදානමිනි.

“බැහැ… උඹලට
මගේ දරුවා ගෙනියන්න දෙන්න බැහැ… අපිත් එනවා යන්න… ඒ සමගම යළිත් වරක්‌ ආවේෂ වූ
ක්‍රිෂාන්තිගේ මව මොරදෙන්නට වූයේ හමුදා නිලධාරියාද පුදුමයට පත් කරවමිනි.

“ඔව් අයියේ ඒ
ගෑණි කොච්චර කිව්වත් එයා හැසිරුනේ යකෙක්‌ වගේ… අන්තිමේ ආපු ජීප් එකේ ඒ හතර
දෙනාවම අරගෙන ගියා කෑම්ප් එකට… ඉහළ නියෝග නිසා ක්‍රිෂාන්තිව අත්අඩංගුවට ගත්ත.
අපි මේ ගැන දන්නේ ඔය ටික විතරයි අයියේ…

එදා මේ
සිද්ධිය සිදුව කාලය දින, සති, මාස වෙමින් ගෙවී යන්නට
විය. යුද හමුදාව යාපනයේ දියත් කළ “සත්ජය” මෙහෙයුම ආරම්භය සටහන් වන්නට
වූයේ ඔය අතරතුරය.

“ක්‍රිෂාන්තිව
හමුදා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය වෙලා අයියේ… මාස කිහිපයකට පස්‌සේ ඒ විදිහට
“සත්ජය” මෙහෙයුම පටන් ගත්ත… ඒකට අපිවත් ආයෙත් ඉදිරි පෙරමුණට
කැඳෙව්වා…

අපි ගියා
අයියේ… ඒ අතරේ තමයි අයියේ මහ පුදුම කතාවක්‌ රටේ කියවෙන්න පටන් ගත්තේ… ක්‍රිෂාන්තිවයි
අම්මවයි අනිත් දෙන්නවයි හමුදාවෙන් මරලා කියලයි ඒ කතාවෙන් කියවුණේ…

ඒක අපිට ආරංචි
වෙනකොට ඒ කතාව රටේ ඉහළම තැනකට ඥති සම්බන්ධතා තිබ්බ එක්‌කෙනෙක්‌ ජාත්‍යන්තර සංවිධාන
අතරටත් ගෙනහින් කියලයි ආරංචි වුණේ…

පස්‌සේ ඒකට
එදා තිබුණ ආණ්‌ඩුව පරීක්‍ෂණයක්‌ පටන් ගත්තා… ඒ දවස්‌වල මාව කැඳෙව්ව හමුදාවේ ලොකු
ලොකු නිලධාරින් මගෙන් ඇහුව්ව ක්‍රිෂාන්තිගේ සිද්ධිය ගැන මොනවද දන්නේ කියලා…

අපි මොනාද
අයියේ දන්නේ… එදා චෙම්මිනි මුරපොළේ හිටිය අපි දැනගෙන හිටියේ ක්‍රිෂාන්තිව අත්අඩංගුවට
ගත්ත කියලා විතරයි… එතනින් එහාට එයා මැරුණද නැත්නම් අදටත් ක්‍රිෂාන්ති ජීවතුන්
අතරද කියලා කියන්න අපි දන්නේ නැහැ…

“මම ඉතින් මාව
ගෙන්නලා ඒ ගැන අහන හමුදාවේ හැමෝටම ඒ උත්තරේ දුන්න… ඇත්තෙන්ම අපි ඔක්‌කොටම කියන්න
තිබුණේ එච්චරයි අයියේ…

මේ අතරේ තමයි
හමුදාව ක්‍රිෂාන්තලව මරල වැළලුව තැන කියලා එදා ආණ්‌ඩුවෙන් චෙම්මිනි මුරපොළ ළඟ
තිබුණ කනත්ත හාරන්න පටන් ගත්තේ… ඒකට මුල් වෙලා තිබුණේ අර ආණ්‌ඩුවේ ඉහළම තැනක
ඥතියා වෙලා හිටිය කෙනා කියලයි ඒ දවස්‌වල ආරංචි වුණේ…

එතකොට ක්‍රිෂාන්ති
හමුදා අත්අඩංගුවට පත් වෙලා මාස දහයක්‌ විතර ගිහින්… ආණ්‌ඩුවේ පරීක්‍ෂණ කණ්‌ඩායම්
ඒ විදිහට කනත්ත හෑරුවා… ඒකේ තිබිලා මිනිස්‌ ඇටකටු ගොඩාක්‌ එයාලට හම්බ වුණා…
අන්තිමට කනත්ත හාරලා ඒගොල්ලෝ කිව්වා එක හමුදාව මිනිස්‌සු මරලා වළලපු සමූහ මිනී
වළක්‌ කියලා…

අවුරුදු ගාණක්‌
තිස්‌සේ තියෙන මිනී කනත්තක මිනිස්‌සුන්ගේ ඇට කටු ඇරෙන්න වෙන මොනවා තියෙන්නද
අයියේ…

මේ අතරේ තමයි
මෙහෙයුමේ හිටි මට වෙඩි වැදිලා මාව කොළඹ යුද හමුදා රෝහලට අරගෙන ආවේ… මට ගොඩක්‌
තුවාල වෙලා තිබුණා… ගේනකොට සිහිය තිබුණෙත් නැහැ…

දවස්‌ පහළවක්‌
විතර මම හමුදා රෝහලේ ප්‍රතිකාර ගත්තා.

කොහේවත් යන
ඥතීත්වයක්‌ හමුවේ එකල රජයේ ඉහළම බලධාරින් එක්‌ව හමුදාවම පාවා දෙමින් රට වෙනුවෙන්
පෙරට ගිය රණවිරුවන්ට මිනී මරුවන් යන ලේබලය අලවා ක්‍රිෂාන්ති ඝාතනය කළ බව කියමින්
පරීක්‍ෂණ අරඹා තිබුණේ එලෙසිනි.

ඒ පරීක්‍ෂණ
අතරේ සත්ජය මෙහෙයුමෙන් තුවාල ලබා හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හේ සුවය ලබා
පිටව යන දිනයද කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් තිබිණි.

අවසානයේ ඒ
දිනය උදා විය… හමුදා රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනකු අපේ රණවිරුවා වෙත පැමිණියේ
මේ අතරතුරය. “හම්.. පුතා ඔයාට දැන් යන්න පුළුවන්… අපි ඔයාට දවස්‌ පහළොවකට
නිවාඩු අනුමත කළා… ඒ දවස්‌ පහළව ගෙදරට ගිහින් රෙස්‌ට්‌ කරන්න…

ඊට පස්‌සේ
පුළුවන් ආයි යුද්ධ කරන්න යන්න… ඉතා සුහදශීලීව ඔහු ඇමැතූ හමුදා රෝහලේ වෛද්‍යවරුන්
එදා එසේ කියන්නට වූයේ මේ විරුවාණන්ට ඇති ලෙන්ගතු බව මොනවට විදහා පාමිනි.

මට එදා එහෙම
නිවාඩු දීලා අපේ ඩොක්‌ටර්ස්‌ලා කිව්වා ගෙදර ගිහින් රෙස්‌ට්‌ කරන්න කියලා… මම
රෝහලෙන් පිටවෙලා ගෙදර එන්න ලැහැස්‌ති වුණා…

“ඒත් එදා රෝහලට
ආපු හමුදා පොලිසිය මාව අත්අඩංගුවට අරගෙන පාලාලිවට ගෙනාවා අයියේ… ඒ එනකම්ම මම
දැනගෙන හිටියේ නැහැ මාව අරන් යන්නේ ඇයි කියලා… අන්තිමට පලාලි ඉඳලා මාව කෑම්ප්
එකට අරගෙන ගියා… ඒ ගියහමයි මම දැනගත්තේ ක්‍රිෂාන්තිලව මරපු එකට මාව ඇල්ලුවා
කියලා…

ඒ වෙනකොට
කෑම්ප් එකේ ලොකු අය එකතුවෙලා මටයි එදා චෙම්මිනි මුරපොළේ හිටිය අනිත් අයටයි
විරුද්ධව සාක්‌කිත් හදලා අයියේ අපි ක්‍රිෂාන්තිවයි, අම්මවයි, අනියත් දෙන්නවයි මරලා වැළලුවා කියලා…

පස්‌සේ තුවාල
වෙලා රෙස්‌ට්‌ කරන්න ගෙදර යන්න ගිය මාව හමුදාවෙන් පොලිසියට බාර දුන්නා… පොලිසියට
මාව අරගෙන යනකොට අපේ අනිත් අයත් පොලිසියෙ හිටියා… පස්‌සේ අපිට විරුද්ධව නඩු
දැම්මා… ඒක විශේෂ නඩුවක්‌ අයියේ… ඒකෙදී මාස නවයකට පස්‌සේ ඇට කටු ටිකක්‌ ගොඩ
අරගෙන හිටිය පරීක්‍ෂකයන් අපි ක්‍රිෂාන්තිව දූෂණය කළා කියලත් චෝදනාවක්‌ කරලා
තිබුණා…

අන්තිමට නඩුව
ඇහුවා… අපි කියන්න ඕන ටික කිව්වා… ඒ අතරේ කරුණු තේරුම් ගත්ත උසාවිය පරීක්‍ෂණ
කරපු අය ඇටකටුවලින් බලලා අපි ක්‍රිෂාන්තිව දූෂණය කළා කියලා දාල තිබුණු චෝදනාව
අයින් කළා…

ඒත් අන්තිමට
අපි ක්‍රිෂාන්තියි, අම්මවයි,
අනිත් දෙන්නවයි මැරුවා
කියලා තීරණය වුණා අයියේ. ඒ වරදට උසාවිය අපිට මරණ දඬුවම නියම කළා.

දැන් අපි
හිරගෙදරට ඇවිත් අවුරුදු එකොළහක්‌ විතර ගෙවිලා ගිහින්… අපේ පවුල්වල දහසක්‌ ප්‍රශ්න
අයියේ… සමහරු ලෙඩ වෙලා… අපේ අම්මල අපි ගැනම හිතලා මානසික ලෙඩ්ඩු වෙලා… මොකක්‌ද
අයියේ අපිට මේ වුණේ…

මෙතෙක්‌ වේලා
අයාසයන් දරමින් මා සමග දොඩමලුව සිටි ඔහුගේ දැස දිලිසෙමින් තිබේ. ඒ අවසන් වදන්
කිහිපය ඔහුගේ මුවින් ගිලිහී ගියේ සිහින් ඉකිබිඳුමක්‌ද මුසුව බව මට රහසක්‌ද නොවේ.

සෙසු මුහුණු
තුළද ඇත්තේ අද විඳවන විඳවිල්ල හමුවේ ජීවිතය කඩා වැටීමෙන් සිත් රිදුම් දෙන දුකම
පමණක්‌ බව කිවයුතුව තිබේ.

ඔව්. එදා
විරුවන් ලෙස රට වෙනුවෙන් ජීවිත කැපකර පෙරට ආ ඔවුහු අද මේ බිත්ති අතරේ ජීවිතය
විඳවමින් සිටිති. මෙය සිදුවිය යුක්‌තක්‌දැයි මම නොදනිමි.

මම මොහොතක්‌
ඔවුන් දෙස බලා සිටියෙමි. “මොකක්‌ද අයියේ අපිට මේ වුණේ… ඒ වදන් පෙළ යළි
යළිත් මට ඇසෙන්නාක්‌ මෙනි… වගකිවයුත්තනි අප ඊට දිය යුතු පිළිතුර කුමක්‌ද?

අපේ රණවිරුවන්
හය දෙනකුගේ ජීවිත හමුවේ ඔබට පිළිතුරු සෙවීමට ඒ පැනය ඉතිරි කරමින් මම මේ දුක්‌බර
කතාවට තිත තබමි.

මෙහි මුල්
කොටස ඉකුත් සතියේ පළවිය

සමන් ගමගේ

http://www.divaina.com/2011/06/19/feature03.html

ඔහු සිංහල ඇය
දෙමළ නිසා…

www.3mana.com was added by article

Leave a comment

No comments yet.

Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s