ලේ,කදුලු,මළ මිනී සහ ලිබියාවෙන් ස්වර්ගයට

 

එක් සමාජ-ආර්ථික ක්ර මයක සිට තවෙකකට සංක්රාරන්ත වීම සමාජ විප්ලවයක් මගින් සිදු වෙයි.‛ විප්ලවය යනු පැරණි ක්රමමය එහි මුල් සමගම උදුරා දමන පරිවර්තනයකි.’ වී.අයි ලෙනින් සම්පුර්ණ කෘති වෙලුම 44 පිටුව 222 ුලෙනින්ගේ ඉහත ආප්තය උපුටා දක්වමින් ලිබියානු හිටපු නායක මුහමර් ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් සටහනක් තබන්නට අප අදහස් කලේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විවිධ අර්ථ දැක්වීම් ගණනාවක් ඉදිරිපත්ව තිබෙන බැවිනි.මේ සම්බන්ධයෙන් බටහිර මාධ්ය හා විවිධ රාජ්ය නායකයන් දරණ අදහස් පලමුවෙන්ම උපුටා දක්වන්නට කැමැත්තෙමු. ඝාතනයට ලක් වූ ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆිගේ මළ සිරුර මිස්රාටා නගරයේ රහසිගත ස්ථානයක වැලලූ බව කැරලිකාර පාලනය පවසයි. ඊයේ දිනයේදී සියට් නගරය අත්පත් කර ගත් කැරළිකරුවන් බංකරයක් තුළ සැඟවී සිටි ලිබියානු නායකයා වෙඩි තබා ඝාතනය කළ අතර ඔහුගේ මළ සිරුර වීදි දිගේ ඇදගෙන යන අයුරු එරට රූපවාහිනී නාලිකා විකාශ කලේය. කර්නල් ගඩාෆිගේ පුත්රනයකු වන මොටසීම් ද මිය ගිය බව ලිබියානු පාලකයින් පරිගේකාශ කරන අතර ඔහු‍ගේ හිසට හා ගෙල ප්රෆදේශයට වෙඩි වැදී ඇති බවද ඔවුන් පවසයි. ලිබියානු නායක ගඩාෆිගේ මරණය ලිබියානු විප්ලවයේ ජයගරසයිහණයක් බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසයි. එය ජයගරරණයහණයේ පළමු පියවර පමණක් වන අතර, පූර්ණ පරපතිජාතන්තරවෙනවාදය උදෙසා ලිබියාවට දිගු ගමනක් යෑමට ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. ඉරානය, සිරියාව ඇතුළු ඒකාධිපති නායකයන් ලිබියාවේ සිද්ධිය පාඩමක් බවද ඔහු පවසා ඇත. මේ අතර ගඩාෆි පාලනයෙන් පීඩා විඳි සියලූ දෙනා සිහිපත් කළ යුතු බව බිරිරිතාන්ය අගමැති ඬේවිඞ් කැමරන් සඳහන් කරන අතර ආඥා දායකත්වයේ පාලන අවසන් කළ බව යුරෝපා සංගමයේ නායකයන් සඳහන් කර තිබේ. ගඩාෆිගේ මරණය ලිබියාවේ නව වෙනසකට මුල පුරනු ඇති බව පවසන ජගත් මහ ලේකම් බෑන් කී මූන් ලිබියාව දැන් නව අභියෝග රැසක් අභියස සිටින බව අවධාරණය කර තිබේ. ගඩාෆි ඝාතනය කිරීමේ අවසන් මෙහෙයුම සඳහා තමන්ද දායක වූ බව නේටෝ සංවිධානය කියා සිටී. සර්ට් නුවරින් පළා යෑමට තැත්කළ ගඩාෆි ඇතුළු පිරිස නේටෝ ගුවන් පරංවිහාරවලින් නතර කළ බවඔවුන් පවසයි මේ අනුව හෙට උදාවන විටම ලිබියාව පූර්ණ ප්රිජාතන්ත්රංවාදී ජනතාවගේ අයිතිවාසිකම් පූර්ණ වශයෙන් ස්ථාපිත වූ සුර පුරක් බවට පත් වනු ඇති බවට බොහෝ උදවිය සිහින මවමින් සිටියි. මෙයින් උදාමයට පත්ව සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා සිරියාවට හා ඉරාණයටද අනතුරු අගවමින් සිටියි. මුලික වශයෙන් ලිබියාවේ හිටපු නායක මුහමර් ගඩාෆිගේ පාලනය සම්බන්ධයෙන් විවිධ විවෙිචන අපටත් තිබෙන අතර එම විවෙිචන හා මේ මොහොතේ පූර්ණ වශයෙන් බටහිර රටවල හා නේටෝ සංවිධානය විසින් ලබා දුන් ආයුධ වලින් සන්නද්ධ පාදඩයන් පිරිසක් වසින් තම නායකයා අමු අමුවේ ඝාතනය කර මනුෂ්යාත්වයේ මුලික සාරධර්ම පවා උල්ලංඝණය කරමින් තිරිසන් ආකාරයට විදී දිගේ ඇද ගෙන යාමට එකග වීම වැනි ක්රිලයාවක් අනුමත කරණ මට්ටමට අප ගඩාෆි සම්බන්ධයන් අපට තිබෙන විවේචනය ව්යානප්ත නොකරන්නට පරිස්සම් වන්නේ අපට ගඩාෆි පාලනය සම්බන්ධයෙන් පැහැදිලි දේශපාලන විවෙිචනයක් විනා පෞද්ගලික වෛරයක් ඔහු සම්බන්ධයෙන් නොමැති බැවිනි. මීට පෙර එදා අප වසින් පැහැදිලිවම ගල් ගහන විප්ලවය වශයෙන් හදුන් වනු ලැබූ ඊජිපත්තු ජනතා නැගිටීම අන් යමක් නොව ඇමෙරිකාව ප්රදමුඛ බටහිර රටවල් වසින් තෙල් සම්පත උදුරා ගැනීම උදෙසා දියත් කල කුමණත්ර්නයක් බව පැහැදිලිවම ප්රහකාශ කරද්දී දැනට ලංකාව හැර ගොස් එංගලන්නයේ පදිංචිව වෙබි අඩවියක් කරණු පුද්ගලයෙකු අපට කෝචොක් කරමින් පැවසුවේ මෙය නායක්වයක් නොමැතිව ජනතාව විසින්ම සැලසුම් කරණ ලද සමාජ ප්රොජාතන්ත්ර වාදී විප්ලවයක් වන බවයි. නමුත් එදා අප විසින් ප්රිකාශ කල දෙය සත්යය බවට පත්ව තිබේ. මේ වන විටත් ඊජිප්තුව පාලනය කරණු ලබන්නේ හමුදා විසින් වන අතර හමුදා පාලනය කිසි විටෙකත් ප්රබජාතන්ත්ර වාදී පාලන ක්ර මයකට මාරු කරන්නට අදහසක් නැති බවත් මේ වන විටත් යතාර්තය බවට පත්ව ඇත. ලිබියවේ තත්ත්වය මීට වෙනස් නොවන අතර සමාජ ප්රාජාතන්ත්රනවාදය තබා ප්ර්ජාතන්ත්රකවාදයවත් ස්ථාපිත නොවන තත්ත්වයක් තුල ලිබියාව අනාගතයේදී ගමන් කරනු ලබන්නේ අරාජිකවාදයට පමනක් බව අප ප්රතකාශ කරන්නට කැමැත්තෙමු සාර්කෝසිලා ඇන්ජලා මර්කර්ලා කතා කරණ දේ සත්යට නොවන්නේ ඔවුන් ධනවාදය සුරැකීම වෙනුවෙන් සටනට බට නියමුවන් වන බැවිනි. ඇතැමුන් මේ පාදඩයන්ගේ අවිගත් කැරැල්ල සමාජවාදී විප්ලවයක් වශයෙන් ද හදුන් වනු අප දුටිමු. නමුත් වසර 1917 සොවියට් විප්ලව සම්බන්ධයෙන් සවිඥාණික ඔිනෑම අයෙකුට මේ ගල් ගහන වෙඩි තියන විප්ලවය යනු තෙල් අත්පත් කර ගැනීමේ ධනවාදි තර්කණයට යටත් කාරණාවක් මිස අන් යමක් නොවන බව පැහැදිලිය. අනෙක් අතට මෙතෙක් ලෝකයේ ජන මාධ්යම ආචාර ධර්ම අනුව සමාන්යමයන් මිනිසුන් මරණ දර්ශන නොපෙන්වා සිටිමේ නිළ නොවන කොන්දේසියක් ක්රි යාත්මක විය. නමුත් අල් ජසීරා නම් රූපවාහිනී නාලිකා දිගින් දිගටම ගඩාෆි අල්ලා ගත් මොහොතේ පටන් මරණයට පත් කර මහපාරේ ඇදගෙන යාම දක්වා සියලුම දර්ශන විකාශණය කරණු ලැබීය. අල් ජසීරා රූපවාහිනි නාලිකාවෙන් අපට අසන්නට සිදු වන්නේ සිය රටේ රාජ්ය නායකයාත් මරණයට පත් කර මෙලෙස මහපාරේ ඇදගෙන යන අන්දම විකාශනය කරන්නට හැකිද යන්නයි. මෙම ලිබියාවට එරෙහි යුද්ධයේ තවත් සුවිශේෂීතාවයක් වන්නේ ප්රංටශයේ දාර්ශණිකයන් පවා මෙම යුද්ධය සුජාතකරණය කරන්නට උත්සහා කිරීමයි. රටේ තැන් තැන් වල සිටි පාදඩයන් අතට ඇති පදම් නවීන ආයූධ ලබා දී සිය රටේ නායකයාම ඝාතනය කරන තැනට ලිබියවේ ජනතා පත්කරවු ඇමෙරිකාව ප්රංමුඛ බටහිර රටවලට ආර්ථික අවශ්යේතාවයන් සමාජවාදී විප්ලවය යැයි ලඝු කරමින් තව තවත් ධනවාදයටම උඩු ගෙඩි දෙන උදවියට අපට කියන්නට ඇත්තේ සිහිනයෙන් අවධිවන්නට කාලය එලඹ තිබෙන බවයි. ගඩාෆිගේ ඒකාධිපති පාලනය සම්බන්ධයෙන් අපට කියන්නට බොහෝ විවෙිචන නැතුවා නෙවේ. නමුත් සිය රටේ අර්බුදයක් විසදා ගන්නට වෙනත් රටක ලණු කා ආයුධ අතට ගෙන හිතුමතේ වෙඩි තබමින් පිස්සු නටන පාදඩයින්ගේ අදේශපාලනික ක්රිවයා විවේචන කිරීම අතිශය වැදගත්ය. විප්ලවය යනු සමාජ සංවර්ධනයේ පිපිමකි.ප්රිමාණාත්මක වෙනස් වීම් ගුණාත්මක වෙනස් වීම් බවට පරිවර්තනය වීම විප්ලවයක් මගින් අපේක්ෂා කරයි. සමාජ විප්ලවය යනු ප්රකගතීශීලි බලවෙිග වසින් සාක්සාත් කරණු ලබන සමාජය ගුණාත්මක වශයෙන් නවතම, සමාජ සංවර්ධනයේ වඩාත් උසස් මට්ටමකට ඔසවා තැබීමකි, ස්වකීය පහත් පැරණි සමාජ ක්රනමයක සිට අළුත්, වඩාත් දියුණු සමාජ ක්රඋමයක් කරා ගමන් කිරීමකි. විප්ලවය ගැඹුරු, අසීරු, සංකීර්ණ විද්යාාවක් යැයි ලෙනින් සදහන් කලේ මේ නිසාවෙනි. මේ අර්ථයෙන් අපට මේ වන විටත් ඊජිප්තුව තුල දක්නට ලැබෙන අනාගතයෙදී ලිබියාවේ දැකගත හැකි අරාජිකභාවය කුමක් දැයි අත් දකින්නට හැකි වනු ඇත. පවතින සමාජ ක්රගමය පෙරලා දමා ගොඩ නැංවිය යුත්තේ ඊට වඩා හොද සමජ ක්රකමයක් යැයි යන කියමනට ප්රපතිවිරුද්ධව තිබුන සමාජ ක්ර‍මයටත් වඩා නරක සමාජයක් බිහිවීම මෙහි යථාර්තයයි. මේ වන විටත් ලේ මළමිනී දැකීමේ ජනතාවගේ නොතින් ආශාව නිසා වැඩි වැඩියෙන් ලේ සහ මළ මිනී පෙන්වන රූපවාහිනී නාලිකා ආර්ථික ලාභය මුල්කර ගනිමින් ජනමාධ්යඩ ආචාර ධර්ම නොතකා හැර තිබේ. අවසානයේ ලිබියානු ජනතාව ප්රාතර්ථනා කළ දෙවියන්ගේ ස්වර්ග රාජ්ය්යට ගමන් කිරීමේ මාවතේ ඔවුනට හමුවනු ඇත්තේ බටහිර පාලනයේ අපායට ගමන් කිරීමේ මාර්ගයයි.

Advertisement

1 Comment

  1. ලිබියානු විප්ලවයක් කියනවාට වඩා ඇමරිකාවට ලිබියාවේ තියන තෙල් ටික දෙන්න ලිබියානු ජනතාවම කඩේ ගියායෑයි කීම නිවෑරදිය,මානවහිමිකම් ගෑන කතාකරන අයට ලිබියාවතුල කිසිදු මානව හිමිකම් කඩවීමක් නෑතුව ඇති මගේ හිතේ,
    ඇමරිකාව ලිබියාවේ තෙල් සුරන් කන විට ගාඩාෆිව මරපු ලිබියානු ජනතාවට ගඩාෆි කෙනෙක් උවමනා වනු ඇත,එම දිනය වෑඩි දුරකනම් නොවේයි,නුතන යටත්විජිතවාදය……


Comments RSS TrackBack Identifier URI

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s